Ads 468x60px

Thursday, August 15, 2013

මටවන් දුකක් තව කෙනෙකුට නොවෙන්නට.......



පහුගිය ටිකේ බ්ලොග් පැත්තෙ එන්නවත් බැරි උනා. ඒකට හේතු වෙච්ච කරුණු කාරණා ටික ලියන්න හිතුවෙ කාටත් ඒක ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙයි කියල හිතුන නිසා.
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දේවල් තියනවනෙ. උදාහරණයක් හැටියට කෑමට කලින් අත් හෝදන්න වගේ ඒවා. ඒත් සමහර වෙලාවට ලේසිය පහසුව ගැන හිතනකොට ඔය වගේ වටිනා කියන උප්දෙස් ටිකක් අමතක වෙනව. මටත් උනේ ඒ වගේ වැඩක්.

ලැප්ටොප් එකක් පාවිච්චි කරද්දි ඒකත් කරන්න ඕන පිළිවෙළක් තියෙනවනේ. ආවට ගියාට පාවිච්චි කලොත් ටික කාලෙකින්ම ලැප්ටොප් එකට සමුදෙන්න වෙනවා. පුරුද්දක් විදිහට මම නම් සාමාන්‍යයෙන් මගේ කැමරාව, ෆෝන් එක එතනින් ගියාම පාවිච්චි කරන අනිත් බඩු භාණ්ඩ ගැන සෑහෙන සැලකිලිමත්. ඒ නිසාම ලේසියෙන් මගේ අතින් බඩු කැඩෙන්නෙ නෑ. එහෙව් මටනෙ මෙහෙම උනේ.

දුක වැඩි කමට ලියවෙන්නෙත් වෙන වෙන ඒවද මන්දා. කෙටියෙන්ම කිව්වොත් මට උනේ මෙන්න මේකයි. වැඩට යද්දි හැමදාම මට ලැප් එක අරගෙන යන්න වෙනවා. මගේ ලැප් බෑග් එකම බරයි ලැප් දෙකක් විතර. ඒකට ලැපත් දැම්මට පස්සෙ ආයෙ ඉතින් ඕන නෑ. පුද්ගලික වාහනේක යද්දි ඕක ඒ තරම් ප්‍රශ්නයක් නොවුනට බස් එකේ යද්දි නම් ලොකු ගැටලුවක්. පහුගිය ටිකේම එහෙම ප්‍රවාහන පහසුකම් ලැබුනත් හැමදාම ගෙදරට කරදර කරන්න බැරි නිසා මම තීරණය කළා බස් එකේ යන්න. හැබැයි එහෙම යද්දි එක අතකින් අර බරම බර ලැප් බෑග් එකයි, අනිත් අතින් හෑන්ඩ් බෑග් එකයි කුඩෙයි තව තව දේවලුයි ඔක්කොම අරගෙන යන එක කරදර නිසා ගත්තා ලොකූ හෑන්ඩ් බෑග් එකක්. ඒක නිකන් නැවක් වගේ.
abellachic.blogspot.com
අපරාදෙ කියන්න බෑ මගේ බඩු බාහිරාදිය ඔක්කොම කරදරයක් නැතුව ඒකට දාගත්තැකි. ඉතින් මාත් දවස් ගාණක් කිසි අවුලක් නැතුව වැඩට ගියා.

එක දවසක් උදේ ගිහින් ලැප් එක එලියට අරගෙන යාලුවෙක් එක්ක කතාවක් දාගන ඔන් කලේ ඒ දිහා බලන්නෙවත් නැතුව. ඒ වෙද්දි මම පවර් කේබල් එකත් ගහල තිබ්බෙ. ටිකකින් ලැප් එක දිහා බලද්දි තමයි මට ඇඩුනෙ.
allisonmidorireilly.com

හැබැයි ඊට කලින් ලැප් එකට ඇඬිලා තිබුනා. ඒ කියන්නෙ මෙන්න ලැප් එකේ ස්ක්‍රීන් එකෙන් වතුර වැක්කෙරෙනව. කීබෝර්ඩ් එකෙත් වතුර. ලැප් එක ඔන් වෙලත් නෑ. ඉක්මනට පවර් කේබල් එක ගලවල බැට්‍රියත් අයින් කරල ගලවල බැලුවම ඇතුලෙ එහෙම ගොඩක් වතුර තිබ්බෙත් නෑ. වෙලාවෙ හැටියට ඩ්‍රයර් එකක් හොයාගන්නත් බැරි උන නිසා කෑලි කෑලි කරල තිබ්බ ලැප් එක වේලෙන්න තිබ්බ. හාඩ් එකේ තිබ්බ ඩේටා ටික ආපහු ගන්න පුලුවන් කියල දැක්කම සැනසුම් සුසුමකින් භාගයක් විතර හෙලන්න පුලුවන් උනත් ලැප් එක ඔන් කරන කම් ඉතුරු භාගෙ හිර කරගෙන හිටියා. හැබැයි අවාසනාව කියන්නෙ ඒ හිර කරගත්ත සුසුම් භාගෙ අදටත් හිතේ හිරවෙලාම තියෙනව...
dincloud.com
...ඒ කියන්නේ  එදාට පස්සෙ ලැප් එක වැඩ කලේම නෑ. එක්ස්ටර්නල් මොනිටර් එකකට ගැහුවත් ඩිස්ප්ලේ එන්නෙ නෑ. ප්‍රොසෙසර් එක නම් වැඩ. ඒත් ඉතින් ඩිස්ප්ලේ නැතුව මොනව තිබ්බත් වැඩක් නෑනෙ. දන්න ප්‍රථමාධාර ඔක්කොම දීලත් හරි ගියේ නැති නිසා කම්පියුටර් හදන තැනකට දුන්නම එයාල බලල කිව්වෙ බෝඩ් එකට වතුර යන්න ඇති කියල. අපි බලද්දි නම් බෝඩ් එකේ වතුර තිබ්බෙ නෑ. හැබැයි ඉතින් අලුත් බෝඩ් එකක් දාන්න වෙන තත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඒවගේ ගණන් එක්ක බලද්දි අලුත් ලැප් එකක් ගන්න එක වැඩිය හොඳයි වගේ.

කොහොමින් කොහොම හරි අන්තිමේදි මට හිටිය හොඳම යාලුවෙක් නැති උනා. පහුගිය කාලෙ කියාගන්න කෙනෙකුත් නැතුව ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්දැද්දි ටික වෙලාවකට හරි ඒ ප්‍රශ්න අමතක කරගන්න අන්තර්ජාලෙ පැත්තෙ ඇවිත් යන්න මට උදවු කලේ එයා. කැම්පස් කාලෙ පාඩම් වැඩවලට, කම්මැලි වෙලාවට ෆිල්ම් එකක් බලන්න, හිතුන වෙලාවට කැමති සිංදුවක් අහන්න වගේ තව දහසකුත් එකක් වැඩ රාජකාරි වලට මට උදවු කරපු එයා නැතුව ගෙවෙන හැම දවසක්ම හරිම හිස් කියලයි මට දැනෙන්නෙ. පරිගණකයත් එක්ක අපි කොයි තරම් බද්ධවෙලාද කියල තේරෙන්නෙ ඔහොම දෙයක් උනාම තමයි. පළවෙනි දවසෙ මම හිටිය හැටි දැකල තව ටිකෙන් අම්ම ලැප් එකක් අරන් දෙන්න කලින් මාව මානසික වෛද්‍යවරයෙක් ගාවට අරගෙන යනව..ඒ තරම් අවුලෙන් මම හිටියෙ.
loverofsadness.net
දැන් නම් ටිකා..ක් විතර හිත හදාගෙන ඉන්නෙ. අලුත් එකක් ගන්නත් වෙයි ලඟදිම. හැබැයි එතකන් හිතේ හැටියට ඔයාලගෙ බ්ලොග් පැත්තෙ එන්න අමාරුයි. මම කලින් ලියපු උපාධියට පසුවදනක් ලිපියට කමෙන්ට් කරපු අයට රිප්ලයි කරන්නත් පරක්කු උනේ මේ හේතුව නිසාම තමයි. හැබැයි ඉඩක් ලැබුන හැටියෙම මේ පෝස්ට් එක ලිව්වෙ සමහර වෙලාවට අපේ ලේසිය පහසුව ගැන හිතන්න ගියාම සමහරවිට අපේ අතින් ආයේ හරිගස්සන්න බැරි විදිහේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියල (මට වගෙ) අමතක වෙච්ච අය ඉන්නවනම් එයාලට මතක් කරන්නයි.
ඒ වගේම ඔය වගේ අවස්ථාවකට  මුණදෙන්න කලින්, එහෙම උනොත් මොනවද කරන්න ඕන කියලත් කලින්ම හොයල බලල තියාගත්ත නම් වටිනවා . ආ තව දෙයක්..කවදාවත් වතුර බෝතලුයි ලැප්ටොප්සුයි එක බෑග් එකේ තියන්න එපා. අනිත් එක කම්පියුටරේ දිහා බලාගෙන මිසක් ඕන් කරන්නත් එපා.

මේ උපදෙස් ටික මට කලින් මතක් උනා නම් මගෙ ලැප්ටොප් එක අදටත් මගෙ ඉස්සරහින් ඉන්නවා.

icomputerdenver.com

59 comments:

  1. මගෙ නම් ඉතින් ලැප් පාවිච්චියක් නෑ...මළ වදේ නේ. පාවිච්චි කළා නම් තැනින් තැනට ගෙනියන්න ගියාම ඔයාට වුණා වගේ දෙයක් ඉක්මනට ම වෙන්න පුළුවන් මගෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. තැනින් තැනට අරන් යන්න වෙන එක නම් ලෙඩක් තමයි..ඒත් ඉතින් වැඩ කරද්දි නම් සෑහෙන ප්‍රයෝජනවත්.

      Delete
  2. ඒක තමයි ඔයා පහු ගිය ටිකේ වැඩිය දැක්කෙ නැත්තෙ.. දැන් ඉතින් මොනව කරන්නද.. කෝකටත් රෙපෙයාර් කරන්න දෙනකොට වුනත් විශ්වාස තැනකට දෙන එක තමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ දැන් ඕක වෙලා සති දෙකකට වැඩියි. ඉතින් පහුගිය ටිකේම වැඩිය ඉන්ටර්නෙට් යන්න උනේ නෑ. අද තමයි පොඩි ඉඩක් හම්බ උනේ :(

      Delete
  3. දැන් ඉතින් ඒ ගැන හිතලා මොනවා කරන්න ද? මම ඒත් බැලුවා චාම්ස් අක්කා පේන්න නැත්තේ මොකද කියලා. මේක දාපු එක නං ඇත්තට ම හොඳයි. අපිත් කොච්චර නොසැලකිලිමත් විදියට වැඩ කරනව ද මේ ඉලෙක්ට්‍රොනික් බඩු එකක් වැඩ කරනකොට. ඉක්මනින් ම හොඳ ලැපක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි..සමහර වෙලාවට අපි ඔය දේවල් ගැන වැඩිය හිතන්නෙ නෑනෙ. මෙහෙම දෙයක් උනාම තමයි කරපු ගොන් වැඩ වල තරම තේරෙන්නෙ :(

      Delete
  4. පව් තමා.. ඕකට කියන්නේ පෙරේතයා කෑවා කියලද මන්ද// ලැපීල අරන් යන අය මේවා කියවලවත් හැදියල්ල.. දුක තමා චාම්ස්.. ඉවසන්න.. කර ගත්ත ගොං වැඩ ගැන පසුතැවිල වැඩක් නෑ.. අර ඩේටා ටිකවත් ගන්න බැරිද මොන විදියෙන්වත්... අපේ චාම්ස්ටම නේ මේවා වෙන්නේ... අර බපට් සීයා කියන ඒවා අහන එක දැරිවියයි හිටියේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දේශ්..මටමනෙ වෙන්නෙ :(( ඩේටා ටික නම් ගන්න පුලුවන් උනා. ඒත් ඉතින් කම්පීතරේ නෑනෙ. බපට් සීයා ලැප්ටොප් පාවිච්චිය ගැනත් උපදෙස් දීල තිබ්බ නම් මට මෙහෙම වෙන්නෙ නෑනෙ..කොහෙද ඉතින් එයාලත් වෙන වෙන කථානෙ කියන්නෙ. :(

      Delete
    2. එයා කියන්නේ “කෙල්ලෝ ලැප්ටොප් තියං ඉන්න එක හරිම පාඩුයි“ කියල වෙන්නැති...

      Delete
  5. අපේ නොසැලකිල්ල නිසා සමහර වෙලාවල් වලදී ලොකු ලොකු පාඩුවෙනවා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සම්පත් :(

      Delete
  6. ඉක්මනින් අලුත් එකක් ගන්න හෝ තියන එක අලුත්වැඩියා කරගන්න ලැබෙන්න කියලා පතනවා...දැන් ඉතිං ගිය දේ ගියානෙ කෙල්ලේ හිත හදා ගන්න

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්න අමාරුයි රෙහානි...මොනව උනත් අවුරුදු ගාණක් මගෙ දුක සැප බෙදා ගත්ත යාලුවනෙ. :((
      තාම ලැප් හදාගන්න තමයි ට්‍රයි කරන්නෙ. බලමුකො හරියයිද කියල..

      Delete
    2. දැන් ඉතිං ලැප හදාගත්තු එකේ ලියමු

      Delete
    3. ලියන්න ඕනි රෙහානි...ලැප් එක හදාගත්තට මේ ටිකේ පුදුම විදිහට වැඩ..ඔයාලගෙ පෝස්ට්ස් කියවන්න වෙලාව හොයාගන්නෙත් අමාරුවෙන්. :(

      තැන්කූ මාව බලලා යන්න ආවට :-f

      Delete
  7. ඒක තමයි පහුගිය දවස්වල දකින්න හිටියෙ නැත්තෙ.. දැන් ඉතින් ලැප් එක හදාගන්න Try කරල බලන්න. හැබැයි මමනම් කියන්නෙ ටික දවසක් හරි ඉඳල අථත් එකක් ගන්න එක වැඩිය හොඳයි. ලැප් එකක් හදන්න යනව කියන්නෙ ගොඩක් වෙලාවට තව සල්ලි ටිකකුයි ලැප් එකයි දෙකම නැති වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කේෂාන්.ලොකු ගාණක් දීල repair කරල නම් වැඩක් නෑ. එහෙම උනොත් අලුත් එකකට යන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      Delete
  8. මේ වෙලාවට විහිළු කරන්න හොඳ නැති උණත්, මට හිතුනෙම.. කෙල්ලෙක්ගේ හෑන්ඩ් බෑග් එකක ගිහින් ඔහොමින් වත් ලැප් එක බේරුණා ඇති කියලා... හැන්ඩ් බෑග් එකක නැත්තේ මොනාද?

    ඔයා වටිනාම පාඩම ඉගෙන ගෙන නෑනේ... ලැප් එකට වෙනම පෑඩඩ් බෑග් එකක් තියෙන්නේ ඇයි කියල ද ඔයා හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මගේ හෑන්ඩ් බෑග් එකේ එච්චර දේවල් නෑ තිසර..ලැප් එක තිබුන කෑල්ලෙ වෙන මොකුත් දාල තිබ්බෙ නෑ. වතුර බෝතලේ තිබ්බෙත් වෙනම :(
      ආරක්ශාව අතින් නම් ලැප් බෑග් එක හොඳයි තමයි..ඒත් ඉතින් ලේසිය ගැන විතරනෙ මට ඒ වෙලාවෙ කල්පනා උනේ d(

      Delete
  9. ලැපී බස් එකේ අරන් යනවා කියන්නේ දඩ ගේමක් තමයි. උඩ රැක් එකට දාන්නත් බෑ.. කාටවත් දෙන්ඩත් බෑ.. උන් අපි වගේ පරිස්සමට තියා ගන්නේ නැ..

    ලැපී කොච්චර සමීපද කියලා දැනෙන්න නම් ඔහොම දෙයක් වෙන්නම ඕනි

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියල වැඩක් නෑ පැතුම්..ඒකනෙ මම ලේසි විදිහක් හෙව්වෙ :(

      Delete
    2. අම්මප පැතුම් බස් එකේ යද්දිනම් සෑහෙන ගේමක් දෙන්න ඕන පරිස්සන් කර ගන්න. මමත් පුළුවන් තරම් අතේම තියගන්න තමයි ට්‍රයි කරන්නෙ.

      Delete
  10. මොනා කරන්නද අක්කෝ ලාභෝ අලාභෝ අයසෝ යසෝච කියලා බුදු හාමුදුරුවොත් කිව්වානෙ.ඔක්කොමනේ ජීවිතේ කියන්නෙ නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...මිනිස්සුන්ට ජීවිතේ සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම මේවා ගණන් ගන්න තරම් දේවල් නෙවෙයි. ඒත් ඉතින් ආසාවෙන් තියාගෙන හිටිය දෙයක් නැති උනාම හිතට දුකක් දැනෙනවනෙ :(

      Delete
  11. මටත් ලැපා වියෝ වීමේ පෙරනිමිති ඇවිත් වගේ ඩිස්ප්ලේ එකේ කොලපාට ඉරි 5යි දැනට ඒ උනාට හදාගන්න තියා මොකද වෙලා තියෙන්නේ කියල බලාගන්න යන්නවත් වෙලාවක් නෑ දැන් පන බයේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. සමහර විට රිබන් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති.කෝකටත් දැන්මම හදාගත්තොත් හොඳයි නංගි..මොකද එයා වියෝ උනාම තමයි එයාගෙ අගේ වැඩියෙන් දැනෙන්නෙ :((

      Delete
  12. ඔයාට වේච්ච දේ ගැන මට කනගාටුයි චාම්ස්.

    සිතූ දේ සිදු නොවේ නොසිතූ දේ සිදුවේ ස්ත්‍රී පුරුෂ කිසිවෙකුට හෝ සිතූ ලෙසට කිසිවක් නොලැබේ. කියල කතාවක් තියෙනවනේ.

    අදයි මම මේ පැත්තට එන්ටර් උනේ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්..සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි ලෝදම් කැරකෙනවා..කියල කියනවනෙ :(

      සාදරයෙන් පිළිගන්නවා පොඩි ශාන්ව මගෙ බ්ලොග් එකට..දිගටම එන්න :-h

      Delete
  13. වෙච්ච දේ ගැනනම් මටත් හරිම කණගාටුයි චාම්ස්.

    ලැප පරිස්සම් කරගන්න මමත් මාර කට්ටක් කන්නෙ. දවසක් බස් එක ගන්න දුවද්දි බෑග් එකේ පටිය කඩල ගිහින් ලැප් එකත් එක්කම බිම වැටුන. පපුව දාල ගියා ඒ ‍වෙලාවෙ. ලොකු වාසනාවකට ලැපට මුකුත් උනේ නෑ.
    අනිත් ලොකුම ප්‍රහ්නෙ තමයි පොඩි කූබි. අම්මපා උන්ගෙන් ලැප පරිස්සම් කරගන්න මාරම කට්ටක් කන්න ඕන.

    මගෙ පොස්ට් එකේ තිබ්බ කමෙන්ට් එක දැකලයි මේ පැත්තට ගොඩ උනේ.

    ReplyDelete
    Replies
    1. //අනිත් ලොකුම ප්‍රහ්නෙ තමයි පොඩි කූබි. අම්මපා උන්ගෙන් ලැප පරිස්සම් කරගන්න මාරම කට්ටක් කන්න ඕන.//
      ඒක නම් ඇත්ත. කන තරමක් කෑම කන්නෙ ලැප් එක ඉස්සරහ ඉඳගෙනනෙ. ඉතින් අල්ලපු ගෙවල් වල කූඹිත් ඇවිත් ලැප් එක වටේමයි කැරකැවෙන්නෙ. අමාරුවෙන් හරි උන්ගෙනුත් පරිස්සම් කරගෙන හිටිය ලැප් එකටනෙ මෙහෙම උනේ :(

      ලොකු ශානාවත් සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට..දිගටම එන්න :)

      Delete
  14. ලැප් රාජයාට නිවන් සුව ලැබේවා! හා හා හිත බර කරගන්න ඕනේ නෑ, කිසිම දෙයක් ස්ථිර නැහැනේ.. මමත් මේකෙන් දෙයක් හිතට ගත්තා,හැබැයි මම කිරි පැකට් එකක් ලැප් බෑග් එකේ දාගෙන ගිහින් වුන හදිය මෙච්චර දුර දිග ගියේ නෑ.හැබැයි හෝදලා වෙලන්න කල් මදි නිසා සතියක් විතර ගෙනියන්න වුනා ගඳ ගගහ! ;)

    අදයි මේ ඉසව්ව ඇහැ ගැටුනේ,ෆලෝ පාරක් දැම්ම නිසා දිගටම එන්න පුළුවන් වෙයි. ජය වේවා!

    මම අඩවියේ අල්තයීර්.

    ReplyDelete
    Replies
    1. ලැප් එකට කරදරයක් නැත්තන් බෑග් එක ටිකක් ගඳ ගැහුවත් කමක් නෑනෙ අල්තයීර්. ඔන්න ඔයාවත් පිළිගන්නව මගේ බ්ලොග් එකට :-h දිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්නකො :)

      Delete
  15. කලින් කොමෙන්ටුව දෙපාරක් කෙටුවා,දෙපාරක්ම ගියාද මන්දා පලවෙනි පාර නෙට් ඩිස්කනෙක්ට් උනා.

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ට් එක එක පාරයි ඇවිත් තිබ්බෙ අල්තයීර් :)

      Delete
  16. හායි අක්කි කොහොමද.ඔන්න හුග කාලෙකින් ආයිත් ආවා බ්ලොග් පැත්තේ.දැන් ඉතින් දිගටම එනවා හොදේ..අපිටත් කමෙන්ට් දාන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. මල්ලි කාලෙකින් නේද? එහෙනම් දිගටම ලියන්න. පහුගිය ටිකේ මටත් වැඩිය බ්ලොග් පැත්තෙ එන්න උනේ නෑ...ඉස්සරහට එන්නම්කො :)

      Delete
  17. මම මේ මොකද පේන්නේ නැත්තේ කියලා හොයන් ආව ගමන් මේක දැක්කේ.. දැන් එතොකොට ඔක්කෝම වෙලා ඉවරද ...?

    ReplyDelete
    Replies
    1. සහන් කාලෙකින්නෙ මේ පැත්තෙ :)පහුගිය ටිකේ බ්ලොග් පැත්තෙ එන්න බැරි උන එක හේතුවක් තමයි මේ. දැන් දවස් කීපයක ඉඳන් කම්පියුටරේ නම් වැඩ..ඒ උනත් නිදහසෙ බ්ලොග් කියවන්න තරම් විවේකයක් තිබ්බෙ නෑ. ඒකත් වැඩිය පේන්න නොහිටින්න එක හේතුවක්...

      Delete
    2. ලැප් එකක් වගේ එකකට වතුර ගියොත් අඩුම තරමේ දවස් 5 ක් වත් යනකම් ON කරන්න එපා .. ඉබේම වතුර ටික වේලෙනකම් ඉන්න.. ගොඩක් වෙලාවට ඒ ක්‍රමය හරියනවා චම්ස්.. හදන තැනකට ගෙනියන්න එපා..එයාලා කරන්න එක පාරට on කරන එක . චන්දනත් නැහැ ඉන්ටර්නෙට් නැහැලු කම්පියුටර් එකට...

      Delete
    3. ඇත්ත සහන්. ඒත් මට උනේ මං අහක බලාගෙනනෙ කම්පියුටරේ ඔන් කලේ. ඒකත් හොඳ පාඩමක් :(

      මාත් බැලුව ඇයි චන්දන අයියා පේන්න නැත්තෙ කියල. එහෙනම් ඒකයි හේතුව. සහනුත් කාලයක් අසනීපෙන් හිටිය නිසා බ්ලොග් පැත්තෙ ආවෙ නෑනේ. මං මේ පෝස්ට් එක දැම්මෙ ඒ කාලෙ මං හිතන්නෙ. ඔයාට මේක මගඇරෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති..

      Delete
  18. අලුත් පෝස්ට් නැත්තෙ මොකද අප්පා? :(
    කොමෙන්ටු නොදැම්මට මාත් මේ පැත්තෙ එනව ගොඩාක්. අලුත් යමක් දැම්මනම් හොදයි නේද? :)

    ReplyDelete
    Replies
    1. ලැප් එක හදාගත්තට මොනවත් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ ගයා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනව..වෙලාව තමයි ප්‍රශ්නෙ :(

      බොහොම ස්තූතියි ඔයාට නිතරම මේ පැත්තෙ ඇවිත් යනවට :)

      Delete
  19. දැන් ලැප හදා ගත්තයින් අවුලක් නෑ. ලැප් එක හදා ගත්තද? නැත්නම් වෙන එහෙකට මාරු වුනාද චම්ස්. වෙලාව තියෙන හැටියට බ්ලොග් ලෝකෙ කරක් ගහන්න බලන්න. හැමදේම අමතක කරලා සැනීසමක් එන්නේ ඇත්තෙන්ම මේ බ්ලොගක් කියවන එකේන තමා. ආයෙත් වතුර බෝතල්, කෑම ජාති එක්ක නම් ලැප දාගෙන යන්න එපා. සයිඩ් බෑග් එකක් පාවිච්චි කරන්න. බෑග් දෙකක් ගෙනියන්න අමාරු වුනාට පරිස්සම ගැන හිතද්දි ඕක මොකක්ද කියලා හිතෙනවා. ඇත්තටම අපි පරිගණකය කෙසේ වෙතත් අන්තර්ජාලයත් සමඟ අපි ඇටේට පොත්ත වගේ බද්ධ වෙලා කියල තේරෙන්නේ ඔය වගේ වෙලාවට තමයි. කම්පා නොවි ඉන්න කියල බුදුහාමුදුරුවොත් කිවේ.

    ReplyDelete
    Replies
    1. ලැප් එක හදාගත්තා රතී. අපොයි ඔව් ආයෙ නම් වතුර බෝතලයක් තියෙන තැනකින්වත් ලැප් එක ගෙනියන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ :)
      වැඩ ටිකක් අඩු උනාම ආයෙත් ඉක්මනින්ම බ්ලොග් ලෝකෙට එන්න තමයි ඉන්නෙ...බලමුකො :)

      Delete
  20. අම්මප ඇත්ත..කිව්වමයි ම‍ට ලැප් එක නැති වුනොත් මොකද වෙන්නේ කියලා මතක් වුනේ... අද ඉදන් පරිස්සම් කරන්න ඕන..

    මගේ නම් ප්‍රවේසමක් ඇත්තේම නැති තරම්.. හැබැයි දැන් අවුරුදු එක හමාරක් විතර දෙයියනේ කියලා වැඩ.. ඒ කාලෙටම පස් පාරක් විතර ෆෝමැට් නම් කළා.. සර්වර් ඩේටාබේස් අරවා මේවා දාලා නිසා ස්පීඩ් එක නම් අඩුයි.. ලැප් පාවිච්චි කරන අයගෙන් 2% ක් විතර අයට ඕවා නැතුවම බැ නෙව.. ඉතින් ස්පීඩ් එක අඩුයි කියලා කරන්න දෙයක් නෑ..

    ලැප් එකට වතුර ඇලජික් කියලා දැන දැන මොකටද අප්පේ ඒක වතුරේ දැම්මේ... පරික්ෂණයක් කරන්නද? ක් ක්..

    වතුර වගේම වීඩියෝ ගේම්ස් එහෙමත් ලැප් වලට ඇලජික්.. ලැප් එක රත් වෙලා දුම් දාන්න කලින් තියෙන ඒවා අයින් කරලා දාන්න හොදේ...

    එහෙනම් සුභ දවසක් කිව්වා... නිවාඩු පාඩුවේ එන්නම්කෝ මේ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. //ලැප් එකට වතුර ඇලජික් කියලා දැන දැන මොකටද අප්පේ ඒක වතුරේ දැම්මේ... පරික්ෂණයක් කරන්නද?//
      මගෙන් ඔය කතාව අහපු කීවෙනි කෙනාද මංද ඔයා? හැමෝම අහන්නෙ ලැප් එක නාවන්න ගියාද? වතුර දාල ටෙස්ට් කලාද වගේ කතාම තමයි :)

      මගෙත් සර්වර්සුයි ඩේටාබේස් එකකුයි තියෙනවා. කාලයක් හොට් ප්ලේට් එකක් ගානට රත් උනා ලැප් එක. දැන් නම් ටිකක් අඩුයි.

      ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට සමීර :)

      Delete
    2. මොකක්ද අප්පේ සර්වර් දාගෙන ඔබතුමිය කරන ජොබ් එක? සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්ද වෙබ් ඩිසයිනර් කෙනෙක්ද නැත්නම් ලෙක්චරර් කෙනෙක්ද?

      Delete
    3. හි හී ළඟදීම ජොබ් එක ගැන සවිස්තරාත්මක පෝස්ට් එකක් දාන්නම්කො :D

      Delete
  21. අපරාදේ ලැප් එක...... මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.........

    ReplyDelete
    Replies
    1. ලැප් එක හදාගත්තා මල්ලි. :)

      Delete
  22. මම මේ දැන් ඔයාගේ ඉංග්ලිෂ් බ්ලොග් එකට ගිහින් මොකද නැත්තේ කියල විපරම් කරලා කමෙන්ට් එකක් දාලා ආවා විතරයි.
    හයියෝ, දැන්නේ දන්නේ.
    දැන්වත් පරෙස්සම් වෙමු.

    ReplyDelete
    Replies
    1. යේ යේ ඩූඩ් මගෙ සිංහල බ්ලොග් එක පැත්තෙ ඇවිත් w-) ගොඩාක් ස්තූතියි මාව මතක් වෙලා මම ගැන විපරම් කරල බැලුවට... ඉන්ග්ලිශ් බ්ලොග් එක නම් මාස හතරකින් විතර අප්ඩේට් කරන්න බැරි උනා.ලැප් එක කැඩෙනකම් සිංහල එකට නම් පෝස්ට් දැම්මා..ඒත් කාලෙකින් වැඩත් එක්ක ඒකත් බැරි උනා. :(

      දැන් නම් ලැප් එක ඇස් දෙක වගේ පරිස්සම් කරගන්නවා. ඉස්සරහට අලුත් පෝස්ට් ටිකකුත් දාන්න ඉන්නෙ...බලමුකො.. :)

      Delete
    2. Now this blog is on my blog rolls and I started following, too.
      So you write, I read. As simple as that.

      Delete
  23. හප්පේ වෙලා තියෙන හදියක්.මටත් දුකයි ඒ ගැන...දැන් ඉතින් හදාගත්ත නිසා හොදයි නේ..
    ආයිත් මෙවන් දුකක් නොවේවා....

    ReplyDelete
  24. ඉක්මනට අළුත් එකක් ගන්න ලැබෙවා කියල කියන්නම් ඉතින්...

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිලිගන්නවා ඔයාව හිත අද්දරට :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)