Ads 468x60px

Monday, March 31, 2014

මොනවද මංදා



පහුගිය ටිකේ පොත් පෙට්ටියක් අදිද්දි මතු උන කවි කෑලි පුලුපුලුවන් වෙලාවට බ්ලොග් එකේ දැම්මා.. ඉතුරු උන ඒවා දිහා බලද්දි ඒවට මොනවා කරන්නද, මොනවා කියන්නද කියලා කොච්චර හිතුවත් හිතාගන්න බැරි උනා. හිතන එක උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති නිසා වැඩිය හිතන්නෙ නැතුව මොනවද මංදා කියන ටයිටල් එකෙන් කවි කියන ලේබල් එක යටතේ ටයිප් කරල පබ්ලිශ් කළා ඕං...

අම්මා
ජීවිත තරඟය ජය ගන්නට ශක්තිය සැපයූ
බාධක ජය ගන්න ධෛර්‍යය සැපයූ
නොසැලී සිටින්නට පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය ඔබය...

********************************************************************************************************************
අමරණීය පෙම
කවදාවත් මැරෙන්නෙ නෑ කියපු
අපේ නොමියෙන ප්‍රේමය
මැරිලා.

 *******************************************************************************************************************
කම්පාව
ලොව ඇති බිහිසුණුම කම්පාව
භූමිකම්පාව නොව ආත්මානුකම්පාවයි
මන්ද යත් භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
ආත්මානුකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්

 *******************************************************************************************************************
  දුක ++
කඳුලු පිසින්නට ලේන්සුවක් සෙවූ මට
ලස්සනට අසුරා ඔබ,
ග්ලිසරින් බෝතලයක් දුන් අපූරුව...

 *******************************************************************************************************************
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ..
මාත් හිටියා ඔබත් එක්ක
මුලු ගමන පුරාවට
එවෙලේ උවමනවක් තිබුනෙ නෑ ඔබට
අයින් කරලා දාන්න මාව..
ඒත් ගමනාන්තයට ඇවිත් ගෙට ගොඩ වෙන්න හදද්දිම
ගසා දැමුවෙ මාව,
මම වැලි කැටයක් නිසාද????
 *******************************************************************************************************************

(නිදි) මතට තිත

එලාම් එකේ අමිහිරි හඬ        ඇහෙන කොට
කැමති උනත් සිත්සේ තව             නිදන්නට
එහෙම බෑනෙ ලෙක්චර් එක         ඇත අටට
එනිසා තැබිය යුතුවේ තිත             නිදි මතට



27 comments:

  1. මේවා නිකං දාර්ශනික උපදේශ වගේ නේ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ඈ ඒ වගේද?? ස්තුතියි දේශා..

      Delete
  2. // ලොව ඇති බිහිසුණුම කම්පාව
    භූමිකම්පාව නොව ආත්මානුකම්පාවයි
    මන්ද යත් භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
    ආත්මානුකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්//

    මේ දැං මටත් ආත්මානුකම්පාවක් ඇතිඋනා ඕං....

    පැති කීපෙකින්ම රසට ලියල තියෙනවනේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආත්මානුකම්පාවක් ඇති උනේ අපිටත් මේවා කියවන්න උනානේ කියලද? :P

      ස්තූතියි..ජයවේවා!!!

      Delete
  3. අනෙ හප්පේ පට්ටනෙ.මගෙ නම් හිත ගියෙ අර කම්පාව ගැන එකයි. අනිත් එක අම්මා එක. නියමයි චාම්ස්.

    ReplyDelete
    Replies
    1. අම්මා කියන පද පෙළ මගෙත් ෆේවරිට් එකක් :) ස්තූතියි ප්‍රියා..

      Delete
  4. මම වැඩිය කැමති වැලි කැටයෙ කතාවට!

    ReplyDelete
  5. අගේ ඇති සිතුවිලි ටිකක් නෙ. ලස්සනයි. අරුත්බරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. :)

      Delete
  6. මට නං පට්ටෙටම නැගල ගියෙ අමරණීය පෙම...
    අනිත් ඒවත් පට්ට තමා...
    ඒත් අරකෙ අමුතු කික් එකක් තියේ

    ReplyDelete
  7. සෙරෙප්පු දෙකට වෙන්නෙත් ඔය වැලි කැටේට වෙච්ච දේම තමයි හුඟක් වෙලාවට.

    ReplyDelete
  8. අපූරුයි... (නිදි) මතට තිත එකක්ට තමයි වැඩි මනාපය ...

    ReplyDelete
    Replies
    1. මගෙත් වැඩි මනාපය ඒකට තමයි තුශ්...අත්දැකීමෙන් ලියවුන එකක්නෙ ඒක :)

      Delete
  9. මේවත් නිකන් හයිකූ වගේනේ.. කම්පාවනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. කම්පාවට මනාප වැඩියි වගේ... :-?

      Delete
  10. මාත් හිටියා ඔබත් එක්ක
    මුලු ගමන පුරාවට....


    වැලි කැටයක් උනේ මොකද ? :)

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපිට වැලි කැටයක් වෙන්න සිද්ධ වෙනවා SN.... :-SS

      Delete
  11. නියම අදහස් ටිකක්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැස්පර් :)

      Delete
  12. පෙරලන විට පරන ඩයරි
    ගොඩක් ඇතේ ලියපු තියරි
    මතක් වෙද්දි ඒ සුමිහිරි
    සිනහ නැගේ කටත් ඇරී

    ReplyDelete
    Replies
    1. පෙරලද්දී පරණ ඩයරි
      හමුවූ ඒ පරණ තියරි
      ඔබේ බ්ලොගේ ලිව්වොතින්....
      පලන්න හැකි අපට කැකිරි :D

      Delete
  13. :D අනිවා ලියන්නම් ටිකක් හිමීට නිවාඩු පාඩුවේ :D

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)