Ads 468x60px

Saturday, August 11, 2012

සීතල සුලං හමද්දී

සීතල සුලං හමද්දී
සඳු අප දෙස බලා සිටිද්දී
ඔබ කී කතා..අද තනි මෙමා
සිහිකරනවා හද හඬද්දී

සිනාසෙන්නට හිතක් නෑ
හඬන්නට දැන් කඳුලු නෑ
ඔබ ගියදා පටන් යළි එයි කියා
සිතූ මුත් ඔබ ආවෙ නෑ

වෙරළින් ඈතට රළ පෙළ ගොස් ඇත
තනිවූ වෙරළක් බලා සිටී..
මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
තවමත් ඇත මගෙ නෙතු යොමුවී…..


Sunday, August 05, 2012

ඉතින් කොහොමද?

කාලෙකට පස්සෙ....කාලෙකට කියන්නෙ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි අද මේ පෝස්ට් එක දාන්නෙ. පහුගිය කාලෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ධ උනා. කාර්‍යබහුල උනා,හිතේ තිබ්බ සැහැල්ලුව, නිදහස අඩු උනා.. මේ දේවල් එක්ක කලබලකාරි ජීවිතයට විවේකයක් ගේන සයිබර් අවකාශයෙ මගේ නවාතැන පැත්තෙ එන එකත් නැවතුනා. ඉඳල හිටලා ආව වෙලාවලදි කට්ටිය දාලා තිබ්බ පෝස්ට් පුලු පුලුවන් විදිහට කියෙවුවත්, කමෙන්ට් එකක් දාන්න බැරි උනා. භාගෙට ලියවුන ලිපි මතක් වෙද්දි ඒවයෙ ඉතුරු ටිකත් ලියල බ්ලොග් එකට දාන්න ඕනි කියලා හිතුනත් ඒකත් මගඇරුනා. ජීවිතේ පුදුම කම්මැලිකමකින් පිරුනා. වෙනදා ආසාවෙන් කරපු දේවල් වදයක් වෙන තරමටම ජීවිතේ වෙනස් උනා. ෆිල්ම් එකක් බලන එක, රේඩියෝව අහන එක, ටී වී එක බලන එක වගේ මං වෙනදා ආසාවෙන් කරපු දේවල් පවා මට එපා උනා. වෙනදට ක්‍රිකට් මැච් එකක් වරද්දන්නෙ නැතුව බලපු මං "අද මැච් එකට මොකද උනේ" කියල කවුරු හරි අහුවාම "ආ අද මැච් එකක් තිබ්බද" කියල අහන තත්වෙට ආව හැටි මටම පුදුමයි. 

මගෙ බ්ලොග් එකේ පෝස්ට් ගොඩක් නෑ. හැබැයි ඒ තියෙන ටික ලියුවෙ ගොඩක් ආසාවෙන්..ඕන කමකින්.එහෙම ආසාවෙන් කරගෙන ආපු බ්ලොග් එකෙනුත් ඈත් වෙන්න උනා. අද මේ පෝස්ට් එක ලියන්න ගත්තෙත් ආපහු කලින් විදිහට ජීවිතේ හැඩ ගස්සවා ගන්න ඕනි නිසයි. මොන තරම් කාර්‍යබහුල උනත්, කොයි තරම් වගකීම් වැඩි උනත්, කොයි තරම් ප්‍රශ්න ආවත් ජීවිතේ ගැන කළකිරීමක් ඇති කරගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව.ඉතින්  සයිබර් අවකාශයේ මගේ නවාතැනට මං ආයෙත් ගොඩ වැදුනෙ ජීවිතයේ දැන් තියෙන මේ ඒකාකාරි ගතිය ටිකක් හරි අඩු කර ගන්න තියෙන හොඳම තැන මෙතන කියල මට දැනුන නිසයි
.


ප.ලි 
මගේ යාලුවෙක් web development, software development වගේ දේවල් කරන කම්පනි එකක් පටන් ගත්තා. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්.