Ads 468x60px

Sunday, February 12, 2012

ඇත්තමයි


ජ්‍යාමිතිය, භෞතික විද්‍යාව, ගිණුම්කරණය
තේරුම් ගන්න බෑ කියල
කන්කෙඳිරිගෑවට..
දැනුයි මං දන්නෙ
ඊට වඩා මට
තේරුම් ගන්න අමාරු බව

නුඹේ හිත.......

පින්තූරෙ ගත්තෙ  http://www.jareso.com

17 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හ්ම්ම්....මේ කියන්නෙනම් ඇත්තමයි.කෙනෙක්ට තේරුම්ගන්න අමාරුම දේ තව කෙනෙක්ගෙ හිත තමයි.

    මගෙ බ්ලොග් එකෙන් පෙන්නුවෙ නැතත් මේ පැත්තෙ නිතරම ඇවිත් බලනව අලුත් ලිපියක් දාලද කියල.ලස්සනයි...ජීවිතයට ගොඩක් ළඟයි මේ සිතිවිලි.මගේ බ්ලොග් එකත් නිතර බලල යන්න එනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි යාලු.....

    ReplyDelete
  3. ඈත්තමයි.. මටත් තේරුම් ගන්න පුළුවන් වුනානම් "එයාගේ" ඒ හිත.. මෙච්චර දුකක් විඳින්නේ නෑ මගේ හිත කවදාවත්.. සත්තමයි..

    ReplyDelete
  4. ow..chams :) mariana sagara pawa..gamburu nahe samaharunge hitha tharamata..

    ReplyDelete
  5. තේරුම් ගන්න අමාරුම පාඩම කෙනෙකුගේ හිත..

    සිරා ඇත්ත.

    ReplyDelete
  6. @ නදීර: කාගෙ උනත් හිතක් තේරුම් ගන්න අමාරුයි නෙ :)

    @ සිහින මතකයන්: ගොඩාක් ස්තූතියි නිතරම මගෙ බ්ලොග් එක බලන්න එනවට යාලු..ඔයාගෙ බ්ලොග් එකත් මං ආසම බ්ලොග් වලින් එකක්... :)

    @ ප්‍රාර්ථනා: අනිත් අයගෙ හිත් තේරුම් ගන්න පුලුවන් උනානම් ගොඩක් ප්‍රශ්න, සිත් තැවුල් ඇති නොවෙන්න තිබුනා…

    @ ෆාතිමා: ඒ තරම් ගැඹුරුයි වගේම ඒ තරම්ම ගුප්තයි නේද?

    @ අසරණයා: හ්ම්ම්.... ඒ පාඩම තේරුම් ගන්න කාටවත්ම බෑ

    ReplyDelete
  7. හ්ම්ම්....
    මටත් එහෙමයි හෆ්ෆා...
    combined, physics,chemistry හොදයි ඒ කාලෙ එයාව තේරුම්ගන්නවට වඩා...:)

    ලස්සනයි අදහස. අදයි මෙහාට ආවෙ.දිගටම එන්නම්.. ජය වේවා!!

    ReplyDelete
  8. ආදරයෙන් පිළිගන්නව හිතූව. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට.... :)

    ReplyDelete
  9. මට නං දෙකම ඒ කාලෙ අන්ඩර දෙමල වගේ, ඒත මට combined, physics,chemistry පස්සෙ තේරුණා. එයාව නැතිවුණා.

    ReplyDelete
  10. මට නම් තාම අනිත් අයගෙ හිත් වගේම ඔය සබ්ජෙක්ට්ස්වත් තේරුම් ගන්න බෑනෙ :(

    සාදරයෙන් පිලිගන්නව මගෙ බ්ලොග් එකට :)

    ReplyDelete
  11. මට නං නැතිවෙන්න වත් එයාව අයිති වුණේ නෑ. එක අතකට ඒකත් හොඳයි! :(

    ReplyDelete
  12. -මට නම් ඊට වඩා මැත්ස් ආමාරුයි:)

    ReplyDelete
  13. @බට්ටා: අයිතිවෙලා නැති වෙනවට වඩා අයිති නොවීම ඉන්න එක ඇත්තටම හොඳයි.

    @නදී: අපෝ මැත්ස් නම් මතක් කරන්නවත් එපා අක්කෙ. අමාරුයි කියන්නෙ හොඳටම අමාරුයි ;)

    ReplyDelete
  14. අම්මෝ ඔව් අක්කි... හිත් තෙරුම් ගන්න නම් පුදුම අමාරුයි. ඒ ගොඩක් අය හිතෙන දේ කියනව වෙනුවට හිතට හිතෙන දේ පැත්තක තියාගෙන, කියන්න ඕන දේ මොලේ කල්පනා කරලා කියන නිසා වෙන්න ඇති... අනේ මංදා

    ReplyDelete
  15. ආනේ නංගිත් ඇවිත්.බොහොම ආදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට.
    අනේ මංදා...පොදුවේ අනිත් අයගෙ හිත් කියන්නෙ මටනම් තේරුම් ගන්න අන්තිම අමාරු දෙයක් :(

    ReplyDelete
  16. පාට වෙනස් කරපු එක බලන ගමන් ආවේ...
    ඇත්තම ඇත්ත..කිසිම කෙනෙක්ව විස්වාස
    කරන්න හොඳ නැහැ..මාත් දන්නේ ලඟදි...

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ව 100%ක්ම තේරුම් ගන්න අමාරුයිනෙ.ඉතින් හරියට තේරුම් නොගෙන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කලාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්...

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)