Ads 468x60px

Monday, December 30, 2013

ඇහුන ගීත නෙවෙයි අහන ගීත - 4



හැමදාමත් අපි කලේ යන්ත්‍ර විදිහට ජීවත් උන එක. හැඟීම් දැනීම්වලට අපි ඉඩක් දුන්නෙම නැති තරම්. හැබැයි එකම එක වතාවකදි අපි මිනිසුන් උනා. එදා යන්තම් අඳුර වැටීගෙන එද්දි, හඳ පායාගෙන එන වෙලාවක, අපි දෙන්නා අත් පටලවගෙන ටික දුරක් ආපු හැටි මට අද වගේම මතකයි. මගේ ජීවිතේ තියෙන ලස්සනම මතකයත් ඒකයි. මං ආසයි තව එකම එක වතාවක් ඒ විදිහට ඇවිදන් යන්න.
ඉතින්.....


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්              

ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..

හඳපානේ...මඳ අඳුරේ

අත් පටලා යමු ආයේ...//

 ආගම් දෙකක, එකිනෙකට වෙනස් පවුල් පසුබිම් දෙකක ජීවත් උන අපිට කොයි තරම් නම් බාධක තිබුනද? හැමෝම අපිට විරුද්ධ උනා, අපි ගැන කේලම් කිව්වා, අපිව රිදෙව්වා. අන්තිමේදි අපිට කාවවත් විශ්වාස කරන්න බැරි උනා. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලවත් විශ්වාස කරන්න බැරි තත්වයක් ආවා..මතකද ඔයාට? අපි වචනයක් හරි කතා කලේ ලෝකයට හොරෙන්. කියන්න කොයි තරම් දේවල් තිබුනත් ඒ දේවල් කියාගන්න විදිහක් තිබුනෙ නෑ. අදටත් ඒ දේවල් වෙනස් වෙලා නෑ. තවමත් විශ්වාස කරන්න පුලුවන් කාවද බැරි කාවද කියල අපි දෙන්නම දන්නෙ නෑ. ඒ හින්දා මුණගැහෙන්න එනවා උනත් කිසිම කෙනෙකුට ඒ ගැන නොකියා එමු. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලටවත්..

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී

මම මගෙ හෙවනැල්ලෙන් මේදී

අවුදින් හොරෙන් රහසින් මුමුණා

හඳ පානේ මඳ අඳුරේ..

අපිට අපේ ජීවිත ගැන වගේම අනිත් අයගේ ජීවිත ගැනත් වගකීමක් තියෙනවා. අනිත් අය වෙනුවෙන් ඉටු කරන්න ඕන යුතුකම් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කොයි තරම් දුකක් ආවත් හිනාවකින් ඒ දුක යටපත් කරගන්න. අනිත් අයගෙ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කරලා ඒ අය සතුටු කරලා අපිත් හිනාවෙමු, කිසිම දුකක් නැති ගානට. ඒ දේවල් එහෙම වෙද්දි අපිට අපේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වේවි. අනිත් අය වෙනුවෙන් හිත් ගල් කරගත්ත අපිට අපේම කියල හදාගත්ත ඒ හීන ලෝකෙ සැබෑවක් කරගන්න බැරි වේව්, මේ ජීවිත කාලෙ කිසිම දවසක.
ඒ නිසා යන්තමින් හරි කාලය හොයාගෙන රහසින් ගිවිස ගනිමු..සැබෑවක් නොවුනු අපේ හීන සැබෑ කරගන්න, මතු ආත්මයක ආයෙත් මුණගැහෙන්න. ඊට පස්සෙ වෙන්වෙලා යමු අපි ආයෙත් වතාවක්..කලින් වගේම අපේ හිත් ගල් කරගෙන. හැබැයි ඊට කලින් එකම එක සැරයක් අත් අල්ලගෙන ඇවිදගෙන යමුද අපි ටික දුරක්..එදා වගේම.. ආයෙමත්..ආදරෙන්.

හිරකර හසරැල්ලෙන් හැඬුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමුවන පැතුමින්

යමු වෙන්වී..හිමිදිරියේ...

හඳ පානේ..මඳ අඳුරේ..අත් පටලා යමු ආයේ..//


ප.ලි: මීට අවුරුදු ගානකට කලින් මේ සිංදුව අහද්දි මගේ හිතේ මැවුනේ මේ වගේ කථාවක්. මේ ගීතය පුරාම තියෙන වික්ටර් රත්නායක මහත්මයගෙ නිවුණු හඬ මේ ගීතයට මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති කරවන්න හේතු උනා. මේ සිංදුවට මීට වඩා වෙනස් අර්ථකථන තියෙනවා කියල මම දන්නවා. ඒ උනත් අදටත් ඇස් දෙක පියාගෙන මේ ගීතය අහද්දි මට මතක් වෙන්නෙ මුලින්ම මේ ගීතය අහද්දි මගේ හිතේ ඇඳුන මේ කථාවමයි.




25 comments:

  1. ඔය ගීතායේ තනුවටයි ඒ හඩටයි මං බොහොම ප්‍රියයි හරිම හුදකලා හැගීමක් එන්නේ එකෙන්...

    ReplyDelete
  2. ගොඩක් ලස්සන ගීතයක් චම්ස්..මට නම් අහිලම නැද්ද කොහෙද .... චම්ස් ඇතුළු පවුලේ සියලු දෙනාට සෞභාග්‍යයමත් 2014 වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. පුදුමයි සහන් ඒ සිංදුව අහල නෑ කිව්වම.. :-O
      සහන් ඇතුලු පවුලේ සැමටත් 2014, වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!

      Delete
  3. අහලා නැ අදයි ඇහුවේ... :) 

    ReplyDelete
    Replies
    1. අහපු නැති සිංදුවක් අස්සවන්න පුලුවන් උන එක ගැන සතුටුයි :)

      Delete
  4. සිතිවිලි වලින් අපි හිතේ මවා ගන්න දේ හුඟක් වටිනවා විශුවල් එකකින් ඒක අපිට පෙන්නන්න හදනවට වඩා ..

    නිතර අහපු ගීතයක් නොවුනත් වචන හිතේ කොහෙද මන්දා හැංගිලා තිබුනා :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විශුවල් බලන්න හිතෙන්නෙත් නැත්තෙ ඒවා අපේ හිතේ ඇඳුනු අදහසට වඩා වෙනස් නිසා

      Delete
  5. ලස්සන ගීතයක්.....අහලා තිබුණා වගේ මතකයි......

    ReplyDelete
  6. ආසම සිංන්දුවකට ලස්සන විවරණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ :-h

      Delete
  7. මම මේක කලින් අහලා නෑ :( මමත් හුඟක් විෂුවල් බලන්න කැමති නෑ. මොකද එතකොට අපේ හිතේ මැවුණ අදහසට වඩා වෙනස් අදහසක් තියෙන්නේ. පොතක් ඇසුරු කරගෙන ගහපු ෆිල්ම් එකත් එහෙම යි. හිතේ මවාගෙන රස විඳින්න දෙයක් නැති වෙනවා!

    චාම්ස් අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. බලන කොට ගොඩක් අය මේ සිංදුව අහල නෑ වගේ... :-?

      ධාරා නංගියාටත් වැඩි වැඩියෙන් ලස්සන කතා ලියවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා :)

      Delete
  8. මාත් මාරම ආස සිංදුවක්.. මාත් මේ සිංදුව අල්ලන් මොකක් හරි ලිවුවා වගේ මතකයි.. ඒත් දැන් කල්පනාවක් නෑ.. සෑහෙන කල් නේ..

    කතාව එල ඈ..

    ReplyDelete
    Replies
    1. හලෝ දිනේශ්....දැන් සනීපද :)

      මේ සිංදුවට මාත් ගොඩක් ආසයි..

      තැන්ක් යූ තැන්ක් යූ :-h

      Delete
  9. සමහර මතකයන් තියනවා ඒවා හරි සුන්දරයි. ඒ උණාට හදවත තවම රිදෙනවා මතක් වෙද්දී. මේ සිංදුවෙන් එහෙම මතකයක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇහැට කඳුලු එකතු කරන සුන්දර මතක අපි හැමෝටම තියෙනවා මං හිතන්නෙ ..

      Delete
  10. සවිමත් වෙමින් දිවි තුරුබඳ අත් පසුර
    කිරි කල ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
    Replies
    1. පැතුමන් සඵල වී සිනහව රැව්දේවා
      ලැබු මේ වසර සුභ නව වසරක් වේවා!!!!!!

      Delete
  11. හැම සිංදුවකටම නොවුණත් හැම කතාවකට වගේ අදාල වෙන සින්දුවක් අපි කාටත් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ වගේම අපිට ඊට සමාන අත්දැකීමක් නැති උනත් සමහර සිංදු අපේ මතකයේ රැඳෙනවා..

      Delete
  12. ඇත්තෙන්ම මම නම් මේ සින්දුව අහලා තිබුනේ නෑ. චාම්ස්ට ස්තුතියි මෙච්චර ලස්සන සින්දුවක් හඳුන්වලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් මේ පැත්තෙ ආවට. සුභ අලුත් අවුරුද්දක් වේවා ඩූඩ්ටත් පවුලේ සැමටත් :)

      Delete
  13. කවුරුහරි විචාරය කරපු එකක් කියවනකොට තමයි මටත් සින්දුවක ලස්සන් දැනෙන්නේ ..එතකන් දැනෙන්නේ නැද්ද මන්දා .. he he
    සුබ නව වසරක් වේවා අක්කේ !!

    ReplyDelete
    Replies
    1. ආ එහෙමත් එකක්ද? :P
      මල්ලිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)