Ads 468x60px

Saturday, December 29, 2012

2013....???

2012 අවුරුද්ද පටන් ගනිද්දි මම ලියපු පෝස්ට් එකේ මං කිව්වා 2012 මගේ ජීවිතේ අභියෝගාත්මක අවුරුද්දක් කියල. ඒත් එදා මං හිතුවෙවත් නැති තරමටම අන්තිමේදි 2012 මට අහියෝගාත්මක අවුරුද්දක් උනා. 2012 අවුරුද්දෙ මැද හරියෙදි කැම්පස් ජීවිතේට සමුදීල, ට්‍රේනින් එකත් ඉවරකරල දැන් මං නිදහස් කියල හිතුව විතරයි...නොහිතපු විදිහේ ප්‍රශ්න, කරදර ගොඩකට මූන දෙන්න මටත් මගේ පවුලෙ අයටත් සිද්ධ උනා. තාමත් ඒ දේවල් එක්කයි ජීවිතේ ගෙවෙන්නෙ.

2012 මට කියල දුන්න ලොකුම පාඩම තමයි ජීවිතේ කියන්නෙ මහ ලොකුවට ප්ලෑන් කරල ගෙවන්න පුලුවන් එකක් නෙවෙයි කියන එක. කොයිතරම් සතුටින් හිනා වෙලා හිටියත් අපි නොහිතන විදිහකට හැමදේම වෙනස් වෙන්න පුලුවන්. අපි මහන්සි වෙලා ගොඩනගපු දේවල්, අපේ හීන, අපිටම අයිති නැති තත්වයකට පත්වෙන්න පුලුවන්.

2013ට මං මූණදෙන්නෙ ඇත්තටම ගත්තොත් ජීවිතේ කිසිම ලොකු බලාපොරොත්තුවක් නැතුව. ඒ විදිහට පටන් ගන්න, මට මතක තියෙන විදිහට, මගේ ජීවිතේ පළවෙනි අවුරුද්ද තමයි මේ. එක අතකින් ජීවිතේ ජීවත් කරනව කියන "බලාපොරොත්තු" මොකුත් නැතුව අලුත් අවුරුද්දකට පියනගනව කියන එක ටිකක් අමුතු හැඟීමක්. ගොඩක් අය ඔයාගෙ හැම බලාපොරොතුවක්ම ඉටු වෙන්න කියල අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කරද්දි හිතට නිකන් මහ මොකක්දත් වගේ.  ඉටු වෙන්නත් බලාපොරොත්තු තියෙන්න එපැයි කියල හිතෙනව ඒ වෙලාවට.  අනිත් අතට බලාපොරොත්තු පොදි බැඳල අන්තිමේදි ඒව ඉටු නොවුනම දැනෙන දුක, එහෙම හීන නැතුව ඉන්න කොට දැනෙන්නෙ නෑනෙ කියල හිතද්දි හිතට පොඩි සැහැල්ලුවකුත් දැනෙනව.

ඔන්න ඉතින් මං 2013 පිළිගන්නෙ බොහොම සැහැල්ලු හිතකින්. ලොකු තියා පොඩිවත් බලාපොරොත්තු මොනවත්ම නැතුව,  ජීවිතය ගැන මහා පරිමාණ සැලසුමුත් නැතුව, එන විදිහකට මූනදෙනව කියන අදහසින් තමයි මං මේ අවුරුද්ද පිළිගන්නෙ.

හැබැයි එහෙමයි කියල මගෙ යාලුවො හැමෝටම අලුත් අවුරුද්දට සුභ පතන්න මං අමතක කරන්නෙ නෑ.

ඉතින් ලබන්නාවූ 2013 ඔයාල හැමෝටම නිදුක් නිරෝගී, සෞභාග්‍යමත්, වාසනාවන්ත, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.    :)))

 

        

16 comments:

  1. මං වගේ අනාගතේ නැතුව වර්තමානෙ විතරක් සැලසුම් කරල ජීවත් වෙන්නකෝ... :D

    ඔයාටත් ප්‍රශ්ණ වලින් තොර නිදුක් නිරෝගී, සෞභාග්‍යමත්, වාසනාවන්ත, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. දැන් නම් වර්තමානෙවත් සැලසුම් කරන්න හිතෙන්නෙ නැ මල්ලි...

      Delete
  2. මටත් ඔය සේතේම තමා.... මගෙත් ජිවිතේ සැහෙන්න වෙනස් වුන අවුරුද්දක් තමා 2012 කියන්නේ....මොනා කරන්නද ඉතිං.....මාත් ඔන්න ඔහේ කිසිම බලාපොරොත්තුවක් නැතුව තමා 2013ත පියමන් කරන්න හදන්නේ.....

    ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ජීවිතේ හැටිනෙ සමනළී...බලමුකො 2013 මොනව වෙයිද කියල..

      Delete
  3. මෙහෙම කියන්නම් කෝ. අලුත් බලාපොරොත්තු ඇති වෙලා ඒවා ඉටු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..! :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියෙ.. :)

      Delete
  4. බලාපොරොත්තු ගැන ඕනාවට වඩා නොහිතා හිටියම ජීවිතේ සැහැල්ලුයි අක්කේ.ජීවිතේ සැලසුම් කරන්න.ඒත් බලාපොරොත්තු ගොඩගහගන්න එපා..

    අක්කාටත් පවුලේ හැම දෙනාටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. කවදාවත් මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ නංගියො. තිබුනෙ බොහොම පොඩි බලාපොරොත්තු ටිකක් විතරයි. දැන්නම් ඒවත් නෑ.

      Delete
  5. ජිවිතේ හැම දවසක්ම සතුටින් ගෙවන්න ශක්තිය ධෛර්යය ලැබේවා! ලබන්නාවූ නව වසර ඉතාම වාසනාවන්ත වේවා! කියල සෙනෙහසින්ම පතනවා දුව.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි නැන්දේ....

      Delete
  6. මන් මං ගැන හිතලා දෙයක් කියන්නම්.. ජීවිතේ ගැන ලොකුවට ප්ලෑන් කරද්දි ඒවා ගොඩක් ආපස්සට යන ගතියක් තියෙනවා.. මං නම් දැන් ගොඩක් දේවල් ඕනවට වඩා ප්ලෑන් කරන්නේ නෑ..

    කෝම උනත් Chams ට 2013 සුභම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්. ජීවිතේ ගැන ප්ලෑන් කරල ඒව වැරදුනාම අඬනවට වඩා හොඳයි ප්ලෑන් නොකර ඉන්න එක. වෙන දෙයක් වෙයිනෙ...
      ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට දිනේශ් :)

      Delete
  7. ඔයාටත් ලබන අවුරුද්ද සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාර්ථනාවට පැතුම්...

      Delete
  8. චාම්ස්ටත් සතුටින් පිරුන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන් :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)