Ads 468x60px

Tuesday, January 17, 2012

හිනාව

"ඉක්මනට එන්න..පින්තූරයක් ගන්න"

දමාගෙන උපැස් යුවල
රතුවූ දෙනුවන් වැහෙන්න

ගහක් ලඟ හිටගෙන
අමාරුවෙන් සිනාවක් මවාගෙන
ගතිමි සේයාරුවක්...

"අනේ හරිම ලස්සනයි හිනාව"
ෆේස් බුක් එකේ කමෙන්ට්ස්, ලයික්ස් වැහි වැහැලා..

ඒත් ඉතින් මමනෙ දන්නෙ
ඔය හිනාව ඇතුලෙ හැංගිලා තියෙන
දුකක තරම...


Sunday, January 01, 2012

2012 - ජීවිතයේ අභියෝගාත්මකම වසරක්!


අලුත් අවුරුද්දක් උදා වෙලා..මේ අවුරුද්ද මගේ ජීවිතේ සුවිශේෂී අවුරුද්දක්. මේ මගේ කැම්පස් ජීවිතේ අවසාන අවුරුද්ද. තව මාස කීපයකින් ට්‍රේනින් ගිහින් ඊට පස්සෙ විශ්ව විද්‍යාල ජීවිතේට සමුදීලා රැකියාවකට යන්න වෙනවා. ඒ ගැන මගේ හිතේ තියෙන්නෙ ආසාවක්ද, බයක්ද නැත්තන් ඒ දෙකමද කියල මටම හිතාගන්න බෑ. මම ඉපදුනෙත්, පාසල් ගියෙත්, කැම්පස් ගියෙත් එකම නගරයක. ඉතින් ඒ පරිසරයෙන් ඈත්වෙලා වෙනම ජීවිතයකට හුරු වෙන්න මට පුලුවන් වේවිද කියල මට සැකයි. ඒ වගේම මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න මගෙ ලොකු කැමැත්තකුත් නෑ. ඒ තරමටම මම මේ ජීවිතේට හුරුවෙලා. ඒත් මේ කඳු වලල්ලෙන් එහා තියෙන ලෝකයත් එක්ක මටත් එකතු වෙන්න වෙනව කියල මම දන්නව. ඒත් තාමත් මං එහෙම ජීවිතයකට සූදානම් නෑ කියල මට හිතෙනවා.

මගේ comfort zone එකෙන් මිදිලා ජීවිතේ අභියෝග භාරගන්න මේ අවුරුද්දෙදි මට සිද්ද වෙනවා.ඉස්කෝලෙ කාලෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරද්දිවත්, කැම්පස් එකේ ලෙක්චර්ස් යද්දිවත් හිතට නොදැනුනු අමුතුම හැඟීමක් මේ අවුරුද්ද උදා වෙද්දි මට දැනුනා. ඒ හැඟීම විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ. හැබැයි ඒ හැඟීම හිතට ලොකු බරක් එකතු කලා. කලින් තරම් සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න මේ අවුරුද්දෙ  මට පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ කියල මට දැනුනා.

2012 මගේ ජීවිතයේ අභියෝගාත්මක අවුරුද්දක් වේවී කියල මට දැනුනා..
ඉතින් අදින් ඇරඹෙන අවුරුද්ද මම කොයි තරම් ශක්තිමත්ද කියලා මටම දැනගන්න පුලුවන් වසරක්  වේවි...

ලැබුවාවූ 2012 නව වසර සියලුම දෙනාට සුභම සුභ වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා!!!