මල් විමසන්නේ මලේ සුවඳ ගැනමයි
තුරුලිය මුමුණන්නේ සීත සුළං ගැනමයි
අහස් කුස පවසන්නේ සඳේ සිසිල ගැනමයි
සිත කොඳුරන්නේ ඔබේ ගැනම පමණයි
මේකුලු මත රැඳුනේ ඔබේ රුවම පමණයි
රළ මත දුටුවේ ඔබෙ සිනහව පමණයි
සියොතුන් ගෙන ආවෙ ඔබේ හඬම පමණයි
සිත නවතින්නෙ ඔබේ ළඟම පමණයි
සැමදා තරු පැතුවේ අහසේ බැබලෙන්නයි
සැමදා මල් පැතුවේ නටු අග හිනැහෙන්නයි
සැමදා රළ පැතුවේ සයුරේ නැග එන්නයි
සැමදා මා පැතුවේ ඔබේ ළඟම ඉන්නයි
කවි ලියන්න ගත්ත මුල් කාලේ ලියපු කවි පේළි ටිකක්. කියවා සිනාසීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.
I need someone......
-
I need a friend
to hold my hand when I am trembling
I need a companion
to help me when I am struggling
I need a mentor
to tell me what I should do
I need ...
10 years ago
හරිම ලස්සනයි ... පැතුම් ඉටුවෙන්න අපිත් සුබ පතනවා ...
ReplyDeleteස්තූතියි.....
Deleteඅනේ මගෙ නම් එහෙම පැතුමක් තුන් හිතකවත් නෑ තුශා :D
හිනා වෙන්න මොකෝ අනේ. ඔය තියන්නේ ලස්සනට.. :)
ReplyDeleteමට නම් හිතුනෙම මේක කියවන කෙනෙක්ට හිනා යයි කියල.. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/gal-nailbiting.gif [/im]
Deleteසරළයි.........ලස්සනයි චාම්ස්
ReplyDeleteතැන්කූ තැන්කූ රෙහානියෝ :)
Deleteඔයාට හිනාවෙන්න නම් මට ඔයිට වැඩිය හොඳට කවි ලියන්න හැකි වෙන්න එපායැ. හැබැයි මේවා නම් හිතේ තියාගෙන ඉන්නම බැරුව එලියට පැනපුවා.
ReplyDeleteඩූඩ් වැඩිය කවි වලට කැමති නෑනෙ..හැබැයි ඒවත් ලියන්න ට්රයි කලොත් නම් අර කතා වගේ සුපිරියටම ලියන්න පුලුවන්..ඒක මට ශුවර් :)
Delete//හැබැයි මේවා නම් හිතේ තියාගෙන ඉන්නම බැරුව එලියට පැනපුවා.//
ඒ කිව්වෙ මේ කවිද? අපෝ නෑ. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/galsaysno.gif [/im] මේ, නිකන් ඉන්න බැරුවට කාලෙකට කලින් ලියවෙච්ච ඒවා වගයක්
හරිම අපූරුයි අක්කියෝ....මේවා කියවන කොට හිනා නෙවෙයි තරහ යනවා,මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් එකේ නොලියා ඉන්න එක ගැන!!!
ReplyDelete...අනික මේ හදිසියෙම මේක මතක් වෙන්න උප විඥ්ඥානේ හරි හේතුවක් තියෙන්න ඇති!!!
හේතුව තිබුනේ උප විඥ්ඥානේ නෙවෙයි නංගියෝ..පරණ පොත් පෙට්ටියක් ඇතුලේ. ඊයේ ඒක අදිනකොට තමයි ආදි කාලෙ ලියපු මේ කවි ටික මතු උනේ :P
Deletehe he...))
Deleteමේවට හිනා වෙනවනම් මම 2010 කාලේ ලියපුවා බලන්න.. ඇඩෙයි තනි ඇහැට..
ReplyDeleteලස්සනයි කවිය..
මේක මම හිතන්නෙ මම 2008 විතර ලියපු එකක්.
Deleteස්තූතියි දිනේශ්... :)
මොන හිනාවක්ද අනේ.. හොදයි අදහස..
ReplyDeleteඑතකොට මට විතරද මේක කියවල හිනා ගියේ :-?
Deleteස්තූතියි දේශා...
ලස්සන අදහසක්..
ReplyDeleteතැන්ක් යූ උමේෂ් :)
Deleteහිනා යන්න තරම් විහිලු මේ කවි වල නෑනෙ.... ඒක නෙමෙයි ටිකක් තාලෙ (විරිත / මාත්රා ගණන) ගැනත් හිතලා ලිව්වා නම් තාලෙට කියන්න පුළුවන්...
ReplyDeleteමමම ලියපු එකක් උනත් මට මේ කවිය දැක්කම හිනා ගියා පොඩි බොළඳ ගතියක් තියෙනවා වගේ දැනුන නිසා. [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_gal_wink.gif [/im]
Deleteමේක කාලෙකට කලින් ලියපු එකක් නේ. ඒකාලේ එච්චර තාල මාත්රා ගැන තේරුමක් නෑ ඉතින්. ආයෙ ලිව්වොත් බලමු ටිකක් හොඳ විදිහට ලියන්න :)
What a wonderful & loving poem. SUPERB! I really loved it dear! Keep up your good work Chams!
ReplyDeleteHey nice to see you back wild rose..and thanks for appreciating my little poem :)
Deleteලියපු මුල් කාලේ කියන්නේ, තාම කවි ලියනවා කියන එකනේ. මේකේ වරදක් මමත් දකින්නේ නෑ අක්කේ. ලස්සනයි. අලුතෙන් තව ලියමු.
ReplyDeleteමීට ටික කාලෙකට කලින් නම් ලිව්වා මල්ලි..ඒත් ළඟදි නම් ලිව්වෙම නැති තරම්. ස්තූතියි ඔයාට.. :)
Deleteපටන්ගත්ත කාලේ මෙහෙම නම් දැන් .....කියන්න දෙයක් නෑනේ. මටනම් හිනාවෙන්න දෙයක් පෙන්නේ නෑ සුළු අඩු පාඩු දෙක තුනක් ඇරෙන්න
ReplyDelete....දැන් නම් මීටත් හපන් [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_gal_wink.gif [/im]
Deleteඒ අඩු පාඩු දෙක තුනත් කිව්ව නම් ගොඩක් වටිනවා ඉවාන්. මටත් මේකේ සෑහෙන අඩු පාඩු පේනවා. ඒත් මේක කියවන අය දකින අඩු පාඩුත් දැන ගන්න කැමතියි මම...ඒවා ඉස්සරහට ලියන එකකදිවත් හදා ගන්න පුලුවන් වෙයිනෙ එතකොට...
mokata hinaa wennada nangi. harima lassanai
ReplyDeleteස්තූතියි අයියේ :)
Delete