හැමදාමත් අපි කලේ යන්ත්‍ර
විදිහට ජීවත්
උන එක. හැඟීම් දැනීම්වලට අපි ඉඩක් දුන්නෙම නැති තරම්. හැබැයි එකම එක වතාවකදි අපි
මිනිසුන් උනා. එදා යන්තම් අඳුර වැටීගෙන එද්දි, හඳ පායාගෙන එන වෙලාවක, අපි දෙන්නා අත්
පටලවගෙන ටික දුරක් ආපු හැටි මට අද වගේම මතකයි. මගේ ජීවිතේ තියෙන ලස්සනම මතකයත්
ඒකයි. මං ආසයි තව එකම එක වතාවක් ඒ විදිහට ඇවිදන් යන්න.
ඉතින්.....
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු
තරමින් වියතක්..
හඳපානේ...මඳ
අඳුරේ
අත් පටලා යමු
ආයේ...//
ආගම් දෙකක, එකිනෙකට වෙනස් පවුල් පසුබිම් දෙකක ජීවත් උන අපිට කොයි තරම් නම් බාධක තිබුනද? හැමෝම අපිට විරුද්ධ උනා, අපි ගැන කේලම් කිව්වා, අපිව රිදෙව්වා. අන්තිමේදි අපිට කාවවත් විශ්වාස කරන්න බැරි උනා. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලවත් විශ්වාස කරන්න බැරි තත්වයක් ආවා..මතකද ඔයාට? අපි වචනයක් හරි කතා කලේ ලෝකයට හොරෙන්. කියන්න කොයි තරම් දේවල් තිබුනත් ඒ දේවල් කියාගන්න විදිහක් තිබුනෙ නෑ. අදටත් ඒ දේවල් වෙනස් වෙලා නෑ. තවමත් විශ්වාස කරන්න පුලුවන් කාවද බැරි කාවද කියල අපි දෙන්නම දන්නෙ නෑ. ඒ හින්දා මුණගැහෙන්න එනවා උනත් කිසිම කෙනෙකුට ඒ ගැන නොකියා එමු. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලටවත්..
ආගම් දෙකක, එකිනෙකට වෙනස් පවුල් පසුබිම් දෙකක ජීවත් උන අපිට කොයි තරම් නම් බාධක තිබුනද? හැමෝම අපිට විරුද්ධ උනා, අපි ගැන කේලම් කිව්වා, අපිව රිදෙව්වා. අන්තිමේදි අපිට කාවවත් විශ්වාස කරන්න බැරි උනා. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලවත් විශ්වාස කරන්න බැරි තත්වයක් ආවා..මතකද ඔයාට? අපි වචනයක් හරි කතා කලේ ලෝකයට හොරෙන්. කියන්න කොයි තරම් දේවල් තිබුනත් ඒ දේවල් කියාගන්න විදිහක් තිබුනෙ නෑ. අදටත් ඒ දේවල් වෙනස් වෙලා නෑ. තවමත් විශ්වාස කරන්න පුලුවන් කාවද බැරි කාවද කියල අපි දෙන්නම දන්නෙ නෑ. ඒ හින්දා මුණගැහෙන්න එනවා උනත් කිසිම කෙනෙකුට ඒ ගැන නොකියා එමු. අඩුම තරමේ තමන්ගෙ හෙවනැල්ලටවත්..
ඔබ ඔබෙ
හෙවනැල්ලෙන් මිදී
මම මගෙ
හෙවනැල්ලෙන් මේදී
අවුදින්
හොරෙන් රහසින් මුමුණා
හඳ පානේ මඳ
අඳුරේ..
අපිට අපේ ජීවිත ගැන වගේම අනිත් අයගේ
ජීවිත ගැනත් වගකීමක් තියෙනවා. අනිත් අය වෙනුවෙන් ඉටු කරන්න ඕන යුතුකම් තියෙනවා. ඒ
නිසා අපිට සිද්ධ වෙනවා කොයි තරම් දුකක් ආවත් හිනාවකින් ඒ දුක යටපත් කරගන්න.
අනිත් අයගෙ ප්‍රාර්ථනාවන්
ඉෂ්ඨ කරලා ඒ අය සතුටු කරලා අපිත් හිනාවෙමු, කිසිම දුකක් නැති ගානට. ඒ දේවල් එහෙම වෙද්දි
අපිට අපේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වේවි. අනිත් අය වෙනුවෙන් හිත් ගල් කරගත්ත
අපිට අපේම කියල හදාගත්ත ඒ හීන ලෝකෙ සැබෑවක් කරගන්න බැරි වේව්, මේ ජීවිත කාලෙ කිසිම
දවසක.
ඒ නිසා යන්තමින් හරි කාලය හොයාගෙන රහසින් ගිවිස ගනිමු..සැබෑවක් නොවුනු අපේ
හීන සැබෑ කරගන්න, මතු ආත්මයක
ආයෙත් මුණගැහෙන්න. ඊට පස්සෙ වෙන්වෙලා යමු අපි ආයෙත් වතාවක්..කලින් වගේම අපේ හිත්
ගල් කරගෙන. හැබැයි ඊට කලින් එකම එක සැරයක් අත් අල්ලගෙන ඇවිදගෙන යමුද අපි ටික
දුරක්..එදා වගේම..
ආයෙමත්..ආදරෙන්.
හිරකර
හසරැල්ලෙන්
හැඬුම්
අපි හිනැහෙමු
සපුරා පැතුම්
මතු ආත්මයේ
හමුවන පැතුමින්
යමු වෙන්වී..හිමිදිරියේ...
ප.ලි: මීට අවුරුදු ගානකට කලින් මේ
සිංදුව අහද්දි
මගේ හිතේ මැවුනේ මේ වගේ කථාවක්. මේ ගීතය පුරාම තියෙන වික්ටර් රත්නායක මහත්මයගෙ
නිවුණු හඬ මේ ගීතයට මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති කරවන්න හේතු
උනා. මේ
සිංදුවට මීට වඩා වෙනස් අර්ථකථන තියෙනවා කියල මම දන්නවා. ඒ උනත් අදටත් ඇස් දෙක
පියාගෙන මේ ගීතය අහද්දි මට මතක් වෙන්නෙ මුලින්ම මේ ගීතය අහද්දි මගේ හිතේ ඇඳුන මේ
කථාවමයි.
ඔය ගීතායේ තනුවටයි ඒ හඩටයි මං බොහොම ප්‍රියයි හරිම හුදකලා හැගීමක් එන්නේ එකෙන්...
ReplyDeleteඇත්ත...
Deleteගොඩක් ලස්සන ගීතයක් චම්ස්..මට නම් අහිලම නැද්ද කොහෙද .... චම්ස් ඇතුළු පවුලේ සියලු දෙනාට සෞභාග්‍යයමත් 2014 වසරක් වේවා...!
ReplyDeleteපුදුමයි සහන් ඒ සිංදුව අහල නෑ කිව්වම.. :-O
Deleteසහන් ඇතුලු පවුලේ සැමටත් 2014, වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!
අහලා නැ අදයි ඇහුවේ... :)
ReplyDeleteඅහපු නැති සිංදුවක් අස්සවන්න පුලුවන් උන එක ගැන සතුටුයි :)
Deleteසිතිවිලි වලින් අපි හිතේ මවා ගන්න දේ හුඟක් වටිනවා විශුවල් එකකින් ඒක අපිට පෙන්නන්න හදනවට වඩා ..
ReplyDeleteනිතර අහපු ගීතයක් නොවුනත් වචන හිතේ කොහෙද මන්දා හැංගිලා තිබුනා :)
ඔව් සමහර විශුවල් බලන්න හිතෙන්නෙත් නැත්තෙ ඒවා අපේ හිතේ ඇඳුනු අදහසට වඩා වෙනස් නිසා
Deleteලස්සන ගීතයක්.....අහලා තිබුණා වගේ මතකයි......
ReplyDeleteආසම සිංන්දුවකට ලස්සන විවරණයක්
ReplyDeleteස්තූතියි නලින් අයියේ :-h
Deleteමම මේක කලින් අහලා නෑ :( මමත් හුඟක් විෂුවල් බලන්න කැමති නෑ. මොකද එතකොට අපේ හිතේ මැවුණ අදහසට වඩා වෙනස් අදහසක් තියෙන්නේ. පොතක් ඇසුරු කරගෙන ගහපු ෆිල්ම් එකත් එහෙම යි. හිතේ මවාගෙන රස විඳින්න දෙයක් නැති වෙනවා!
ReplyDeleteචාම්ස් අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!
බලන කොට ගොඩක් අය මේ සිංදුව අහල නෑ වගේ... :-?
Deleteධාරා නංගියාටත් වැඩි වැඩියෙන් ලස්සන කතා ලියවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා :)
මාත් මාරම ආස සිංදුවක්.. මාත් මේ සිංදුව අල්ලන් මොකක් හරි ලිවුවා වගේ මතකයි.. ඒත් දැන් කල්පනාවක් නෑ.. සෑහෙන කල් නේ..
ReplyDeleteකතාව එල ඈ..
හලෝ දිනේශ්....දැන් සනීපද :)
Deleteමේ සිංදුවට මාත් ගොඩක් ආසයි..
තැන්ක් යූ තැන්ක් යූ :-h
සමහර මතකයන් තියනවා ඒවා හරි සුන්දරයි. ඒ උණාට හදවත තවම රිදෙනවා මතක් වෙද්දී. මේ සිංදුවෙන් එහෙම මතකයක් දැනෙනවා
ReplyDeleteඔව් ඇහැට කඳුලු එකතු කරන සුන්දර මතක අපි හැමෝටම තියෙනවා මං හිතන්නෙ ..
Deleteසවිමත් වෙමින් දිවි තුරුබඳ අත් පසුර
ReplyDeleteකිරි කල ඉතිර සුබ වේවා නව වසර
පැතුමන් සඵල වී සිනහව රැව්දේවා
Deleteලැබු මේ වසර සුභ නව වසරක් වේවා!!!!!!
හැම සිංදුවකටම නොවුණත් හැම කතාවකට වගේ අදාල වෙන සින්දුවක් අපි කාටත් තියෙනවා....
ReplyDeleteහ්ම්.. ඒ වගේම අපිට ඊට සමාන අත්දැකීමක් නැති උනත් සමහර සිංදු අපේ මතකයේ රැඳෙනවා..
Deleteඇත්තෙන්ම මම නම් මේ සින්දුව අහලා තිබුනේ නෑ. චාම්ස්ට ස්තුතියි මෙච්චර ලස්සන සින්දුවක් හඳුන්වලා දුන්නට.
ReplyDeleteස්තූතියි ඩූඩ් මේ පැත්තෙ ආවට. සුභ අලුත් අවුරුද්දක් වේවා ඩූඩ්ටත් පවුලේ සැමටත් :)
Deleteකවුරුහරි විචාරය කරපු එකක් කියවනකොට තමයි මටත් සින්දුවක ලස්සන් දැනෙන්නේ ..එතකන් දැනෙන්නේ නැද්ද මන්දා .. he he
ReplyDeleteසුබ නව වසරක් වේවා අක්කේ !!
ආ එහෙමත් එකක්ද? :P
Deleteමල්ලිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :)