Ads 468x60px

Thursday, December 15, 2011

අම්මා




ජීවිත තරඟය ජයගන්නට
ශක්තිය සැපයූ
බාධක ජයගන්නට
ධෛර්යය සැපයූ
නොසැලී සිටින්නට
පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය
ඔබය...

පොඩි එකෝ



කිසිම ප්‍රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...

හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න

Thursday, December 08, 2011

හඬන සිතක්



රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්

මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්

සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්