Ads 468x60px

Wednesday, December 18, 2013

ස්තූතියි..නැවත එන්න

දවසක් යාලුවෙක් එක්ක බ්ලොග් ගැන කතා කර කර ඉන්දැද්දි මගෙන් ඇහුවා ඔයා බ්ලොග් එක ලියන්න අරන් කොච්චර කල්ද කියලා. හරියටම මතක නැති උනත් මාත් ඔන්න ඔහෙ අවුරුදු දෙකයි කියල කියල දැම්මා. අද ආයෙත් ඒ කතාව මතක් වෙලා බ්ලොග් එක පැත්තෙ ගියාමයි දැක්කෙ ඇත්තටම බ්ලොග් එක පටන් අරන් හරියටම අවුරුදු දෙකකුයි දවස් 13ක් වෙනවා කියල.

හිත අද්දරට අවුරුද්දක් පිරුන වෙලාවෙ නම් හරියටම බර්ත් ඩේ එක දවසෙම පෝස්ට් එකක් දාන්න පුලුවන් උනා උනත් පහු ගිය කාලෙ සිද්ධ උන දේවල් එක්ක මේ සැරේ නම් දින වකවානු ටිකක් එහෙට මෙහෙට උනා. ඒත් ඉතින් කවුද කියල තියෙනවලුනෙ Better late than never කියල. ඒ හිංදා මාත් හිතුවා කල් ගියාට කමක් නෑ පෝස්ට් එකක් දාන්න ඕන කියල :D

මීට අවුරුදු දෙකකට කලින් පටන් ගත්ත අනිත්  බ්ලොග් එක්ක බලද්දි මගේ බ්ලොග් එක තාම ළදරු අවධියේ ඉන්නෙ. (එක අතකට අවුරුදු දෙකක් කියන්නෙ ළදරු අවධිය තමයි ඉතින් :) ) කොහොම උනත් අවුරුදු දෙකක් තියා මීට මාස දෙකකට කලින් පටන් ගත්ත බ්ලොග් වලත් මගේ එකට වඩා පෝස්ට් තියෙනවා මං හිතන්නෙ...

ලියන්න කොච්චර දේවල් තිබ්බත් මගේ බ්ලොග් එකට පෝස්ට් වැටෙනවා අඩුයි. ඔව් ඔව්  පෝස්ට් කියන ඒවා මම ලියන්නෙ නැතුව ඉබේ වැටෙන්නෙ නෑ තමයි. මොන එකක්ද මංදා කොච්චර ලියන්න දේවල් තිබ්බත් ලියන්න වෙන්නෙම නෑනෙ. එකක් නැත්තම් තව එකක්. හැමදේම හොඳට තියෙනකොට ලැප් එකට වතුර හරි හැලෙනව. මං හිතන්නෙ ඒක මේ බ්ලොග් එකේ භූමි දෝශයක්ද කොහෙද :(

හැබැයි මෙහෙමත් එකක් තියෙනවා..පළවෙනි අවුරුද්දට වඩා දෙවෙනි අවුරුද්දෙ පෝස්ට් වැඩියි. ඉතින් හෝප් ෆුලි තුන් වෙනි අවුරුද්දෙ තව ටිකක් වැඩිපුර ලියවෙන්න තියෙන ඉඩ වැඩිවෙයි.

කොහොම උනත් මේ පෝස්ට් එක ලිව්වෙ මේ අවුරුදු දෙකයි දවස් 13 පුරාම හිත අද්දර රැඳුනු හැමෝටම ස්තූතියි කියන්න. එක පාරක් හරි මාව කියවන්න ආපු, ඒ ආපු බව සඳහන් කරපු, ආයෙත් එන්න හිතාගෙන ෆොලෝ කරපු හැම කෙනෙක්ම මේ තරමින් හරි බ්ලොග් එක කරගෙන යන්න මට ලොකු හයියක් උනා.

ඉතින් ඒ හැමෝටම....



22 comments:

  1. සුභ පැතුම් චාම්ස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි....

      Delete
  2. වසර දෙකක් පුරාවට වැදගත් ලිපි පළ කිරීම ගැන අපගේ ( මගේ ) ස්තූතියි පිළිගන්න චම්ස්.. මට මතකයි මම ආව කාලේ ඔයා ඇවිත් ගියා මගේ MCR පෝස්ට් එකට.. රිප්ලයි පරක්කුයි කියලා නැවත නැවත හැරි හැරි යනවත් දැක්ක ..

    මම දැකපු හොඳ ඉවසීමක් තියෙන , බොහොම සාමකාමීව පැත්තකට වෙලා ළමයෙක් .. තව තවත් හරවත් ලිපි ලියන්න හැකි වේවා යැයි පතනවා චම්ස්.........



    ReplyDelete
    Replies
    1. ඔව් මටත් මතකයි..මම මේ බ්ලොග් අවකාශේ ගොඩක්ම ආසාවෙන් කියවපු ලිපියක් තමයි ඔයාගෙ ඒර්‍ MCR ගැන ලියපු පෝස්ට් එක. මම ඒ ගැන ප්‍රශ්ණයක් අහල ඔයාගෙන් රිප්ලයි නැතිකොට ආපහු සැරයක්කෝ රිප්ලයි කියල ඇහුවත් මතකයි :D

      ඒ වගේම මගේ පෝස්ට් එකකට ඔයා දුන්න ප්‍රචාරයටත්, නිතරම මගේ බ්ලොග් එක කියවන්න එනවටත් ඔයාට ගොඩක් ස්තූතියි සහන්.. :)

      Delete
  3. හිත අද්දරට සුභ උපන් දිනයක් වේවා! තුන් වැනි අවුරුද්දේ වැඩිපුර ලියන්න ශක්තිය ලැබේවා! අඩු තරමේ කේක් කෑල්ලක්වත් දෙන්නකෝ අෆ්ෆා :( නැත්තං මම තරහ යි ඔන්න.

    ReplyDelete
    Replies
    1. පාටියක් දාන්න තරම් මූඩ් එකක් නෑනෙ ධාරෝ...ඒත් කමක් නෑ ඔයාට කේක් කෑල්ලක් දෙන්නම්කො..නැත්තන් ඔයා තරහ වෙයිනෙ :)
      [im] http://static.freepik.com/free-photo/chocolate--piece-of-cake--cream--bakery_3208599.jpg [/im]

      Delete
  4. ජය වෙවා චාම්ස්... අවුරුදු දෙකත් පැනලා එහෙනං.. ගණන් වලින් ගුණ මනින්න බෑ බං.. ඇතුලේ තියෙන දේ එකක් උනත් වටිනාකම සමහරවිට සීයකට වැඩිය වටින්න පුළුවන්. ඒකයි වටින්නේ. දැං බලහං මම එකසිය ගානක් පෝස්ට්කටු දැම්ම කියල වැදගත් කියල මෙලෝ දෙයක් තියෙන එකක්යැ. ඒවා ගනං ගන්න එපා. දිගටම ඉන්න. හැකි විට එන්න. සුභ අනාගතයක්.... ලැපාට වතුර බෝතල් පොවන්න නං එපා...

    ReplyDelete
    Replies

    1. ඔයාගේ පරිවර්ථන ටිකම කොච්චර හොඳද දේශකයා...වැඩිපුර ලියන්නන මාත් ආසයි ඒත් ලියවෙන්නැති ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ :( ස්තූතියි දේශා...

      Delete
  5. ලියන්න කම්මැලි නම් ලියන්න පුළුවන්, කම්මැලි නැති බ්ලොග් පාට්නර් කෙනෙක්ව හොයාගෙන හවුලේ ලියන්න... දෑවුරුද්දට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. //කම්මැලි නැති බ්ලොග් පාට්නර් කෙනෙක්ව හොයාගෙන හවුලේ ලියන්න// මටත් ඕක හිතුනා..බලමුකො ඉස්සරහට එහෙමවත් කරන්න. ස්තූතියි තිසර.. :)

      Delete
  6. සුබ පැතුම් chams.. මගෙ නම් තුන්වෙනි අවුරුද්ද වෙද්දි පෝස්ට් ගණන පල්ලම් බැහැලා.... ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලහිරු...

      Delete
  7. සුබ පැතුම්! දිගට ම ලියමු හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...

      Delete
  8. සුබ පැතුම් චාම්ස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ.....

      Delete
  9. හැපි බර්ත් ඩේ "බ්ලොග් එකට". හික්ස්.. කන්න දෙයක් නැතෙයි :(

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ධාරාට කේක් දීලා...දෙන්නා එක්ක බෙදාගෙන කන්නකො d-)
      ස්තූතියි යසිත්...

      Delete
  10. මටත් අද ලියනවා පොස්ට් එකක් කියලා හිතුවොත් මොකක් හරි එකක් වෙනවා..එපා වෙලා අපා මටනම්....
    හැපී උපන් දිනයක් වේවා.......එහනම් ගියා ඔන්න

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාටත් මගේ ලෙඩේම තමයි හැදිල තියෙන්නෙ නේද? ස්තූතියි මේ පැත්තෙ ආවට..දිගටම එන්න :)

      Delete
  11. ජයවේවා අක්කේ .අපිත් එක්ක බලනකොටනම් ඔය සැහෙන්න හොඳයි .අපේ ඉතින් අවුරුදු ගණන් පොස්ට් නෑනේ :))
    කොහොම උනත් කමක් නෑ චිරාත් කාලයක් බ්ලොග් එක ලියන්න ශක්තිය ලැබේවා!!! :)))

    ReplyDelete
    Replies
    1. ආයෙ එහෙම ඔහොම අවුරුදු ගනන් බ්ලොග් එක පාලුවට යවන්නෙ නෑ හොඳද මල්ලි...ඔයා ලියන ඒවා හරිම ආසාවෙන්නෙ අපි කියවන්නෙ :)
      ස්තූතියි ඔයාටත් :-h

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)