Ads 468x60px

Wednesday, February 20, 2013

මිහිර දැනුනා ජීවිතේ……


මල් ලෝකෙ දැවටෙන්න
මද සුලඟේ නැලවෙන්න
ලස්සන දැකගන්න ලෝකයේ…….

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….
මල්පොකුරු මත වැටුන
වැහි බිංදු ඇහිඳින්න
සියොතුන්ගෙ ගී හඬට
රහසේම කන් දෙන්න
සන්තෝසෙන් දිව යන්න මාවතේ……

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….

හදවතට ළං වෙච්ච
ආදරය විඳ ගන්න
ලෝකයට පෑයූව
දේදුන්න දැකගන්න
හැමදාම හිනැහෙන්න මේ ලෙසේ……

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….

http://chloe-mia.blogspot.com/

ප.ලි: මේ මං නිකමට වගේ මීට සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්. හැමදාමත් විරහ කවිම බ්ලොග් එකට දාපු නිසා වෙනසකටත් එක්ක මේක දැම්මෙ. මෙය අතිශයින්ම සිතුවිල්ලක් පමණක්ම බව කරුණාවෙන් සලකන්න :)


Sunday, February 03, 2013

බය නැද්ද ඉගිල්ලෙන්න?




පියාඹද්දි හරියට
අහසෙ අයිතිකාරයා වගෙ
දැනෙන් නැද්ද
පුංචිම පුංචි බයක්වත්
වැටෙයි කියල කවදම හරි මහපොලවට?

දැක්ක මම තවත් අය
පියාඹනව නුඹ වාගේම..
ඒ වගේම දැක්ක එයාල විඳවපු හැටි
හිතුවෙවත් නැති විදිහට
අත්තටු කඩාගෙන
බිමට වැටුනම..

තිබුනත් මටත් අත්තටු
බයයි මට නම් පියාඹන්නට..
හිතෙන්නෙම කොයි වෙලාවක හරි
වැටේවි කියල
ආයෙ කවදාවත්ම
 නැගිටින්න බැරි විදිහට..

ඒ නිසා හංගාගෙන අත්තටු
කියල හැමෝටම පියාඹන්න බැරි බව
මං ඉන්නව කූඩුවට වෙලා...

ඒක සැපයි
පියාඹන්න ගිහින් හොඳට තියෙන අත්තටු
කඩාගන්නවට වැඩිය.





පින්තූර ගත්තෙ http://wallpaperscraft.com/    http://www.shltrip.com/index.html