පියාඹද්දි
හරියට
අහසෙ
අයිතිකාරයා වගෙ…
දැනෙන් නැද්ද
පුංචිම පුංචි
බයක්වත්
වැටෙයි කියල
කවදම හරි මහපොලවට?
දැක්ක මම තවත්
අය
පියාඹනව නුඹ
වාගේම..
ඒ වගේම දැක්ක
එයාල විඳවපු හැටි
හිතුවෙවත්
නැති විදිහට
අත්තටු කඩාගෙන
බිමට වැටුනම..
තිබුනත් මටත්
අත්තටු
බයයි මට නම්
පියාඹන්නට..
හිතෙන්නෙම
කොයි වෙලාවක හරි
වැටේවි කියල
ආයෙ කවදාවත්ම
නැගිටින්න බැරි විදිහට..
ඒ නිසා
හංගාගෙන අත්තටු
කියල හැමෝටම පියාඹන්න බැරි බව
මං ඉන්නව
කූඩුවට වෙලා...
ඒක සැපයි
පියාඹන්න
ගිහින් හොඳට තියෙන අත්තටු
කඩාගන්නවට
වැඩිය.
පින්තූර ගත්තෙ http://wallpaperscraft.com/ http://www.shltrip.com/index.html
ඔන්න ඔහොමලු එයා කියන්නේ. හැබැයි බෑ බෑ කියා කියා ඉඳල කොයි වෙලේ හරි පියාඹයි. එතකල් තමා ඔය. :)
ReplyDeleteලස්සනයි නිර්මාණය. !
කියන්න බෑ අයියෙ සමහර විට එයා බයටම පියාඹන්නෙ නැතුව ඉඳීඳ දන්නෙත් නෑනෙ...:)
Deleteස්තූතියි චන්දන අයියා :)
පියාඹන්නට නොවේ නම් ඒ කුමට ලැබුනේ පියාපත්...
ReplyDelete:D
ඒකනෙ සිහින... "තටු ලැබුනේ ඉගිල්ලෙන්න බැහැයි කියල බෑ" කියල එයා දන්නෙ නැතුව ඇති :)
Deleteපුංචි පැටියො
ReplyDeleteනුඹ දන්නවද..
නරියෙකුත් මිදි ඇඹුල් කීව බව..
ඔයත් තටු වැඩුණ දවසක
ඔය වගෙම ඉගිල්ලෙනු සත්තමයි අහසට..
ඉතින් ඒ හින්දා..
දැන් සද්ද නැතුව බලන් ඉන්න
අය්යලා අක්කලා පියාඹන ලස්සන..
තටු හය්ය දවසට
ඔයාටම තේරෙයි..
ඉගිලෙන්නැතුව
තටු පරිස්සම් කරනවට වඩා
හුගක් සුන්දර බව
අවදානමක් අරන් පියාඹන එක..))
ඒ උනාට මට බයයි
Deleteගන්න ඒ අවධානම...
දැකල තියෙන නිසා
අනිත් අය විඳපු දුක..
අහල තියෙන නිසා
මාව බිලිගන්න ඉන්න අය ගැන..
ඒත් කවදම හරි දවසක
මටම හිතුනොත්
පුලුවන් කියල මූණදෙන්න ඕනම දේකට
මාත් පියඹාවි..
එහෙම නොහිතුනොත්
හැමදාමත් මං ඉඳීවි
කූඩුවට වෙලා
අනිත් අය පියාඹන දිහා බලාගෙන..
:)
ඔයාගෙ අපූරු කවියට ගොඩක් ස්තූතියි නංගියෝ..:)))
අත්තටු තියෙන්න පියාඹන්නලු
ReplyDeleteජීවිතේ තියෙන්න අභීයෝග වලට මුණ දෙන්නලු
හ්ම්..හ්ම්.. එහෙමලු එහෙමලු :)))
Deleteඅගේ ඇති තවත් කවි ඉසව්වක්නේ අදයි නෙත ගැටුනේ.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
සාදරයෙන් පිළිගන්නව නලින් අයියව මගේ බ්ලොග් එකට.. :)
Deleteඑතකොට අපරාදෙනේ ..මමනම් කැඩුනත් කමක් නෑ කියල පියඹනවා ...! :))
ReplyDeleteඒකනෙ...අන්න එහෙමනෙ ඉන්න ඕනෙ.. :)
Deleteඅත්තටු ශක්තිමත් වෙනකල් පියාඹන්නෙ නැති එක නම් හොඳයි!
ReplyDeleteඔහොම පියාඹන්නෙ නැති කුරුලු පැටවුන්ව කුරුලු අම්මලා ඉගිල්ලෝනවලු නේද?
හ්ම්..පොඩි කාලේ මාත් ඒ වගේ කථාවක් ඇහුව වගේ මතකයි..
Deleteහෙහ්! සින්දුවක් මතක් උනා :D
ReplyDeleteතටු ලැබුනේ පියාඹන්න බෑයි කියල බෑ...
නගේ මලේ (අක්කේ) කිසිම දෙයක් බෑයි කියල බෑ..
බෑ.. බෑ.. බෑ... :D
හී හී...ඒකනම් ඉතින් එහෙම තමයි :D
Delete"තටු ලැබුනේ පියාඹන්න බෑයි කියලා බෑ... "
ReplyDeleteදොස්තර හොඳහිත කාටූන් එකේ නම් කිව්වෙ එහෙමයි...
හ්ම්...හ්ම් :)))
Deleteහ්ම්ම්ම්.... පියාබන්න බය වෙන්න එපා.නිදහසේ හිත පිරෙන්න පියාබන්න. ඒත් වටපිටාව ගැන පරිස්සමෙන් හොද අවදානයෙන් පියාබන්න....
ReplyDeleteඔව් පියෑඹුවත් බොහොම පරිස්සමෙන් තමයි පියාඹන්න ඕන..
Deleteම්ම්ම්... ඒක නම් හරියන වැඩක් නෙවෙයි පැටියෝ, අම්මා තාත්තා නැති කාලෙක ඔයාට මොකද වෙන්නෙ කියලා හිතුවද? ඒ නිසා අවදානම හිතට අරන් පියාඹන්න, වැටුණත් ආයෙ නැඟිටින්න! ලස්සන නිර්මාණයක්!
ReplyDeleteම්..ඒකත් ප්‍රශ්නයක් නම් තමයි. බලාගෙන ගියාම පියෑඹුවත්, කූඩුවට වෙලා හිටියත් අවධානමේ වෙනසක් නෑ වගේ...
Deleteස්තූතිය ළහිරු :)
ඔහොම කියා කියා ඉඳලා බැ නෙ, තමන්ට තමන් විතරයි කියන සත්‍ය දැනිච්ච දාට තේරේවි. අත්තටු කැඩුනත් කමක් නැ, මගෙ උවමානවන් ඉටුකරගන්නටනම්, මට පියාඹන්නම වෙනවා කියලා ඉගිලිලා යයි එදාට..:)
ReplyDeleteඒක නම් ඇත්ත තමයි..ඒත් තාමත් හිතට දැනෙන බය අඩු නෑනෙ. ඒකයි හිතෙන්නෙ හැමදාමත් කූඩුවටම වෙලා ඉන්න තියෙනවනම් හොඳයි කියල :(
Deleteෆාතිමා කා.....ලෙකින්:)))
තටු හයිය උනත් මගෙ
ReplyDeleteහිත හයිය නොවුනෝතින්
බැරි වෙයි මට පියාඹන්න
කවදාවත් මේ අහසේ...
පුලුවන් උන දවසක මට
නැති කරන්න ඇති උන බය
මාත් යාවි ඉගිල්ලිලා
උජාරුවට නිල් අහසේ...
උත්සහ කරල බලන්න වැඩිය උඩ නෙවෙයි ටිකක් පහලින්. බැහැ කියන වචනේ වෙනස් වෙයි.
ReplyDeleteඔව් සමහරවිට :)
Deleteලස්සනට මේ බ්ලොක් අඩවියේ ලිපි ඔයා ලියලා තියෙනවා. ඔයාට හරි ලස්සනට කවි නිසඳැස් ලියන්න පුලුවන් නේ. මට ගොඩාක් ආසා හිතුනා මේවා කියවද්දී. මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ. මගේ නම ටයිප් කරලා ඕකේ කලාම මම ලියපු බ්ලොග් සේරම ඉන්ටනෙට් එකේ දකින්න ලැබේවී. ඒවා කියවලා ගුණ දොස් මගේ 0718064226 ජංගම දුරකථනයට කතා කරලා කියන්න. මම හරිම ආසයි මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා නම්. මගේ බ්ලොග් අඩවිලට ඇවිල්ලා ඒවා කියවලා බැනලා හරි කමක් නැහැ කමෙන්ට් කරන්න කියලා ඉතාම ආදරයෙන් ඉල්ලනවා මම ඔයාගෙන්...
ReplyDeleteමගේ බ්ලොග් එක කියවා අදහස් දැක්වීම ගැන ඔබතුමාට ස්තූතියි. මාත් ඔබතුමාගේ බ්ලොග් කියවන්නම්.
Delete@ Chams.
ReplyDeleteඔයාටත් ලොඩාක් ස්තූතියි. මම ඔයා එනකල් මගේ බ්ලොග් එකට වෙල මඟ බලාගෙන ඉන්නවා. සිංහල භාෂාව දැන් ප්‍රචලිත වෙලා. සිංහල භාෂාවෙන් බ්ලොග් රචනා කිරීම ආරම්භ වූ මුල් කාලවකවානුව තුළ මට මතකයි වැඩි පිරිසක් ඒ සඳහා යොමු වෙලා හිටියේ නැහැ. අන්තර්ජාලයේ වෙබ් පිටුවක් තමන්ටම කියලා පවත්වා ගැනීමට මේ තරම් තාක්ෂණික පහසුකම් ඒ කාලයේ තිබුනේ නැහැ. දැන් ක්‍රම ක්‍රමයෙන් ඒ පහසුකම් තව තවත් දියුණු වෙමින් යනවා. ඒ වගේම බ්ලොග් කතා කලාවට විශාල පිරිසක් යොමු වෙමින් සිටිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. අන්තර්ජාලය නිසා නිර්මාණාත්මක ප්‍රවණතාව සැඟවී යනවා වෙනුවට එකී නිර්මාණාත්මක භාවිතාවට නව මුහුණුවක් බ්ලොග් කතා, කෙටි කතා, නව කතා, සඳැස්, නිසඳැස් හරහා යම් කිසි අනුබලයක් ලැබිලා තියෙනවා වගේ පේන්න තියෙනවා. දැන් අපේ කාලේ වගේ නෙවෙයි ඔයාලා වගේ තරුණ පරම්පරාවට ඉතාම කුඩා කාලයේ සිටිම පරිගණක, අන්තර්ජාලය වගේ පහසුකම් භාවිතා කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. අපේ කාලේ රූපවාහිනය ලංකාවට ආවේ අපි සෑහෙන් ලොකු මහත් වුනාට පස්සේ. මට මතකයි අපේ ලේන් එකටම ඒ කාලේ එකම රූපවාහිනියක් විතරයි තිබුනේ. ඒ අපේ ගෙදර. මම පහේ ශිෂ්‍යත්වය පාස් වුනාට අම්මා මට ඉස්කෝලේ 7 පන්තියේ ඉගෙන ගනිද්දී ගෙනාමු පරණ විශාල වර්ගයේ කලු සුදු රූපවාහිනියක්. ඒක ඒ දවස්වල හරියට ක්‍රියා කරවන්න වත් අපි දැනගෙන සිටියේ නැති නිසා ඒක ක්‍රියා කරවන්න රූපවාහිනී තාක්ෂණය ගැන දන්න අපේ ඥාතී වන කෙනෙකුත් අපි ගෙදරට එක්කරගෙන ආවා. එයා තමයි අපිට චැනල් දාන හැටි රූපවාහිනිය ඔන් ඕෆ් කරන හැටි ඇන්ටනාව සවි කරන හැටි කියලා දීලා ඒක සවි කරලම ගියේ. නමුත් දැන් ඉන්න චුට්ටිම චූටි ලමයටත් කඩෙන් අවශ්‍ය උපාංග ටික මිලදී ගෙනැල්ලා සම්පූර්ණ පරිගණකයක් එකලස් කරන එක බොහෝම සුළු දෙයක් වෙලා. තාක්ෂණය එතරම්ම මිනිසුන් අතරට ගිහිල්ලා. මම මේ විස්තර කිව්වාට මා එක්ක අමනාප වෙන්න එපා. වැඩිහිටියෙක් නිසා කිව්වේ. කොහොම වුනත් තාක්ෂණය තරමට ඒ වේගයෙන්ම මිනිසුන්ගේ මානසික මට්ටම දියුණු තත්වයකට පත්වුනාදැයි යන්න නම් විශාල ගැටළුවක්. මොකද මේ තාක්ෂණය නිවැරදි දේවල්වලට වගේම වැරදි දේවල්වලටත් යොදවා ගන්නා විශාල පිරිසක් පෙනෙන්නට සිටින හෙයිනි. නමුදු ඔයා වගේ දරුවෝ මේක හරි පැත්තට භාවිතා කරමින් සමාජයට රටට වැදගත් මෙහෙවරක් මේ ආකාරයට ඉටු කිරීම පිළිබඳව මා ඔබ වැනි දරුවන් පිළිබඳව සතුටට පත්වෙමි.
ඉගිල්ලෙන්න ඕන... ඒත් හැබැයි පරිස්සමට ඉතින්... ලස්සන නිර්මාණයක්... මම අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ... පරණ පෝස්ට් ගොඩක් කියෙව්වා.. ගොඩක් ලස්සනට ලියල තියෙනවා.. අපෙන් සුබ පැතුම්.. ජය වේවා...!!!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව උදයංගව මගේ බ්ලොග් එකට. ගොඩක් ස්තූතියි කමෙන්ට් කළාට... :)
Deleteමමනම් වැඩිය කැමති නෑ අදහසට..පියැඹුවොත් තමා හොඳ...
ReplyDeleteඒ උනාට වැඩේ ලස්සනයි..
:D
ඒ උනාට පියාඹන්න ගියාම කරදර ගොඩයිනෙ ඒකයි හිතුවෙ කූඩුවට වෙලාම ඉන්න:)
Deleteඒක නෙමෙයි See Jay අයියා ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගනීවිනේ ළඟදිම? :D
ගොඩක් ස්තූතියි අයියෙ :)
රිස්ක් එකක් නැති ජීවිතෙයි.. බාධාවක් නැති ආදරෙයි මෙලෝ රහක් නෑනේ.. ඔන්න ඔහෙ පියාඹන්න
ReplyDeleteඒකත් එහෙමද..එහෙනම් ඉතින් ඔන්න ඔහෙ පියාඹන්නම්කො ;p
Deleteපියඹන්න, පියඹන්න
ReplyDeleteතටු සලා පියඹන්න.
බියවන්න එපා නුඹ
කෙලෙසවත් පියඹන්න.
විඳගන්න, දැනගන්න
ලොවේ ඇති සියලු තතු.
පියඹන්න, පියඹන්න
නුඹට හැක පියඹන්න
එපා නුඹ බිය වන්න
වැටෙ යයි සිතා බිම,
වැටුනහොත් ඔබ බිමට
හැක නැවත නැගිටින්න.
ඔබේ තටු සවිමත්ය
නොමැත සවියක් හිතේ
දිරිගන්න ඔබ සිතට
බිය නසා පියඹන්න.
හරිම ලස්සන කවි ටික අයිලාශ්..සාදරයෙන් පිළිගන්නව ඔයාව මගෙ බ්ලොග් එකට... :)
Deleteඋත්සහ කරනව මාත්
බය නැතුව පියාඹන්නට..
ලෝකයේ ඇති සුන්දරත්වය,
ආසයි මටත් බලාගන්නට..
පියඹන්නම් මාත් ළඟදිම
ලබාගෙන හිතට දිරියක්..
ස්තූතියි ඔබට පබැඳුවාට
හිතට දිරිදෙන කදිම කවියක්.. :)
ලස්සන නිර්මාණයක්. ඉගිලෙන්න තහනම් නම් දුරක් ඇයි මැව්වේ මට අත්තටු දෙකක් :(
ReplyDeleteකෝරලේ වලව්ව
ස්තූතියි කෝරළේ මහත්තයෝ... :)
Deleteහරිම ලස්සන නිර්මාණයක්
ReplyDeleteබොහොම ස්තූතියි ආවර්ජනා... :)
Delete