Ads 468x60px

Sunday, March 25, 2012

ආයෙමත් නුඹ එනවානම්.....

දෑසේ නැගෙනා කඳුළු පිසදා
ජීවිතයේ දුක නිවාලන්නට
කලින් දවසක පැමිණි විලසට
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ දකින්නට පෙරුම් පුරනා
දෑසේ පැතුමන් සපුරාලන්නට
සිහිනයෙන්වත් මා දකින්නට
ආයෙමත් නුඹ එනවානම්.....

දිවියෙ පෙරදා මතුවු හසරැල්
ආයෙ මුවගට කැඳවාලන්නට
එදා මෙන් යලි හිනැහී මාවෙත
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ නිසාවෙන් තැලී පොඩි උන
මගේ හදවත හදාගන්නට
අනේ තව එකම සැරයක්
ආයෙමත් නුඹ එනවානම්.....

Friday, March 09, 2012

විභාගෙ, බ්ලොග් එක සහ මම

මමත් ඉඳල ඉඳලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුවෙ වැඩියෙන්ම වැඩ තියෙන කාලෙක. කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ අන්තිම කාලෙ කියන්නෙ මගෙ ජීවිතේ වැඩියෙන්ම වැඩ කරපු කාලේ.

 ඒ කාලේට සාමාන්‍යයෙන් අනිත් අය තියෙන වැඩ අඩු කරගන්නයි හදන්නෙ. මම ගිහින් නැති වැඩත් දාගත්තා ;) හැබැයි මේ වැඩේනම් මං ගොඩක් ආසාවෙන් කරන්න ගත්ත දෙයක්. කාලයක් තිස්සෙ බ්ලොග් එකක් පටන් ගන්න ලොකු කැමැත්තක්  තිබ්බා. ඒත් මට ඒ වැඩේ හොඳට කරගන්න පුලුවන්වෙයිද කියලා හිතේ පොඩි බයක් තිබ්බ නිසයි දවසින් දවස වැඩේ කල් ගියේ. කවි සින්දු වගේම මගෙ අත්දැකීම්, දන්න කියන දේවල් එහෙම ලියන්න හිතාගෙන තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එතකොටම අපේ ෆයිනල් එක්සෑම් ආවා :(  ඒ හින්දා කලින් ලියලා තිබ්බ කවි ටිකක් ඇරුනම වෙන පෝස්ට්  දාන්න බැරි උනා. තාම එක්සෑම් ඉවර නෑ. ඒත් දවස් කීපයක පොඩි පරතරයක් තියෙනවා ඊළඟ සබ්ජෙක්ට් එකට කලින්. විභාගෙ ඉවර වෙලා ලියන්න ගොඩක් දේවල් හිතාගෙන ඉන්නවා. දැනටමත් හිතෙන් ඒ පෝස්ට් ටික කීපසැරයක්ම ලියලයි තියෙන්නෙ ;)
මේ දවස් ටිකේම ජීවිතය ගෙවෙන්නෙ පාඩම් වැඩත් එක්ක. පොඩි වෙනසකටත් එක්ක බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න හිතුනා. යන්න කලින් දාපු පෝස්ට් කීපය හරි කියවල අගය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා කියන්නම ඕනි... :)