ඔන්න
කාලෙක ඉඳන් ගෑණු ළමයෙක් ලොකු හීනයක් දැක්කා. ඒ තමයි කවදා හරි දවසක කැම්පස්
යන්න. ඒ හීනය කවදා කොහොම හිතට ආවද කියන්න එයාවත් දැනන් හිටියේ නෑ. කොහොම
හරි මීට අවුරුදු පහකට කලින් ඒ හීනය හැබෑ උනා. ගෙදර අයත් එක්ක ඇය සරසවි
භූමියට ඇතුල් උනේ සතුටින් වගේම චකිතෙන්. අඳුරන්නෙ නැති මිනිස්සු වගේම
පුරුදු නැති වටපිටාවත් ඇගේ හිත චංචල කලා. ගෙදරින් පිට ඉඳලම නැති ඇයට නාඳුනන
මිනිස්සු ගොඩක් මැද දැනුනෙ ලොකු තනිකමක්. ගෙදර තනි කාමරයක රජ කරපු ඇයට
හොස්ටල් කාමරේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න එක අලුත් අද්දැකීමක් උනා. උදේ
නමය දහය වෙනකන් කිසි කරදරයක් නැතුව නිදාගන්න පුරුදු වෙලා හිටිය ඇයට පාන්දර
හතරේ ඉඳන් ඇහෙන කට්ටියගෙ සද්දත් එක්ක ඇහැරෙන එක සෑහෙන්න අමාරු උනා. උසස්
පෙළට හැදෑරූ විශයන්ගෙන් වෙනස්ම විශය ධාරාවකින් ඉගෙන ගන්න එකත් ලොකුම ලොකු
අභියෝගයක් උනා. කොහොම හරි කාලයත් එක්ක එයා ඒ හැමදේටම හුරු උනා. අලුත්
පුරුදු, පුරුදු උනා, අලුත් මිනිස්සු ගොඩක් අඳුරගත්තා, වෙනස් වෙනස් විශය
කරුනු දැනගත්තා...හැමදේටම වඩා ඇය ජීවිතය ඉගෙන ගත්තා.
ඔව් ඒ ඇය තමයි මම. කෙටියෙන්ම කිව්වොත් පහුගිය දවසක අපේ කොන්වකේශන් එක තිබ්බ. කාලයක් තිස්සෙ කොන්වකේශන් දවසට මෙන්න මේ දේවල් කරනව කියල හිතේ ලිස්ට් එකක් තියාගෙන හිටියත් අන්තිමේදි ඒ එකක්වත් කරගන්න ලැබුනේ නෑ. හිතට දැනෙන්න නියමිතව තිබුන සතුට වෙනුවට මොකක්දෝ ලොකු පාලුවක් වගේම හිස් බවකුත් දැනුනා.
ඒ දේවල් කොහොම උනත් ඔය උපාධි සහතිකේ මගේ අතට ලැබීම සම්බන්ධයෙන් ඍජුවම වගකියන්න ඕන පාර්ශව කීපයක්ම ඉන්නවා.
මුලින්ම මගේ ගෙදර අය. එයාලගෙන් ලැබුන ආදරය, වගේම සහයෝගය නොවෙන්න උපාධිය තියා ජීවිතේ කිසිම දෙයක් සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ.
ඊලඟට ගුරුවරු. ඉස්කෝලෙ පළවෙනි වසරෙ ඉඳන් කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ අන්තිම සෙමෙස්ටරය වෙනකන් අධ්‍යාපනයෙන් වගේම ජීවිතය ගැන දැනුමෙනුත් මාව පෝෂනය කරපු ඔවුන්ව මේ මොහොතෙ මම ආදරයෙන් සිහි කරනවා.
අනිත් අය තමයි මේ රටේ ජනතාව. ජීවිතේට දැකලවත් නැති මටත්, මම වගේම තවත් දාස් ගානකටත් ඉගෙන ගන්න වියදම් කරපු හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්නම ඕන.
Last but never the least
මගේ යාලුවෝ. මොන්ටිසෝරියේ, ඉස්කෝලෙදි වගේම කැම්පස් එකේදිත් මගෙ ජීවිතේට ළං
උන මගේ ආදරණීය යාලුවො ටික නොහිටින්න, මගේ ජීවිතේට ලස්සන මතක සටහන් ගොඩක් නොලැබී යන්න තිබුනා. විශේෂයෙන් කැම්පස් එකේදි හමුවෙලා මගේ පවුලෙම අය තරම් මට
සමීප උන, මගෙ ප්‍රශ්න වලදි මාත් එක්ක හිටිය, ජීවිතේ තේරුම් ගන්න මට උදවු
කරපු, ඒ ආදරණීය යාලුවො ටික මට ගොඩක් වටිනවා. ඒ හැමෝම ජීවිතේ කිසිම දවසක මට
අමතක වෙන්නෙ නෑ.
ඔන්න ඔය අය තමයි මේ වෙලාවෙ මට විශේෂයෙන් මතක් කරන්න ඕන උනේ...
අහ්...තව සහයෝගය දක්වපු කට්ටියක් ඉන්නවනෙ
ඔන්න
ඉතින් ඔය විදිහට තමයි මට මතක ඇති කාලෙක ඉඳන් දැකපු එකම හීනේ යථාර්තයක්
උනේ. මෙතනින් ඉස්සරහට කරන්න ඕන මොනවද කියල මට ලොකු අදහසක් නෑ. රස්සාවත්
කරගෙන පාඩුවේ ඉන්න එක තමයි දැන් නම් කරන්නෙ. එහෙම ඉන්න එකේ පැති දෙකක්
තියෙනවා. එක අතකින් දැන් ජීවිතේ හරි සරලයි. අරමුණක් හදාගෙන ඒක ඉෂ්ට කරගන්න
දුවන කාලෙට වඩා ජීවිතේ දැන් නිදහස්. අනිත් අතට මෙතනින් ඉස්සරහට ජීවිතේ මොන
වගේ වෙයිද කියන එක ටිකක් පැටලිලි සහගතයි. හැබැයි ඉතින් ඒකට නම් කමක් නෑ. වෙන
දෙයක් වෙන්නෙ නැතෑ කියල හිටියම ඉවරයිනෙ
The End
ජය වේවා.. ඇයි බං මාලේ දාපු පොරව මතක් කරලා නෑනේ..
ReplyDeleteස්තූතියි දේශකයා..
Deleteඅපිට මාල දැම්මෙ නෑනෙ :P
සුබ අනාගතයක්.. සියලු පැතුමන් ඉටුවේවා.. උපාධියත් එක්කම කොක්කක් සෙට් වුණේ නැතෙයි.
ReplyDeleteඅපි ඉතින් අහිංසක මිනිස්සුනෙ නලින් අයියෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව මිසක් කාත් එක්කවත් කොකු දාගන්න යන්නෙ නෑ [im]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif [/im]
Deleteස්තූතියි සුභ පැතුමට අයියා... :)
කොක්ක මේ වචනය වලි නොවේ කැම්පස් කොක්කයි මා අදහස් කළේ චාම්ස්.
Deleteමං දන්නවා අයියෙ..මම විහිලුවට එහෙම කිව්වෙ :D
Deleteඅපෝ නෑ :)
ඔයාගේ ජීවිතේ සර්වප්ප්රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා චම්ස් මම. ඔය ටිකක් නිවිච්චි ළමයා නිසා හෙමීට හෙමීටනේ ජීවිතගමන ගෙනියන්නේ. තමන්ගේම කියලා පැටව් ටිකක් හදාගෙන , ආදරෙන් ගෙවෙන පුංචි පවුලකුත් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා මම..!
ReplyDelete[im]http://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/5919_537615709618530_891076708_n.jpg[/im]
[si="5"]
[ma]
The best time to plant a tree is twenty-five years ago. The second best time is Today Chams..![/ma]
[/si]
ජීවිත ගමන හයියෙන් ගිහින් ඉක්මනට හති වට්ටගන්නවට වඩා හිමින් යන එක හොඳයි කියල හිතෙනව සහන්.
Deleteඔයාට ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා මේ කමෙන්ට් එක දැම්ම එකට වගේම සුභ පැතීම්වලටත්......
[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif[/im]
සුභ පැතුම් ..රටේ ජනතාවට ස්තූති කරන්න මතක් උන එක ලොකු දෙයක්.බොහෝ අයට අමතක වෙන දෙයක්.
ReplyDeleteබොහොම ස්තූතියි අරූ...
Deleteසුභ පැතුම් චාම්ස්! ඉදිරියටත් ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
ReplyDeleteබොහොම ස්තූතියි සමනළී... :)
Deleteඔය කඩඉම ජය ගත්තා වගේම ජීවිතේ අනෙක් කටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවා..
ReplyDeleteගොඩාක් ස්තූතියි චන්දන අයියේ... :)
Deleteඔයාගේ මේ හැබෑ උන හීනයට මගෙන් සුභ පැතුම් ! ඒ වගේම මේ ගලාගෙන යන ජීවිතයේ අලුතෙන් තව ගොඩක් හීන එකතු වේවි ! ඒ හැම හීනයක්ම හැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා චාම්ස්
ReplyDeleteඔයාගේ ප්රාර්ථනාවන්ට ගොඩක් ස්තූතියි රෙහානි... :)
Delete"අනිත් අය තමයි මේ රටේ ජනතාව. ජීවිතේට දැකලවත් නැති මටත්, මම වගේම තවත් දාස් ගානකටත් ඉගෙන ගන්න වියදම් කරපු හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්නම ඕන."
ReplyDeleteගොඩක් අයට අමතක වෙච්ච දෙයක්.
නිදහස් අධ්‍යාපනයෙ අවසානය වෙනකන් ගමන් කරන්න මේ රටේ ඡනතාවගෙන් ලොකු සේවයක් වෙනව. ඒක ගැන අපි හැමදාම මතක තියා ගන්න ඕනෙ.
ඡීවිතයට සුභ පතනව. උපාධියෙන් පස්සෙ තෝරාගත්ත රැකියාවටත් සුභ පතනව. මොකද ඒක රැකියාවකට වඩා ගොඩක් වටින දෙයක්.
ඇත්ත...අපි වෙනුවෙන් මේ රටේ මිනිස්සු නිහඬවම ලොකු සේවයක් කලා. ඒක අපි කවදාවත්ම අමතක කරන්න හොඳ නෑ.
Deleteබොහෝම ස්තූතියි කේෂාන්... :)
මගෙනුත් සුභ පැතුම්... ඒ කාලෙ මිට වඩා තව ටිකක් ඔයාව ආස්සරය කරන්න බැරි වුන එක ගැන ටිකක් දුකයි.. ඒකට කමක් නැ මේ පුන්චි රටේ අපි තව හුගක් කල් ජීවත් වෙයි නෙ.. ඉතින් අපේ යාලුකම් තව තව වැඩි වේවි...
ReplyDeleteඇත්ත එද එදාට තියෙන වැඩ ටික කරල දවස ගෙවන එක තරම් තවත් සැහැල්ලු දෙයක් ජිවිතේ තවත් නැ මට නම්...
ඔයාටත් ගොඩක් ස්තූතියි පැන්ඩෝ...අනිවාර්යයෙන්ම අපේ යාලුකම් හැමදාමත් තියේවි d-)
Deleteජයම ජය වේවා..
ReplyDeleteඉදිරි සිහිනත් සැබැම වේවා.
බොහෝම ස්තූතියි සෑම්... :)
Deleteසුබ පැතුම් අක්කියෝ... :)
ReplyDeleteබොහොම ස්තූතියි නංගියෝ :)
Deleteඒ කාලෙදි තමන්ට අත දුන්න හැමෝවම මතක් කරලා තියෙන එක ගොඩක් හොදයි. හැල්මේ දුවපු හිතට දැන් නම් පොඩි නිස්කලංකයක් දැනෙනවා ඇති. මහන්සියෙන් ලං කර ගත්ත ඒ හීන තව තවත් ලස්සන වෙන්නත්, අපි වෙනුවෙන් දුක් විඳපු අම්මා තාත්තා ට සලකගෙන ගෙවන සාර්ථක ජීවිතයකටත් මගෙන් සුභ පැතුම්. සුබ අනාගතයක් චම්ස්...
ReplyDeleteඔව් දැන් හිත ඒ අතින් නම් ටිකක් නිදහස් රතී.. බොහොම ස්තූතියි සුභ පැතීම්වලට :)
Deleteහ්ම් ගොඩාරියක් සතුටුයි මගේ අක්කේ...ගොඩක් දේවල් සිද්ධ වුණාට පස්සෙ අපිට හිතා හිටිය තරන් පිරුණු හැගීමක් එන්නැති එක සාධාරණයි.ඒත් ජීවිතේ දිහා අලුත් විදියට බලන්න අපිව පුරුදු කරන්නෙත් ඒ හැගීම්මනේ.... ඉතින් ඔයාගෙ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!!
ReplyDeleteගොඩාක් ස්තූතියි නංගියා... :-f
Deleteඅපේ එකත් තව මාස දෙක තුනකින් තියේවි.... මම ගොඩක් ම කැමති "අනිත් අය තමයි මේ රටේ ජනතාව. ජීවිතේට දැකලවත් නැති මටත්, මම වගේම තවත් දාස් ගානකටත් ඉගෙන ගන්න වියදම් කරපු හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්නම ඕන. " කියන එකට. මටත් අමතක වෙලා තිබුණ දෙයක් ඔයා මතක් කළේ. සුබ පැතුම් chams !
ReplyDeleteබොහොම ස්තූතියි ලහිරු.. :)
DeleteThe End වෙන්නෙ නෑනෙ only continue....
ReplyDeleteසුභපැතුම් හොදේ.... ජොබ් එකක් සෙට් උනාම පාටියක් දාමු
ඒ හීනේ ඉවරයිනෙ..ඒකයි The End කිව්වෙ. ජොබ් එකක් නම් දැනටමත් කරනවෙනෙ මං යසිත්..ඒකනෙ "රස්සාවත් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි දැන් නම් කරන්නෙ" කියල දැම්මෙ :)
Deleteස්තූතියි මල්ලී...
සුභ පැතුම් චාම්ස්!
ReplyDeleteජීවිතයේ ඉදිරි කටයුතු ත් සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)
ගොඩක් ස්තූතියි ගවේශකයා :)
Deleteමගෙන් සුභ පැතුම්
ReplyDeleteජයවේවා..!!!
ගොඩක් ස්තූතියි..ඔයාව සාදරයෙන් පිළිගන්නවා හිත අද්දරට :-h
Deleteඒ වගේම රිප්ල්යි කරන්න පරක්කු උනාට සමාවෙන්න සම්පත්/jt :(
උපාධිය ලැබුණාටත් වඩා රැකියාවක් ලැබුණු එකට සුබ පතනවා! වෙලාවක මේ පාරෙන් එන්න. http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteබොහොම ස්තූතියි දිලිනි.ආදරයෙන් පිළිගන්නව ඔයාව මගෙ බ්ලොග් එකට.:-f අනිවාර්යයෙන්ම ඔයාගෙ බ්ලොග් එකට මම එනවා...රිප්ලයි කරන්න වගේම ඒ පැත්තෙ එන්න පරක්කු උනාට සමාවෙන්න :(
Deleteඋපාධියට රැකියාවට දෙකටම සුභපැතුම්... ඒ වගේම ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා... සුභ දිනක්...
ReplyDeleteස්තූතියි අලුත් මල්ලි... කමෙන්ට් එක පබ්ලිශ් කරන්න පරක්කු උනාට සමාවෙන්න..ඉස්සර වගේ බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ නෑනෙ දැන් :(
DeleteThe End නෙමේ දැන්නේ පටන් ගත්තේ. මෙච්චර කල් ෆවුන්ඩේෂන් එකනේ ;)
ReplyDeleteසුබ පැතුම් අක්කේ :D
The End උනේ හීනෙ විතරයි නිහඬ සිතිවිලි...ඔයා කිව්වත් වගේ දැන් තමයි ලොකු වැඩ ටික පටන් ගන්නෙ. :)
ReplyDeleteස්තූතියි ඔයාට හිත අද්දරට ගොඩවැදුනට :-h