කාලයක් මට සැරටම ක්‍රිකට් උණ තිබිලා ඒක හොඳ
උන හැටි ගැන පෝස්ට් එකක් ලිව්වට මේ ලියන්න යන්නේ ක්‍රිකට් ගැන නම් නෙවෙයි. හැබැයි
ක්‍රිකට් වලට ආදේශ කරලා මේ කථාව කියන්න හිතුනා.
සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෝ
ගත්තම එක එක විදිහේ අය ඉන්නවනෙ. සමහරු ක්‍රීඩා කරන්න ආපු ගමන් දර්ශණීය හයේ හතරේ
පහරවල් ගහලා ප්‍රේක්ශකයින් අමන්දානන්දයට පත් කරනවා..හැබැයි වැඩි වෙලාවක් ක්‍රීඩා
පිටියේ රැඳෙන්නෙ නෑ.
තවත් අය ඉන්නවා මුල ඉඳන්ම බොහොම අපූරුවට ක්‍රීඩා
කරන ගමන් නොදැවී දිගටම තරඟයේ රැදෙන.
ඔය අතරේ හයේ හතරේ පහරවල් ගහන්නෙම නැති ඉඳල
හිටල ලකුණක් දෙකක් ගහන අයත් නැත්තෙම නෑ.
බ්ලොග් ලෝකෙ ඉන්න අපිත් ඒ වගේ කියල වෙලාවකට
හිතෙනවා. සමහරු ඉන්නවා මුල් කාලේ ඉතාම හොඳ පෝස්ට් එක පිට එක දාලා ඒත් මොකක්දෝ
හේතුවකට ලියන එක එකපාරම නවත්තල දාන අය. ඇත්තටම මම අදටත් සමහරුන්ගෙ පරණ පෝස්ට්
කියවල හිතන්නෙ ඇයි මෙයාල ලියන එක නැවැත්තුවෙ කියල..ඒ තරම් ඒ ලිපි කියවන්න ආසා
හිතෙනවා.
ඒ වගේම තවත් සමහරු ඉන්නවා ලියන්න ගත්ත මුල්
කාලේ ඉදන් දිගටම බොහොම සිත් ඇදගන්නාසුලු ලිපි ලියල මේ බ්ලොග් ලෝකෙ හොඳ නමක්
දිනාගෙන ඉන්න අය.
ඊළඟට ඉන්නවා මං වගේ අය.. ඒ කිව්වෙ ක්‍රිකට්
වල නම් අර තුන් වෙනි කැටගරියට වැටෙන අය.
![]() |
meadedesigngroup.blogspot.com |
වත්ත වටේ ලොකු රවුමක් ගිහින් දැන් එමුකො
කියන්න හදපු කාරණාවට. මං මුලින්ම බ්ලොග් ලියන්න ආවෙ 2011 දෙසැම්බර් මාසෙ. එච්චර
කාලෙකට කලින් ආපු මම මේ ලියන්නෙ මගේ 50වෙනි පෝස්ට් එක. ඒත් එක්කම පටන් ගත්ත ඉංග්‍රීසි
බ්ලොග් එකට නම් යන්නත් බයයි මට. ඒකෙ බැඳිලා තියෙන කුණු දූවිලි අයින් කරන්නම සෑහෙන
කාලයක් යයි මට. :(
ඇයි මං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ?
කෙටියෙන්ම කිව්වොත් ලිවීම කියන දේට මගේ
තිබ්බ ආසාවට. ඒ වගේම කාලයක් තිස්සෙ තැන තැන කුරුටු ගාපු සිතිවිලි ටික එක තැනකට
ගේන්න තිබුනු ඕනෙකම. මගෙ කැම්පස් යාලුවෙක් උන නදීරගෙන් මුලින්ම බ්ලොග් කියල දෙයක්
තියෙනවා කියල දැනගත්ත ගමන් ඒකට ඇති වුන ආසාව නිසාම මාත් බ්ලොග් එකක් පටන් ගත්තා.
මුලින්ම මම ලියපු පෝස්ට් කියෙව්වෙ මායි මගේ
යාලුවයි විතරයි. ඊට පස්සෙ කීප දෙනෙක් මගේ බ්ලොග් එකට යන්න එන්න ගත්තා. මුලින් කවි
විතරක් දානවා කියල පටන් ගත්තට පස්සෙ මට හිතුනා බ්ලොග් එකකින් ඊට වඩා දෙයක් කරන්න
පුලුවන් නේද කියල..ඉතින් බ්ලොග් එක ඇතුලෙ විවිධත්වයක් ඇති කරන්න මං උත්සහ කලා.
ලියන්න කොච්චර ආසාව තිබ්බත් වෙලාව කියන එක
හැම වෙලාවෙම මගේ හරහට හිටියා. ඒත් කවදාවත් බ්ලොග් එක අතඇරලා දාන්න මට හිතුනේ නෑ.
ඉඳල හිටල හරි පුංචි දෙයක් හරි ලියලා යන්න මං බ්ලොග් එකට ආවා. ඒ වගේම බ්ලොග් කියවන
එක වගේම ඒවට අදහසක් එකතු කරන එකත් පුලුවන් විදිහට කරගෙන ගියා. ඇත්තටම බ්ලොගින්
කියන්නෙ හොඳ විනෝදාංශයක් කියල මට තේරුනා..මං ජීවිතේ ආසාවෙන් කරපු දේවල් අතරට
බ්ලොගින්ග් කියන එකත් එකතු උනා...
ආසාවක් තියෙනවා නම් ඕනම දෙයක් මොන බාධකයක්
එක්ක උනත් කරන්න පුලුවන් කියන එක මම හොඳින්ම තේරුම් ගත්තෙ මගේ බ්ලොග් එක හරහා.
කලින් කිව්වා වගෙ කාලය මොනතරම් හරස් උනත් පුලුවන් හැම වෙලාවෙම මාව බ්ලොග් එකට
ඇදිලා ආවෙ ඒ නිසා වෙන්න ඇති.
සමහරු කියනවනෙ හිට්ස් කමෙන්ට්ස් බ්ලොග් එකේ
පවැත්මට අතිශයින්ම වැදගත් කියලා. මං නෑ කියලම කියන්නෙ නෑ. ඒවගෙන් ලියන කෙනාට ලොකු
ශක්තියක් ලැබෙනවා..ලියන්න තව අලුත් අදහස් එකතු වෙනවා..
මගේ බ්ලොග් එක ගත්තොත් පෝස්ට් එකකට සාමාන්‍යයෙන්
එන්නෙ කීපදෙනයි..කමෙන්ට් කරන්නෙ සාමාන්‍යයෙන් 10-12 විතර. ඒකට ගොඩක් හේතු ඇති..මම
ලියන මාතෘකා, මං ලියන ශෛලිය,
මම දාන කමෙන්ට්ස්, මේ
වගේ හේතු ගොඩක් ඇති.. හැබැයි එහෙමයි කියල ඒ හේතු වෙනස් කරගන්න මං කවදාවත් උත්සහ
කලේ නෑ. මොකද මේ මම. මං ලියන හැම දෙයක්ම මගේ අත්දකීම් නොවුනට ඒ ලියන දේවල් ඇතුලෙ
චාම්ස් කියන කෙනාගෙ චරිත ලක්ශන ටිකක් හරි තියෙනවා. මගේ බ්ලොග් එක මම නොවන කෙනෙක්
වෙලා ලියන්න මට උවමනා නෑ. මම මමම වෙලා ලියන දේවල් කියවන්න එන එක්කෙනෙක් හරි ඉන්නව
නම් මට ඒක සතුටක්.
ලියන්න තියෙන මේ ආසාව තියෙනකම් හිත අද්දර
මොන මොනවා හරි ලියවේවී….ඉතින් එහෙම මම
ලියපු පෝස්ට් හතලිස් නමය කියවන්න එක සැරයක් හරි හිත අද්දරට ගොඩ වැදුනු හැමෝටම
බොහොමත්ම ස්තූතියි!!!!!
![]() |
www.gotheextramile.com.au |
තැන්කුයි වේවා හෙමින් බැට් කරන අය වැඩි කාලයක් නොදැවී ඉන්නව වගේම සමහර විට රෙකෝඩ් තියන්නත් හැකියි..
ReplyDeleteචාම්ස්ට කස්ටිය අඩු වෙන්න නං හේතුව ඔයා හුගක් බ්ලොග් වලට යන්න තරං වෙලාවක් නැති අයෙක් වීම වන්නත් ඇති. කොහොම උනත් චාම්ස්ගේ චාම් බවට මං කැමතියි.. ජය වේවා..
මගේ බ්ලොග් එක කියවන්න එකතු උන දවසේ ඉඳන් දිගටම හිත අද්දර රැඳෙනවට ගොඩක් ස්තූතියි දේශා.... :-h
Deleteඒ කියන්නේ මං ෆුල් ටයිම් ග්‍රවුන්ඩ් එකේ ඉදලා.. සන්තෝසයි.. හැක්..
Deleteg-)
Deleteනොදැවී රැස් කල අර්ධ ශතකයට අපෙනුත් උණුසුම් සුබ පැතුම් චාම්ස්. (y)
ReplyDeleteගොඩක් ස්තූතියි ප්‍රියා.... :)
Deleteහෆ් සෙන්චරියක් දැම්මට මොකද නෙට් රන් රේට් එකනම් සෑහෙන අන්තිමයි..
ReplyDeleteවිහිළුවක් කලේ.. ලියන්න තියෙන අමාරුව අපි නොදන්නවයි.. සුබ පැතුම්.. සෙන්චරිය ඉක්මනට දාන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ආයෙත් අහලා...ඉස්සරහට තවත් රන් රේට් එක අඩු වෙයි කියලයි මට බය...
දිනේශුත් මගේ බ්ලොග් එකට සෑහෙන කාලයක ඉඳන් යන එන කෙනෙක්නෙ..ගොඩක් ස්තූතියි ඒ සහයෝගයට.... :)
Deleteහෙමින් හෙමින් අර්ධශතකය කරා.... සුපිරි ඉනිමක්...
ReplyDeleteජය වේවා!!!
ගොඩක් ස්තූතියි විදානේ.... :)
Deleteඅර්ධ ශතකයටත් බ්ලොග් ලෝකේ තව දුර ගමනක් යන්නත් මගෙනුත් උණුසුම් සුබ පැතුම් !!!
ReplyDeleteගොඩක් ස්තූතියි තුශානි.... :)
Deleteබ්ලෙග් කරණය තුල සයිබරයේ දිගු ඉනිමක් ගොඩ නගන්න අපෙනුත් සුබ පැතුම්, ජය වේවා,
ReplyDeleteබොහොම ස්තූතියි සොඳුරු මිනිසා..... :)
Deleteසුබ පැතුම්! දිගට ම ලියමු හොඳේ!!!
ReplyDeleteතැන්ක් යූ දිලිනි... :)
Deleteගුරුසිංහ වගේනෙ බැට් කරල තියෙන්නෙ. :-)
ReplyDeleteකමක් නෑ ශතකයට යන්න සුභපැතුම්. පනහ ගැහුවම බෝලෙ පේන නිසා සීය ගහන්න පුළුවන් ඊට වැඩිය වේගයකින්
ඔව් ටිකක් ඒ වගෙනේ ;)
Deleteහ්ම් බලමුකො ඉස්සරහට එහෙම වෙයිද කියල...ස්තූතියි රාජ්!!! :)
චාම්ස් මමත් බ්ලොග් ලියන්න ගත්තේ දෙදාස් එකොලහේ මැද. ඒ මට හිතෙන හැටි වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකෙන්. ඔය කම්මැලි කම නම් මටත් තියෙනවා. නමුත් ඒක අමතක කරලා ලියන්න උත්සාහ කරනවා.
ReplyDeleteචාම්ස් ගැන කිව්වොත්. මම හිතන්නේ චාම්ස් කියන්නේ ටිකයි හොඳයි වර්ගයේ බ්ලොග් ලියන්නියක් කියලා. ඒ වගේම මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ මගේ දුව සහ බිරිඳ ඇරුණාම කමෙන්ට් කරන අනිත් කෙනා චාම්ස්. චාම්ස්ගේ කමෙන්ට් හැමදාම මට හොඳ ෆීඩ් බැක් එකක් දෙන කන්ස්ට්‍රක්ටිව් වර්ගයේ ඒවා වුන නිසා මම චාම්ස්ගේ කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. (එහෙම අය තව කීපදෙනෙක් ඉන්නවා)
අපි ඉංග්‍රීසි බ්ලොගේ සුද්ධ කරලා ගමු. මම නම් කොහොමත් මුලින් ඉංග්‍රීසි බ්ලොගේට ලියලා පස්සේ ඒක පරිවර්තනය කරන එකනේ කරන්නේ. ඒක හන්දා ඒක ලියවෙනවා. ඒත් කමෙන්ට් හිට්ස් අතින් නම් සිංහල කොපියට වඩා හුඟක් පිටිපස්සේ ඉන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඉංග්‍රීසියෙන් ලිවීම නවත්තන්න එපා. එහෙම ලියන අපි කීප දෙනයි ලංකාවේ බ්ලොග් අවකාසේ ඉන්නේ.
උණුසුම් සුභ පැතුම් චාම්ස්. මම දිගින් දිගටම ඔබේ සිංහල ඉංග්‍රීසි ලිපිත්, ඒ එක්කම කමෙන්‍ටුත් බලාපොරොත්තු වෙනවා.
මුලින්ම මේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි ඩූඩ්. It's really very encouraging :-h
Deleteඉංග්‍රීසි බ්ලොග් එක පැත්තෙ යන්නත් ඕනි..ඒත් තාම ඒකට හිත හදාගන්න බැරි උනා..මොකද ඒ බ්ලොග් එකත් එක්ක මගෙ ජීවිතේ වටිනාම කෙනෙක් බැඳිලා ඉන්න නිසා. ඉංග්‍රීසියෙන් මට ලියන්න දිරි ගැන්වූවෙ ඔහු..මං ලියන ඒවා, ඩූඩ්ලගෙ කමෙන්ට්ස් එහෙම කියවලා සතුටු උනේ ඔහු...ඉතින් ඔහු නැතුව ඒ පැත්තට යන්න හිත හදා ගන්න තාමත් මට අමාරුයි...
කොහොම උනත් හිට්ස් කමෙන්ට්ස් ගැන කියනවා නම් ඒ බ්ලොග් එකෙයි මේකෙයි වැඩි වෙනසක් නෑ ඩූඩ්. ඒත් මට ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි..ඩූඩ් වගේ දෙතුන් දෙනෙක් ඇවිත් දාන ඒ කමෙන්ට්ස් කීපය මට හොඳටම ඇති
ආයෙත් වතාවක් මේ අගය කිරීමට ගොඩක් ස්තූතියි ඩූඩ්... :)
හැක්ස අපි නම් කියෙව්වා ඔන්න , නොදැවී පනහයි කිව්වම මම හිතුවේ චාම්ස් ට දැන් වයස පනහයි කියලා .... ඔන්න සුබපැතුම් දිගටම ලියන්න
ReplyDeleteපිස්සුද ඉවාන්..ඔන්න තව අවුරුදු හතලිහකින් විතර නම් එහෙම කිව්වැකි.... :P
Deleteබොහොම ස්තූතියි සුභ පැතුවට... :)
50ට සුබ පැතුම්! අපි ඉතින් දැන් ඉදලා හිටලා යන කොටසෙනේ! හි හි
ReplyDeleteගොඩක් ස්තූතියි ඉශාන්... :)
Deleteඒකනෙ :(
සුබ පැතුම්!
ReplyDeleteගොඩක් ස්තූතියි කකා..... :)
Delete