2014, හැමකෙනෙක්ටම සාමය
සතුට පිරි සුභ නව වසරක් වේවා!!!!
දැන් කට්ටිය බලන්න එපා
මේ මනුස්සයට මොනවා වෙලාද අවුරුද්ද ලබල සෑහෙන දවසකට පස්සෙ සුභ පතන්නෙ කියල.
මෙහෙමනේ... අවුරුද්ද ලබපු මුල් දවස්වල හැමෝම සුභ පතනවනෙ. ඉතින් මට හිතුනා ටිකක් පහුවෙලා සුභ පැතුම් එක් කරන්න.
2014 පටන් ගනිද්දි හැමෝම
අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් උනා. සුභ පතල New year cards යැව්වා, SMS එව්වා, 31 රෑ 12ට රතිඤ්ඤා පත්තු කලා, කැවුම් කිරි බත්
හැදුවා..ඔය වගේ නනාප්‍රකාරදේවල් කලානෙ.
ඒත් චාම්ස්ට මේ අවුරුද්ද ගැන වගේ වගක්වත්
තිබ්බෙ නෑ. මට නම් ඒක තවත් එක දවසක් විතරයි. සුභ පතපු අයට සුභ පැතුවා, වැඩ කරන තැන ලෑස්ති කර
තිබ්බ අවුරුදු මේසෙන් කෑම ටිකක් කෑවා. එච්චරයි. ඇත්තම කියනවනම් ගිය 31 වෙනිදා මම වැඩ වගයක්
කර කර හිටියා රෑ වෙනකන්. 12ට දහයක්
තියෙද්දි තමයි තව ටිකකින් අවුරුද්දක් ලබනවනේ කියල හිතුනෙ. එවෙලෙ කර කර හිටපු දේ
පැත්තකට දාල ඉක්මනට ඇඳට පැනල ඇස් දෙක පියාගත්තෙ අවුරුද්දට මූණදෙන්න තරම් ශක්තියක්
මට තිබුනෙ නැති නිසා. මගේ ජීවිත කාලෙ පුරාම ලබපු අනිත් හැම අවුරුද්දක්ම ලැබුවෙ එකම
විදිහකට. ඒ මගේ ආදරණීය මාමත් එක්ක. හරියට රෑ 12ට ඔහුගෙ දෙපා වැඳලා ඔහුගෙ ආශිර්වාදයත් එක්ක
අවුරුදු උදාවට මූණදුන්න මට ඔහු නැතුව ඇස් ඇරගෙන ඉන්න එකත් අමාරු
උනා.
මීට කලින් නම් අවුරුද්දක් ලබන කොට
මටත් අලුත් බවක් දැනුනා. මීට අවුරුදු කීපයකට කලින් නම් අවුරුද්ද ඇතුලත ඉටු කරගන්න
ඕන බලාපොරොත්තුත් මට තිබුනා. අලුත් අවුරුද්දට කලින් දවසේ වෙන වෙනම කට්ටියට යවන්න ඕන SMS
එහෙම ලෑස්ති කරගෙන
හරියටම රෑ 12 ඉඳන් වටේටම SMS
යවන පුරුද්දක් මටත්
තිබුනා. ඒ හැම දෙයක්ම කරන්න හිතුනෙ, මේ උදා වෙන්නෙ අලුත් අවුරුද්දක් කියන හැඟීම හිතට දැනුන
නිසා. ඒත් පහුගිය අවුරුද්ද දෙක ඇතුලත ඒ දේවල් ගොඩක් වෙනස් උනා.
2013 පටන් ගනිද්දි මම කිව්වෙ
දැන් අන්තිමට මට ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවක් විතරයි කියලා. 2013 ඉවර උනේ මගේ හිතේ
තිබුන අවසන් බලාපොරොත්තුවත් මගෙන් සදහටම උඳුරාගෙන. පහුගිය දවස් වල මගේ බ්ලොග් එක
කියවපු අයට නම් මම මේ කියන්නෙ මොකක් ගැනද කියල සමහරවිට මතකත් ඇති. කොහොම උනත්
ඇත්තම කියනව නම් මට මගේ ජීවිතයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්. හැම වෙලාවෙම මට
හිතෙන්නෙ ඇයි මට මෙහෙම වෙන්නෙ..මම කාට මොන වැරැද්දක් කරලද කියලයි. සමහරවිට මේ මම
කලින් ආත්මෙක කරපු දෙයක් වෙන්න ඇති. ඒ දේවල් කොහොම උනත් මේ ජීවිතය ඇතුලේ මම අතරමං
වෙලා.හැම පැත්තෙම තියෙන්නෙ අඳුර විතරයි. කවදාවත් එලිය එන්න බැරි අඳුරු ආගාධයක මාව
හිර වෙලා.
ජීවිතය මාත් එක්ක
පුදුම විදිහක සෙල්ලමක් කරන්නෙ. ඉස්සරවෙලාමට හොඳ ලස්සන දේවල් පෙන්නනවා. ඒවා ජීවිතයට
ළං කරනවා. මම ඒවා විඳින්න ගන්නකොටම ඒ දේවල් හරිම දරුණු විදිහට මගෙන් ඈත් කරනවා. ඕක
සැරයක් දෙසැරයක් උනානම් ඉවසන්න පුලුවන්. ඒත් පහුගිය අවුරුදු ගාණක් තිස්සෙම මට
වෙන්නෙම ඔය දේමයි. ඒ නිසාම දැන් මොකක් හරි පුංචි හරි හොඳ දෙයක් වෙන කොට මාව සීතල
වෙලා යනවා. මොකද දැන් මම හොඳටම දන්නවා ඒ පුංචි සතුට පිටිපස්සෙ හැංගිලා මොකක් හරි
ලොකු දුකක්, දරාගන්න බැරි ප්‍රශ්නයක් මං දිහාට එනවා කියල.
කෙනෙක්ට හිතෙන්න
පුලුවන්, ඉතින් ඕකනේ
ජීවිතය කියන්නෙ කියල. දුක සැප, ලාභ අලාභ, යස අයස මේ හැමදෙයක්ම ජීවිතේට උරුමයි කියල.
ඒක මං
නොදන්නවා නෙවෙයි. ඒත් මතක ඇති කාලෙක සතුට කියල දෙයක් හිතේ සැනසිල්ලෙන් විඳගන්න
බැරි උනාම, දුකම විතරක්
බලන බලන තැනින් මතු උනාම කෙනෙක්ට තව දුරටත් ජීවිතේ ගැන සුභ සිහින දකින්න පුලුවන්
කියල මට නම් හිතෙන්නෙ නෑ.පෞදගලිකව මට නම් එහෙම කරන්න බෑ.
ඊයේ රෑ අම්මත් එක්ක කතා කර කර ඉන්නකොට අම්ම කිව්වෙ, ඔයා හැම වෙලාවෙම හිතන්නෙ ඍණාත්මකවනෙ කියල. ඒත් අනිත් අයට එහෙම පෙනුනත් මම දන්නවා මට ජීවිතය ගැන තියෙන්නෙ ඍණාත්මක
සිතිවිල්ලකට වඩා යථාර්ථවාදී අදහසක් කියන එක. ජීවිතය ආයෙ ආයෙත් ඔප්පු කරල පෙන්නනවා මම
හරියි කියල. ඉතින් කොහොමද මම බොරුවට ධනාතමක්ව හිතන්නෙ. එහෙම හිතපු හැමදේම වැරදිලා
මම තව තවත් අසරණවෙනකොට ඔය "හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි" කියන මිථ්‍යාවෙන්
මිදිලා ඇත්ත ඇති සැටියෙන් විඳගන්න එක මට ලේසියි.
ඇත්තම කියනවනම් මට
දැන් මගේ ජීවිතයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්. ඒක දවසකින් දෙකකින් ඇති උන දෙයක්
නෙවෙයි. මාව විහිලුවකට අරගෙන ජීවිතේ මාත් එක්ක කරන මේ සෙල්ලමෙන් මම දැන් හොඳටම
හෙම්බත් වෙලා. හරිම මහන්සියි මට. සැනසිල්ල කියන වචනය අහන්නවත් ලැබෙන්නෙ නැති,
සතුට කියන එක තහනම් උන,
පරණ පුරුදු ජීවිතයට
තවත් එක අවුරුද්දක් එකතු උනා කියල මට අමුත්තක් දැනෙන්නෙ නැත්තෙ ඒකයි. 2014දි ඉස් ඉස්සෙල්ලම
යාලුවෙක් Wish you a very happy new year 'කියල එව්ව SMS එකට එයාට සුභ පතල මෙසේජ් කරාට පස්සෙ ඒ SMS
එක දිහා බලන් හිටිය මට
හිතුනෙ “Well…this year may be new, but it sure ain't going to be a happy
one කියල විතරමයි.
අනාගතය ඔබ නො එන්නේ
නම් මැනවි කියලා මම මීට කලින් පෝස්ට් එකක් ලිව්වා. ඒකෙදි මම කිව්වා එළඹෙන අනාගතයට
මම බය ඇයි කියල. ඒ කියපු හැමදෙයක්ම අද ඇත්ත වෙලා.මම හිතුවටත් වඩා යකා කලුයි කියල
මම දැන් දන්නවා. ජීවිතේ මට වෙනස් කරන්න පුලුවන් දේවලුත් තියෙනව බැරි ඒවත් තියෙනවා.
එහෙම පුලුවන් දේවල් වලට වඩා බැරි දේවල් වැඩි උනාම ජීවිතේට ඕන විදිහට ගලාගෙන යන්න
ඉඩ අරිනව මිසක් වෙන කරන්න දෙයක් ඇත්තෙ නෑ කියලයි මට හිතෙන්නෙ.
පුංචි වෙලාවකට
මගේ ළඟට ඇවිත්
තත්පර
ගාණකට මාව
හිනස්සවල
ආයෙත් කල්ප
කාලාන්තරයකට
හොයා ගන්න බැරි වෙන්නම අතුරුදහන්
වෙන
සතුට,
ඔබට වඩා
කවදාවත් මාව
හැර නොයන
හැමදාමත් මාත්
එක්ක ඉන්න
මට පුරුදු.. හිතවත්
කඳුලට,
මං දැන්
ලෙන්ගතුයි…..
බරපතල අවුරුදු ප්‍රාර්ථනයක් නෙව.. කියවන කොට හරිම බරයි... චාසුනවවේ!!
ReplyDeleteදේසුනවවේ :-h
Deleteඔබේ හිතේ තියන වේදනාව අපට හිතා ගන්න පුළුවන්. දැන් ඉතින් තුවාලය සුවපත් කර ගන්න. කාලයත් එක්ක... හිත හදා ගන්න උත්සහ කරන්න.
ReplyDeleteකවදාවත්ම එහෙම වෙයිද කියල මට නම් සැකයි දිලිනි..බලමුකෝ
Deleteහිත හදාගන්න හැටි,
ReplyDelete1. සාමාන්‍යයෙන් කෙනෙකුට සම සමව දුක සැප ලැබෙනව. දැන් වැඩිපුර දුක ලැබෙනව කියන්නෙ ඉස්සරහ කාලය මුළුමනින්ම හොඳ වෙන්නත් පුළුවන්.
2. ඕන දෙයක් ගැන මුලින්ම බලාපොරොත්තු අත්හැරගන්නව. නොලැබුනොත් අවුලක් නෑ. මොකද කොහොමත් හිත හදාගෙනනෙ. ලැබුනොත් සතුට වැඩියි.
3. දැනට ලැබෙන පොඩි පොඩි දේවල් ගැන සතුටු වෙනව.
ඕව තමයි මගේ තියරි. මම හැමදාම සතුටෙන්(අඩු ගානෙ දුක් නොවී) ඉන්නෙ ඒකයි.
1. එහෙම වෙනවනම් කොච්චර එකක්ද
Delete2. මගෙත් දැන් බලාපොරොත්තු කියන නාමයක් නෑ අයියේ. මට තේරුනා ඕවා නිකන් පොදි ගහගෙන ඉන්න එකෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ දුක විතරයි කියල. මීට කලින් අවුරුදු වලදිත් මං පෝස්ට්වලදි පවා කිව්ව "සියලු බලාපොරොත්තු ඉටු වේවා" කියල ප්‍රාර්ථනා කලාට මට නම් එහෙම ඉටු වෙන්න බලාපොරොත්තු නෑ කියල. තිබ්බෙ එකම එකයි...එච්චරයි.
3.හ්ම්..දැන් මම ජීවත් වෙන්නෙ ඒ මොහොතට විතරයි. ඒ නිසා පොඩි සතුටක් උනත් ගොඩක් දැනෙනවා මට
ගොඩක් ස්තූතියි රාජ් අයියේ...මේ අදහස් ඇත්තටම මට සෑහෙන්න වටිනවා..
මිනිස්සු හැමදාම විදවන්නෑ.. බලාපොරොත්තුව නැති කරගන්නෙපා.. සතුට දවසක එනවමයි හොයාගෙන..
ReplyDeleteදැන් එයා ආවත් නාවත් වැඩි වෙනසක් නෑ සමියෝ... දැන් මට මේ විදිහ සෑහෙන්න හුරුයිනෙ..
Deleteහැමදේම හොඳ අතට වෙනවා කියන එක නෙවෙයි ඇත්තටම ධනාත්මකව හිතනවා කියන්නේ. පහුගිය කාලේ මෙච්චර ප්‍රශ්න ගොඩාක් වෙලත් මට ඒවාට මුහුණ දෙන්න පුළුවන් උනානේ කියන එකම සෑහෙන්න වටිනවා නේද
ReplyDeleteඒක නම් සහතික ඇත්ත...මම ඇත්තටම ඊයෙත් හිතුවා මේ වෙච්ච දේවල් එක්ක මම මේ විදිහට ඉන්න එකත් හරි පුදුමයි කියල. මට මේ විදිහට හරි ඉන්න පුලුවන් උනේ කොහොමද කියන එක මට හිතා ගන්නවත් බෑ.....
Deleteජීවිතේ ගැටලු නැති වෙන්න නෙවෙයි ...
ReplyDeleteලැබෙන ගැටලු වලට සාර්ථකව මුණදෙන්න හිත ශක්තිමත් කරගන්න .....
මාත් සෑහෙන කාලයක් ශක්තිමත්ව ඉන්න හැදුවා, එහෙම හිටියා. ඒත් ඕනම කෙනෙක්ට ඒවගේ හිත තද කරගෙන ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා මල්ලි. මම හිතන්නෙ දැන් මගේ ඒ සීමාව පැනලා. ඒකයි දැන් මට ජීවිතෙත් එක්ක මෙච්චර තරහා
Deleteසතුට ලඟා වන සුභ නව වසරක් වේවා!!!!
ReplyDeleteඑසේම වේවා රෙහානි!!!!!!!!
Deleteප්‍රශ්ණ තමයි අපිව ජිවත් කරවන්නේ.සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා ගයනි!!!!!!
Deleteඋපදෙස් නම් කප්පරක් දෙන්න පුළුවන් චම්ස්.. ඒත් ඒවගෙන් වැඩක් වෙන්නේ නැහැ ..තුවාලේ වේදනාව දන්නේ ඒක තියෙන මනුස්සයා...මමත් දන්නේ එච්චරයි...
ReplyDelete//තුවාලේ වේදනාව දන්නේ ඒක තියෙන මනුස්සයා//
Delete+++++++
තව කෙනෙකුගේ හිත හදන්න මම කවුද කියලා හිතුනත් මේ ටික කියන්න හිතුනා.
ReplyDeleteජීවිත කාලයක් තුල අපි ඇත්තටම සතුටෙන් ඉන්න කාලය එකතු කරලා බැලුවොත් සති දෙකක්ද මාස දෙකක්ද කියලා කොහේදෝ ලියලා තිබිලා කියෙව්වා මට මතකයි. නමුත් මම ඒක විශ්වාස කරන්නේ නෑ.
මාව නම් ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි. බලාපොරොත්තු නැති දවසක ජීවත් වීමෙන් ඇති පලක් තියෙනවද කියලා මට හිතාගන්න බෑ.
සතුටෙන් ජීවත් වෙන එකත්, තවත් විදියකට කිව්වොත්, සතුටෙන් ජීවත්වෙන්න උත්සාහ කරන එකත් එක්තරා ආට් එකක්. මමත් තවම ඒක ඉගෙනගන්නවා.
ඉස්සෙල්ලම මම කරන්නේ එදිනෙදා පොඩි පොඩි දේවලින් සතුටක් ලබන්න ඉගෙන ගන්න එකයි. මම මිදුල අතුගෑමෙනප්‍රමාණ සතුටක් ලබනවා. මෙහෙ අතුගාන්න මිදුලක් නැති නිසා ඒක කරන්න බෑ. චාම්ස් දන්නවද මම අද උදේ වරුවම කලේ මහපු එක කියලා. ඔයාට හිනා නේ? මම ඒකෙන් සතුටක් ලැබුවා.
ජීවිතේ පොඩි හරි සතුටක් විඳින්න තියෙනව නම් ඒ සතුට විඳ ගන්න මාත් කැමතියි ඩූඩ්. හැමදාම වැඩ ඇරිල එද්දි වයසක සීයා කෙනෙක් පාරේ සිඟමන් යදිනවා. හැමදාම ඒ සීයට සල්ලි කීයක් හරි දෙද්දි අහිංසක විදිහට හිනා වෙලා ඒ සල්ලි ගන්න දිහා බලන් මාත් පුදුම සතුටක් ලබනවා. ජීවිතේ පොඩි දේවල් වලින් සතුටක් ලබන්න පුලුවන් කියල ඒ දෙයින් මට තේරිලා තියෙනවා. ඒ උනත් ජීවිතේ ගත්තම පවුලේ අයගේ අසනීප, අහිමිවීම් එක්ක සතුට විඳිනවා කියන දේ අපෙන් ඈත් වෙලා...
Delete//තව කෙනෙකුගේ හිත හදන්න මම කවුද කියලා හිතුනත්// කෙනෙක්ගෙ හිත හදන්න ඕනම කෙනෙක්ට පුලුවන් ඩූඩ්..
As an adult you are more matured than me dude. So what ever the advice or things you say, may help me to look at things from a different perspective. The whole idea of this post was to write down my feelings, hoping that it would help me to lessen my grief in someway. So your comments mean a lot to me. Thank you dude :-h
සතුට කියන දේ අපි ලගම නිතරම කරකැවෙනවා චම්ස්.. වැඩේ කියන්නේ අපි දුකින් ඉද්දී අපිට ඒක හරියටම දැනෙන්නේ නැති එක විතරයි.. කාලයත් එක්ක ඒ සතුට ආයෙම හම්බුවෙයි කියලා හිතේ විශ්වාසය තියා ගන්න..
ReplyDeleteආයෙත් ඒ විශ්වාසය ඇති කරගන්න එකයි මට අමාරු දිනේශ්. බලමු සමහරවිට කාලයත් එක්ක දේවල් වෙනස් වෙයි..
Deleteඅක්කේ අක්කේ අක්කේ !!
ReplyDeleteඅපිටත් දවසක හඳ පායනවාමයි ..!!
මට සංසාරේ එපාවෙන තරම් දුක හිතුනම මම හිතන්නේ මෙහෙම .'මම වැඩිම උනොත් තව අවුරුදු 30 ,35 ක් ජිවත් වෙයි .ඒ ටික කාලෙට මොනවද අප්පා මේ විකාර "...
දුක හිතෙනවා .සතුටු හිතෙනවා ..හ්ම්ම්ම් .ජිවිතේ හැටි . :(
//මම වැඩිම උනොත් තව අවුරුදු 30 ,35 ක් ජිවත් වෙයි// අවුරුදු 30ක් 35ක්??? පිස්සුද මල්ලි...ඔයා තාම පොඩියිනෙ.. :)
Deleteබලමුකො..හඳ නැත්තන් අඩුම ගානේ තරුවක්වත් පායයිද කියල :-SS
ජීවිතේ ඔහොම තමයි.. දුක සතුට සම්මිශ්‍රණයක්...
ReplyDeleteවාසනාවන්ත නව වසරකට මගෙනුත් සුබ පැතුම්.. අදයි මේ පැත්තට ආවේ.
ආදරයෙන් පිළිගන්නවා තුශානිව හිත අද්දරට...ඔයාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා :)
Delete//"කොහොම උනත් ඇත්තම කියනව නම් මට මගේ ජීවිතයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්."// ඒ සිතුවිල්ල අලුත් අවුරුද්දෙවත් වෙනස් කරගන්න බැරිද..? අම්මා කියන දේ හරි සමහර විට. මම නම් උත්සාහ කරන්නේ පුළුවන් තරම් අමිහිරි දේවල් අමතක කරන්න
ReplyDeleteවෙනස් කරගන්න මාත් උත්සහ කරනවා ඉවාන්..කවුද කැමති ජීවිතයත් එක්ක තරහින් ඉන්න. ඒත් සිද්ධ වෙන සහ සිද්ධ උන දේවල් මාව ඒ තැනට තල්ලු කරනවා
Deleteමේ ඔයා මගේ බ්ලොග් එකට ආපු පළවෙනි වතාවනේ...හිත අද්දරට ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා :)
චාම්ස්,
ReplyDeleteවළාකුළු වලින් අහස වැහිල වහින්න ලෑස්ති උනාම අපිට ඉර පේන්නෙ නැතුව යනව. අපේ ඔළු වලටත් දරාගන්න අමාරු තරම් දේවල් එකපාර වැටුනමත් ඒ වගේ. එතකොට එක්කෝ කාමරේ දොර වහගෙන හිතේ හැටියට අඬන්න ඕනි. එහෙම නැත්නම් පොතක් අරගෙන හිතේ තියෙන දේවල් ලියන්න ඕනි. වැහැල ඉවරවෙලා අහස පැහැදිලි උනාම ආයෙත් ඉර පායල තියෙනව පේන්න ගනියි.
ඔයා අරන් තියෙන්නෙ අපූරු උදාහරණයක් පරිකල්පන...
Deleteඇත්ත... ජීවිතේ දුකින් පිරිලා තියෙන කොට සතුට කියල දෙයක් තියෙනවා කියන එක අමතක වෙනවා.
//එතකොට එක්කෝ කාමරේ දොර වහගෙන හිතේ හැටියට අඬන්න ඕනි. එහෙම නැත්නම් පොතක් අරගෙන හිතේ තියෙන දේවල් ලියන්න ඕනි//
මම ඔය දෙකම කරලා තියෙනව..තාමත් කරනවා.
සමහරවිට ඔයා කියල තියෙනවා වගේ දවසක මේ වලාකුලු පාවෙලා ගිහින් ආයෙත් ඉර පේන්න ගනීවි
ස්තූතියි මේ අදහසට....... [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]