Ads 468x60px

Sunday, January 19, 2014

පැතුම

මල් විමසන්නේ මලේ සුවඳ           ගැනමයි
තුරුලිය මුමුණන්නේ සීත සුළං       ගැනමයි
අහස් කුස පවසන්නේ සඳේ සිසිල   ගැනමයි
සිත කොඳුරන්නේ ඔබේ ගැනම       පමණයි

මේකුලු මත රැඳුනේ ඔබේ රුවම      පමණයි
රළ මත දුටුවේ ඔබෙ සිනහව          
පමණයි               
සියොතුන් ගෙන ආවෙ ඔබේ හඬම  පමණයි
සිත නවතින්නෙ ඔබේ ළඟම           පමණයි

සැමදා තරු පැතුවේ අහසේ        බැබලෙන්නයි
සැමදා මල් පැතුවේ නටු අග      හිනැහෙන්නයි
සැමදා රළ පැතුවේ සයුරේ          නැග එන්නයි
සැමදා මා පැතුවේ ඔබේ            ළඟම ඉන්නයි




 කවි ලියන්න ගත්ත මුල් කාලේ ලියපු කවි පේළි ටිකක්. කියවා සිනාසීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.

27 comments:

  1. හරිම ලස්සනයි ... පැතුම් ඉ‍ටුවෙන්න අපිත් සුබ පතනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.....
      අනේ මගෙ නම් එහෙම පැතුමක් තුන් හිතකවත් නෑ තුශා :D

      Delete
  2. හිනා වෙන්න මොකෝ අනේ. ඔය තියන්නේ ලස්සනට.. :)

    ReplyDelete
    Replies
    1. මට නම් හිතුනෙම මේක කියවන කෙනෙක්ට හිනා යයි කියල.. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/gal-nailbiting.gif [/im]

      Delete
  3. සරළයි.........ලස්සනයි චාම්ස්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ රෙහානියෝ :)

      Delete
  4. ඔයාට හිනාවෙන්න නම් මට ඔයිට වැඩිය හොඳට කවි ලියන්න හැකි වෙන්න එපායැ. හැබැයි මේවා නම් හිතේ තියාගෙන ඉන්නම බැරුව එලියට පැනපුවා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් වැඩිය කවි වලට කැමති නෑනෙ..හැබැයි ඒවත් ලියන්න ට්‍රයි කලොත් නම් අර කතා වගේ සුපිරියටම ලියන්න පුලුවන්..ඒක මට ශුවර් :)

      //හැබැයි මේවා නම් හිතේ තියාගෙන ඉන්නම බැරුව එලියට පැනපුවා.//
      ඒ කිව්වෙ මේ කවිද? අපෝ නෑ. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/galsaysno.gif [/im] මේ, නිකන් ඉන්න බැරුවට කාලෙකට කලින් ලියවෙච්ච ඒවා වගයක්

      Delete
  5. හරිම අපූරුයි අක්කියෝ....මේවා කියවන කොට හිනා නෙවෙයි තරහ යනවා,මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් එකේ නොලියා ඉන්න එක ගැන!!!

    ...අනික මේ හදිසියෙම මේක මතක් වෙන්න උප විඥ්ඥානේ හරි හේතුවක් තියෙන්න ඇති!!!

    ReplyDelete
    Replies
    1. හේතුව තිබුනේ උප විඥ්ඥානේ නෙවෙයි නංගියෝ..පරණ පොත් පෙට්ටියක් ඇතුලේ. ඊයේ ඒක අදිනකොට තමයි ආදි කාලෙ ලියපු මේ කවි ටික මතු උනේ :P

      Delete
  6. මේවට හිනා වෙනවනම් මම 2010 කාලේ ලියපුවා බලන්න.. ඇඩෙයි තනි ඇහැට..

    ලස්සනයි කවිය..

    ReplyDelete
    Replies
    1. මේක මම හිතන්නෙ මම 2008 විතර ලියපු එකක්.
      ස්තූතියි දිනේශ්... :)

      Delete
  7. මොන හිනාවක්ද අනේ.. හොදයි අදහස..

    ReplyDelete
    Replies
    1. එතකොට මට විතරද මේක කියවල හිනා ගියේ :-?
      ස්තූතියි දේශා...

      Delete
  8. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ උමේෂ් :)

      Delete
  9. හිනා යන්න තරම් විහිලු මේ කවි වල නෑනෙ.... ඒක නෙමෙයි ටිකක් තාලෙ (විරිත / මාත්‍රා ගණන) ගැනත් හිතලා ලිව්වා නම් තාලෙට කියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මමම ලියපු එකක් උනත් මට මේ කවිය දැක්කම හිනා ගියා පොඩි බොළඳ ගතියක් තියෙනවා වගේ දැනුන නිසා. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_gal_wink.gif [/im]
      මේක කාලෙකට කලින් ලියපු එකක් නේ. ඒකාලේ එච්චර තාල මාත්‍රා ගැන තේරුමක් නෑ ඉතින්. ආයෙ ලිව්වොත් බලමු ටිකක් හොඳ විදිහට ලියන්න :)

      Delete
  10. What a wonderful & loving poem. SUPERB! I really loved it dear! Keep up your good work Chams!

    ReplyDelete
    Replies
    1. Hey nice to see you back wild rose..and thanks for appreciating my little poem :)

      Delete
  11. ලියපු මුල් කාලේ කියන්නේ, තාම කවි ලියනවා කියන එකනේ. මේකේ වරදක් මමත් දකින්නේ නෑ අක්කේ. ලස්සනයි. අලුතෙන් තව ලියමු.

    ReplyDelete
    Replies
    1. මීට ටික කාලෙකට කලින් නම් ලිව්වා මල්ලි..ඒත් ළඟදි නම් ලිව්වෙම නැති තරම්. ස්තූතියි ඔයාට.. :)

      Delete
  12. පටන්ගත්ත කාලේ මෙහෙම නම් දැන් .....කියන්න දෙයක් නෑනේ. මටනම් හිනාවෙන්න දෙයක් පෙන්නේ නෑ සුළු අඩු පාඩු දෙක තුනක් ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ....දැන් නම් මීටත් හපන් [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_gal_wink.gif [/im]
      ඒ අඩු පාඩු දෙක තුනත් කිව්ව නම් ගොඩක් වටිනවා ඉවාන්. මටත් මේකේ සෑහෙන අඩු පාඩු පේනවා. ඒත් මේක කියවන අය දකින අඩු පාඩුත් දැන ගන්න කැමතියි මම...ඒවා ඉස්සරහට ලියන එකකදිවත් හදා ගන්න පුලුවන් වෙයිනෙ එතකොට...

      Delete
  13. Replies
    1. ස්තූතියි අයියේ :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)