Ads 468x60px

Monday, December 23, 2013

මහන්සියි මටත්

උදේ ඉඳන් රෑ වෙනකන්
හැමෝගෙම ගිමන් නිවලා
තොරතෝංචියක් නැති කථා අහගෙන ඉඳලා
දවල් තිබුන ගිනි අව්වෙන් බැට කාලා
හවස කඩාගෙන වැටුන වැස්සට තෙමිලා
මහන්සියි මටත්.....
ලෝකය ඉස්සරහට යද්දි
එකම තැනකට වෙලා...බලන් ඉඳලා.

http://trappedalone.wordpress.com

16 comments:

  1. මහන්සියි මටත්.....
    ලෝකය ඉස්සරහට යද්දි
    එකම තැනකට වෙලා...බලන් ඉඳලා.


    මටත්........ :(

    අර්ථවත් ඈ...

    ReplyDelete
    Replies
    1. මටත්.. :(

      ස්තූතියි ඈ :)

      Delete
  2. බංකුවක් කතා කරයි.. (ලයික්)

    ReplyDelete
    Replies
    1. ඒ මාතෘකාවට මාත් ලයික් :)

      Delete
  3. දුක් වෙන්න එපා... හෙට දවස වෙද්දී ආයෙම කෙනෙක් ඒවි ඔබ ළඟ නවතින්න ...

    ReplyDelete
    Replies
    1. ඒත් මම (බංකුව ;) ) එතනමනෙ...

      Delete
  4. රෑ එලි වෙනතුරු මහන්සි අරින්න පුලුවන්නෙ,දුක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒත් ජීවිතය ඒකාකාරියිනෙ හැලප කඩේ මාමෙ :D

      Delete
  5. ෆොටෝ එකේ දාලා තියෙන නිසා මටනම් හිතෙන්නේ ලයිට් කණුවක් ගැන ලියලා තියෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දි මම හිතුවෙ නම් බංකුව ගැන..ලයිට්කණුවටත් ඕනෙනම් මේක අප්ලයි කරන්න පුලුවන් :)

      Delete
  6. උදේ ඉඳන් රෑ වෙනකම්
    උඹත් එක්ක ඉඳලාම
    උඹට ඇහෙන කතා
    වටෙන් ගොඩෙන් මටත් ඇහිලා
    කන්දෙක පිරිලා හොඳටම
    අව්වට වැස්සට තෙමිලා
    මහන්සියි මටත්
    හැමදාම රෑත් වැඩ කරලා

    (ලයිට් කනුව )

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.. :) නියමයි පැතුම් g-)

      Delete
  7. එහෙනම් මහන්සිය නිවා ගන්ටකෝ!!!

    ReplyDelete
  8. වේලෙයි අව්වට, තෙමෙනවා වහිනවිටදී............වැස්ස
    කොහේ කියල යන්නද මං මෙතනම මුල්..........බැස්ස
    ඒක නෙමෙයි මේකයි මට තියෙන ලොකුම.....කොස්ස
    මගෙ මූණට හැම එකෙක්ම ගාවයි පිටි...............පස්ස ....!!

    (බංකුව)

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලිට තේරුනා :)) :))

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)