මම ශානි. මේ තමයි මගේ ආදර කථාව....
මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි මේ ජීවිතේට හුරු වෙලා
සමිත කියන්නෙ අපේ පැරලල් බැච් එකක ඉන්න පිරිමි ළමයෙක්...කැම්පස් එකේ කොල්ලො ඕනතරම් ඉන්දැද්දි ඇයි මෙයා ගැනම කියන්නෙ කියලද හිතුවෙ? ඒකටත් හේතුවක් තියෙනවා. මෙයා තමයි කැම්පස්

එකේ මම දැකපු හැන්ඩ්සම්ම පිරිමි ළමයා. ඇත්තම කිව්වොත් මම විතරක් නෙවෙයි අපේ බැච් එකේ හැම ගැණු ළමයෙක්ම සමිත ගැන පිස්සුවෙන් හිටියේ.
හැබැයි ඒකටත් එක්ක සමිත..එයාට කෙල්ලො අරහං. කොල්ලෝ එක්ක ෆිට් එකේ හිටියට ගැණු ළමයි එක්ක වැඩි ඇයි හොඳැයියක් තියා ගත්තෙම නෑ. ඔව් ඇත්තටම එයා ටිකක් ආඩම්බරයි තමයි...ඒත් ඒ තරම් ලස්සන කොල්ලෙකුට ආඩම්බර වෙන්න අයිතියක් තියෙනවා කියලයි මට හිතුනෙ.
දවස් කීයක් නම් මම එයාට ගුඩ් මෝර්නින් කියල තියෙනවද..ඒ වෙලාවට යන්තම් ඔලුව උස්සල ගුඩ් මෝර්නින් කියනව මිසක් ඊට එහා වචනයක් වත් කියන්නෙ නෑනෙ. මම විතරක් නෙවෙයි ඕක සමිත් එක්ක කතා කරන්න හදපු ඕනම කෙල්ලෙක් අත්වින්ඳ දෙයක්...
ඉතින් එහෙව් සමිත දවසක් කැන්ටිමේදි මාව දැකලා..
"ලෙක්චර්ස් ඉවරද" කියල ඇහුවම හිතට ආපු පුදුමේ හිතා ගන්න පුලුවන්නෙ
"ආ...ඔ ඔව්"
හැබැයි එතනින් එහාට කතාව ඉවරයි..ඒත් එක්කම එයා හිනා වෙලා යන්න ගියා
"ආ...ව් එක්කෙනෙක්ගෙ මූණෙ හඳක් පායලා"
ඒ සමාධි..මගේ හොඳම යාලුවා. මම වගේ නෙවෙයි වැඩි කතා බහක් නැති නිවිච්ච ළමයෙක්. පිරිමි ළමයි එක්ක නම් කතා කරන්නෙම නැති තරම්. හැබැයි යාලුවෙක් විදිහට සමාධිට වඩා හොඳ යාලුවෙක් හොයන්න නම් කැම්පස් එකේ කොයිතරම් හෙව්වත් බැරි වෙයි.
"කෑ නොගහ යමන්"
ඒ ගමන ඔන්න සමා හිනා වෙවී බිම බලාගෙන මාත් එක්ක ආවා.
"එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ තව දවසක්...."
**********************************************************************************************************************
ඔය සිද්ධියෙන් දවස් දෙකකට පස්සෙ මට ආයෙත් සමිතව මුන ගැහුනා. ඒ අපේ ෆැකල්ටියටම තියෙන ලෙක්චර් එකක් වෙලාවෙ. හෝල් එකේ ඕන තරම් පුටු තියෙද්දි මායි සමාධියි වාඩිවෙලා හිටිය පේළියේ මට එහා පැත්තෙ තිබ්බ පුටුවටම ඇවිත් එයා වාඩි වෙද්දි අපෙ අනිත් ගැණු ළමයි ටික මං දිහා බලලා හිනා උන හැටි දැනුත් මට මැවිලා පේනවා.
පාලිත සර් ලෙක්චර් එක කරන්නෙ අද ගමට යන්න තියෙන අන්තිම කෝච්චිය අල්ලගන්න යන්න කලබලේද මංදා. නෝට් එක ලියන්න ලෑස්තිවෙද්දිම සර් කියන්න ඕන ටික කියලත් ඉවරයි..
"ඔයාට ඒ ටික ලියා ගන්න බැරි උනා නේද..ආ පොත"
මෙහෙම කිව්වෙ මට වම් පැත්තෙන් හිටිය සමා නෙවෙයි..එහෙනම් කවුද කියල හිතාගත්තැකිනෙ ;)
ඊට පස්සෙ මායි සමිතයි යාලුවෝ උනා...කොහේදි හරි දැක්කොත් සමිත ළඟට ඇවිත් පොඩ්ඩක් කථා කරන්න අමතක කලේ නෑ. ඒකෙන් මේකෙන් හවසට හොස්ටල් එකට ගියාම යාලුවොන්ගෙන් කනක් ඇහිලා ඉන්න උනේ නැත්තෙ මට තමයි...
යෙහෙළියන්ගෙ ඉඟි දිනෙක සැබෑවී ඔබගේ කුලගෙයි පතිනිය වන්නට....

*********************************************************************************************************************
අදයි අපේ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක ඉවර උනේ..හප්පෙ දැනෙන සැහැල්ලුව
මායි සාධියි එක්සෑම් ඉවර උන ගමන් කැන්ටිමට ගියේ ගෙදර යන්න කළින් මොනවා හරි කන්න හිතාගෙන
මෙන්න සමිත එතන...
"ඒයි අන්න සමිත මේ පැත්ත බලනවා"
"මේ අපි දැක්කෙ නෑ වගේ මේ කෑම ටික කමු"
"ඒ ශානි එයා මේ පැත්තට එනවා..අර එයාගෙ යාලුවො ටිකත් මේ පැත්ත බලන් ඉන්නවා"

වෙලාවකට මේ සමා පොඩි ළමයෙක් වගේ...ඒ පාර කැන්ටිමේ වෙන දේවල් ගැන එයා මට බෝල් ටු බෝල් කමෙන්ට්‍රියක් දෙනවා
"මේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව බිම බලාගෙන කනවද?"
"ශානි"
"ආ සමිත..ළඟට එනකන්ම දැක්කෙ නෑනෙ"
"මේ ඔයාලට එක්සෑම් ඉවරයි නේද අදින්?"
"ඔව්..තව ටිකකින් ගෙදර යනවා"
"හ්ම්...ශානි මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා"
"අ..මොකක්ද සමිත?"
"මට ඔයත් එක්ක ටිකක් තනියෙම කතා කරන්න පුලුවන්ද?"
"මේ ශානි මට ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්නත් තියෙනවනෙ..මම හොස්ටල් යන්නම්."
කකා හිටිය වඩේ කෑල්ල එක පාර කටට දාගෙන ප්ලේන් ටී එකෙන් උගුරු දෙක තුනක් බීපු සමාධි එතනින් ඉගිල්ලෙන්න කලින් මං දිහාට හැරිලා ඇහැක් ගහපු එක සමිත දැක්කෙ නෑ මං හිතන්නෙ.
"මොකක්ද සමිත කියන්න තියෙන්නෙ?"
"මේ මං දැන් ටික කාලෙක ඉඳන් මේක කියන්න ඉන්නෙ..ඒත් ඒකට හරියන වෙලාවක් ආවෙ නෑ. මට හිතුන අද තමයි හොඳම දවස කියල.."
මෙයත් තෙපරබබා ඉන්නව මිසක් කියන්නෙ නෑනෙ කෙළින්..ඒ ලෙවල් රිසල්ට්ස් ආපු දවසෙ පේජ් එක ලෝඩ් වෙනකන් කම්පියුටරේ දිහා බලන් ඉන්දැද්දිවත් මේ තරම හයියෙන් පපුව ගැහිනේ නෑ.
"ඉතින් මොකක්ද කියන්න කෝ...."
"මේකයි...ඔයා දැන් මාව දන්නවනේ..දැන් ඔයා මගෙ ළඟ යාලුවෙක් නෙ.."
ආයිත් අහලා... එහෙම හිතුනත් මම කිව්වෙ නෑ
"ඔයාගෙ යාලුවා සමාධි..මගේ හිතේ එයා ගැන අදහසක් තියෙනවා ශානි. එයා වැඩිය කතා බහ කරන කෙනෙක් නෙවෙයිනෙ. එයා ඔහොම හරි කතා කරන්නෙ ඔයත් එක්ක විතරයි. ඒකයි මං හිතුවෙ ඔයා හරහා එයාට මේක කියවන්න. අනේ හොඳ ශානි වගේ එයාට මං ගැන කියල මගේ අදහසත් කියනවද? ඔයා මට එයාගෙ කැමැත්ත අරන් දුන්නොත් මං ජීවිතේට ඒ උදව්ව අමතක කරන්නෙ නෑ..
මට මේ වැඩේ කරල දෙනව නේද ශානි, ප්ලීස්........"
ලෝකෙ ඔළුව උඩට කඩා වැටුන වගෙ නෙ. සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි..!
ReplyDelete...ලෝ දම් කැරකෙනවා!
Deleteජීවිතේ හැටි තමයි ඉතින්.. :(
අඩෙ අප්පේ මාව කරකවලා අතහැරියා වගේ උනා. මෙතනදි ශානියි සමාධියි මොන වගේ තීරණයක් ගනීද? මටනම් හිතා ගන්නත් බෑ.
ReplyDeleteකතාව නම් නියමයි චාම්ස්.
මේ වගේ දෙයක් උනොත් කරන්න ඕනි දේ හිතා ගන්න අමාරුයි තමයි ප්‍රියා
Deleteතැන්කූ :)
ඔය වැඩේ මටත් උනා
ReplyDeleteඇත්තට???? :-O
Deleteඔව්නේ ඉතින් ඒත් ඊට කලින් එයා මගෙන් ඇහුවා මන් බෑ කිව්වට පස්සේ අපි හොඳ යාළුවො විදිහට ආශ්‍රය කළා එතකොට තමයි මගේ යාලුවා ගැන ඇහුවේ
Deleteඔයාගෙන් කලින් ඇහුව නම් ප්‍රශ්නයක් නෑ..මම හිතුවා මේ කථාවෙ වගේම දෙයක් වෙලාද කියල :D
Deleteචාම්ප් මේකට නම් කමෙන්ටුවක් නොදා යන්න හිත දෙන්ානම නැහැ.මේ ඔබ අකුරු කරලා තියෙන්නෙ මගේ සරසවි ආදරය.මේ ගොඩක් සිදුවීම් ඒකෙදි වුණා.ඔය විධියටම ලෙක්චර් හෝල් වලදි කැන්ටින් වලදි අපි දෙන්නම ගණන් උස්සගෙන හිටියා.මාත් ටිකක් ගණන් ඉස්සුවත් හිතේ කැමැත්ත තිබුණා.පසුව ඔහුත් සමග ආදර කතාව පටන් ගත්තා.............
ReplyDelete.//ඔබගේ කතාව ආසාවෙන් කියවගෙන ගියා.ඒ ශානි ගොඩයයි කියන අපේක්ෂාවෙන්.රසවත්ව අකුරු කරලා ඔබ...........
කාංචනා
මම මේක හිතෙන් මවාගෙන ලියපු කථාවක් උනත් මේක ගොඩක් අයගෙ ජීවිතවලට ටිකක් හරි සමීප වෙයි කියල හිතුනා..
Deleteස්තූතියි කාංචනා :)
හෆ්ෆටසිලි, මේක මාර කේස් එකක්නේ.. මොනා කියන්නද මන්දා..
ReplyDeleteමාර කේස් එකක් කියන්නෙ මාරම කේස් එකක් c-)
Deleteමේ කතාව මේ දැන් වෙන එකක් ද? එහෙම නැත්නම් කාලෙකට කලින් වුණු දෙයක් ද?
ReplyDeleteමේක මේ මට උන දෙයක් නෙවෙයි දිළිනි...නිර්මාණයක් විතරයි :D
Deleteහපොයි අර කෙල්ල ඒ වෙලාවේම කලන්තේ දාලා වැටුනද??
ReplyDeleteමං හිතන්නෙ එහෙම වෙන්න ඇති දේශා :)
Deleteමදැයි :)
ReplyDeleteහා හා නිර්මාණයක් විතරයි නම් අවුලක් නෑ ^_^
ඔව් අනේ දැනට නම් නිර්මාණයක් විතරයි
Deleteමටත් ඔය වගේම සන්තෑසියක් වුනා චාම්ස් කොල්ලා කාලේ. නමුත් ඔය විදියට නෙවෙයි. මම ඒක රස කරලා ලියන්න ඉන්නේ.
ReplyDeleteමම නම් හිතුවේ මුලදිම වෙන දෙයක්. ඔය ඕනෙවට වැඩිය ලස්සන, පිළිවෙල එවුන් ඉන්නවා නේද? එයාලා gay වෙන්න තියෙන අවස්තාව හරි ඉහලයි. දැන් මේ කමෙන්ට් එක අල්ලගෙන මාව කන්න හදයිද දැන්නේ නෑ සමහරු.
අනේ ලියන්න ඩූඩ්..කතා දෙකක් නෑ සුපිරිම කථාවක් වෙයි ඒක g-)

Deleteහි හී එහෙමත් එකක් තියෙනවද?
හයියෝ... හරිම වැඩේ නේද ...
ReplyDeleteඅපූරුවට ලියලාතියෙනවා ..
තැන්කූ තුශ් :)
Deleteහුටස්.... පව් යකෝ චාම්ස්ට වෙච්ච වැඩේ... ඒකත් නිකං වෙන කතාවක් කියාගෙන යන ගමන් එක පාරටම පීල්ල මාරු කරනව වගේ වැඩක්.. අෆ්ෆා...
ReplyDeleteසැක්...
එක නෙවී... සමාධි මක්කයි දෙඩුවෙ
හපොයි මගේ ආදර කථාව කිව්වට මගේම ආදර කථාව නෙවෙයි මේ මහේශ්....
Deleteසමාධි දෙඩුවෙ මක්කද කියල හිතාගන්න එක ඔයාලට ඉතුරු කලා..
හයියූ :O මැරෙන්න හිතෙනවානේ. මෙයා සමිත ගැන කරලා තියෙන වර්ණනාව දැක්ක ම මටත් නිකං මොකද්ද වගේ අලේ. @ රහසින් : මේක සත්‍ය සිදුවීමක් ද?
ReplyDeleteහෑ ඔයාට මොකද උනේ???
Delete@ රහසින් : පිස්සුද අනේ මේක මේ නිකන් ලියපු එකක්
හුටා ,වනේ වන හතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවා .කියා පතමි වෙන් මොනා කියන්නද නේද චාම්ස්
ReplyDeleteඔව්නේ...
එහෙමවත් කියමු අපි...
Deleteහපොයි..
ReplyDeleteවෙච්චි දෙයක්..
හැඩට ලියල තියෙනවා...
ජය වේවා!!!
ස්තූතියි.....
Deleteජය වේවා!!!!!! :)
වෙන ඕන දෙයක් වෙච්චාවේ
ReplyDeleteඅහස කඩාගෙන වැටුනාවේ...
ගණන් ගන්න එපා..ඕවා සුලු දේවල්
Deleteසිනාවෙලා..අපි ඔහේ යමූ d-)
ම්ම්ම්ම්ම්..... මොකද කරන්නේ..... ආදරේ එකේක වෙස් ගන්නවා. ගණන් ගන්න එපා.
ReplyDeleteමේ මට උන දෙයක් නෙවෙයි නිහිංසා.. ගොතපු කතාවක් විතරයි :)
Deleteහපොයි .... මාර සීන් එක නේ... පව් අහිංසක නිශා ...
ReplyDeleteලස්සනට කතාව ලියලා තියෙනවා චාම්ස්...
ස්තූතියි ගවේශකයා...මට මේ කමෙන්ට් එක මග ඇරිලනෙ..සොරි හොඳේ :(
ReplyDeletehkzz.... e kella thama jeewathun atharada :v
ReplyDeleteමං හිතන්නෙ ජීවතුන් අතර ;)
Delete