Ads 468x60px

Friday, June 28, 2013

තනිකම


දශක හතරක් එක්ව ආ මග
තනිව යන්නෙමි අද මෙමා..
කියනු මැන ඔබ ගියේ කෙලෙසද
මා මෙසේ තනිකර දමා..

දු‍ටුව දින සිට ඔබට බැඳි පෙම
කිසිලෙසින් නැත අඩුවෙලා..
ළඟ නැතත් ඔබ..ඔබේ මතකය
සිතේ ඇත මගෙ සු‍රැකිලා..


දැනෙද්දී හද පෙලන තනිකම
සිත හඬයි ඔබ සොය සොයා..
කියනු මැන මට කෙසේ ඉන්නද
ඔබත් ගිය ඒ මග නොයා..




මේක ඊ මේල් එකක තිබුන මේ පින්තූරේ දැකල ලියවුන එකක්. පින්තූරෙ අයිතිය නම් කාගෙද කියල දන්නෙ නෑ.