Ads 468x60px

Saturday, December 08, 2012

හිත අද්දරට අවුරුද්දයි



බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියල මම මුලින්ම දැනගත්තෙ මගෙ විශ්ව විද්‍යාල සගයෙක් වුනු නදීරගෙන්. මම මුලින්ම බ්ලොග් එකක් කියල කියෙවුවෙත් නදීර ලියන නදීරගේ බ්ලොග් සටහන කියන බ්ලොග් එක. ඊට පස්සෙ ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකත් ආසාවෙන් කියෙවුව.

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මං ලියපු සිංහල වගේම ඉංග්‍රීසි කවි වගයක් පොත් ඇතුලෙ, පෙට්ටි ඇතුලෙ එහෙම දාල තිබිල සැරින් සැරේ හම්බවෙනකොට මේ ඔක්කොම නැති කරගන්නෙ නැතුව එක තැනක පරිස්සමට තිබ්බොත් කවදා හරි දවසක මටම ආයෙ කියවන්න පුලුවන් නේද කියල මට හිතුන. අනිත් අය බ්ලොග් වල මේ වගේ දේවල් දාන කොට මටත් හිතුන මගෙ කවිත් බ්ලොග් එකකට දාන්න. එහෙම හිතාගෙන මාත් බ්ලොග් එකක් පටන් ගත්ත. හැබැයි මං ඒ බ්ලොග් එකේ සෙටිංග්ස් වෙනස් කරල මට විතරක් ඒකෙ තියෙන දේවල් කියවන්න පුලුවන් විදිහට හදාගත්තා. ඒකට හේතු වුනේ මං මේ ලියල තියෙන පුංචි පුංචි කවි සිංදු අනිත් අයට කියවන්න දෙන්න තරම් සුදුසු මට්ටමක නෑ කියල මට හිතුන නිසා. එහෙම ටික කාලයක් ඉන්දැද්දි මටම තේරුනා බ්ලොග් එකක් පටන් අරං මෙහෙම හංගල තියෙන එක තේරුමක් නෑ කියල.එකම බ්ලොග් එකේ සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි ලියන කොට ටිකක් පටලැවෙනවා වගේ දැනුන නිසා ඉංග්‍රීසියෙන් ලියන ඒව දාන්න My life My way බ්ලොග් එකයි සිංහල ඒවට මේ බ්ලොග් එකයි හදාගත්ත. එහෙම පටන් ගත්ත බ්ලොග් එකට තමයි අදට අවුරුද්දක් සම්පූර්ණ වෙන්නෙ. හැබැයි ගිය අවුරුද්දෙ අද වගේ දවසක ඉස්සෙල්ලම පෝස්ට් එක මේකට දැම්මත් ඒ වෙනකොටත් ඒක කියවන්න පුලුවන් කමක් තිබ්බෙ මට විතරයි.මොකද ආයෙත් අර මේ දේවල් හොඳ මදි කියන සිතුවිල්ල හිතට ආව නිසා. ඊටත් සෑහෙන කාලෙකට පස්සෙ තමයි මගේ බ්ලොග්ස් දෙකේ සෙටිංග්ස් වෙනස් කරේ. එහෙම වෙනස් කරෙත් කවුරු හරි වැරැද්දක් අඩු පාඩුවක් පෙන්නුවොත් ඒව හදාගෙන ඉස්සරහට යන්න පුලුවන් නිසා(හැමදාම මමම ලියල මමම කියෙවුවොත් හැමදාමත් එක තැනමනෙ ) 
කොහොම කොහොම හරි ඔය තරම් පෙරුම් පුරල, කල්පනා කරලා පටන් ගත්ත බ්ලොග් එකට අද මොකද වෙලා තියෙන්නෙ?

අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. අනිත් බ්ලොග් එකට පෙරේදට අවුරුද්දයි. ආපස්සට හැරිලා බලද්දි මගේ හිතට පුදුම දුකක් දැනෙනව. මම මේ බ්ලොග් දෙක පටන් ගත්තෙ කවි සිංදු විතරක්ම දාන්න නෙවෙයි. මගේ අත්දැකීම් බෙදාගන්න, හිතට දුකක් දැනුනාම, කියාගන්න කෙනෙක් නැතිකොට අඩු ගානෙ බ්ලොග් එකේ හරි ඒ දුක ලියල හිත ටිකක් සැහැල්ලු කරගන්න, ඒ වගේම මම දන්න දේවල්, මම අලුතින් ඉගෙන ගන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න....ඔය වගේ සෑහෙන්න බලාපොරොත්තු මගේ හිතේ තිබ්බ. කාලීන තොරතුරු, ආගමික කරුනු, ඉතිහාසෙ ගැන විස්තර, වගේ මං කතා කරන්න කැමති ඒත් කතා කරන්න කෙනෙක් නැති දේවල්ගොඩක් ගැන විස්තර මම මගේ බ්ලොග් එකේ ලියන්න හිතුව.

ඒත්......
අවුරුද්දක් ගෙවෙද්දි මගේ බ්ලොග් එකේ තියෙන්නෙ පෝස්ට් 15ක් විතරයි. මං කලින් ලියල තිබ්බයි කියපු කවි ටිකවත් මට බ්ලොග් එකට දාන්න බැරි වෙලා. ඒ ගැන දැන් පුදුම පසුතැවිල්ලක් තියෙන්නෙ. අඩු ගානෙ සතියකට එක පෝස්ට් එකක් හරි දාන්න තිබුනනෙ කියල හිතෙනව. අලුත් ඒව ලියන්න වෙලාවක් නැත්තන් කලින් ලියපු එකක් හරි දාන්න තිබුනනෙ කියල හිතෙනව. මගේ ආත්ම තෘප්තියට හරි දිගටම ලියන්න තිබුනනෙ කියලත් හිතෙනව.

 ඇයි මට ලියන්න බැරි උනේ
මම කලින් පෝස්ට් එකක කියල තිබ්බ වගේ මේ ගෙවුන අවුරුද්ද මානසිකව මට සෑහෙන්න අභියෝගාත්මක අවුරුද්දක් උනා. මුල්කාලේ කැම්පස් එකේ අන්තිම එක්සෑම් එකට, ඊට පස්සෙ ට්‍රේනින් එකට මහන්සි වෙනකොට මං හිතුවෙ මේ දේවල් ඉවර උනාම ටිකක් නිවී සැනසිල්ලෙ ටික දවසක් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්නව කියල. ලියන්න ඕන දේවල් පෝලිමට හිතේ ගොඩගහල තිබ්බ. කලබලේට ලියන්නෙ නැතුව හිත නිදහස් කරගෙන ලියනව කියල හිතුව. ඒ උනත් මං එච්චර වාසනාවන්ත උනේ නෑ.
ට්‍රේනින් ඉවරවෙනවත් එක්කම මූන දෙන්නවුන ප්‍රශ්න ගොඩත් එක්ක මං පුදුම විදිහකට කඩාගෙන වැටුන. හිතට දාරාගන්න බැරි දුකක් දැනෙනකොට මං කැමති හැමදේකින්ම ඈත්වෙන එක මගේ හැටියක්. ඒ කාලෙට මං පුලුවන් තරම් තනි වෙන්න උත්සහ කරනව. ඒ වෙලාවට මං බ්ලොග් එකෙනුත් ඈත් උනා. ඒත් ටික කාලයක් යනකොට මටම තේරුනා මේ විදිහට ප්‍රශ්නත් එක්කම හිටියොත් මට පිස්සු හැදෙයි කියල.ඒ නිසා පුලුපුලුවන් වෙලාවට පෝස්ට් එකක් දෙකක් දාන අතරෙ පුලුවන් තරම් අනිත් අයගෙ බ්ලොග් කියවන්න පටන් ගත්ත. ඒ ටික වෙලාවට හරි හිත වෙන පැත්තකට ගෙනියන්න පුලුවන් උන එක ලොකු දේයක් උනා. හිතට දැනෙනෙ දුක පෝස්ට් එකක් විදිහට බ්ලොග් එකට නොදැම්මත් හිතෙන් ඒක පෝස්ට් එකක් විදිහට හැදුව. එහෙම කරන එකත් වෙලාවකට හිතට ලොකු සැනසීමක් ගෙනාව.

ඉතින් අද මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ අවුරුද්දක් ගතවෙලත් තාම එකම තැන වගේ තියෙන මේ බ්ලොග් එක වටේ ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න.

අවාරෙට පොල් වැටෙනව වගෙ ඉඳල හිටල පෝස්ට් වැටෙන මේ බ්ලොග් එකට ඇවිත් ඒ පොස්ට් කියවල ඒවට කමෙන්ට් කරල මට ශක්තියක් වෙන ඔයාල මට ගොඩක් වටිනව. ඒ වගේම විශේෂයෙන් මට බ්ලොග් ගැන කියල දුන්න, මගේ බ්ලොග් එකේ මුල්ම follower වගේම පලවෙනි කමෙන්ට් එකත් දාපු නදීරට ස්තූතියි කියන්න ඕන. 
බොහොම බයෙන් බ්ලොග් ලෝකෙට ආපු මම, අද වෙනකොට මේ විදිහටවත් ලියන්නෙ ඔයලා හැමෝම මට ශක්තියක් උන නිසයි. "ලිවීම" කියන්නෙ මං ගොඩක් ආසාවෙන් කරන දෙයක්. ඒ ආසාව නිසාම මම පටන් ගත්ත මේ බ්ලොග් දෙක පස්සෙ කාලෙක මට දැනුන මානසික පීඩනය අඩුකර ගන්නත් උදවු වුනා. උදාවෙන අවුරුද්දවත් හිතේ හැටියට මං අර ලියන්න ආසාවෙන් ඉන්න දේවල් ලියාගන්න ලැබෙන, මම ගොඩක් ආසාවෙන් පටන් ගත්තු දේ හිතේ සැනසිල්ලෙන් කරගෙන යන්න ලැබෙන අවුරුද්දක් උනොත් කොච්චර හොඳද….. ඒ අවුරුද්දෙදිත් ඔයාල මාත් එක්ක ඉඳීවි කියල හිතනව :-)

හිත අද්දර රැඳුන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!!!!!

30 comments:

  1. සුභ පැතුම් !!! එත් මෙහෙම පාළුවට යන්න දෙන්න එපා. කොහොම හරි චුට්ටි වෙලාවක් හොයන් හරි ලියන්න. දිග ලිපි නැතත් පුංචියට මොනාම හරිවත් ලියන්න. අයේම් කියන්නෙ සුභ පැතුම් අවුරැද්දක බ්ලොග් කෙරැවාවට !! :)

    ReplyDelete
    Replies
    1. ඔව් මදාරා...මාත් පුලුවන් තරම් බ්ලොග් එක පාලුවට යන්න නොදී තියාගන්න හදනව. ගොඩාක් ස්තූතියි ඔයාගෙ සුභ පැතුමට :)

      Delete
  2. පලවෙනි බ්ලොග්ඇනිවසරි එකට සුබ පැතුම්! ඊළඟ බ්ලොග්ඇනිවසරි එක එද්දී මීට වඩා පෝස්ට් ලියවෙන්න ලැබේවා කියලා පතනවා.

    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බලමුකෝ :D
      ගොඩාක් ස්තූතියි ඉෂාන් ඔයාට:)

      Delete
  3. හදවතින්ම සුභපතනව. දිගටම ලියන්න. කියවන්න අපි ඉන්නව. දිගු ගමනක් යන්න සුභ පතනව! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමී :) ඔයාල මට ලොකු ශක්තියක්...

      Delete
  4. සුභ පැතුම් අක්කි... දිගටම ලියන්න. මට තාම සතියයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මං අවුරුද්දක් තිස්සෙ ලියුවට වඩා පෝස්ට් ගොඩක් ඔයා එක සතියකට දාල තියෙනවනෙ...වෙන්න ඕනත් ඒකම තමයි මට ඒක කරන්න බැරි උනාට ;)
      ස්තූතියි මල්ලියෝ ඔයාටත් :)

      Delete
    2. එක අතකට හිතට දැනෙන දුක් කරදර පිටකරන්නත් බ්ලොග් එක හොඳ විදියක්... කොහොම වුණත් ඇනිවසරියට සුබ පැතුම්! දිගටම ලියන්න!

      Delete
    3. මේ දවස් වල මං ඉන්න මූඩ් එකත් එක්ක ලියුවොත් මට බයයි මේ බ්ලොග් එක මගෙ දුක් අඳෝනා වලින්ම පිරෙයි කියල...ඒකයි මේ ටිකේ වැඩිය මොකුත් ලියන්නෙ නැත්තෙත් ;)
      ස්තූතියි ලහිරු සුබ පැතුමට :)

      Delete
  5. ලිපි ගාන කෙසේ වෙතත් දිගටම බලොග් එකත් එක්ක ඉන්න එක වටිනවා. වැඩි වැඩියෙන් ලිපි ලියන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා. මගෙනුත් සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්...:)

      Delete
  6. තමන් ලියන දේ ගැන ගොඩක් හිතන්න ගියාම, ඔහොම වෙනවා... මං හිතන්නෙ මටත් ඔය ලෙඩේ තියනවා... සාමාන්‍යයෙන් ජනප්‍රිය බ්ලොග් ගොඩක් අරගෙන බැලුවොත් පේන්න තියන දෙයක් තමයි, මාසෙකට පෝස්ට්ස් 10-20 වගේ පලවීම. ඒ වගේම සමහර පෝස්ට්ස් හරිම සරලයි, කෙටියි. මොනවා හෝ දිගටම ලිවීම තුලින්ම තමයි, ඒ අය තමන්ගේ ලිවීම දියුණු කරගෙන මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ... දෙන්න තියන උපදේසෙ තමයි මොනව හරි දිගටම ලියන්න කියන එක.. හැබැයි මේක මාසෙකට එකක් දෙකක් ලියන කෙනෙක් කියන වැදිබණක් කියල මතක් කරන්නත් ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...සමහරවිට මං හිතනව වැඩි ඇති. ස්තූතියි තිසර :)

      Delete
  7. සුභ පැතුම්....අවුරුද්දේ සංවත්සරේට..හොඳ හොඳ නිර්මාණ කරලා ඒවා පල කරන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්... :)

      Delete
  8. මුලින්ම ඉගනීම සම්පූර්ණ කරගෙන ඉන්නකෝ පස්සේ බැරියා බ්ලොග් ලියන්න නෙවෙයි මවන්න. :)
    සාරයක් හරයක් නැති දේවල් වලින් බ්ලොග් එක පුරවනවට වඩා. හරයක් තියෙන එක පොස්ටුවක් වටිනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..
      ස්තූතියි කෝරළේ මහත්තයො අදහසට :)

      Delete
  9. සංවත්සරයට සුබ පැතුම්..! ලියන්න කෝ දිගටම.. මමත් ඔන්න පැත්තකින් පදිංචි උනා..
    මම නම් ඉතින් වැඩිය හිතන්නේ නැතුව ඔහේ ලියනවා. මට හිතෙන්නේ ලිවීමෙන් මයි අඩුපාඩු හරියන්නේ කියල.. ලබන අවුරුද්දේ හොඳ පාටියක් දාමු..:) ජය!!

    ReplyDelete
    Replies
    1. //මට හිතෙන්නේ ලිවීමෙන් මයි අඩුපාඩු හරියන්නේ කියල.. // ඒක නම් සම්පූර්ණ ඇත්ත.

      අන්න හරි චන්දන අයියෙ...ලබන අවුරුද්දෙ දාමුකො හොඳ පාටියක් :D :D :D

      ගොඩක් ස්තූතියි අයියෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවටත්, සුභ පැතුවටත්... :)

      Delete
  10. මාත් ආව හිත අද්දරට !:) අවුරුද්දට සුබ පැතුම්
    :)

    ReplyDelete
    Replies
    1. හිත අද්දරට ඔයාව ආදරයෙන් පිළිගන්නව රෙහානි....:) ගොඩක් ස්තූතියි සුභ පැතුමටත් :)

      Delete
  11. හදවතින්ම සුභ පතනවා චම්ස්.....!!
    තව තවත් හොදට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සමනළී :)

      Delete
  12. පළවෙනි සංවත්සරේට සුභපැතුම්!

    බ්ලොග් එකක් ලියද්දි හිතේ තියෙන පීඩනේ අඩුවෙනව කියන දේ මාත් අත්දැකපු දෙයක්. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පරිකල්පන.... :)

      Delete
  13. ලස්සන ඇඳුමක් නෙව අඩවියට දමා තිබෙන්නේ. මමත් සුභ පතනවා දිගු ගමනකට බ්ලොග් අවකාශයේ. ඇත්තටම හිත නිවෙන්න හා අපේ හිතේ තියෙන අදහස් වලින් තව කාට හරි ප්‍රයෝජනයක් ගන්න දෙන්න තියෙන හොඳම අවකාශය තමයි බ්ලොග් අවකාශය. ඉඩ තියෙන වෙලාවට ඇවිත් ලියල යන්න අනිත් වැඩත් අතපසු නොකර.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතී :) ඔව් පුලුවන් විදිහට ලියනව...
      ඔබටත් එසේම වේවා!!!

      Delete
  14. අනේ චම්ස් මන් අදමද කොහෙද ආවේ මේ පැත්තේ .සොරි .
    මන් තාම හොයනවා හැම බ්ලොග් එකක්ම තියෙන sindy එකක් .
    ඒ නිසා මට පොස්ට් මග ඇරෙනවා .ඔයාගේ බ්ලොග් එකේ මට ඉතාම
    වැදගත් , ඒ වගේම මාත් බ්ලොග් එක පටන් ගන්න හේතු උන කාරණා
    තියෙන පොස්ට් කීපයක් තියෙනවා..මන් ඒ පොස්ට් එකට වෙනම
    කමෙන්ට් එකක් දාන්නම් .
    ඔයාට හොඳ අනාගතයක් උදා වේවා කියල ප්‍රර්ථනා කරනවා හදවතින්ම.
    ඔයාගේ බ්ලොග් එක , සහ ලිපි හොදටම හොදයි .කැමති කෙනෙක්
    අසාවෙන් කියවාවි මේ අපි වගේ.අනිත් දේ ඔයාගේ English බ්ලොග් එකේ
    යන පොස්ට් මේකටත් දාන්න .මොකද සිංහල බලන්න එන කෙනෙක්ට
    වැරදීමකින් හෝ ඒ දේවල් ඇහැ ගැටෙන එක හොදයි .කවලන් වෙනවා
    කියල හිතන්න එපා චම්ස් .ඒ කියන්නේ කවි විතරක් බලන්න එන කෙනාට ,
    තාක්ෂණය ගැනත් ලිපියක් බලන්න පුළුවන් , තාක්ෂනය හොයන් එන කෙනාට
    දේශපාලනය ගැනත් දැනගන්න පුළුවන් ..සියල්ල එකම වහලක් යටින්.
    මේවා බ්ලොග්නේ දරුවෝ ඒ නිසා හැම දේම අන්තර්ගත කරන්න . Category යටතේ
    ඉබේම ලිපි වර්ග වෙන නිසා ගැටළුවක් නැහැ ..ඒ නිසා ඔයාගේ දැනුම තියෙන
    හැම දේ ගැනම මෙතන දාන්න .කැමති කෙනෙක් කැමති දෙයක් ගනීවි.
    අනිත් දේ මම පුදගලිකව බ්ලොග් එක පටන් ගත්තේ ඔයාගේ අර එක ලිපියක
    තියෙනවයි කිව්ව දේ ගැන ලිපි ටිකක් ලියන්නයි , චන්ද්‍රිකා පද්ධති ගැන
    පහු ගිය ලිපි ටිකක් දාන්නයි තමා. ඒ ඇර කිසිම බ්ලොග් එකමුතුවක වත්
    මන් බ්ලොග් එක දැම්මේ නැහැ.මට ඕනේ උනේ කෙනෙක් ගූගල් කරද්දී
    කෙනෙක්ට දෙයක් දෙන්න විතරයි.මන් hit , කමෙන්ට් , ෆලෝ ගැන හිතන්නේ නැහැ .
    එකම අරමුණ කෙනෙක්ට කවදා හෝ වැදගත් දෙයක් වෙන දෙයක් ඉතුරු කරන්න විතරයි.
    පස්සේදී ගොඩක් දෙනෙක් කිව්වා බ්ලොග් එකමුතු වලට දාන්න දාන්න කියල ,
    ඉතින් ඔහේ දැම්මා.ඒ ඇර මාසෙකට මෙච්චර ලියනවා , හිට් ඕනේ , ෆලෝ ඕනේ
    කියල දෙයක් නැහැ.

    ඔයාට සුබ පතනවා සහ ස්තූති වන්ත වෙනවා තමන්ගේ පුද්ගලික කාලය
    මිඩංගු කර , අනුන් වෙනුවෙන් දෙයක් ඉතුරු කිරීමට වෙහෙසීම ගැන ..
    ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුභ පැතුමටත් අදහස්වලටත් silentsahan... :) පුලුවන් විදිහට මාත් මං දන්න මං කැමති දේවල් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      ලබන්නාවූ 2013 නව වසර ඔබටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!!

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)