අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න
එනව, දුක හිතෙන
දේවල් සිද්ධ වෙනව. මේ වෙලාවලදි එක එක්කෙනා ඒ ප්‍රශ්න වලට මූණදෙන විධි වෙනස්. සමහරු අඬනව, තවත් අය දුක
හිත ඇතුලෙ තද කරගෙන හිතින් විඳවනව, තවත් සමහරු ඒ ප්‍රශ්න තව කෙනෙකුට කියල හිත
සැහැල්ලු කරගන්නව. අද මේ කතා කරන්න හදන්නෙ ඔය අන්තිමට කියුව කාරණාව ගැන..
ඇයි අපි කෙනෙක්ට අපෙ
හිතේ තියෙන දුක කියන්නෙ? ඒ කෙනාගෙන් ඒ
ප්‍රශ්නවලට උත්තරයක් බලාපොරොත්තුවෙන්මද? එහෙමත් නැත්තන් එයාට ඒ ප්‍රශ්නෙ කියපු ගමන්
මැජික් එකකින් වගේ අපේ ප්‍රශ්න විසඳෙයි කියලද? නෑ. අපි තව කෙනෙක්ට අපේ ප්‍රශ්න
කියන්නෙ එහෙම කියුවම හිතට පොඩි සැහැල්ලුවක් දැනෙන නිසා. හිත ඇතුලෙ තෙරපෙන දුක, වේදනාව, තව කෙනෙක්ට කියුවම
හිත ටිකක් හරි නිදහස් වෙන නිසා. පොඩ්ඩක් මතක් කරල බලන්න. හිතට දැනුන ලොකු දුකක්
ඔබේ විශ්වාසවන්ත සමීපතමයෙකුට කියුවට පස්සෙ ඔබම කියල නැද්ද "ඔයාට මේ කතාව
කිවුවට පස්සෙ මගෙ හිත පොඩ්ඩක් සැහැල්ලු උනා" කියල?
ඒ විදිහට
තමන්ගෙ හිතේ තියෙන දේ බය නැතුව කියන්න කෙනෙක් ඉන්න එක කොයි තරම් වටිනවද කියන එක
දැනෙන්නෙ අපි ලොකු ප්‍රශ්නෙකට
මූණදුන්නම තමයි.
දැන් මේ කතාවෙම අනිත්
පැත්ත හිතමු. කීදෙනෙක් ඔබ ගාවට ඇවිත් ඒ
අයගෙ ප්‍රශ්න කියල තියෙනවද?
ඒ වෙලාවට ඔබ ඒ අවස්ථාවට මූණදුන්නෙ කොහොමද? මේ සටහන
ලියවෙන්නෙ ඒවගේ අපිට දුකක් කරදරයක් ගැන කියාගෙන එන කෙනෙක්ට අපි ප්‍රතිචාර දක්වන්නෙ
කොහොමද කියන එක ගැන මම පුද්ගලිකව හිතන දේ ගැන කියන්නයි.
1)
ඒ කෙනාට ඔබේ සම්පූර්ණ අවධානය දෙන්න
කෙනෙක් ප්‍රශ්නයක්
කියන්න ඔබ ගාවට එන්නෙ කම්මැලිකම යවාගන්න නෙවෙයිනෙ. හිතේ තියෙන දුක අඩු
කරගන්න. ඒ වෙලාවට එයාට ඕන කරන්නෙ ඔබේ අවධානය මිසක් කෑම බීම නෙවෙයි. කෙනෙක් ඔබට ප්‍රශ්නයක්
කියද්දි ඒකෙනාට සම්පූර්ණ අවධානය යොමු කරන්න. වෙන වැඩ කරන ගමන් කතාව
අහගෙන ඉන්න එපා. එහෙම උනොත් අනිත් කෙනාට හිතෙනව ඔබට මේ කතාව අහගෙන ඉන්න එක කරදරයක්
කියල.
මේක මං අත්දැකීමෙන්ම
දන්න දෙයක්. සමහරු ඉන්නව අපි කතාව කියද්දි අපේ මූණ දිහාම බලාගෙන ඉන්න අය. ඒ වෙලාවට අපිට
හිතෙන්නෙ මෙයා නම් ලොකු
ඕනකමකින් කතාව අහනව කියලයි. ඒත් එහෙම ඉඳල එකපාරටම " ආ..න්න දැන් තමයි මතක්
උනෙ..මං මේ මෙච්චර වෙලා කල්පන කලා මං ඔයාට මොකක් හරි කියන්න හිටිය කියල. දැනුයි
මතක් උනෙ. මං කිවුවෙ නෑ නේද එදා මම අර පාටියට ගිය වෙලේ....." කියල එයාගෙ කතාව
කියන්න ගන්නව. අපි අපේ කතාව
කියද්දි එයා ඉඳල තියෙන්නෙ වෙන කල්පනාවක. අන්තිමේදි අපේ කතාව පැත්තකට දාල එයා කියන
දේ අහන්නයි වෙන්නෙ. එදිනෙදා කතාබහේදි නම් මේක ඒ තරම් දෙයක් නෙවෙයි. ඒ උනත් ප්‍රශ්නයක්
කියන්න ඔබ ගාවට ආපු කෙනෙක්ට එහෙම කරන්න එපා.අනිත් හැමදෙයක්ම ඔබේ ඔලුවෙන් අයින් කරල
කියන කතාව හොඳින් අහගෙන ඉන්න.
2)
ඔබ ඒ කතාව ගැන උනන්දු බව පෙන්නන්න.
කෙනෙක් කතාකරගෙන යද්දි
ඔබ ඈනුම් අරින්න ගත්තොත් එහෙම නැත්තම් ඔහේ බලාගෙන හිටියොත්, ප්‍රශ්නෙ කියන
කෙනාට දැනෙනව ඔබ අහගෙන ඉන්නෙ ඕනකමකින් නෙවෙයි කියල. එතකොට එයාට ලොකු දුකක් දැනෙන්න
පුලුවන්. ඒ නිසා එහෙම ඉන්න එපා. කතාව අතරමැදදි ඊට අදාල ප්‍රශ්නයක් අහන්න, දිගටම හූමිටි තියන්න, මූනෙන් හැඟීම්
පල කරන්න. එතකොට ප්‍රශ්නෙ කියන කෙනාට ඔබ ඒ ගැන උනන්දු බව වැටහේවි.
3)
හිත රිදෙන කතා කියන්න එපා.
සමහරු කෙනෙක් ප්‍රශ්නයක්
කියද්දි හිත රිදෙන කතා කියනව.
"අනෙ මංද ඔයාගෙ ප්‍රශ්න
නං…"
"ඔයාගෙ ප්‍රශ්න කවදාවත්
විසඳෙන ඒවනම් නෙවෙයි"
"තාම ඔයාගෙ ඔය ප්‍රශ්නෙ
ඉවර නැද්ද?"
ඔය වගේ දෙයක් කිවුවම
අනිත් කෙනාගෙ හිත කොයි තරම් රිදෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කවදාවත් එහෙම
කතා කියන්න එපා. ඒකෙන් වෙන්නෙ මානසිකව වැටිල ඉන්න කෙනෙක් තව තවත් වැටෙන එක විතරයි.
4) ප්‍රශ්න සංසංදනය කරන්න
එපා
කවදාවත් කෙනෙක් ඔබට ප්‍රශ්නයක්
කියද්දි ඒ ප්‍රශ්නෙ ඔබට තියෙන ප්‍රශ්න එක්ක සංසංදනය කරන්න එපා. තුවාලෙ තියෙන
කෙනාටනෙ අමාරුව තියෙන්නෙ. හැමෝටම තමන්ට තියෙන
ප්‍රශ්න ලොකු ප්‍රශ්න විදිහට තමයි දැනෙන්නෙ. ඒව වැඩිය හිතන්න තරම් බරපතල ප්‍රශ්න
නෙවෙයි කියල ඔබට හිතෙනව නම් ඒක
හොඳින්පැහැදිලි කරල දෙන්න. එහෙම නැතුව
"ඕවට ප්‍රශ්න කියනවනම්
මට තියෙන ඒවට මොනවද කියන්නෙ?"
"ඕවත් ප්‍රශ්නද? එහෙනම් නැට්ට
පිටින් අලි මැරෙන්නෙ"
"ඇත්තටම ඔයාට පිස්සුද
ඕවගේ දේවල් ගැන හිතන්නවත්"
වගේ දේවල් කියන්න එපා.
ඒකෙන් අර කෙනාගෙ හිතට සහැල්ලුවක් දැනෙන්නෙ නෑ කවදාවත්. ඒ ප්‍රශ්නෙ තියෙන සරල බව
කරුණාවෙන් තෝරල දෙන්න. ඊට වඩා ප්‍රශ්න තියෙන අය ශක්තිමත්ව ඒවට මූණදෙන හැටි කියල
දෙන්න. එතකොටයි අර කෙනාගෙ හිත හැදෙන්නෙ.
5) තනි කරන්න එපා
කෙනෙක් ප්‍රශ්නයක් කියද්දි ඒ වෙනුවෙන්
ඔබට කරන්න කිසිම දෙයක් නැති වෙන්න පුලුවන්. ඒ උනත්
"එහෙනම් ඔයා බලන්න
මොනවද කරන්න පුලුවන් කියල"
"ඔයාටම තමයි මේකට මූන
දෙන්න වෙන්නෙ. අපිට කරන්න දෙයක් නෑනෙ"
වගේ දෙවල් කියන්න එපා.
එහෙම උනොත් එයා තනි වෙලා වගේ හැඟීමක් එයි. මේකෙන් අදහස් වෙන්නෙ නෑ ඔබට කරන්න බැරි
දේවල් පොරොන්දු වෙන්න කියල.
ඒත් "අපි බලමුකො මොනවද ඉස්සරහට වෙන්නෙ කියල"
"ඔයා තනි වෙලා
නෑ. අපිට පුලුවන්
දෙයක් අපි කරනව" වගේ දෙයක් කිවුවම අර කෙනාගෙ හිතට ශක්තියක් ඇති වෙනව.
6) ඉවසන්න
සමහර වෙලාවට කෙනෙක්
එකම ප්‍රශ්නෙ ආයෙ
ආයෙ අපිට කියන කොට හිතට පොඩි තරහක් එන වෙලාවල් එනව. එකම කතාව අපිට කට
පාඩම් වෙන තරම් කියද්දි
"දැන් ඕක කී
සැරයක් කිවුවද? අපිටත් තව වැඩ තියෙනවනෙ. ඕක නවත්ත
ගන්නකො"
වගේ දේවල් කියවෙන්න පුලුවන්. ඒ උනත් අපි තේරුම්
ගන්න ඕන කෙනෙක් දෙයක් නැවත නැවත කියන්නෙ ඒ කෙනාට ඒ ප්‍රශ්නෙන් දැනෙන පීඩනය වැඩි
නිසා කියල. මානසිකව ඒ කෙනා අවුල් සහගත තත්වයක ඉන්න නිසා කියල. ඒ නිසා මෙහෙම
අවස්ථාවක බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. අමතක කරන්න එපා…කියපු වචනයක් ආපහු ඇදගන්න
බෑ.
7) උපදෙස් දීමේදි
කල්පනාකාරී වන්න
මේ සටහනේ මුලින්ම
කිවුව වගෙ කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියන්නෙ ඔබෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ම
නෙවෙයි. ඒ නිසා ඔබ උත්තරයක් ලබාදීම අත්‍යාවශ්‍යම නෑ. නිවැරදි විසඳුමක් කියල හොඳටම
විශ්වාස, ඒකෙන් තියෙන
ප්‍රශ්න තවත් අවුල් වෙන්නෙ නෑ කියල දන්න
දෙයක් විතරක් කියන්න. එහෙම නැතුව ආවේගයෙන් ඉන්න කෙනෙක්ගෙ ඒ අවේගය තවත් වැඩි වෙන
විදිහෙ දේවල්වත්, මොනවහරි මේකට
කියන්න ඕන නිසා කටට එන ඕනම දෙයක්වත්, කියන්න යන්න
එපා. එහෙම උනොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. හිත හැදෙන දෙයක් කියන්න. ඒ කෙනාට ආත්ම
විශ්වාසය ඇතිකරන්න. තනි වෙලා නෑ කියන හැඟීම දෙන්න. කෙලින්ම විසඳුමක් දෙන්න ඔබට
බැරි උනත් මේ දේවල් ඒ කෙනාගෙ හිත හදන්න උදවු වෙයි.
8) විශ්වාසය ආරක්ෂා කරන්න
අපි අපට තියෙන ප්‍රශ්න
හැමෝටම කියන්න යන්නෙ නෑනෙ. එතනදි අපි හොයන්නෙ අත්තටම අපි ගැන කරුණාවෙන් මේ ප්‍රශ්න
අහගෙන ඉන්න, ඒ කතා වෙන
අයත් එක්ක කියන්න යන්නෙ නැති කෙනෙක්. ඉතින් ඔබට ප්‍රශ්නයක් කියන කෙනත් ඔබ ගැන ඒ
පූර්ණ විශ්වාසය තියල තියෙන බව එක මොහොතකටවත් අමතක කරන්න එපා.
තවත් ගොඩක් දේවල්
තියෙනව. මේ සමහර දේවල් මං කිව්වෙ මගේම අත්දැකීමෙන්. මානසිකව වැටිල ඉන්න කෙනෙක්ට
නැගිටින්න පොඩි හරි උදවුවක් කරන එක ලොකු
පිනක්. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි හැමවෙලාවෙම ඒ ප්‍රශ්නෙ තියෙන කෙනා ඔබ කියල
හිතන්න. ඔබ කෙනෙක්ට ඔබේ දුක කියද්දි ඔබ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය
හිතාගන්න. එතකොට ඔබ ගාවට තමන්ගෙ දුක කියාගෙන එන කෙනාට දක්වන්න ඕන ප්‍රතිචාරය ඔබටම
වැටහේවි.
සවන් දීමේ හොඳ පළපුරුද්දක් තියනවා මටත් :)
ReplyDeleteකාගේ හරි හිතක් සනසන්න පුළුවන් නම් ඒකත් කොච්චර ලොකු දෙයක් ද..
කොච්චර හොඳද :)
Deleteඔව්..උදව් කරන්න බැරි උනත් අඩු ගානෙ හිත සනසන්නවත් පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්නෙ...
අනිවා එකග වෙන කරුණු ටිකක්. ඒ ටික නැතිව සංවේදිව උදව් කරන්න බෑ චාම්ස්!!
ReplyDeleteඔව් දේශකයා..ඕනවට එපාවට උදව් කරල වැඩක් නෑනෙ.
Deleteදේශකයාවත් සාදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට :)))
ආ..න්න දැන් තමයි මතක් උනෙ..මං මේ මෙච්චර වෙලා කල්පන කලා මං ඔයාට මොකක් හරි කියන්න හිටිය කියල. දැනුයි මතක් උනෙ. මං කිවුවෙ නෑ නේද එදා මම අර පාටියට ගිය වෙලේ....." කියල තම තමන්ගේ කතා පටන් ගන්න අයත් ඉන්නව. ඒක නම් ඇත්ත. මම නම් කියන්නේ අපි ඒ කතාව ගැන උනන්දුවෙන් ඉන්න බව පෙන්නන්න ඕන මොන දෙයක් අපිට කියන්න තිබුණත්. අපිට ඒ වෙලාවට ඉබේම තේරැම යනව අපේ මනස්ගාතවලට වඩා අනෙකා කායන්න යන දේ මොකක් හෝ බැරෑරුම් කමක් සහිත එකක් බව...
ReplyDeleteගොඩක් ඉන්නෙ එහෙම අය තමයි රතී. දැන් දැන් නම් කෙනෙක් බලාගෙන ඉන්න විදිහෙන්ම මට තේරෙනව මෙයා ඕනකමකින් අහගෙන ඉන්නවද නැත්තං මං දිහා බලං වෙන දේවල් හිතනවද කියල. එහෙම වෙලාවට මං හිමීට කතාව නවත්තනව. තේරුමක් නෑනෙ නිකං කට රිද්දගෙන කතා කරල. ඒ වගේ අයව වෙනස් කරන්න අමාරුයි. ඊට ලේසියි කාටවත් නොකියා ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එක.
Deleteඔයා කියල තියන කරුණු හරි .අපේ අක්කෙක් ඉන්නවා ඇත්තමයි එයා නම් දුක්ගන්නාරාළ වගේ !කාටහරි ප්‍රශ්නයක් උනොත් එයාගේ කරගෙන වචනෙකින් හරි හය්යක් වෙනවා ..මේ කරුණු කියවද්දී මට මතක් උනේම එයාව .
ReplyDeleteඑහෙම කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද රෙහානි... මාත් පුලුවන් තරම් අනිත් අය කියන ඒව අහගෙන ඉන්නව. ඒත් ඉඳල හිටල හරි මගේ ප්‍රශ්නයක් කියන්න කෙනෙක් හොයාගන්නවත් නෑ. එතකොට නම් දුකත් හිතෙනව.ඒ උනත් අනිත් අයගෙ ප්‍රශ්න අහගෙන ඉන්න එක නම් මං දිගටම කරනව. මොකද මං දන්නවනෙ එහෙම කෙනෙක් නැතිඋනාම තියෙන අමාරුව.
Deleteහැමදේම මම කරල තියනවා. මම දුකින් ඉද්දි ඔහොම කරන්න තමයි කවුරුත් නැත්තෙ :/
ReplyDeleteආ එහෙනම් ඔයත් මගෙ බෝට්ටුවෙ. මටත් ඔය සන්තෑසියම තමයි සමී :(((
Deleteඒ උනත් දිගටම අනිත් අය කියන දේවල් අහන් ඉන්න. මොකද අඩුම ගානෙ තව කෙනෙක්ගෙ හිත හදන්න උදව් උනා කියන හැඟීම හරි අපිට එතකොට තියෙනවනෙ..
මමත් එකඟයි
Deleteඇත්තම කතන්දරේ මොකක්ද දන්නවද අක්කෙ, මිනිස්සු සාමාන්‍යයෙන් තවත් කෙනෙක්ගෙ පෞද්ගලික දේවල් දැනගන්න ආසයි.
ReplyDeleteඒත් දැන ගත්තම ගොඩක් වෙලාවට ඒව වැරදියට යොදාගන්නෙ. විශ්වාසෙ සම්පූර්ණයෙන්ම කඩනවා.. ඒ හැටි..
කවද හරි ඒ කෙනා තමන් එක්ක තරහ උනොත් අරව අනිත් අයට කියල එයාව අපහසුවට පත් කරනවා
ඔහොම අයත් නැතුව නෙමෙයි යසිත්...නමුත් අවංකවම, දුකට පත් වුනු කෙනෙක්ගේ හිත හදා ගන්න උදව් කරන අයත් ඉන්නවා.....
Deleteඔව් මල්ලි ඒ වගේ අයත් ඕන තරම් ඉන්නව. ඒ වගේ මිනිස්සුන්ට කවද හරි ප්‍රශ්නයක් කියාගන්න කෙනෙක් ඕන උන දවසට තමයි තමන් කරපු වැඩේ කොච්චර වැරදිද කියන එක තේරුම් යන්නෙ.
Deleteසමනළී කියන එකත් ඇත්ත. හැමෝම එහෙම නෑ. ඒ උනත් අපි දෙයක් කියද්දි කියන්න ඕන හොඳටම විශ්වාසවන්ත කෙනෙක්ට විතරයි. නැත්තන් අන්තිමට මල්ලි කිව්වා වගේ උනොත් නැති ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන්.
ඔයා කියන කරුණු වලට මමත් එකගයි චාම්ස්.... ඒ වගේ වෙලාවට එයා තනි වෙලා නෑ කියන එක එයාගේ හිතට දැනෙන්න අපි කතා කරන්න ඕනි. අපිට පුළුවන් උපරිමයෙන් එයාට ඇහුම් කන් දීල එයාගේ හිත හදන්න ඕනි. මමත් මේ දවස් වල ඔය වගේ දේකට මුණ දුන්නා. තාමත් ඉවර නෑ. මගේ හොදම යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්. ඊයේ එයත් එක්ක ෆෝන් එකෙන් පැය එකහමාරකට වඩා කතා කලා. මටත් කොච්චර වැඩ තිබ්බත් ඒක එයාට කියල ෆෝන් එක තියන්න හිත දුන් නෑ. ඇයි එයාගේ හිතේ දුකට ඉවරයක් නැතුවම කියවනවා. මාත් ඒ ඔක්කොම අහගෙන හිටිය. පුළුවන් තරම් හිත හදල තමා කතාව නතර කලේ. සතුටේදී වඩා දුකේදීයි කෙනෙක් ගාව ඉන්න ඕනි. ප්‍රශ්නයක් ආවම මිනිස්සු කොච්චර අසරණ වෙනවද? ඒ නිසා ඒ වගේ වෙලාවට තමා අපි ඒ අය ලගින්ම ඉදන් ඒ අයට හරි තීරණයක් ගන්න උදව් කරන්න ඕන.....
ReplyDeleteඔයා වගේ යාලුවෙක් ඉන්න එකත් ඔයාට ඒ ප්‍රශ්නෙ කියපු කෙනාට කොච්චර දෙයක් වෙන්න ඇතිද.ගොඩක් අයට නැත්තෙ ඔය ඉවසීම තමයි.
Deleteසමහර වෙලාවට විභාගෙට පාඩම් කරද්දිත් සමහර අය කෝල් කරල පැය ගානක් තිස්සෙ තමන්ගෙ ප්‍රශ්න කියනව. ඒත් මාත් කවදාවත් පාඩම් කරන්න ඕන කියල ෆෝන් එක තියන්නෙ නෑ. "ඔයාට පාඩම් කරන්න තියෙනවනෙ" කියල එයා ෆෝන් එක තියන්න හැදුවත් "මං පාඩම් කරල ඉවරයි" කියල දිගටම කතාව අහං ඉන්නව. දුකකදි කරදරයකදි නැත්තං ඒ යාලුකම් වලින් වැඩක් නෑනෙ...
වටින පැහැදිලි කිරීමක් චාම්ස්. මමත් ගොඩක් අයගෙ ප්‍රශ්න අහගෙන ඉඳල තියනවා ඒ ගොඩක් ප්‍රශ්න වලට පැහැදිලි විසඳුම් හිතා ගන්න බෑ, නමුත් ඒ අය මට කතාව කියන්න ප්‍රශ්නෙ මුල ඉදන් ගොනු කරද්දි ඔව්න්ට ගැටළුවෙ මෙතෙක් නොදැක්ක පැති කතාව කියාගෙන යද්දී පේන්න ගන්නව එතනදි ඔව්න්ම ගැටලුවෙන් මිදෙන්න මාර්ගයකට යොමුවෙනවා. ඉතිං වැදගත්ම දේ අවධානයෙන් සවන් දීම.
ReplyDeleteඇත්ත මාත් ඔය දේ දැකල තියෙනව. සමහරු කතාව කියාගෙන ගිහින් හිටපු ගමන් කතාව නවත්තල කල්පනා කරන්න ගන්නව. පස්සෙ බලද්දි එයාලටම කලින් නොහිතුනු දෙයක් කල්පනා වෙලා.
Deleteප්‍රශ්නයක් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට ඉන්නෙ හිත අවුල් කරගෙන. සමහර වෙලාවට එයාට තමන්ගෙ අතලඟම තියෙන උත්තරයවත් පේන්නෙ නෑ. අපි අවධානයෙන් අහගෙන හිටියම එයාලට නොපෙනෙන දේවල් පෙන්නල දෙන්නත් අපිට පුලුවන්.
වෙන කෙනෙක්ගෙ දුක් ගැනවිල්ලක් අහං ඉන්න එකම එක්තරා ආකාරයක පිනක්...
ReplyDeleteඔව් පරිකල්පන. කෙනෙක්ගෙ හිත හදන්න පුංචි හරි දෙයක් කරන්න පුලුවන්නම් ඒක කොච්චර දෙයක්ද..
Deleteමේක නම් මට පුරුදු වැඩේ. මේ දවස් වලත් එක ප්‍රශ්නෙකට අතගහලා තියෙන්නේ.ඒ වෙනුවෙන් කරන්න,කියන්න පුළුවන් හැමදේම කරා. දැන් ඒකෙ ප්‍රතිපලයක් දකින්න තමා තියෙන්නේ. බලමු.. :)
ReplyDeleteහොද පැහැදිලි කිරීම් සහිතව මේ පෝස්ට් එක ලියපු එක හොදයි. මුලින්ම වෙන්න ඕනේ ප්‍රශ්නේ තියෙන පුද්ගලයා ගැන හොද වැටහීමක් ඇති කරගන්න එක.ඊට පස්සේ කියන දේට හොද අවධානයෙන් ඇහුම්කන් දෙන්න ඕනේ.ඔය දෙක හරියට කරගන්න පුලුවන්නම් අපිට විසදුමක් ඉදිරිපත් කරන්න අමාරු වෙන්නේ නෑ.
ඔව් ඉෂාන් ප්‍රශ්නයක් කියාගෙන අපි ගාවට එන කෙනා පත් වෙලා ඉන්න තත්වෙ තේරුම් අරන් සම්පූර්ණ අවධානයෙන් එයා කියන එක අහන් හිටියොත් එයාගෙ හිතට පොඩි හරි සහනයක් දෙන එකක් කියන්න අපට පුලුවන්. මං ඒක කරන්නෙ ගොඩක් ආසාවෙන්.ප්‍රශ්නයක් කියාගෙන එන කෙනෙක් ප්‍රශ්නෙ කියල ඉවර වෙලා "දැන් නම් මගෙ හිතට ටිකක් හොඳයි" කිව්වම මට පුදුම සතුටක් දැනෙනව.
Deleteඔයා අත ගපු ප්‍රශ්නෙදි ඒ වෙනුවෙන් කරන්න,කියන්න පුළුවන් හැමදේම කලා නම් ඒකම කොයි තරම් වටිනවද. හැම යාලුවෙක්ම එහෙම කරන්නෙ නෑනෙ..
ඇත්ත අක්කේ .ඕන තරම් අහගෙන ඉන්න පුළුවන් .පොඩි අවුලකට තියෙන්නේ මටනම් සමහරවෙලාවට හිතාගන්න අමාරුයි හිත හැදෙන්න කතා කරන්න ඕන විදිහ ..මොකද කෙනා අනුව ඒක වෙනස් වෙනවනේ .එක නිසා හිත හදන්න ගිහින් තිබුනටත් වඩා අවුල් වෙච්ච වෙලාවල් තියෙනවා .. :)
ReplyDeleteඒකනම් ඇත්ත. සමහර වෙලාවට කියන්න දෙයක් හිතන්න අමාරුයි තමයි. ඒත් කියන දේවල් අහගෙන ඉන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්නෙ මල්ලි :)
Deleteබොහොම හොඳ ලිපියක්. ඉතා සාවධානව අහගෙන ඉඳීම ගොඩක් දෙනෙකුගෙන් දකින්නට නොලැබෙන දෙයක්. එකනේ දැන් බ්ලොග් පෝස්ට් වලට උනත් අදාල නැති කොමෙන්ට් වැටෙන්නෙ. හොඳ ඇහුම්කන් දෙන්නෙක් නම් ඒක තමයි වැදගත්ම. තමන්ට කෙනෙක් සාවධානව අහුම්කන් දෙන බව තේරුනාම, ඒ පුද්ගලයා කියන දේවල් එක්ක එකඟතාවයක් නැති උනත් හිතේ යම් පැහැදීමක් ඇතිවෙනවා. ඔවුන්ගේ වාක්‍ය වල මැද්දෙන් අල්ලගෙන, අවසානය සම්පූර්ණ කරන්න යන්න එපා. ඔවුන්ගේ කතාව කියන්න ඉඩ දෙන්න. අනික් කෙනාගේ කෝණයෙන් සිතන්නට උත්සහ කිරීමත්, එවැනි දෑ ඔබටත් සිදුවී ඇත්නම් ඒවා සඳහන් කිරීමෙනුත්, හිත හැදීමට උදව්වක් වෙනවා.
ReplyDeleteඕනම දෙයක් දිහා අනික් කෙනාගේ කෝණයෙනුත් බලන්න පුලුවන්නම් හරිම වටිනව. අවාසනාවට එහෙම වෙනව හරි අඩුයි. මාත් කියන්න උත්සහ කලේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් තනි නොකර එයාගෙ පැත්තෙන් ඒ ප්‍රශ්නෙ දිහා බලල ඒක විසඳගන්න උදව් වෙන්න කියන එක තමයි..මොකද ප්‍රශ්නෙ තියෙන කෙනාට ඒක ලොකු උදවුවක් වෙන නිසා.
Deleteහ්ම්ම්ම්ම් බොහොම වැදගට්ග්හ් ලිපියක් ඇත්තටම කියනවනම් අනාගතේට ඉතාමත් වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි සහෝ
ReplyDeleteකෝරලේ වලව්ව
ස්තූතියි කෝරළේ මහත්තයෝ :)
Deleteමාත් පුළුවන් විදියට ඔහොම දේවල් කරල තියෙනව...ඒත් අනිත් අතට කොච්චර වෙලාවල් තියෙනවද අපිත් මනසින් වැටෙන.
ReplyDeleteanyway very good post akki!
ඒකනම් ඇත්ත නංගි. අපි කොච්චර අනිත් අයට ශක්තියක් උනත් අපි වැටුනම කිසි කෙනෙක් අපිට උදව් වෙන්න එන්නෙ නෑ. අපි අපිට පුලුවන් දේ කරල හිටියම ඉවරයි...
Deleteස්තූතියි නංගියෝ:)
ඇත්තටම චම්ස් මාත් මගේ බ්ලොග් එකේ දාන්න හිතුවේ මේ වගේ දේවල් .
ReplyDeleteඒත් ඒ දේවල් ගොඩක් අන්තර්ගත සිංහල බ්ලොග් ගොඩාක් මට හම්බුනා .
ඉතින් ඒ ලිපි මන් දැම්මේ නැහැ , මොකද මටත් වඩා හොදට ඒ අය ඒ දේ ඉටු කරලා
තියෙන නිසා..ඔයාගේ මේ ලිපියත් ඉතාම හොදයි .ඒ කියන්නේ හොදටම හොදයි .
කරුණු මනාව ගලපලා තියෙනවා , හරියට මනෝ උපදේශ වරයෙකුගේ උපදේශන මාලාවක්
විදිහටම.මාත් පස්සේදී ගොඩක් ඇලුම් කරපු විෂයක් තමා HR . HR වලදී පිරිස් පරිපාලනය ,
සේවක මඩුල්ලේ මානසික සංවර්ධනය , ඔවුන්ගේ ගැටළු වලදී මැදිහත් වීම් වගේ විෂයන් .
ගොඩක් ඉදිරියට යන්න ආසයි මන් ඒ දේවල් ගැන හැම දේම පැත්තකින් තියල.නමුත්
ඒ අදහස මන් වෙන හේතු ටිකක් නිසා වෙනස් කරා.මොකද පරිපාලනයේදී ඒ දේවල්
පැත්තකින් තියන්න වෙන නිසා.ගොඩක් ආයතන වල වෙන්නේ ( ගොඩක් නෙවේ හැම ආයතනයේම )HR විෂයෙහි අන්තර්ගත මූලික මිනිස් ලක්ෂණ, සිතුම් පැතුම් ,weak point වලින් හෙමීට සේවකයා රවටා,ආයතනයට උපරිම දෙයක් ලබා ගැනීම සේවකයාගේ රීරි මාන්සය පවා උකහාගෙන.ඔන්න ඕකයි වෙන්නේ මහා ලොකු HR වලට මුව වෙලා..ඊට වඩා හොදයි මොනවත් නැතුව සාමාන්‍ය ආකාරයට පරිපාලනය ගෙනියන එක..
වෘතීමය මට්ටමෙන් බැහැරව මේ වගේ දේවල් කරන්න , ඒක ලොකු පිනක් චම්ස් .මාත් මගේ තිබ්බ ආදර සම්බන්දයක් නැති වෙලා ගොඩක් වැටුණා.මන් නැගිට්ටේ තනියම .අද මන් දන්නවා එදා ඒ කරපු දේවල් හරි වැරැද්ද. ඒක තේරුම් ගන්න සමහරුන්ට තනියම බැහැ. ඒ වෙලාවට ඔයාගේ මේ උපදෙස් මාලාව කියල නිම කරන්න බැහැ හැම දේම අන්තර්ගත වටිනා ලිපියක්. පුළුවන් නම් ඉරිදා ලංකාදීපෙට යවන්න.බ්ලොග් වල හිර කරන්න එපා.ඇත්තටම වෘතීය මට්ටමේ ලිපියක් ..ඉතාම වැදගත් ලිපියක් .මන් අනික් ලිපි ටිකත් හෙමීට කියවන්නම් වෙලාව ඇති වෙලාවට..
ගොඩක් ස්තූතියි silentsahan :)
Deleteපුලුවන් උපරිමයෙන් උත්සහ කලේ මානසිකව වැටිල ඉන්න කෙනෙක්ගෙ පැත්තෙන් බලල එයාට හයියක් වෙන්න අනිත් අය කොයි විදිහට හැසිරෙන්න ඕනද කියන එක, මට හිතෙන විදිහට විස්තර කරන්න. ඒ උත්සහය සාර්ථකයි නම් සතුටුයි ඒ ගැන:)
hmmmm...
ReplyDeleteමමත් ඔය වගේ පුළුවන් තරමින් කට්ටියගෙ ප්‍රශ්න වලදි උඩහ්ව් කරනව, ඒ උනාට අන්තිමට එයාල අපිට සලකන හැටියට හිතට අමාරුයි. යාළුවෙක් හැටියට උදව් කරහම අවසානෙට යාළුකමත් අමතක වෙනව. දැන් නම් අත්දැකීම ගොඩයෛ. ඒ හින්ද බැහැලම කරන ගතිය අඩු කරා. අපිට ප්‍රශනයක් උනහම තමයි නියම යාලුවන්ව තේරෙන්නෙ
ReplyDeleteමටත් ඔය අත්දැකීම නම් හොඳටම තියෙනව අධිපතිතුමෝ. කෙනෙකුට පොඩි හරි උදව්වක් කරාට පස්සෙ ඒක අමතක කරන්න ඕන තමයි. ඒත් පෘථග්ජන මිනිස්සු හැටියට අපි අනිත් අය වෙනුවෙන් ඉඳලා අපිට ඕනම උන වෙලාවකදි ඒ කිසිම කෙනෙක් අපි වෙනුවෙන් නැති කොට දැනෙන දුක ගැන නම් කියල වැඩක් නෑ.
Deleteකොහොම උනත් මං මේ සටහන ලිව්වෙ තවත් කෙනෙක්ට මේ අත්දැකීම නොලැබෙන්න. මේ සටහන කියවපු කවුරුහරි, තවත් කෙනෙක් දුකක් කියද්දි ඒක හොඳින් අහල ඒ කෙනාගෙ හිතට සැනසීමක් ගේනවනම් ඒක ලොකු දෙයක්.
හොදම දේ සවන් දීම, ගොඩක් අය ඒදේ බලාපොරොත්තු වෙනව.
ReplyDeleteසිතුම් සයුර
ඔව් ඒක ඇත්ත.
Delete