සතුටු සිනා මැදින් කන්කලු සංගීතය ගලාගෙන යද්දි.....
රස දිව පිනා යන කෑම, නෙක රසැති බීම, මේස පුරවද්දි.....
සුභ පැතුම්, ආගිය තොරතුරු එකිනෙකා අතර හුවමාරුවෙද්දි.....
රස දිව පිනා යන කෑම, නෙක රසැති බීම, මේස පුරවද්දි.....
සුභ පැතුම්, ආගිය තොරතුරු එකිනෙකා අතර හුවමාරුවෙද්දි.....
තනි වී එදෙස බලාසිටින,
මගේම සාදයේ....
ආරාධිතයෙකුද නොවන
අනාරාධිතයෙකුද නොවන
මම.
http://4.bp.blogspot.com |
ඇත්ත ම කතාවක්. ගොඩක් වෙලාවට ඔයාට දැනුන දේ මටත් දැනිලා තියෙනවා. අපි සතුටින් ඉන්න ඕනේ දවසේ අනිත් අය ව සතුටු කරන්න අපි තනි වෙලා ඉන්නවා. ලස්සණ සිතුවිල්ලක්, චාම්ස්. :)
ReplyDeleteහ්ම් ඒ වෙලාවට තනිකම අපේ තනියට එනව නේද...ස්තූතියි ධාරා :)
Deleteආරාධිත ව විත්
ReplyDeleteහිස් බස් දොඩන වුන් මැද
ජීවිතය සොයා ඉගිලෙමි
බෝ ඈත දුරකට මම!
-හිතුණා ලිව්වා වුණාට කවිය ලස්සනයි.පින්තූරයත් ගැළපෙනවා.
ඇත්තටම මේක සාදයක් තුලින් ජීවිතය දකින්න දරපු පුංචි වෑයමක් කිව්වොත් හරි.
Deleteහි හී මේක නම් හිතුනා ලිව්වා එකක්ම තමයි...අදහස හිතට ඇවිත් මිනිත්තු දහයක් ඇතුලත පබ්ලිශ් කරලත් ඉවරයි :)
ස්තූතියි නංගියා....
සාදයක් හිතින් මවාගෙන බැලුව කතාව ඇත්තද කියල. එහෙම වෙනව නේ හැබෑටම.. :)
ReplyDeleteඔව් අයියෙ වෙලාවකට එහෙම වෙනව :)
Deleteහොද සංකල්පනාවක්.
ReplyDeleteස්තූතියි නලින් අයියෙ :)
Deleteකපුගේ සින්දුව මතක් උනා. කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
ReplyDeleteඔව් ඒ සින්දුවෙත් සාදයක විස්තර වගේම තනිවුන කෙනෙක් ගැනත් කියවෙනවනෙ..
Deleteචම්ස් ඩිංග ඩිංග ලොකු වෙනසකට ඇදිලා යමින්
ReplyDeleteඉන්න බව පේනවා ..ඇයි මේ ..?
ලොකූම ලොකු වෙනසකට යන ගමන් තමයි මේ ඉන්නෙ නම්..ඒ උනත් මම ලියන ඒවා හරහා ඒ වෙනස කියවන අයට පේනව ඇතියි කියල හිතුවෙ නෑ :)
Deleteවෙනස් විදිහකට ජීවිතේට මූණ දීල බලන්න හිතුනා සහන්...ඒකයි :) :)
වෙනසක් අවශ්‍යමද කියලත් කීප පාරක් හිතන්න චම්ස් ..මට හිතෙන්නේ ජීවිතේ මේ ඉන්න විදිහ හොඳයි වගේ ...[im]http://4.bp.blogspot.com/-k4ujC23cSgI/UTIq7eUkmuI/AAAAAAAABAQ/YUNL9_RhDB0/s1600/smile3.gif[/im]
Deleteමොකක්ද හැබෑටම මේ තියපු සාදෙ?
ReplyDeleteම්..සාදේ මං හිතන්නෙ උපන් දින සාදයක්. :-SS
Deleteඅපේ ගෙවල් ලඟ ගෙදරක ඊයෙ පාටියක් තිබ්බ. ඉතින් ඒ දිහා ටිකක් බලාගෙන ඉන්දැද්දි ඒ වෙලාවෙ හිතේ තිබ්බ දේවලුත් එක්ක මේ අදහස හිතට ආවා..ඉතින් ලිව්වා :D
හ්ම්ම්ම්ම්.. කවදාවත් හුදකලා නොවන, තනිකමද උරුම මම
ReplyDeleteහ්ම්ම්ම්ම් :-SS :-SS
Deleteආරාධිතයෙක් නොවේනම්
ReplyDeleteඅනාරාධිතයෙකුත් නොවේනම්
ආරාධනය කරන්නෙක් විය නොහැකිද ඈ...??
මට පෙන්නේ කට්ටිය ඔයාගේ පහනෙන් එලිය බලනවද මංදා..එක්කෝ ඌරගෙ මාළු උගේ ඇඟේම තියලා කපන සීන් එකක්දෝ...?
ඔව් මගේ සාදයේ ආරාධනා කරන්නා තමයි මම... හැබැයි ඒ ආරාධනා කරන්නම වෙලාවකට සාදය ඇතුලෙ ආරාධිතයෙකුත් නොවන අනාරාධිතයෙකුත් නොවන පිටස්තරයෙක් වෙනව කියල මට හිතෙනව...
Deleteඅන්න ගානෙන් ගානෙන් පැතුම් මට ඌරා කිව්වා නේද? :((
මම මම වගේ..... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේය රජතුමනි... :D
Deleteමටත් සමහර වෙලාවට ඔය වගේ දැනිල තියෙනවා....
ReplyDelete:)
Deleteඅප්‍රේල් මාසේ උපන්දිනේ කියලා කිවුවා නේ??
ReplyDeleteඔව් නේ :)
Deleteඒකත් ඇත්ත බැලුවම.
ReplyDelete:)
DeleteA great post with a deep meaning!
ReplyDeleteHey....you are visiting my Sinhala blog after a long time..ha? Nice to see you around..and thanks for the comment sis :)
Deleteඅදයි මේ පැත්තට ආවේ ....
ReplyDeleteඇත්ත ජිවිතේ අනිත් අයව සතුටු කරන්න අපි කොච්චර නං දුකෙන් ඉන්නවද???? හිතට ආවා ලිව්වා වුනාට ලස්සන පද ගැලපීමක්....ජය වේවා සහෝ....
ඉස්සරවෙලාම කඩුපුලීව ආදරයෙන් පිළිගන්නවා හිත අද්දරට... :)ඔව් ජීවිතකාලෙ පුරාවට ඒවගේ අවස්ථා කීයකට නම් අපි මූණදෙනවද?
Deleteගොඩක් ස්තූතියි ඔයාට :)
ජය වේවා!!!
එක සැරේම හොයාගන්න බැරි වුනා මේ ඔයාමද කියල. අළුත් රෙද්ද්දක් අන්දලා තියෙන්නේ අළුත් අවුරුද්දට.
ReplyDeleteහි හී ටිකක් වෙනස් උනාට මමම තමයි අසර් :)
Deleteඔයා මොකක්ද ඒ කියපු කතාව අසර් ..? [im]http://lankawap.com/xhtml/smilies/slap.gif[/im]
Deleteබ්ලොග් එකේ පෙනුම වෙනස් වෙලා නිසා මම හිතුව අළුත් එකක් දෝ කියල.පරණ පොස්ට් දකිද්දී මතක් උනේ.
Deleteඒක මිසක් ..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]
Deleteම්ම්ම්...අඳුනන අය ලඟ තනිවෙලා කියලා දැනෙන වෙලාවල් කොච්චර තියෙනවද....
ReplyDeleteඑහෙම වෙලාවල් ඕන තරම් තියෙනව කිරිල්ලී.... :(
Deleteඅක්කා මේ පද ගොඩක් සමීප බවක් දැනුන.. බොහෝ විට කලින් මේක කියවන්න ඇති. ඒත් ..... මම දාපු කොමන්ට් එකක් අක්ක Delete කලාද ? :/
ReplyDeleteඅනේ නෑ මල්ලි...ඔයා අර අහන සිංදු-3 පෝස්ට් එකට ඉස්සරවෙලාම දාල තිබ්බ කමෙන්ට් එක නම් හොයාගත්තෙ ස්පෑම් ගොඩේ තිබිල. හැබැයි ඔයාගෙ වෙන කිසිම කමෙන්ට් එකක් ස්පෑම් වලවත් තිබ්බෙ නෑ...notification mail එකක් ඇවිත් තිබ්බෙත් නෑ.
Deleteමේ දවස්වල බ්ලොගර් කමෙන්ට්ස් අතුරුදහන් කරනව කියල කතාවකුත් තියෙනවනේ..එහෙම උනාද දන්නෙ නෑ :-?