Ads 468x60px

Sunday, March 09, 2014

YouTube පැත්තෙ ගිහින් වීඩියෝ එකක් අරන් එන්න



යන්තම් හිත හදා ගෙන සතියකට සැරයක් වත් පෝස්ට් එකක් ලියනවා කියල ලෑස්ති උනාට මගේ බ්ලොග් එකේ තියෙන භූමි දෝසෙ හින්ද්ද මංදා ඒ වැඩේ හරියට කෙරෙන්නෙම නෑ. හැබැයි ඉතින් අනිත් අතට බ්ලොග් එක ලියනවා කියන්නෙ විනෝදාංශයක් එහෙමත් නැත්තන් පොඩ්ඩක් හිත නිදහස් කරගන්න කරන දෙයක් නිසා ඒක ඔලුවට වධයක් කරගන්න එක තේරුමක් නෑනෙ. ඒ නිසා වෙලාව තියෙන විදිහට ඔය පොඩ්ඩක් මොනව හරි ලියල යනවා කියල තමයි දැන් හිතාගෙන ඉන්නෙ.

ඇත්තටම පහුගිය ටිකේ නම් සෑහෙන වැඩ වැටුනා. පෝස්ට් ටිකක් කියවගන්න හරි පුලුවන් උනේ මේ ඊයේ පෙරේදා. මීට ටික දවසකට කලින් ඇඩ් හොක් (ad hoc) නෙට්වර්ක් එකක් හදාගන්න හැටි ගැන පෝස්ට් එකක් දාන්න ස්ක්‍රීන් ශොට්ස් ටිකක් එහෙම ගහගෙන ලෑස්ති උනත් ඒකවත් පිළිවෙලකට කරගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා ඒ පොස්ට් එක දාන එක දින නියමයක් නොමැතිව කල් දාල අද මේ පෝස්ට් එක ලියන්න හිතුවා.

මේ කථා කරන්න යන්නෙ එදිනෙදා ජීවිතයේ අන්තර්ජාල භාවිතයේදි උදව්වෙන දෙයක් ගැන.

සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට යූ ටියුබ් එක පැත්තෙ යැවෙනවනෙ. එහෙම ගියාම සමහර වෙලාවට ඒකෙ තියෙන වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒ වෙලාවට අපි මොකක් හරි මෘදුකාංගයක්/add on එකක් මාර්ගයෙන් තමයි ඒ බාගත කිරීම කරන්නෙ.
අපි අපේ පරිඝනකයෙන් එහෙම දෙයක් කරද්දි නම් ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඕනකරන මෘදුකාංග අපි කොහොමත් ඉන්ස්ටෝල් කරල තියෙන නිසා. හැබැයි යූ ටියුබ් වීඩියෝවක් බාගත කරන්න ඕන කරන මෘදුකාංග නැති පරිඝනකයකින් බාගත කිරීමක් කරන්න ගියාම ටිකක් අමාරුවෙ වැටෙනවනෙ...හැබැයි මේ ක්‍රමෙන් ලේසියෙන්ම කිසිම මෘදුකාංගයක් නැතුව ඒ වැඩේ කරන්න පුලුවන්.

මුලින්ම තමන්ට ඕන කරන වීඩියෝව යූ ටියුබ් එකෙන් ඕපන් කර ගන්න.



ඊළඟට ඒ වීඩියෝ එකේ URL එකෙන් https://WWW. කියන කොටස ඉවත් කරන්න.


දැන් ඒ වෙනුවට ss කියන අකුරු දෙක එතන ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.



දැන් ඔයාව වෙන සයිට් එකකටයැවෙයි. 


මේ savefrom.net කියන සයිට් එක හරහා තමයි අපිට ඕන වීඩියෝව බාගත කරගන්න පුලුවන් වෙන්නෙ.

දැන් අපිට අවශ්‍ය කරන ෆෝර්මැට් එක දීල ඩවුන්ලෝඩ් කියල දෙන්න විතරයි තියෙන්නෙ.



මේ ක්‍රමේ ගොඩක් අය දන්නවා ඇති. බොහොම පහසුවෙන් අපිට ඕන කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ක්‍රමයෙන් පුලුවන්. යූ ටියුබ් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න දෙන මේ විදිහෙ තවත් සයිට්ස් තියෙනවා. හැබැයි මම මුලින්ම දැනගත්තෙ මේ සයිට් එක ගැන. ඒ නිසා මම නම් පාවිච්චි කරන්නෙ මේක.. ලේසියි....සරලයි.  :)

එහෙනම් මං ගියා.....

27 comments:

  1. ඕක මරු.. මමත් පාවිච්චි කරන්නේ ඕක..

    ReplyDelete
  2. අනෙ අම්මෝ එක ෆිල්ම් එකක සිංදුවක් බාගන්න මන් විදපු දුකක් එක පාරක් යූ බටෙන්.

    මේවා දැනගෙන ඉන්න තරමට වටිනවා. ස්තූතියි චාම්ස්.

    ReplyDelete
    Replies
    1. මේ විදිහ ලේසියි...කරල බලන්නකෝ :)

      Delete
  3. මාත් ඕක තමයි කරන්නෙ. ඒක හරි පහසුයි. https://WWW. තියෙද්දි වුනත් ඩොට් එකෙන් පස්සෙ ss දුන්නම හරි නේද ?

    ReplyDelete
    Replies
    1. චන්දන අයියා කිව්වට පස්සෙ තමයි මාත් එහෙම කරල බැලුවෙ. ඔව් එහෙමත් කරන්න පුලුවන් තමයි [im] http://www.banglatorrents.com/images/smilies/btnew/boththumbsup.gif [/im]

      Delete
  4. දීපු තොරතුරට හුඟක් ස්තූතියි.. මේ ගැන මම කලින් දැනගෙන හිටියෙ නෑ..

    වෙලාව තියෙන විදිහට කොහොමහරි දිගටම ලියන්නත් උත්සාහ කරන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශ් පුලුවන් විදිහට ලියන්න බලනවා :)

      Delete
  5. මාත් ඕක කරනවෝ... වැදගත් වෙයි ගොඩක් අයට.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා දිලිනි :)

      Delete
  6. මාත් කරන්නෙ ඕක තමයි

    ReplyDelete
  7. ඩවුන්ලෝඩ් කරන්න නම් පුලුවන් ඒත් ඩේටා යන එකනෙ වැඩේ.
    මම නම් freedownloader,youtubedownloader වගේ ඇප් තමයි පාවිච්චි කරන්නෙ.මේවා සේරම free portable version තියෙන නිසා පහසුයි. අනිත් එක ඩවුන්ලෝඩ් වේගයත් මේ ඇප් වල වැඩියි.

    අනිත් වැදගත් දේ තමයි ඔය සයිට් එක හරහා metacafe,rapid share වගේ ශෙයාරින් සයිට් වල ඒවත් ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සඳරු ශෙයාරින් සයිට්ස් වල තියෙන ඒවත් මේ සයිට් එකෙන් ගන්න පුලුවන් [im] http://www.banglatorrents.com/images/smilies/btnew/working.gif [/im]

      Delete
  8. තැන්කු අක්කො.. මම මේ වගෙ සයිට්ස් කීපෙකට ගියා.ඒත් සාර්ථක ව ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා.ලොකූ උදව්වක් කළේ.. ඔයාට ඒ පිනෙන් ලබන ආත්මෙදි වීඩියෝ ෂොප් එකක මුදලාලි කෙනෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...)))

    ReplyDelete
    Replies
    1. යූ ආ වෙල්කම් කිව්වා [im]http://www.banglatorrents.com/images/smilies/btnew/welcomeani.gif [/im]

      මේ විදිහෙන් නම් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නංගා. කරලා බලන්නකෝ..

      ඒකටත් ලබන ආත්මෙ වෙනකන් ඉන්න වෙනවද...මේ ආත්මෙ මොකුත් කරගන්න බැරිවෙයිද දන්නෙ නෑනේ? [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_deep_thinking.gif [/im]

      Delete
  9. මම මෙච්චර දවසක් පාවිච්චී කලේ youtube downloder එක.. බලමු මේකත් ට්‍රයි එකක් දීලා..

    ReplyDelete
    Replies
    1. මාත් කලින් ඒක පාවිච්චි කලා. ඒත් මට මේ විදිහ ලේසියි ඒකට වඩා :)

      Delete
  10. තවත් කම්මැලියෙක් මුන ගැසීම ගැන සතු‍ටුයි. මටත් ඔය කම්මැලිකමමයි ගහලා තියෙන්නේ. පෝස්ට් එකක් හිර වෙලා තියෙන්නේ. බලං ගියාම මාත් ඔය විදියටම නිදහසට කරුණු හොයලා නිකම් ඉන්නවා.


    පෝස්ට් එක ගැන කිව්වොත්, ඈත්තෙන්ම මේක මතක තියාගන්න අමාරුත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Join the club dude d-) මාත් ඒත් බැලුවා මොකද ඩූඩ්ගෙන් අලුත් පෝස්ට් නැත්තෙ කියලා. එහෙනම් ඩූඩ්ටත් කම්මැලිකම නම් රෝගය උත්සන්නවෙලා වගේනේ? [im] http://www.banglatorrents.com/images/smilies/btnew/yawning.gif [/im]

      මතක තියාගන්න නම් කොහෙත්ම අමාරු නෑ..ඒකමයි මාත් මේකට කැමති...

      Delete
  11. මම නං එස් එස් ගැහැව්වෙ නිකංමයි ඒත් දැං ඒ කරුමෙනුත් නිදහස්..
    හා ඇයි ඒ....

    හත්තිලව්වෙඅයි.ඩී.එම් . තියෙන්නෙ... ප්ලේ වෙනකොටම අවශ්‍ය රෙසලූෂන් එක සිලෙක්ට් කරල බානව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව IDM හොඳයි,ඒත් ඒක ‍ෆ්‍රී නෙවෙයි.

      Delete
    2. ඔව් IDM හොඳයි..ඒත් පහසුව අතින් ගත්තම මේ ක්‍රමේ ඕනම වෙලාවකට සුදුසුයි..

      Delete
  12. එළකිරි... මේක දැනගත්තේ අදයි... බොහොම ස්තුතියි චාම්ස්

    මම නං පාවිච්චි කලේ යූ ටියුබ් ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයාර් එක...

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයාර් එක නැතිවෙලාවකට මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්නකෝ :)

      Delete
  13. මේකනම් මාත් පාවිච්චි කරලා තියෙනවා. එළ! තව Torch කියලා Browser එකක් තියෙනවා. එකෙන්නම් ඕනෑම සයිට් එකක තියෙන Video එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලේසියි. Browser Bar එකේ Button එකක් Press කරන්න විතරයි තියෙන්නේ.

    Download Torch Browser

    ReplyDelete
    Replies
    1. Torch Browser ගැන මම දන්නෙ දැනුයි...ඩවුන්ලෝඩ් කරගත්තත් ඉන්ස්ටෝල් කරද්දි පොඩි අවුලක් ආවා. ආයෙත් වෙලාවක ට්‍රයි කරල බලන්න ඕනි. h-(

      කොහොම උනත් තොරතුරට ස්තූතියි ඉශාන් :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)