Ads 468x60px

Saturday, March 07, 2015

දැන් ඉතින් මට කාලෙ හරිලු....

කැම්පස් එකෙන් ගිය දවසෙ ඉඳන්
කරන්න කියල හැමෝම කියපු
දැන්මම බෑ පස්සෙ බලමු
කියලා මං මග ඇරාපු
ඒ දේ කරගන්න ඔන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

රස්සාවට ගිය දවසෙ ඉඳන්
දකින දකින කෙනා අහපු
ඕවා කල් ඇරලා බෑනෙ
කියමින් මට බණ කියාපු
මගෙ නිදහස නැති කරනා - ඒ දේ කරගන්න ඔන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

ඔයා විතරයි ඔහොම ඉන්නෙ
ඔහොම ඉඳල හරියන්නැ
කියන එකක් මේ ළමයා - කවදාවත් අහන්නෙ නෑ
අම්මයි යාලුවො රොත්තයි - හැමදාමත් මට කියන්නෙ
මගේ ජීවිතේ වෙනස් වෙන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

කල් ඇර ඇර ඉන්නෙ නැතුව
හොඳ තැනකුත් හොයාගන්න
හරි යනවද කියන එකත්
ලොකු අයගෙන් අහල ඉන්න
ඊට පස්සෙ නිදහස නැති - ලෝකයකට පය තියන්න
හැමෝම කියනා හැටියට

දැන් ඉතින් මට කාලෙ හරිලු

රස්සාවෙන් ඉහල යන්න
දැනුම තවත් වැඩි කරන්න
Msc එක පටන් ගන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු....


14 comments:

  1. ඔක්කෝමල කියන දේ තේරුම් අරන් තියෙන්නෙ වැරදියටද මන්දා. මම නම් හිතන්නෙ හැමදේමටම කලින් දෙයක් කරන්න ඉතුරුයි කියල :p

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම හරියටම තේරුම් අරන් ඉන්නෙ :D

      Delete
  2. අැයි ඔයා බදින්න ඉන්නේ මංජුල ශාන්ත චන්ද්‍රවංශ ව ද?????

    ReplyDelete
    Replies
    1. මං ඒත් කල්පනා කලා කවුද "මංජුල ශාන්ත චන්ද්‍රවංශ" කියන්නෙ කියලා. දැන්නෙ තේරුනේ=))

      Delete
  3. ඔවුවා වැඩක් නෑ.. කසාදයක් කර ගන්න දැන් කාලේ හරි..

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිය නම් Msc එක කරන එක හොඳයි මං හිතන්නෙ :))

      Delete
  4. මම හිතුවෙත් කියවගෙන යත්දි කසාදෙට කාලෙ හරිය කියලයි. D;

    ReplyDelete
    Replies
    1. නෑ නැන්දේ..අපි තාම පොඩි ළමයිනෙ :)

      Delete
  5. අහ්.... ඔය කියපු ටික මටත් මේ දවස් වල ඇහෙනවනේ.. මාත් පටන් ගන්න ඕනේ Msc එක... y-)

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ..එහෙනම් අපි දෙන්නම පටන් ගමු d-)

      Delete
  6. Replies
    1. අනිත් අයට එහෙම හිතුනට මට එහෙම හිතෙන්නෙ නෑ ඩූඩ්. ඒකයි 'ලු' :)

      Delete
  7. රස්සාවට පස්සෙ පරස්තාව. එම්එස්සී පස්සෙ බැරිය!

    ReplyDelete
    Replies
    1. එහෙම බෑලුනෙ රාජ් :(

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)