"ඉක්මනට එන්න..පින්තූරයක් ගන්න"
දමාගෙන උපැස් යුවල
රතුවූ දෙනුවන් වැහෙන්න
ගහක් ලඟ හිටගෙන
අමාරුවෙන් සිනාවක් මවාගෙන
ගතිමි සේයාරුවක්...
"අනේ හරිම ලස්සනයි හිනාව"
ෆේස් බුක් එකේ කමෙන්ට්ස්, ලයික්ස් වැහි වැහැලා..
ඒත් ඉතින් මමනෙ දන්නෙ
ඔය හිනාව ඇතුලෙ හැංගිලා තියෙන
දුකක තරම...
I need someone......
-
I need a friend
to hold my hand when I am trembling
I need a companion
to help me when I am struggling
I need a mentor
to tell me what I should do
I need ...
10 years ago
ඒකනම් ඇත්ත.හිනාවෙලා ඉන්න හැමදෙනෙක්ම සතුටින් නෙවෙයි නේද ඉන්නෙ.එයාලගෙ හිතෙ සමහර වෙලාවට ගොඩක් වේදනාවන්, දුක හිතෙන මතකයන් වලින් පිරිල.එහෙම දුකක් හිතේ තියාගෙන අනිත් අය එක්ක හිනාවුනත්, ඒ දුක දන්නෙ තමන්ම විතරමයි...හ්ම්....
ReplyDeleteලස්සනට ලියල තියෙනවා...දිගටම ලියන්න මේ සිහින සුභ පතනවා!!!!!
හිතේ දුකක් තියෙද්දි ඒ දුක අනිත් අයට නොපෙනෙන්න හිනාවෙලා ඉන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්.
ReplyDeleteස්තූතියි සිහින ඇවිත් ශක්තියක් උනාට...
අපිට පෙන්නේ මුනේ තියෙන හිනාව විතරයි එත් හිතේ තියෙන දුක අපිට පේනවනම්.
ReplyDeleteකෙනෙක්ගෙ හිතේ හැංඟිලා තියෙන දුක පේනවනම් ඒ දුක බෙදා ගන්න බැරි උනත් අඩුම තරමෙ එයාට තවත් දුක් නොදී ඉන්නවත් අනිත් අයට හිතේවිනෙ...
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට......
මේ පැත්තට ආවමයි... ලස්සනට ලියල තියෙනවා වෙනස්ම අදහස් ටිකක්..ආයෙමත් එන්නම් සේරම ටික කියවල යන්න...
ReplyDeleteගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.... එහෙනම් ආයෙත් ඇවිත් පෝස්ට් ටික කියවන්නකො :)
ReplyDelete