තනිව යන්නෙමි අද මෙමා..
කියනු මැන ඔබ ගියේ කෙලෙසද
මා මෙසේ තනිකර දමා..
කිසිලෙසින් නැත අඩුවෙලා..
ළඟ නැතත් ඔබ..ඔබේ මතකය
සිතේ ඇත මගෙ සුරැකිලා..
දැනෙද්දී හද පෙලන තනිකම
සිත හඬයි ඔබ සොය සොයා..
කියනු මැන මට කෙසේ ඉන්නද
ඔබත් ගිය ඒ මග නොයා..
මේක ඊ මේල් එකක තිබුන මේ පින්තූරේ දැකල ලියවුන එකක්. පින්තූරෙ අයිතිය නම් කාගෙද කියල දන්නෙ නෑ.
මටත් දැන් දශක හතර පහුවුණා විතරයි. බය හිතෙනවා.
ReplyDeleteනලින් අයියා දශක හතරක් කිව්වෙ වයස වෙන්නැති නේද? මම කිව්වෙ මේ විවාහ වෙලා දශක හතරක් කියල :)
Delete"දුටුව දින සිට ඔබට බැඳි පෙම
ReplyDeleteකිසිලෙසින් නැත අඩුවෙලා..
ළඟ නැතත් ඔබ..ඔබේ මතකය
සිතේ ඇත මගෙ සුරැකිලා.."
විශිශ්ටයි
සිතුම් සයුර
බොහොම ස්තූතියි සිතුම් :)
Deleteකියනු මැන මට කෙසේ ඉන්නද
ReplyDeleteඔබත් ගිය ඒ මග නොයා.. :(( :(( :(( :((
තාම තීරණයක් ගත්තේ නැත්තෙත් ඔයහින්දම තමා.අක්කේ
ඒ කිව්වෙ මල්ලි :-?
Deleteලස්සන කවි ටික චාම්ස්....
ReplyDeleteස්තූතියි සමනලී :)
Deleteනියමයි.....! "සැරයටියෙන් අපි යනෙන තුරා" කියන ගීතය මතක් උනා
ReplyDeleteස්තූතියි මොරබ්බා...සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට :-h
Deleteකැම්පස් වලින් Out වෙලා රස්සා වලට ගිහිල්ලත් දැන් අවුරුදු 5ක් 6ක් විතර වෙන මගේ වයසේ අයට වර්තමානයේදි සිදු වෙන්න පටන් ගත්ත එක අත්දැකීමක් තමා මිතුරුන්ගේ සහ තමන්ගේ දෙමාපියන්ගෙ වියෝ වීම්.... දුක් වෙන්න කාරනවක් උනත් ඒක තමා ඇත්ත... පහු ගිය දවස් කීපයෙම ඒ වගේ අත්දැකීම් ලැබුනු නිසා මම ගොඩක් හිතුව සහ හිතුන සිදුවීමක්.... අවුරුදු 30ක් 40ක් එකට දුක සැප බෙදා ගත්ත මනුස්සය නැති වෙලා ගෙවෙන පළ වෙනි දවස මොන වගේ දවසක් වේවිද... ආයෙත් කවදාවත් එන්නෙ නෑ... මීට අවුරුදු 20කට විතර කලින් මොන තරම් සුන්දර දවස් ගෙවන්න ඇතිද..ඒව මතක් වෙනකොට ඇති වෙන හැඟීම... ජීවිතේ මහ පුදුමයි අප්පා.......
ReplyDeleteවැඩිද මන්දා.... කමක් නෑ ගොඩක් කාලෙකින්නෙ.... :D
වැඩි නෑ අයියේ..කිව්වත් වගේ සෑහෙන කාලෙකින්නෙ අයියා මේ පැත්තෙ ආවෙ :D
Delete//අවුරුදු 30ක් 40ක් එකට දුක සැප බෙදා ගත්ත මනුස්සය නැති වෙලා ගෙවෙන පළ වෙනි දවස මොන වගේ දවසක් වේවිද... // ඒකනම් හිතාගන්නත් බැරි අතිශය වේදනාකාරී අත්දැකීමක් වෙයි. :(
/අවුරුදු 30ක් 40ක් එකට දුක සැප බෙදා ගත්ත මනුස්සය නැති වෙලා ගෙවෙන පළ වෙනි දවස මොන වගේ දවසක් වේවිද... // කියන්න හිතට ආවෙ මේ දේම තම.
Deletelassanai chams, hemadama wage..:)
ReplyDeleteස්තූතියි ෆාතිමා... :)
DeleteP.S
I am having a small issue with that Fathima. I don't know whether I can get it back :(
පින්තූරයට ගැලපෙන නියම පද පෙල...
ReplyDeleteස්තූතියි රතී...
Deleteමං මේ පෝස්ට් එක කියවන්න එන්න පරක්කු වුනේ මොකද.. :-?
ReplyDeleteහ්ම්ම්.. කවි ටික ලස්සනයි චාම්ස්..
අලුත් බ්ලොග් පෝස්ට් බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නැති ලෙඩේ මගෙ බ්ලොග් එකටත් හැදිලද කොහෙද අයියෙ :( මේ පෝස්ට් එකටත් ඒකයි උනේ. ඒ නිසා වෙන්නැති අයියට පෝස්ට් එක මගඇරුනෙ.
Deleteස්තූතියි අයියේ... :)
ඔව් නෙ. නවදැලිහේන බ්ලොග් එකේ ඇති "සුනඛයා නොහොත් සපාකන්නා" කියල පෝස්ට් එකක්. ඒකෙ, සහන් දාල තියන හයවෙනි කමෙන්ට් එක බලන්න නංගි. ඒ බ්ලොග් එකේ තිබුනු ලෙඩේ නම් සුවයි.
Delete(ලින්ක් එක හොයන්න කම්මැලියි මට.. :) )
මං ඒ බ්ලොග් එකට ගියා අයියේ...ඊළඟ පෝස්ට් එකේදි ඒ විදිහට කරල බලන්නම්කො හරියයිද කියල.
Deleteතොරතුරු වලට ගොඩක් ස්තූතියි චන්දන අයියේ :-h
(ලින්ක් එකට නම් කමක් නෑ කියමුකෝ.. ඒ උනාට පෝස්ට් එකක් ලියන්නත් මේ දවස්වල අයියට කම්මැලියි වගේ නේද :D )
ලස්සන කවි පද වැල් ටිකක්.. පින්තුරයට හොඳට ගැලපෙනවා
ReplyDeleteදශක හතරක් කියලා දැක්කම ම්ම හිතුවා මෙයා හරි නාකියිනේ කියලා.. බැලින්නම්,මේ වෙන සිද්දියක්නේ..
ReplyDeleteලස්සනයි.. කාලෙකින් ලියලා තියෙන්නේ..
This comment has been removed by the author.
ReplyDeleteකලින් දාපු කමෙන්ට් එකට error එකක් ආව නිසයි ආපහු දැම්මේ
Deleteකාලෙකින් ලිව්වත් ලියන එක කාලෙකට වටිනවා. හිතල බලනකොට ගොඩක් සංවේදී කාරනයක් නේද. ලස්සනයි! දුකයි!
ReplyDelete