![]() |
http://sports-pictures.feedio.net/ |
පොඩි කාලෙ ඉඳන්ම මගෙ කැමතිම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. පුංචිම කාලේ ප්ලාස්ටික් බැට් එකකුයි බෝලෙකුයි තියාගෙන ක්‍රිකට් ගහපු මට ටිකක් ලොකු කාලෙදි මාමා ටිකක් බර ලී බැට් එකක් අරන් දුන්නා.රබර් බෝලෙ බිත්තියට ගහල ඒක ආපහු බම්ප් වෙලා එනකොට බැට් එකෙන් ගහල තමයි මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ උනේ

පස්සෙ කාලෙක ඉස්කෝලෙදි
පොඩි ඉඩක් හරි ලබුන ගමන් යාලුවොත් එක්ක ග්‍රවුන්ඩ් එකට දුවන්නෙ ක්‍රිකට් ගහන්න. ඒ
කාලේ අපේ ඉස්කෝලෙ කාන්තා ක්‍රිකට් ටීම් එකක් තිබ්බෙ නැති උනත් කොහෙන් හරි ලී
කෑල්ලක්
හොයාගෙන කඩදාසි ගුලි කරල හදාගත්ත බෝල වලින් අපි දිගටම පුහුණුවීම් කලා. O/L වගේම A/L විභාග දවස් වලත් හෙට
විභාගෙ තියෙද්දි අද රෑ වෙනකනුත් මැච් බැලුව විතරක් නෙවෙයි එක දවසක් ක්‍රිකට් මැච්
එකක් බලන්න යන්න ඕන කියල ටියුෂන් ක්ලාස් එකෙන් කලින් එන්න ගිහින් ටීච ගෙන්
බැනුමුත් ඇහුවා

හැබැයි ක්‍රිකට් වලට කොයි තරම් ආසාවක් තිබ්බත් කවදාවත්ම හරි හමන්
ක්‍රිකට් මැච් එකක් ගහන්න හම්බ උනේ නෑ. කැම්පස් ආවට පස්සෙ උනත් වැඩිය ක්‍රීඩා
පැත්තට යොමු උනේ නැති නිසා ක්‍රිකට් ගහන්න චාන්ස් එකක් ලැබුනෙම නෑ. කවදාවත්ම මට ක්‍රිකට්
ගහන්න ලැබෙන එකක් නෑ කියල හිතුනත් දෛවය මට එච්චරම
කුරිරු වෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ හරි මට පොඩි අවස්ථාවක් දෙන්න තීරණය කරල
තිබ්බා.
කැම්පස් එකෙන් අයින්
වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ ජූනියර්ස්ල අපිත් එක්ක සුහද ක්‍රිකට් තරඟයක්
පැවැත්තුව. ටීම් එකකට ගෑණු පිරිමි දෙගොල්ලම ඇතුලත්. හැබැයි අපේ සමහර
ගෑණු ළමයි ටිකක් අදිමදි කරනව වැඩේට. හිත යටින් කොච්චර ආසාවක් තිබ්බත්
මට තනියම
යන්නත් මොකක්ද වගේ. කොහොම හරි මගේ යාලුවත් වැඩේට කැමති උන නිසා ඔන්න අපිත් දැන්
ටීම් එකට ඇතුලත් උනා.
අපේ ටීම් එකේ කැප්ටන්
කාසියේ වාසිය දින්න. අපි තමයි මුලින් පන්දුවට පහරදෙන්නෙ. හැබැයි නීති රීති ටිකක්
වෙනස්. ගෑණු ළමයින්ට රනර් (runner) කෙනෙක් දෙනව..එතකොට අපිට තියෙන්නෙ බැට් කරන්න විතරයි.
අපිට බෝල් කරන්නෙත් මහ අමුතු විදිහකට. බෝලෙ බිම දිගේ තමයි එවන්නෙ.
කොහොම හරි ඉතින් මැච් එකත් පටන් ගත්තා. මුලින්ම අපේ බැච් එකේ කෙනෙකුයි ජූනියර්
මල්ලිකෙනෙකුයි තමයි ඕපනින් ගියේ. ටිකකින් මල්ලි අවුට් උනා.
ඊළඟට මගේ
යාලුව ගියා. එයා අවුට් උනාම යන්න ඉන්නෙ මම. දැන් මගේ පපුව ගැහෙන වේගේ වැඩි. ඇයි
අනේ ජීවිතේ කොයි තරම් කාලයක් තිස්සෙ ආසාවෙන් බලාගෙන හිටිය මොහොතක්ද මේ… මෙච්චර කාලයක් ටීවී එකෙන් මැච් බලද්දි අපේ
ක්‍රිකටර්ස්ලට
මං හිතින් දුන්න උපදෙස් ඔක්කොම මතක් කරගත්ත.
එතකොට තමයි මට මතක් උනේ මම කොන්ඩෙ කඩාගෙන ඉන්නෙ කියල. හැමෝගෙන්ම අඩුම ගානෙ රබර් බෑන්ඩ් එකක්වත් තියෙන්වද කියල ඇහුවත් හොයාගන්න බැරි උනා. මාර වැඩේ..මූණට කොන්ඩෙ වැටෙද්දි කොහොමද ක්‍රිකට් ගහන්නෙ? වැඩිය ඒ ගැන හිතන්න උනේ නැත්තෙ මගෙ යාලුව අවුට් උන නිසා. දැන් ඔන්න එයාගෙන් බැට් එකත් ඉල්ලගෙන මං පිටිය මැදට ගියා. කට්ටිය බලාගෙන ඉන්නව දකින කොට කලින් හිතට ආපු කික් එක කොහෙන් ගියාද නෑ. කොහොම හරි බයෙන් බයෙන් කොන්ඩෙත් පුලුවන් විදිහට හදාගෙන ඔන්න මම සූදානම් ප්‍රථම පන්දුවට මූණදෙන්න.
එතකොට තමයි මට මතක් උනේ මම කොන්ඩෙ කඩාගෙන ඉන්නෙ කියල. හැමෝගෙන්ම අඩුම ගානෙ රබර් බෑන්ඩ් එකක්වත් තියෙන්වද කියල ඇහුවත් හොයාගන්න බැරි උනා. මාර වැඩේ..මූණට කොන්ඩෙ වැටෙද්දි කොහොමද ක්‍රිකට් ගහන්නෙ? වැඩිය ඒ ගැන හිතන්න උනේ නැත්තෙ මගෙ යාලුව අවුට් උන නිසා. දැන් ඔන්න එයාගෙන් බැට් එකත් ඉල්ලගෙන මං පිටිය මැදට ගියා. කට්ටිය බලාගෙන ඉන්නව දකින කොට කලින් හිතට ආපු කික් එක කොහෙන් ගියාද නෑ. කොහොම හරි බයෙන් බයෙන් කොන්ඩෙත් පුලුවන් විදිහට හදාගෙන ඔන්න මම සූදානම් ප්‍රථම පන්දුවට මූණදෙන්න.
ඔන්න පන්දුයවන්නා දිව එනවා ...
එක පාරටම එයා බෝලෙ බිම දිගේ එවුවා. මේ ක්‍රමේ හදල තියෙන්නේ ගෑණු ළමයින්ගෙ යහපතට කියල කිව්වට මට නම් ඒ විදිහ තරම් අමාරු නැතුව ඇති කියල හිතුනා යෝකර් එකක් එවන එක. බිම දිගේ එන බෝලෙකට කොහොම ගහන්නද. පළවෙනි බෝලට ළකුණු නෑ. නිකන් පොළවට බැට් එකෙන් ගහල දූවිලි ඇවිස්සුනා විතරයි. පීඩනයත් ටිකක් වැඩි උනා ඒකෙන්. කමක් නෑ..ඊළඟ එකට ගහන්නම් කියල හිටිය. කලින් වගේම බිම දිගේ ආවත් මේසැරේ නම් යන්තම් බෝලෙ ටිකක් දුරට යවාගන්න පුලුවන් උනා. මට මාර සතුටුයි. කොහොම හරි මේකට රන් එකක් ගන්නව කියල හිතාගෙන ඔන්න මම දුවනව. එතකොටම කට්ටිය කෑ ගහන සද්දෙත් ඇහෙනව. මට චියර් කරනව වෙන්න ඇති කියල හිතාගෙන මම තවත් හයියෙන් දිව්වා. ඔන්න කොහොම හරි ළකුණක් ගත්ත. ළකුණක් ගත්ත නිසා බය ටිකක් අඩු වෙලා, පොඩ්ඩක් වටපිට බලද්දි කට්ටියගෙ මූණෙ තිබ්බ හිනාව මට වැඩිය ඇල්ලුවෙ නෑ. එතකොටම ඔන්න අනිත් අන්තයේ හිටිය කෙනා ඇවිත් මට කියනව
"ඔයා දුවන්න ඕන නෑ. අර
මල්ලිනෙ ඔයා වෙනුවෙන් දුවන්නෙ"
හැබෑටම එතකොටයි රනර්
කෙනෙක් ඉන්නව කියල මතක් උනේ. ලැජ්ජාවෙ බෑ.
කට්ටිය මං දුවද්දි කෑගහල තියෙන්නෙ දුවන්න එපා කියන්න.
කවුද ඒක
දන්නෙ.. මං හිතුවෙ මට
චියර් කරනව කියලනෙ.

ඒ පාර ඉතින් මං ඇවිත් අනිත් අන්තෙට වෙලා හිටියා.
අනිත් පැත්තෙ
බැට් කරපු කෙනා ඔන්න ළකුනකට දුවනව. මගේ පැත්තෙ ඉන්න මගෙ රනර් මල්ලිත් දුවනව..මං
බලන් ඉන්නව.... :(
කොහොමත් ටී වී එකේ යන
මැච් එකක උනත් මේ රනර් කෙනෙක් දාන වැඩේ මට ටිකක් පැටලෙනව. එහෙවු එකේ මංගල තරඟෙදිම
ඒ අභියෝගයට මූනදෙන්නත් උනාම ටිකක් අවුල්. කමක් නෑ… ආයෙ ඉතින් ජීවිතේටම ක්‍රිකට්
ගහන්න වෙන එකක් නැනෙ....ඉතින් ඒ
අත්දැකීමත් තියෙන එක හොඳයි නෙ කියල හිත හදාගත්ත.
කොහොම හරි ඔය විදිහට
මගේ ලකුනු සංඛ්‍යාව හතර දක්වා ඉහල ගියා. දැන් ටිකක් වැඩේ පුරුදුයි. දැන් ආයෙත්
පන්දුවට පහර දෙන්න ඉන්නෙ මම. ඒ බෝලෙට නම් වැඩිය දුරට යන්න ගහන්න බැරි උනා.
කෙලින්ම
ෆීල්ඩර් කෙනෙක් ගාවටමයි ගියේ. ළකුනක් ගන්න බෑනෙ කියල හිතනකොටම මෙන්න මගේ
රනර් දුවනව
ඒඋනත් අනිත් පැත්තෙ හිටිය කෙනා දිව්වෙ නෑ. එතනින් එහාට උන දේ කියන්න ඕන නැනෙ. මම අවුට්. ඇත්තටම ඒ වෙලාවෙ හිතට ආපු දුක කියන්න බැරි තරම්. මතක ඇති කාලෙක ඉඳන් පෙරුම් පුරල ලබාගත්ත අවස්ථාවක්, ආයෙමත් ජීවිතේට නොලැබෙන්න ඉඩ තියෙන අවස්ථාවක් නොහිතූ විදිහට කෙලවර උනාම දුක නැත්තෙ කාටද?

ඒඋනත් අනිත් පැත්තෙ හිටිය කෙනා දිව්වෙ නෑ. එතනින් එහාට උන දේ කියන්න ඕන නැනෙ. මම අවුට්. ඇත්තටම ඒ වෙලාවෙ හිතට ආපු දුක කියන්න බැරි තරම්. මතක ඇති කාලෙක ඉඳන් පෙරුම් පුරල ලබාගත්ත අවස්ථාවක්, ආයෙමත් ජීවිතේට නොලැබෙන්න ඉඩ තියෙන අවස්ථාවක් නොහිතූ විදිහට කෙලවර උනාම දුක නැත්තෙ කාටද?
"අනේ අක්කෙ සොරි මම එතන
ෆීල්ඩර් කෙනෙක් ඉන්නව දැක්කෙ නෑනෙ" කියල අර මගෙ රනර් මල්ලි ඇවිත් කිව්වම
"ආ ඒකට කමක් නෑ මල්ලි" කියල කිව්වත්, මගේ ක්‍රීඩා ජීවිතේ ප්‍රථම සහ අවසාන ඉනිම ළකුණු හතරකට සීමා කරන්න උන දුක නම් සෑහෙන දවසක් යනකන් හිතේ තිබ්බා

හපොයි ඔච්චර ආසද චම්ස් ක්‍රිකට් වලට ? මාත් ඉස්සර තනියම
ReplyDeleteතමා ක්‍රිකට් ගහන්නේ ..ගෙවල් ළඟ හැමෝම මට වඩා අවුරුදු
15 විතර වැඩි මල් ..මම තමයි පුංචිම ..ඉතින් අර අයියල එක්ක
ගහන්න බැහැ ..තනියම ගහනවා ගෙදර ඇවිත් බිත්තියට බෝලේ
දදා .. ලොකු වෙනකොට මට දුර පෙනීම අඩු නිසා හරියට බෝලේ
එනවා පේන්නේ නැහැ ..කණ්නාඩි දාගෙන ගහන්න බැහැ .. ඔය
වගේ හේතු නිසා ක්‍රිකට් මටත් මිස් උනා ..මේ ලඟදි මීරිගම ආව
වෙලාවේ නම් ක්‍රිකට් ගැහුවා හිතේ හැටියට ..
ඔව් ඒ දවස් වල මම ක්‍රිකට් වලට ගොඩක් ආසයි සහන්..දැන් නම් එච්චරම නෑ.
Deleteමාත් ගොඩක් වෙලාවට පුංචි කාලෙ තනියම තමයි ක්‍රිකට් ගැහුවෙ..
හි හී..මගේ ක්‍රිකට් පිස්සුව ඉගෙනගන්න වැඩ නිසා ටිකක් අඩාලයි, නැත්තම් ලංකාවේ ඉන්නකොට හැමදාම හවසට, සති අන්තේ දවස පුරාම කොල්ලො වගේ ක්‍රිකට් ගහන පිස්සෙක් තමයි මමත් :p
Deleteඅක්කා වගේම මමත් ඉස්සර තනියම තමයි ක්‍රිකට් ගැහුවේ... මොකද අපි පුංචි නිසා අයියලා අපිව තරඟවලට ගන්නේ නෑ. :)
@වකා: ආ මෙන්න මගේ ජාතියේ තවත් එක්කෙනෙක් :D එක අතකින් තනියම ක්‍රිකට් ගහන එකත් හොඳයි නංගි...කට්ටිය එක්ක ගහන්න ගිහින්නෙ මට මේ සන්තෑසිය උනේ :(
Deleteහෆූ.. ඔහොම දෙයක් වුණාම පොළොවේ අඩි කිපයක විතර වළක් හාරාගෙන සදහටම හැංගිලා ඉන්න ඕනැ කියලා මට දැනෙන හැගීම ඔයාටත් එහෙමම දැනෙනව ඇති නෙහ්?කොහොම වෙතත් මම නම් ක්‍රිකට් වලට එච්චර මනාපයක් නෑ!
ReplyDeleteඅර රනර් ඉන්දැද්දි මම දිව්ව වෙලේනම් මටත් එහෙම හිතුන
Deleteහැබෑටම එතකොටයි රනර් කෙනෙක් ඉන්නව කියල මතක් උනේ. ලැජ්ජාවෙ බෑ. කට්ටිය මං දුවද්දි කෑගහල තියෙන්නෙ දුවන්න එපා කියන්න. කවුද ඒක දන්නෙ.. මං හිතුවෙ මට චියර් කරනව කියලනෙ.
ReplyDeletehi hi y-)y-)soi weda thamai oyatath wenne...hmmmm mamath tikak cricketwalata asai
ඒකනේ රෙහානි මටමයි වෙන්නෙ :( හැබැයි දැන් නම් මතක් වෙනකොටත් හිනා යනව :D
Delete//"ඔයා දුවන්න ඕන නෑ. අර මල්ලිනෙ ඔයා වෙනුවෙන් දුවන්නෙ"// පෝස්ට් එක කියවගෙන එද්දී මටත් මේක අමතක වෙලා තිබුනේ. :)
ReplyDeleteමාත් ඉස්සර නම් ක්‍රිකට් සෙල්ලම් කළා. සහන් වගේ තනියම බැට් කළා. විකට් හිටවල තනි ඉන්නට බෝල් කළා. අපිට ලොකු මිදුලක් තිබුනා. ඒකෙ තමයි ඕවා කලේ. පස්සේ හවසට ගමේ කොල්ලොත් එක්ක ඉස්කෝලේ පිට්ටනියට ගිහින් බෝලේ පේන්නේ නැති වෙන ගානට අඳුර වැටෙනකල්ම සෙල්ලම් කළා. පස්සේ පස්සේ මට ඒක එපා වුනා. මැච් නම් බලන්නෙම නෑ දැන්.
මටත් ඒ කියනකම්ම රනර් ගැන සම්පූර්ණයෙන්ම අමතක උනා අයියෙ. මාත් දැන් නම් මැච් බලනව ගොඩක්ම අඩුයි.මේ ලඟදි තිබ්බ එක මැච් එකක්වත් බැලුවෙ නෑ. ඒත් කාලෙකට කලින් නම් මැච් බලන්න ලොකු කැමැත්තක් තිබුනා...
Deleteපොඩි කාලේ විතරක් නෙමෙයි, මම දැනුත් ආස යි ක්‍රිකට් ගහන්න. :) හ්ම්ම්, ඉස්සර අපේ ටීම් එකේ කොල්ලෝ 3 දෙනෙ යි මම යි තමයි හිටියේ. මමත් ඉතින් කොල්ලා වගේ නිසා වෙනස් කොට සැලකීම් නැහැ. තාමත් ඉතින් අපි 4 දෙනා ඉඳලා හිටලා ක්‍රිකට් ගහනවා. ඒත් කට්ටිය ඔක්කොම වගේ දැන් ඉගෙනීමේ වැඩවලට හිර වෙලා නිසා කලාතුරකින් තමයි මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ, :'(
ReplyDeleteමාත් එක්ක ක්‍රිකට් ගහන්න කවුරුත් හිටියෙ නෑ. සමහර වෙලාවට ගෙදර කට්ටිය බෝල් කලා...ඒත් ගොඩක් වෙලාවට මම නම් පොඩි කාලෙ තනියම තමයි සෙල්ලම් කලේ. ඒ අතින් ඔයා ලකී :)
Deleteකැම්පස් එකේදි අපිත් සංවිධානය කලා ක්‍රිකට් තරගාවලියක්. කොන්දේසි දෙකයි තිබුනෙ. එක ටීම් එකකට කෙල්ලො දෙන්නෙක්වත් ගන්න ඕන. කෙල්ලන්ට වේග පන්දු යවන්නත් බෑ. අපේ එකෙක් හිටිය සැරට බෝල් කරන. ඌට විරුද්ධව අපි කෙල්ලෙක් එවුවෙ. මාර ආතල් එකක් ගත්ත ඒ තරගාවලියෙන්.
ReplyDeleteඅපිට එවපු පන්දු වලට නම් මොන පන්දු කියන්නද මන්ද. ඒව වේග පන්දුත් නෙවෙයි දඟ පන්දුත් නෙවෙයි. බලාගෙන ඉන්න අයට නම් ජොලි ඇති ඒ උනාට ඒ බෝල වලට බැට් කරන්න යන අයට තමයි ඇඬෙන්නෙ :((
Deleteරාජ් හිත අද්දරට ආපු පළවෙනි වතාව නේද? ඔයාව සාදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට :-h
ෂා බලනකොට චාම්ස් ලංකා කාන්තා ක්‍රිකට් ටීම් එකට යවන්න වටින කෙනෙක්නෙ. මාත් සාමාන්‍ය පෙලට එනකල් දවසේ ලොකුම රාජකාරිය වුනේ ක්‍රිකට් ගැහිල්ල තමා.
ReplyDeleteඒකනේ ගිමන්...ඔයාට විතරයි තේරුනෙ :D
Deleteමට නම් වැඩිය ක්‍රිකට් ගහන්න හම්බ වෙලා නෑ. ක්‍රිකට් මැච් බලන එක තමයි වැඩිපුර කලේ..දැන් නම් ඒකත් සෑහෙන්න අඩුයි.
"රබර් බෝලෙ බිත්තියට ගහල ඒක ආපහු බම්ප් වෙලා එනකොට බැට් එකෙන් ගහල තමයි මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ උනේ"
ReplyDeleteමේ මාත් එහෙමලු ඉතින්.. පරණ දේවල් ගොඩක් මතක් උනා මේක කියවන් යද්දී..
හ්ම්ම්ම් බලාගෙන ගියාම ගොඩක් අය එහෙම තමයි නේද?
Deleteලකුණු 4ක් මදිද ඉතිං..... ඕකනෙ කියන්නෙ ගෑණු අයට ලද දෙයින් සතුටු වෙන්න බෑනේ :(
ReplyDeleteළකුණු හතරක් අරන් මොනව කරන්නද? අඩුම ගානෙ අර්ධ ශතකයක්වත් ගැහුවනම් සෑහීමකට පත්වෙන්න තිබුනා :(
Deleteමම හිතුවේ ගෑණු ළමයි ක්‍රිකට් එක්ක විරුද්ධයි කියලනේ. බලද්දි චම්ස් සෑහෙන්න වෙනස් ඒ අතින්. කැම්පස් එකේ කරන ටූනමන්ට් වල ගෑණුලමයෙක් ඕවරයක් බෝල් කරන්නත් ඕන... ඒකත් නියම වැඩේ!
ReplyDeleteබෝල් කරන්නත් තිබ්බ නම් හොඳයි..ඒත් ඉතින් මට බෝල් කරන්න බෑ නෙ..බැට් කරන්නත් බෑ තමයි ඉතින්
Deleteඅනේ අපොයි.. අපේ නම් නිතර ම කෙල්ලොන්ටත් සෙල්ලම් කරන්න ලැබෙන විදියේ තරඟ තියෙනවා. අනිත් එක A/L කරලා, කැම්පස් යනකම් හිටපු කාලේ, අපි සෙල්ලම් කරද්දී කෙල්ලොත් අපි එක්ක සෙල්ලම් කළා. සමහර අය නම් හිතනවට වඩා හොඳ ක්‍රීඩිකාවෝ!!
ReplyDeleteකමක් නෑ අක්කේ.. මොනවා කරන්න ද? ආයෙත් අවස්ථාවක් ලැබෙනකම් බලන් ඉන්න වෙනවා!!
ආයෙ නම් අවස්ථාවක් ලැබෙන එකක් නැතිවෙයි මල්ලි..දුක තමයි :(
Deleteඅයියෝ තව අවස්තාවක් එනවා අක්කා.. දුක් වෙන්න එපා. :D
ReplyDeleteමමනම් ක්‍රිකට් වලට එච්චර කැමති නැහැ :P
දැන්නම් එච්චර ගාණක් නෑ මල්ලියො...දැන් වැඩිය ක්‍රිකට් ගැන උනන්දුවකුත් නෑ මගෙ :)
Deleteඅපෝ.. පරාජය බාරඅරන් වගේ :( ...
Deleteබලාපොරොත්තු තමා අපිව සාර්ථකව ජිවත් කරවන්නේ. බලාපොරොත්තු නැති ජීවිතය. කාන්තාරයක ඇවිදිනවා වගේ. කවද කොතැනදී වෙනසක් (වටිනා දෙයක්) හම්බෙයිද කියල කවුරුත්ම දන්නේ නැහැ.
(වැඩේ කියන්නේ තාම බලාපොරොත්තු ඉටුකරගන්න බැරි උනානේ :( ;) )
පරාජය බාරගත්තම නෙවෙයි..කොහොම හරි එක පාරක් හරි ක්‍රිකට් ගැහුවනෙ ඉතින් :P
Delete(බලාපොරොත්තු අත්හැර ගන්න එපා මල්ලි..තව මහන්සි වෙලා ඒවා ඉටු කරගන්න උත්සහ කරන්න :) )
හ්ම්ම් .. තැන්ක්ස් අක්කි. :-f උත්සාහය නම් අතඅරින්නේ නැහැ. එත් ඉස්සර උනන්දුව අඩුවෙලා වගේ. :-? ඒකාකාරී ජිවිත :-O අපිට ගැලපෙන්නේ නැහැ..
Deleteසමහර වෙලාවට අපි හිතන විදිහටම බලාපොරොත්තු ඉටු නොවුනම ඒ ගැන තියෙන උනන්දුව අඩු වෙනව තමයි මල්ලි. ඒත් උත්සහය අත්නොහරින තාක් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවස්ථාව තියනව :)
Deleteබලාපොරොත්තු ඉටුකරගෙන කියන්නම්කො ;) ලගදීම හරියාවි :-h
Delete