Ads 468x60px

Sunday, January 01, 2012

2012 - ජීවිතයේ අභියෝගාත්මකම වසරක්!


අලුත් අවුරුද්දක් උදා වෙලා..මේ අවුරුද්ද මගේ ජීවිතේ සුවිශේෂී අවුරුද්දක්. මේ මගේ කැම්පස් ජීවිතේ අවසාන අවුරුද්ද. තව මාස කීපයකින් ට්‍රේනින් ගිහින් ඊට පස්සෙ විශ්ව විද්‍යාල ජීවිතේට සමුදීලා රැකියාවකට යන්න වෙනවා. ඒ ගැන මගේ හිතේ තියෙන්නෙ ආසාවක්ද, බයක්ද නැත්තන් ඒ දෙකමද කියල මටම හිතාගන්න බෑ. මම ඉපදුනෙත්, පාසල් ගියෙත්, කැම්පස් ගියෙත් එකම නගරයක. ඉතින් ඒ පරිසරයෙන් ඈත්වෙලා වෙනම ජීවිතයකට හුරු වෙන්න මට පුලුවන් වේවිද කියල මට සැකයි. ඒ වගේම මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න මගෙ ලොකු කැමැත්තකුත් නෑ. ඒ තරමටම මම මේ ජීවිතේට හුරුවෙලා. ඒත් මේ කඳු වලල්ලෙන් එහා තියෙන ලෝකයත් එක්ක මටත් එකතු වෙන්න වෙනව කියල මම දන්නව. ඒත් තාමත් මං එහෙම ජීවිතයකට සූදානම් නෑ කියල මට හිතෙනවා.

මගේ comfort zone එකෙන් මිදිලා ජීවිතේ අභියෝග භාරගන්න මේ අවුරුද්දෙදි මට සිද්ද වෙනවා.ඉස්කෝලෙ කාලෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරද්දිවත්, කැම්පස් එකේ ලෙක්චර්ස් යද්දිවත් හිතට නොදැනුනු අමුතුම හැඟීමක් මේ අවුරුද්ද උදා වෙද්දි මට දැනුනා. ඒ හැඟීම විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ. හැබැයි ඒ හැඟීම හිතට ලොකු බරක් එකතු කලා. කලින් තරම් සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න මේ අවුරුද්දෙ  මට පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ කියල මට දැනුනා.

2012 මගේ ජීවිතයේ අභියෝගාත්මක අවුරුද්දක් වේවී කියල මට දැනුනා..
ඉතින් අදින් ඇරඹෙන අවුරුද්ද මම කොයි තරම් ශක්තිමත්ද කියලා මටම දැනගන්න පුලුවන් වසරක්  වේවි...

ලැබුවාවූ 2012 නව වසර සියලුම දෙනාට සුභම සුභ වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා!!!

6 comments:

  1. අභියෝග නැත්නම් අපේ ජීවිතයෙන් අර්ථයක් නෑ.ජීවත්වෙනවා කියන්නෙම අභියෝග වලට මුහුණ දීමක්.2012 අවුරුද්දෙ අපේ ජීවිත වල ලොකු වෙනසක් වේවි.ඒ හැම දේකටම සාර්ථකව මුහුණු දෙන්න හැකියාව ශක්තිය ලැබේවා!!!!!!

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ගොඩක් ස්තුතීයි!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා..හැම දෙයක්ම සර්වපකරෙන්ම සාර්ථක වෙවා.
    ජයෙන් ජය!!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි..ඔබටත් සුභම සුභ වසරක් වේවා!

    ReplyDelete
  5. අභියෝග බලාපොරොත්තුවෙන්න එපා ආවම මූනදෙන්න

    ලොකු ජෝන්..::: අත්තම්මගෙ පෙට්ටගම :::..

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට!

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)