Ads 468x60px

Tuesday, January 17, 2012

හිනාව

"ඉක්මනට එන්න..පින්තූරයක් ගන්න"

දමාගෙන උපැස් යුවල
රතුවූ දෙනුවන් වැහෙන්න

ගහක් ලඟ හිටගෙන
අමාරුවෙන් සිනාවක් මවාගෙන
ගතිමි සේයාරුවක්...

"අනේ හරිම ලස්සනයි හිනාව"
ෆේස් බුක් එකේ කමෙන්ට්ස්, ලයික්ස් වැහි වැහැලා..

ඒත් ඉතින් මමනෙ දන්නෙ
ඔය හිනාව ඇතුලෙ හැංගිලා තියෙන
දුකක තරම...


6 comments:

  1. ඒකනම් ඇත්ත.හිනාවෙලා ඉන්න හැමදෙනෙක්ම සතුටින් නෙවෙයි නේද ඉන්නෙ.එයාලගෙ හිතෙ සමහර වෙලාවට ගොඩක් වේදනාවන්, දුක හිතෙන මතකයන් වලින් පිරිල.එහෙම දුකක් හිතේ තියාගෙන අනිත් අය එක්ක හිනාවුනත්, ඒ දුක දන්නෙ තමන්ම විතරමයි...හ්ම්....

    ලස්සනට ලියල තියෙනවා...දිගටම ලියන්න මේ සිහින​ සුභ පතනවා!!!!!

    ReplyDelete
  2. හිතේ දුකක් තියෙද්දි ඒ දුක අනිත් අයට නොපෙනෙන්න හිනාවෙලා ඉන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්.

    ස්තූතියි සිහින ඇවිත් ශක්තියක් උනාට...

    ReplyDelete
  3. අපිට පෙන්නේ මුනේ තියෙන හිනාව විතරයි එත් හිතේ තියෙන දුක අපිට පේනවනම්.

    ReplyDelete
  4. කෙනෙක්ගෙ හිතේ හැංඟිලා තියෙන දුක පේනවනම් ඒ දුක බෙදා ගන්න බැරි උනත් අඩුම තරමෙ එයාට තවත් දුක් නොදී ඉන්නවත් අනිත් අයට හිතේවිනෙ...

    ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට......

    ReplyDelete
  5. මේ පැත්තට ආවමයි... ලස්සනට ලියල තියෙනවා වෙනස්ම අදහස් ටිකක්..ආයෙමත් එන්නම් සේරම ටික කියවල යන්න...

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.... එහෙනම් ආයෙත් ඇවිත් පෝස්ට් ටික කියවන්නකො :)

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)