Ads 468x60px

Tuesday, May 27, 2014

ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මම ආවා......

කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවා...පහුගිය ටිකේ බ්ලොග් ලෝකේ හැමදාම වගේ ගිය සුපුරුදු සවාරිය යන්න බැරි උනේ බ්ලොග් ලියන ගොඩක් අයට හැදෙන රයිටර්ස් බ්ලොක් එක හැදිලා නෙවෙයි..ඊට වඩා දරුණු අසනීපයක් හැදුන නිසා.

ඇත්තටම පහුගිය ටිකේම හිටියෙ ලෙඩ ඇඳේ. අඩුම තරමින් ඇඳෙන් නැගිටින්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඔය අතරේ ජීවිතේ ගැන මම හිතන විදිහ වෙනස් වෙන සිදුවීමක් උනා...

දවසක් රෑ බෙහෙත් බීල නිදාගෙන හිටියත් නින්ද නම් පැත්ත පලාතෙවත් ආවෙ නෑ. මට එහා පැත්තෙ අම්මත් නිදාගෙනයි හිටියෙ. කලින් ඇඟට දැනුන අමාරුව දෙගුන තෙගුන වෙලා දැනුනා. කොහොම හරි පැය ගානක් නිදා ගන්න ෆුල් ට්‍රයි කරලා යන්තම් ඇස් පියවුනා විතරයි.....

එක පාරටම මම ඇහැරුනේ හුස්ම ගන්න බැරුව. ඒ අත්දැකීම විස්තර කරන්න අමාරුයි. මුලින් මට දැනුනේ හරියට පපුව තදින් හිර කරනවා වගේ. ඒත් එක්ක කොයි තරම් හුස්ම ගන්න හැදුවත් පහසුවෙන් හුස්ම ඉහල පහල දාන්න පුලුවන් උනේ නෑ. ඒත් එක්කම අත් කකුල් සීතල උනා. ඊට පස්සෙ තමයි හොඳම හරිය. මට දැනුනේ ඔලුවෙ ලේ ඔක්කොම හිඳිලා යනවා වගේ. ඒක තවත් කෙනෙක්ට හරියටම පැහැදිලි කරන්න අමාරුයි..මං දන්න එකම දේ මීට කලින් කවදාවත්ම මට එහෙම දැනිලා නෑ කියල විතරයි.

ඒ වෙලාවෙ කථා කරගන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. එහා පැත්තෙ හිටිය අම්මට තට්ටු කරල හරි කතා කරන්න හිතුනත් මං ඒ සිතුවිල්ල අයින් කරගත්තෙ හේතු කීපයක් නිසා.
මේ වෙලාවෙ අම්මට කතා කලොත් අම්ම කොයි තරම් බය වෙයිද?
මේ මහ රෑ ඉස්පිරිතාලෙටවත් යන්නෙ කොහොමද?
 
ඔය ප්‍රශ්නත් එක්ක තව දෙයක් එක ක්ෂණිකයෙන් හිතට ආවා. 

මීට මාස කීපෙකට කලින් මම මේ ජීවිතේ ගොඩක්ම ආදරේ කරපු, මට මුලු ලෝකෙම වෙලා හිටපු කෙනා හිතුවෙවත් නැති මොහොතක මට අහිමි උනා. මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අයට මේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඔහුගෙ අහිමිවීමත් එක්ක මේ ජීවිතේ ගැන මට පුදුමාකාර විදිහට කලකිරීමක් ඇති උනා. මගේ ජීවිතේ හැම දවසක්ම උදා උනෙත් නිමා උනෙත් ඔහුගෙ ආදරයත් එක්ක. ඉතින් ඔහු නැතුව ගෙවෙන හැම දවසක්ම මං ගෙව්වෙ හරිම අමාරුවෙන්. හැමදාම රෑට ඔහුගෙ පින්තූරෙ ළඟට ගිහින් මම ප්‍රාර්ථනා කලේ ආයෙත් ඔහු ළඟට යන්න ඇත්තම් කියල....

ඉතින් අර වෙලාවෙ මට ඇත්තටම  දැනුනේ ඒ දේ සිද්ධ වෙන්න යනව කියල. එක අතකින් ඒක හිතට සහනයක් දැනුනත් ඒත් එක්කම තවත් සිතුවිල්ලක් හිතට ආව..මං නැති උනොත් අම්මට කවුද ඉන්නෙ…. අම්මව බලාගන්නෙ කවුද? ඔය අදහසත් එක්ක හිතට දැනුනෙ මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා වගේ හැඟීමක්. ඊට පස්සෙ තමයි අම්මව ඇහැරවන්න ඕන කියල හිතුනේ.

එතනින් එහාට උන දේවල් කියන්න ඕන නැහැනෙ...

ඔය සිද්ධිය මගේ ජීවිතේ වෙනසක් කලා. ඒ වෙලාවෙ හුස්ම ගන්න බැරුව, මුලු ඇඟම පණ නැති වෙලා යද්දි ජීවිතේ මට දෙයක් කියල දුන්න. ඊට පස්සෙ තවත් දවස් ගානක් ඇඳට වෙලා ඉන්දැද්දි මං හිතුවෙ ඒ ගැන. අදටත් ඒ මොහොතෙ මට දැනුනු හැඟීම මම තේරුම් ගන්න උත්සහ කරනවා......

පලි: ආයෙත් වැඩට ආවම තමයි අපරාදෙ එදා ඒ වෙලාවෙ අම්මට කතා කලේ කියල හිතුනෙ. ඇයි දැන් ඉතින් සති ගානක වැඩ තියෙනවනෙ කවර් කරන්න. ආපහු වැඩට ඇවිත් දැන් සෑහෙන දවසක් උනත් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනේ ඒ නිසා. මේ වැඩ කන්දට යට උනොත් මේ සැරේ නම් ඇත්තටම මාව මැරෙයි වගේ :(  කොහොම උනත් අසනීප කාලෙ වැඩ කරන තැන කට්ටියගෙන් ලැබුනු සහයෝගය නම් හරිම වටිනවා….

ඉතින්....  මිනිස් ලෝකෙ වගේම බ්ලොග් ලෝකෙත් සැරිසරන්න ඔන්න මම ආයෙත් ආවා :)



27 comments:

  1. දොර ලඟටම ගිහිල්ල ආයෙ එන්න ලැබුනට සතුටුයි. යටගියාව මතක තියාගැනීම හොඳයි. නමුත් අතීතයේ සිදුවුන කණගාටුදායක දේවල් ඒ විදියටම තියන එකත් අවුලක්.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් ජීවිතේ තියෙනකම් අමතක කරන්න බෑ රාජ් අයියේ...

      Delete
  2. මරණයේ දොරකඩටම ගිහින් ඇවිත්.........ඒ ගැන මුලින්ම සතුට. ඒවගේ අවස්ථාවන්ට මුහුණ දුන් කෙනෙකුගේ පාපොච්චාරණයත් ඇග කිලිපොලා යන සුලුයි. අතිතය සුන්දර වෙන්න ඇති. ඒත් නොලැබෙන අතිතයක් වෙනුවෙන් හඩාවැටිම එතරම් හිතකර නොවේ. බලන්න ඉදිරිය දෙස නිරවුල්ව. අප ජීවත් වන්නේ අප නිසාම පමණක් නොවේ....

    ReplyDelete
    Replies
    1. "අප ජීවත් වන්නේ අප නිසාම පමණක් නොවේ" මං මේ සිද්ධියෙන් ඉගෙන ගත්ත පාඩමත් ඒකම තමයි නලින් අයියේ...

      Delete
  3. යටගියාවෙම ජීවත් වෙන්න හදන්න එපා,ජීවිතේ අලුත් පිටුවක් පෙරලලා ජීවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. මුලින්ම හැලපෙ මාමව හිත අද්දරට පිළිගන්නවා... :-h
      ඒ අතීතයෙන් එළියට එන්න බැරි තරමටම මම ඒ අතීතයත් එක්ක බැඳිලා මාමෙ. ඒ අතීතයට මම ගොඩක් ආදරෙයි....

      Delete
  4. අපි එත් බැලුව මේ පනහ ගහල බැට් කරන එක නතර කරලද කියල පෙන්න නැති උනාම. අම්මෝ, මරණාසන්න අත්තකීමක්නේ ලබලා තියෙන්නේ, ගොඩක් අය ඒ වගේ අත්දැකීමක් ලැබුවට පස්සේ ජීවිතේ දිහා වෙනස් විධියකට බලන්න ගන්නවා, මටත් ඔහොම දෙයක් උනා ගිය අවුරුද්දේ, තව ඩින්ගෙන් මෙහෙම දයක් කියන්න සොමියෙක් ඉතුරුවත් වෙන්නේ නෑ, එහෙම උනානම් මගේ බොඩි එකේ කෑලි අර සවලකින්වත් එකතු කරන්න පුළුවන් වෙයිද මන්දා, කොහොම හරි එක හධිසි අනතුරක් විදියට තමා වෙන්නේ, එත් එවේලේත් මගේ හිතේ තිබුනේ මැරෙන්න යන ජීවිතය ගොඩක් බෙරණ එක, ඒ ගැන මන් පස්සේ ලියන්නම්කො. කොහොම හරි මට එවෙලේ මොකක් හරි වාසනාවක් තිබ්බ අයෙත් ජීවත් වෙන්න, ඒ තප්පර කීපය මට හරියට ඔබේ තප්පර කිහිපය වගේ, මටත් මුලින්ම මතක් උනේ අම්මව, අපි හැමෝටම මොකක් හරි අනතුරක් වෙද්දී අම්මෝ කියවෙන්න වගේ, මටත් වඩා එක දැකපු මගේ යාළුවාට කලන්තෙත් හැදුනා. එත් මන් වෙනස් උනාද මන්ද, එත් දැන් නම් ඉතින් පටිසෝතගාමී තමා, ඉතින් කොහොම හරි අයිත් ආපු එකට සතුටුයි, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ...පනහ බැට් කලා විතරයි තව පොඩ්ඩෙන් retired hurt වෙනවා. මමත් ලොකුවට වෙනස් උනේ නම් නෑ. ඒත් අර නලින් අයියා කියල තියෙනවා වගේ අපි ජීවත් වෙන්නෙ අපි වෙනුවෙන් විතරක්ම නෙවෙයි කියල තේරුම් ගත්තා. සොමියගෙ අත්දැකීමත් ලියන්න. වෙනස්ම කථාවක් වෙයි කියල හිතෙනවා. :)

      ජයවේවා!!!

      Delete
  5. අතීතය ටිකක් හරි අමතක කරන්න ඕන වෙන වෙලාවලුත් තියෙනවා කියලා මතක තියා ගන්න.. දිගටම ලියමු.. ඒක ඔය දේවල් වෙනස් වෙන්නත් එක්ක හොද දෙයක් වේවි..

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය අමතක කරන්න මට කවදාවත්ම බැරිවෙයි දිනේශ්...මොකද තාම මම ජීවත් වෙන්නෙත් ඒ අතීතයේ නිසා....

      Delete
  6. මට නං හිතාගන්න බැරි මොකක්ද උනේ කියලයි. චාම්ස් ඕනවට වඩා කිසිම දෙයක් හිතන්න එපා.. රත්තරනේ..

    ReplyDelete
    Replies
    1. හිතන්නෙ නෑ දේශ්..ඒත් හිතෙනවනේ..... :(

      Delete
  7. මාගේ කලින් කොමෙන්ටුවත් මරණයට පත්වී ඇති බවක් පෙනී යනවා……

    කෙසේ උවද චාම්ස් නැවත පැමිණීම ගැන හදවතින්ම සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් වලවත් භූමදානය කරලද කියල බැලුවා....එහෙම වෙලත් නෑ.
      තව පාරක් ඇවිත් කමෙන්ට් කලාට ස්තූතියි ප්‍රියා :)

      Delete
  8. හිමිවීම් අහිමි වීම් කියන්නෙ ජීවිතේ පොදු ධර්මතාවක්...
    දෙයක් හිමි වුණා හෝ අහිමි වුණා කියල දුක සතුට අතරම දෝලනය වෙවී ඉන්න එපා...
    බුදුහාමුදුරුමොත් කියල තියෙනව නෙ උපේක්්ෂා සහගත් වෙන්න කියල...
    හිත හදාගන්න ලැබුණ අත්දැකීම් පන්නරයක් කරගෙන ජීවිතේට මුණ දෙන්න උස්සාහ කරන්න...
    ආපහ් ආ එකටත් අසනීපසුව වුණ එකටත් බොහොම සතුටුයි

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න උත්සහ කරනවා මහේශ්....ඒත් එක ගොඩක් අමාරු දෙයක්....
      ස්තූතියි.... :)

      Delete
  9. බොහොම භයානක අත්දැකීමක්නේ... ඉක්මනින් සියලු දේ යථා තත්වයට පත්වෙයි කියලා බලාපොරොත්තුවෙනවා. නැවත ලිවීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. තිසර කාලෙකින් මගෙ බ්ලොග් එක පැත්තෙ ආපු එක මටත් සතුටක් :)
      ඒ අත්දැකීම නම් සෑහෙන භයානකයි තමා....

      Delete
  10. අපිත් බැලුවා පහුගිය ටිකේ පේන්න නැත්තේ ඇයි කියලා. ඒත් වෙලා තියෙන දේවල් නම් හරිම කණගාටුදායකයි කියලා දන්නවා. ඒත්...................

    ReplyDelete
  11. මොකද එහෙම වෙන්න හේතුව කියලා මම කල්පනා කලේ. මම හිතන්නේ මානසික තැවුලම වෙන්න ඇති.
    සිත සුවපත් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ඔය වෙලාවට මම කරන දේ කියන්නද චාම්ස්? මම Two and Half Men episode
    දෙකක් විතර එක දිගට බලනවා. මගේ මූඩ් එක හරියනවා සිං ගාලා. You try that.

    ReplyDelete
    Replies
    1. //ඔය වෙලාවට මම කරන දේ කියන්නද චාම්ස්? මම Two and Half Men episode
      දෙකක් විතර එක දිගට බලනවා// ඔය වෙලාවට කිව්වෙ නිකන් හුස්ම හිරවෙනවා වගේ දැනෙන වෙලාවටද ඩූඩ්? Just Joking Dude...thanks for the advice :)
      ඇත්තටම මූඩ් ෆික්ස් කරගන්න මාත් කරන්නෙ ඔය වැඩේමයි. හැබැයි Two and Half Men බලල නම් නෑ. ඒත් වෙන ටී වී සීරිස් නම් බලනව. එතකොට ටික වෙලාවකට හරි අනිත් දේවල් අමතක වෙනවනෙ...

      Delete
  12. මාත් සෑහෙන කාලෙකින් ආපු හින්දද මන්දා ටිකක් තෙරුනේ නෑ. මොකක්ද ඇත්තටම හැදුනු අසනීපෙ? දැන් ප්‍රශ්නයක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගිමන්ව දැක්ක කල්.. :) ආයෙත් බ්ලොග් එකලියන්න පටන් ගන්නවද ළඟදි...සෑහෙන කාලෙකින් ලිව්වෙ නෑනෙ ඔයා පෝස්ට් එකක්.
      දැන් නම් හොඳයි. ඒත් බ්ලොග් එක ලියන්න වෙලාව තමයි නැත්තෙ :(

      Delete
  13. ම්ම්ම්... නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා...

    දැන් මොකෝ. වෙලාව අඩු ද ? මාත් පහුගිය කාලෙ බ්ලොග් වලට ආවෙම නෑ වගෙ. දැන් නම් පොඩ්ඩක් ඔලුව දාගෙන ඉන්නව.

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)