Ads 468x60px

Sunday, March 16, 2014

මට යන්න අවසරයි....

ඔබ දුටු දින සිට ඔබ ගැන සිතුවද
ඔබෙ ලොවෙ මට ඉඩ නැති හිංදා...
ඔබට උරුම ලොව ඔබට ලැබෙන්නට
පතනෙමි ඔබගෙන් නික්මෙන දා

ඔබේ ඇසුරේ සිටි...ඒ කෙටි කාලෙදි
සුන්දර හැඟුමන් සිත වින්දා
ඔබෙන් වෙන්ව දිවි ගෙවන්නෙ කෙලෙසද
සිතනෙමි කඳුලක් නෙත රන්දා

ඔබ දිවි ගමනට අත්වල වෙන්නට
දන්නෙමි මාහට නොහැක කියා..
ඔබට උරුම ඇය..මතුයම් දවසක
හමුවනු ඇති බව දනිමි මෙමා

කවදාවත්ම ඔබ පතනා ඒ...
යුවතිය වන්නට නොහැකි නිසා
සමුගෙන යන්නෙමි ඔබේ ලෝකයෙන්
යළි කිසිදින හමු නොවන නියා........

මේ සෙලීන් ඩියොන් ගායනා කරන I love you good bye කියන ගීතයේ අසංෂිප්ත පරිවර්තනය නොවුනත්, ඒ සිංදුව අහද්දි මගේ හිතට ආපු අදහස ඔන්න ඔහෙ කවියක් කරලා ලියල දාන්න හිතුනා

24 comments:

  1. අදින් පසුව නෑ අප හමු වන්නේ - මේ අවසන් දිනයයි...

    පුන්සිරි සොයිසා මහත්මයා ගෙ සින්දුවක් මතක් වුනා. :)

    ලස්සනයි චාම්ස් ගෙ මේ පද පෙලත්.

    ReplyDelete
    Replies
    1. මේ ඒ සිංදුවහොයන්න යන ගමන්....
      ස්තූතියි අයියේ :)

      Delete
  2. මේක නියමෙට ඇවිත් තියෙනවනේ.
    මම සෙලීන් ඩියෝන්ගේ ආසම සින්දුව තවමත් ටයිටැනික් සින්දුව තමයි.

    ReplyDelete
    Replies
    1. මගෙත් එහෙමයි ඩූඩ් g-)

      Delete
  3. මුනිවත හොඳ යි දෙබසින් දුක වැඩි හින්දා.....))) පරිවර්තනයකට වඩා මෙහෙම දෙයක් අපූරු යි!

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිලිනි :)

      Delete
  4. සෙලීන් ඩියොන් මගේ ආසම ගායිකාවක්... අක්කගේ පදපෙළත් හරි ම ලයාන්විතයි..!!! ඒ වුණාට කවදාවත් ඔයාට මෙහෙම කියන්න නම් වෙන්න එපා!

    ReplyDelete
    Replies
    1. මාත් එයාගෙ සිංදුවලට ගොඩක් ආසයි නංගි....ස්තූතියි ඔයාට :)

      Delete
  5. ඒකත් නරකම නෑ හැබැයි..

    ReplyDelete
  6. ඒ කියන්නෙ මුල් කෘතිය ආශ්‍රෙයන් කළ අනුවර්තනයක් කියලද....?
    කොහෙන් මූලාශ්‍රය ගත්තත් අපූරුවට පද ගලපපල තියෙනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ තමයි...ස්තූතියි මහේශ් :)

      Delete
  7. ඔන්න ඔඅහේ කවියක් කරලා දැම්මට ..ඒ හිතට ආපු අදහස් ටිකනම් හරිම අගෙයි චාම්ස් ....මට මටහ්ක් වුනේ සැරයටියෙන් අපි යනේනතුරා සින්දුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්... :)

      Delete
  8. ඇත්තටම පෙම් කරපු කෙනාව වෙන කෙනෙක්ට අයිති වෙනවා කොයලා දැන දැනම වෙන් වෙන එක තරම් වේදනාවක් තියෙනවද? :(

    ReplyDelete
    Replies
    1. නොගැලපෙනවා කියල දැන දැන එකතු වෙනවට වඩා මෙහෙම වෙන් වෙන එකත් එක අතකින් හොඳයි කියලත් හිතෙනවා ප්‍රියා.....

      Delete
  9. අපූරුයි චාම්ස් ... අදහස ලස්සනට ගලපල තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශ් :-f

      Delete
  10. කොහොම ලිව්වත් හිතුනත් අදහස ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේශ් :)

      Delete
  11. හිතේ දුක තදකරන් මේවගේ පැතුමක් පතන්න ඇත්තටම පුළුවන්ද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා විදානේ...තාම අත්දැකීමක් ඒ හැටි නැති හිංදා හරියටම කියන්න අමාරුයි :)
      හිත අද්දරට ගොඩවැදුනට ස්තූතියි.... :-h

      Delete
  12. මතකයේ හැටියට අද තමයි හිත අද්දරට ගොඩ වුණේ.......හිතට දැනෙන පද පෙළක්.මෙහි අදහසට තරමක් සමාන පෝස්ටුවක් ඉතින් මට යන්න අවසරයි නමින් කුරුටු ගෑ ගී පවුරෙ තියනවා.පුළුවන්නම් ඒ පැත්තට ගිහින් බලන්න.

    කාංචනා

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා හිත අද්දරට.... :-f
      මම මේ ඔයා කියපු පාරේ ගිහින් ආවා විතරයි...ඔව් අපි දෙන්නගෙම කවි වල සමස්තයක් විදිහට ගත්තම තියෙන්නෙ එකම කථාවක්...

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)