Ads 468x60px

Wednesday, April 10, 2013

ගෙවුනු උපන්දිනය සහ එළඹෙන අවුරුද්ද


http://us.123rf.com
මීට ටික දවසකට කලින් මගේ ජීවිතේ තිබුන උපන්දින ගානට තවත් එක උපන්දිනයක් එකතු උනා. ඒ කියන්නෙ මම දැන් තවත් වයසට  ගිහින්....
පුංචි කාලෙදි යාලුවො පිරිවරාගෙන පවත්වපු උපන්දින සාද වලට මං කොච්චර ආසයිද කිව්වොත් අප්‍රේල් මාසෙ පටන් ගන්නත් කලින් තමයි මං ඒකට ලෑස්ති වෙන්නෙ. අම්මා හදන කේක් එක හරිම රහයි. අදටත් මගෙ යාලුවො ඒ ගැන මතක කරනව. ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නොතේරුන ඒ කාලෙ ලස්සන සැරසිලි මැද, රස කෑමත් එක්ක නොයෙක් තෑගි, සුභ පැතුම්, එක්ක ගෙවෙන ඒ දවස එනකන් මං බලාගෙන හිටියෙ පුදුමාකාර ඕනකමකින්. පාටිය ඉවරවෙලා කට්ටිය ගියාම මොන මොනව හරි කෑම ජාති කටේ දාගන්න ගමන් තෑගි ටික බලන එක තමයි මම ආසම වැඩේ. ඒ ලැබුන ගොඩක් තෑගි තාමත් මං ගාව පරිස්සමට තියෙනව.

ඊට පස්සෙ කාලෙකදි ගෙදර කීප දෙනා එක්ක එකතුවෙලා කේක් කපල රෑ කෑමකට එලියට ගිහින් උපන්දිනය සමරන්න පුරුදු උනා. හැබැයි ටිකෙන් ටික ඒ දවස ගැන මගේ හිතේ තිබ්බ ආසාව, ඒ දවස උදාවෙනකන් ඇඟිලි ගැනපු එක අඩු වෙන්න පටන් ගත්ත. සමහරවිට ඒකට හේතුව මම අර බයෙන් ඉන්න අනාගතයට ළං වෙන නිසාද කියන්න දන්නෙ නෑ.

මට කොහොම උනත් මගේ පවුලෙ අයට නම් ඒ දවසෙ වැදගත්කම අඩු නැතුවම තාමත් දැනෙනව. මේ උපන්දිනය උදාඋනේ ගෙදර හැමෝම සෑහෙන  පීඩනයකින් ඉන්න කාලෙක. එහෙම උනත් මගේ උපන්දිනය එයාලට අමතක වෙලා නෑ. තාමත් අසනීපෙන් ඉන්න මගේ ආදරණීය මාමත් ඇඳේ ඉන්න ගමන් උනත් උත්සහ කරල තිබ්බෙ මට ඒ දවස සුන්දර දවසක් කරන්න. උපන්දිනයක් කියන්නෙ මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක මම වගේම එයාලත් දන්නවා උනත්, මාව  එයාලගෙ ලෝකයට ලැබුන දිනය අදටත් ආදරණීයව මතක් කරන්න ඒ අය  මේ දවස යොදාගන්නව කියලයි මට හිතෙන්නෙ.

උපන්දිනය කියන්නෙ පාටිදාල සමරන්න ඕන දිනයකට වඩා ජීවිතේ ගැන, ඉදිරිය ගැන, හිතන්න සුදුසුම දවසක් කියල මට හිතෙනව. පොඩි කාලෙදි යාලුවොත් එක්ක එකතුවෙලා පාටි දාල විනෝද වෙන්න ලැබුන එක ගැන නම් මට සතුටුයි. මොකද ඒ දවස් මගේ ජීවිතේ සුන්දර මතක සටහන් විදිහට රැඳිල තියෙන නිසා.

කොහොම උනත් මම ඉපදුන දවසෙ ඉඳලම එක වගේ මට ආදරය කරන මගේ පවුලෙ අයගෙ ආදරයත් විඳිමින්, යාලුවොන්ගෙ සුභ පැතුමුත් එක්ක, ජීවිතේ ගැන ටිකක් සීරියස් විදිහට හිතන්න මට අවස්ථාවකුත්  දීල තමයි මේ උපන්දිනය ගෙවිල ගියේ...

ඒ මගේ විස්තරනෙ. දැන් එමු ඊළඟ මාතෘකාවට

තව දවස් කීපයකින් අලුත් අවුරුද්දත් උදාවෙනවනෙ. මේක ටයිප් කරද්දිත් අන්න අරහෙ කොහා කෑගනව. අලුත් අවුරුදු කෑම මේසේ තියෙන කෑම වලින් මගේ නම් ආසම කෑම තමයි කිරිබත් කන්න හදන හත්මාලුව. ලුණුමිරිස් එක්ක කනවට වඩා හත්මාලුවත් එක්ක කිරිබත් කද්දි මට නම් රහ වැඩි. අවුරුද්දට සුභ පතන්න කල් වැඩිද මංද. ඒ උනත් ආයෙත් සුභ පතන්න වෙලාවක් ලබෙයිද කියල දන්නෙ නැති නිසයි මේ සටහන දැන්ම ලියල තියන්න හිතුව  
ඉතින් උදාවෙන අලුත් අවුරුද්ද ඔයාල හැමකෙනෙක්ටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත අවුරුද්දක් වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
http://1.bp.blogspot.com

35 comments:

  1. ඒක මොකක්ද මෙයා ඔය ටීවී වල අවුරුද්ද අහවර වෙච්චි විදියට සුභ පතන්නේ එහෙනං.. සුභ උපන්දිනයක් වේවා චාම්ස් සොයුරිය..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දේශකයා.... :)

      Delete
  2. ඔයාටත් මේ ලබපු අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සසිනි... :)

      Delete
  3. සුබ නවවසරක් සේම සුබ උපන් දිනක් වේවා.. නැතුව ඉතිං වෙන මොනව කියන්න ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින් අයියා... :)

      Delete

  4. [ce]
    [si"4"] සුබම සුබ උපන් දිනයක් වේවා චම්ස් ඔයාට ...


    ( අනික් දේවල් ගැන ඉතින් මේ වගේ සුබ දවසක
    කතා කරන එක හරි නැහැ නෙව ..)

    ආයෙම සැරයක් සුබම සුබ උපන් දිනයක් වේවා..!

    [/si]
    [/ce]

    [im]http://image.blingee.com/images15/content/output/000/000/000/44a/273636175_708035.gif[/im]

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහන්.... :)

      Delete
  5. ජීවිතේ ගැන සීරියස් හිතපු කාලයක් මටත් තිබුණා අක්කේ.ඒත් ජීවිතේ ගැඹූරු දේවල්වලින්ම විතරක් පුරෝගෙන ජීවිතේ විදවන්න ඕන නෑ නේද...ජීවිතේ විදගන්නත් ඕන දෙයක් කියලා මට හිතෙන්නෙ.දැන් මං ඒ ගැඹූරු දේවල් අමතක කරල නෑ.පිස්සුම නටන්නෙත් නෑ.මධ්‍යම ප්‍රතිපදාවක ඉන්නේ.සතුටින් ඉන්න අක්කියෝ.... හිනාවෙලා ඉන්න.ඔයා වගෙ කෙනෙකුට ජීවිතේ නරක දේවල් දෙන්නෙ නෑ හොද දේවල් මිසක.ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන,නිදුක් නිරෝගී,වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියේ...තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. මීට ටික කාලෙකට කලින් මම මීට වඩා වෙනස්ම චරිතයක් නංගියා. මගේ යාලුවො කිව්වෙ මම වගේ පිස්සු නටන කෙනෙක් එයාලාදැකලනෑ කියල. හැබැයි එහෙමයිකියලවගකීමක් නැතුව වැඩ කලේ නෑ.බොහොම කල්පනාවෙන් හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් හිටියා. ඒත් පහුගිය කාලෙ ඒ සැහැල්ලුව නැතිවෙන්න ගත්තට පස්සෙ තමයි මේ විදිහට සීරියස් දේවල්හිතන්න/හිතෙන්න ගත්තෙ. හැබැයි දැන් ඉන්න මට නම් මම පොඩ්ඩක්වත් ආස නෑ. ආයෙත් කලින් හිටිය කෙනා වෙන්නයි මට ඕන.

      කොහොම උනත් ඔයාට ගොඩාක් ස්තූතියි නංගියෝ. උදාවන අවුරුද්ද ඔයාටත් හොඳම දේ සිද්ධ වෙන ජයග්‍රාහී අවුරුද්දක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව...
      තෙරුවන් සරණයි.

      Delete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට නම් මරු නේද රජෝ,හැම තැනටම ගිහින් ඔය දෙක දැම්මහම වැඩේ හරි.අනේ අනේ.

      Delete
    2. @ අඩවි රජ: සුභ වෙලා රාජ සම්පතුත් ලැබෙනවනම් කොච්චර දෙයක්ද.. :D
      ස්තූතියි රජතුමෝ..

      Delete
  7. මුලින්ම සතුටින් පිරුණ සුබම සුබ උපන්දිනක් ප්‍රර්ථනා කරනවා. කලිනුත් දවසක කිව්වා වගේ අනාගතේ ඉබේ උදාවන්න නොදී ඔයා කැමති අනාගතය ඔයාම හදා ගන්න, ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිමන් ඒ ප්‍රාර්ථනාවට... :)

      Delete
  8. සුබ උපන් දිනයක්, සුබ අලුත් අවුරුද්දක් වේවා..!! උපන් දිනේට පෝස්ට් එකක් කලින් දැම්ම ද. නෑනේ. :-?

    //හත්මාලුවත් එක්ක කිරිබත් කද්දි// අපි හත්මාලුව කිරිබත් එක්ක කන්නේ නෑ.. බත් එක්කයි කන්නේ. ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නේ ඉතින්. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දන අයියේ :)
      නෑ අයියා අවුරුද්දට සුභ පතන්නත් එක්කම මේ පෝස්ට් එක දැම්මෙ :)

      ඔව්..පලාතෙන් පලාතට ඒ දේවල් වෙනස්. සමහරු හත්මාලුව කියල එකක් ගැන අහලවත් නෑ.

      Delete
  9. සුභ උපන්දිනයක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යසිත්... :)

      Delete
  10. සුබම සුබ උපන්දිනයක් වගේම සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉමල්ක... :)

      Delete
  11. සුභ අලුත් අවුරුද්දක් වේවා... හැමොටම නිරොගිමත් , සුවය සතුට ගේන සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පැන්ඩෝ..... :)

      Delete
  12. ටික දවසකට කලින් උපදිනේ තිබ්බා කිවුවේ පළවෙනිදා වත්ද? ;)

    සුභ උපන්දිනයක් වගේම සුභ අළුත් අවුරුද්දකුත් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඊට සතියක් විතර ටිකක් එහෙට මෙහෙට වෙලා දිනේශ්.. :P
      ගොඩක් ස්තූතියි... :)

      Delete
  13. සුභම සුභ උපන් දිනයක් වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චින්තක... :)

      Delete
  14. එසේම වේවා නලින් අයියා.... :)

    ReplyDelete
  15. වැස්සේ තෙමෙන ගමන් මෙහාටත් අද පළවෙනි වතාවට ගොඩ වුණා. ටිකක් පරක්කු වුණත් සුභ උපන් දිනයක්, චාම්ස් :) ඒ වගේ ම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභ ම සුභ එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. ටිකක් පරක්කු උනාට මොකෝ :) සුභ පැතුමටත් හිත අද්දරට ගොඩවැදුනටත් බොහොම ස්තූතියි ඔයාට.
      ධාරාටත් සුභම සුභ නවවසරක් වේවා!!!

      Delete
  16. කොහොම ද අවුරුදු ජයද..? :)

    ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ, ප්‍රීතිමත්, අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ජයමත් නෑ අයියෙ හැබැයි කියන්න තරම් වැරැද්දකුත් නෑ :)

      අයියටත් කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

      අයියට ගොඩක් ස්තූතියි සුභපතලා යන්න ආවට :)

      Delete
  17. සුභ උපන් දිනයක් වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පහුවෙලා හරි කියනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට...ඔයාටත් වාසනාවන්ත අවුරුද්දක් වේවා :)

      Delete
  18. ඔයාට සුබ උපන් දිනයක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා චාම්ස් :)

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)