Ads 468x60px

Friday, March 01, 2013

දුක හිතුන වෙලාවට….



මීට කලින් මං "මානසිකව වැටුන කෙනෙක්ගෙ හිත හදන්න ඔබත් කැමතිද?" කියල ලියපු පෝස්ට් එකට ගොඩක් අය දාපු කමෙන්ට්ස් කියෙව්වට පස්සෙ තමයි මේ ලිපිය ලියන්න හිතුනෙ. ගොඩක් අයගෙන් ඉදිරිපත් උන අදහසක් තමයි මං අනිත් අයගෙ ප්‍රශ්න වලදි ඒ අයට කොයි තරම් හයියක් උනත් මට ඕන වෙලාවට ඒ කිසි කෙනෙක් මට නෑ කියන එක. ඇත්ත. ඔය කාරණාව මටත් අදාළයි. අපි හැමෝටම අපේම කියල ප්‍රශ්න තියෙනවනෙ. ඒවා විසඳ ගන්න මහන්සි වෙන අතරේ අනිත් අයගෙ ප්‍රශ්න ගැනත් හොයල බලන්න අමාරු වෙන්න පුලුවන්..ඒක සාමාන්‍යයයි. ඒ උනත් කෙනෙක් ප්‍රශ්නෙකට මූණදුන්නම තව කෙනෙක් එක්ක ඒ දුක බෙදා ගන්න උත්සහ කරනව..මොකද හිතේ තියෙන දුක එතකොට ටිකක් හරි අඩුවේවි කියල හිතන නිසා.හැබැයි ඒ වගේ වෙලාවක ඒ දුක කියන්න කෙනෙක් නැති උනොත්එතකොට දැනෙන දුක නම් හරිම වැඩියි. ඒ වගේ වෙලාවක හිත ටිකක් හරි හදාගන්න,  දුක ටිකක් හරි අඩු කරගන්න, අපිට තියෙන විකල්ප මොනවද? පහුගිය ටිකේ මං සෑහෙන්න උත්සහ කලා ඒ විදිහෙ වෙනත් ක්‍රම වලින් හිත ටිකක් හරි සැහැල්ලු කරගන්න. කලින් පෝස්ට් එකට ආපු කමෙන්ට්ස් එක්ක හිතුන මං කරපු ඒ දේවල් ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල පෝස්ට් එකක් විදිහට දාන්න. 

1) කාටවත් පේන්නෙ නැති වෙන්න ඇති තරම් අඬන්න

මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි කියල හිතෙයි. හිතට දුකක් දැනුනම නිරායාසයෙන්ම අපේ ඇස් වලට කඳුලු එනව තමයි. ඒත් පැත්තකට වෙලා හිතේ තෙරපිලා තියෙන දුක කඳුලු වලින් පිට කළාම හිතට පොඩි සහනයක් දැනෙනව. දරාගන්න බැරි තරම් දුක හිතුන වෙලාවලට මං පැය ගනන් අඬල තියෙනව. අඬල අඬල කඳුලු නවතින කොට හිතට පොඩි සහනයක් දැනෙනව කියන එක මං අත්දැකීමෙන්ම දන්නව.

2)මනඃකල්පිත යාලුවෙක්ට දුක කියන්න

පිස්සු අදහසක් වගේ පේනව තමයි. ඒත් මේ මං කරපු දේවල් වලින් හිතට සෑහෙන්න සැනසීමක් දුන්න දෙයක්. මුලින්ම කලේ මගේ හොඳම යාලුවෙක්ව හිතෙන් මවාගත්තු එක. එයා මගේ ළඟින් ඉන්නව කියල හිතාගෙන කෙලවරක ඉඳන් මට තියෙන හැම ප්‍රශ්නයක්ම, දුකක්ම එයාට කිව්ව. ඇත්ත කෙනෙක්ට ඔය වගේ පැය ගණන් කතාකරද්දි ඈණුම් යවනව, වෙන කථා පටන් ගන්නව, එයාට මේව අහන් ඉඳල ඇතිවෙලා කියන එක විවිධ විදිහට පෙන්නනව වගේ දේවල් සිද්ද වෙනවනෙ. එතකොට අපිත් අපහසුතාවෙට පත් වෙනව. මේ ක්‍රමයෙදි එහෙම වෙන්නෙ නෑ. ඕනතරම් වෙලා අපිට කථා කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් යාලුවෙක්ට ප්‍රශ්නයක් කියද්දි අපි මෙච්චර කල් ඒ ප්‍රශ්නෙ නොදැකපු විසඳුම් පේන්න ගන්නව, සමහර වෙලාවට අපි හිතන තරම් මේ ප්‍රශ්නෙ බරපතල නෑ කියල අපිටම හිතෙන්න ගන්නව. ඒ වගේම කලින් කියපු සැහැල්ලුවත් හිතට දැනෙනව. මේ විදිහට මවා ගත්ත කෙනෙක්ට දුක කියද්දිත් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙනව. මට නම් මේ ක්‍රමය හිත හදාගන්න සෑහෙන්න උදව් උනා.

http://akriti91.wordpress.com


3) හිත වෙනත් දේකට යොදවන්න.

මේකේදි එක එක්කෙනාට ගැලපෙන දේවල් වෙනස් වෙන්න පුලුවන්. මං නම් වැඩිපුරම කලේ බ්ලොග් කියවපු එක. ඒකෙන් හිත වෙන පැත්තකට යොදවල තියාගන්න පුලුවන් උනා. මේ තුන්වෙනි ක්‍රමය ප්‍රශ්න වලට, දුක් කරදර වලට විසඳුමක් දෙන්නෙ නෑ තමයි. හැබැයි හැමවෙලාවෙම හිතට වද දෙන ප්‍රශ්න වලින් ටික වෙලාවකට හරි ඈත් වෙලා හිටියම හිත පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙනව වගේ එකක් වෙනව. එතකොට ආයෙත් ප්‍රශ්න දිහා ටිකක් විතර පැහැදිළි මනසකින් බලන්න ඒක උදව් වෙනව. බ්ලොග් කියවන එකට අමතරව පත්තරයක් කියවන එක, සුරතල් සත්තු එක්ක වැඩි කාලයක් ඉන්න එක වගේ දේවලුත් මට නම් සාර්ථක ප්‍රථිපල ගෙනාව. තව භාවනා කරන එක, ෆිල්ම් එකක් හරි ටීවී එක හරි බලන එක, පොතක් කියවන එක, ගෙවල් අස් කරන එක වගේ දෙවල් උනත් කරන්න පුලුවන්.

මේ දේවල් බොහොම සරලයි තමයි. මේව අමුතුවෙන් කියන්න දේවල්ද කියලත් සමහරුන්ට හිතෙයි. මීට වඩා සාර්ථක ක්‍රම තියෙන්නත් පුලුවන්. මනෝ විද්‍යාව ගැන මට ලොකු දැනුමක් නෑ. ඒ උනත් මං මේ ලිව්වෙ මගේ අත්දැකීමෙන්. මගේ හිත ටිකක් හරි හදාගන්න උදව් උන දේවල් තව කෙනෙක්ටත් උදව්වක් වේවි කියල හිතුන නිසා.
සමහර ප්‍රශ්න වලට අපිට උත්තර ඇස් දෙක ඉසරහම තියෙනව. කරන්න තියෙන්නෙ ප්‍රශ්න විසඳ ගන්න ඕන ටික කරන එක විතරයි. සමහර වෙලාවලට ප්‍රශ්න කරදර ඉස්සරහ අපිට කිසිම දෙයක් කරන්න බැරි අවස්ථාත් තියෙනව. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ කාලයටම ඒව විසඳන්න ඉඩ දීල බලාගෙන ඉන්න එක. 
ඒ වගේ වෙලාවට හිතට දැනෙන දුක පාලනය කරගෙන ඉන්න එක වැදගත්. මේ සරල ක්‍රම මට ඒකට පුංචි අත්වැලක් උනා. ඒ නිසාමයි මගේ ඒ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න හිතුවෙ.

32 comments:

  1. හිත වෙන දේකට යොමු කිරීම කියන එක නම් සාර්ථකයි කියල අත්දැකීමෙන්ම දන්නවා. කොච්චර ලොකු දුකක් වුනත් දැනුන අලුත තමයි ගොඩක් අමාරු. ටිකක් හිත සන්සුන් වෙනකල් එය දරාගන්න උදව්වක් වෙනවා වෙන දේකට සිත යොමු කිරීම. දුක් වීම සාමාන්‍යය මෙන්ම අසාමාන්‍යය තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ ගැන මානසික වෛද්‍යවිද්‍යාවෙ සඳහන් වන කරුණු ටිකක් ලියන්න ඕනෙ කියල හිතුන චාම්ස්ගෙ මේ ලිපිය දැක්කහම. වටිනා ලිපියක්! කෙනෙක්ගෙ දුකක් දරාගැනිමට උදව්වක් දීම ගොඩක් වටින දෙයක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයා ඒවගේ ලිපියක් ලිව්වොත් ඒක ගොඩක් වටිනව ගිමන්. මං මේ ලිව්වෙ මගෙ අත්දැකීමෙන්නෙ. ඊට වඩා මනෝවිද්‍යාත්මකව මේ දේවල් දිහා බලල ලිව්වොත් ඒකෙන් ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න පුලුවන් වෙයි...

      ගොඩක් ස්තූතියි ඔයාට....

      Delete
  2. ගොඩක් වට්න දෙයක් ගැන ඔයා ලියලා තියෙන්නෙ.සමහර වෙලාවට මමනම් කරන්නෙ මගේ දුක මගේ හොදම යාලුවට කියලා දුක තුනී කරගන්න එක​....

    ReplyDelete
    Replies
    1. කරන්න පුලුවන් නම් කරන්න තියෙන හොඳම දේත් ඒක තමයි ආවර්ජනා. මං මේ කිව්වෙ ඒ වගේ දුක කියන්න කෙනෙක් නැතිඋනාම කරන්න පුලුවන් දේවල් ටිකක්. ඒත් හොඳම යාලුවෙක්ට දුක කියන එක තරම්ම මේ ක්‍රම සාර්ථක නැතිවෙන්න පුලුවන් :(
      ස්තූතියි ඔයාට....

      Delete
  3. මං නම් තව කරන දෙයක් තමා ඒ වෙලාවට මං ආස සිංදුවක් දා ගෙන පැය ගනන් අහන එක. ඒ අතරතුර ඕනි නම් හොදට අඩන්නත් පුළුවන්. අවසානයේ ටිකක් හරි හිත සැහැල්ලු කර ගෙන ප්‍රශ්නෙට පොඩි හරි විසදුමක් හොයා ගන්නත් පුළුවන්. ඒ නැතත් හිත ටිකක් සැහැල්ලු වෙනවා. අද්දැකීමෙන් කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අත්දැකීමෙන් කියන දේවල් ගොඩක් ප්‍රයෝජනවත් :)
      මාත් සමහර වෙලාවට ඔය වැඩේ කරනව. ඇත්ත..ඉතාම සාර්ථක ක්‍රමයක්.හැබැයි හිටපු ගමන් සිංදුවක්වත් අහන්න හිතෙන්නෙ නැති වෙලාවලුත් එනව..ඒ ඉතින් හොඳටම දුක වැඩි උනාම තමයි
      ස්තූතියි සමනළී ඔයාගෙ අත්දැකීමක් බෙදාගත්තට:)

      Delete
  4. මං නම් මුලින්ම අඬනවා... ඊට පස්සෙ හිතින් මටම කියා ගන්නවා... ඊට පස්සෙ ඇඳේ කොට්ටයක් හප හප නිදා ගන්නවා.. (ඉස්සර)
    දැං නම් දුක හිතුනම හනී බනීට කෝල් එකක් අරං අඬනවා.. එතකොට එයත් අඬනවා...
    තරහ ගියාම කෝල් එකක් අරං බනිනවා.. එතකොට එයා අඬනවා. එතකොට මට දුක හිතිල නලවනවා...

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් ළමයෙක්:O හනී බනීට බනින්න එපා...පව් නෙ :)

      Delete
  5. 2,3 තමා මම කරන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :)
      ස්තූතියි රජතුමෝ ඇවිත් යනවට මේ පැත්තෙ :D

      Delete
  6. දුක හිතේ හිර කරගෙන ඉන්නවට වඩා ඒක පිට කරන එක හොඳයි තමයි.. මං කරන්නේ කොහේ හරි ඇවිදිනවා. සින්දුවක් අහනවා. ඔයා කිව්ව දෙවෙනි ක්‍රමයත් කරනවා. තව ඕන නම් ලියන්න පුළුවන්. කවි එහෙම..

    ReplyDelete
    Replies
    1. අන්න තවත් සාර්ථක ක්‍රම :) ස්තූතියි අයියේ මේ ක්‍රම ටිකත් මතක් කළාට :)))

      Delete
  7. කාටත් ප්‍රයෝජනවත් දෙයක් නෙ දාලා තියෙන්නෙ. මම නම් ඔය තුනම කරනවා.. අන්තිමට අන්තර් ජාලෙ පෑත්තෙ විසිට් එකක් දානවා.. එතකොට ගොඩක් දුරට හරි....

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් වෙලාවට එහෙමයි :)

      Delete
  8. හොද ලිපියක් චාම්ස්.. මං නම් දුකක් ආව වෙලාවට කරන්නේ හිත වෙන දේකය යොමු කරන එක තමයි.. වැඩියෙන්ම කරන්නෙ නම් ජෝක්ස් වැඩිම ෆිල්ම් එකක බලන එක.. ඔන්න ඔය වගේ වෙලාවල් වල ජොනී ඉන්ග්ලිශ් තමයි මගේ ප්‍රියතම.. ෆිල්ම් එක පටන් ගන්නකන් විතරයි හිතේ දුක තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dinesh :)
      මාත් මේ ළඟදිත් කීවෙනි පාරටද මන්දා ජොනි ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් බැලුව. ඇත්තටම ඒ වගේ ෆිල්ම්ස් බලුවම හිත ගොඩක් සැහැල්ලු වෙනව...

      Delete
  9. ගොඩක් වට්න ලිපියක් චාම්ස්! කෙනෙකුගෙ දුක නිවාගන්න උදව් වෙනවා කියන්නෙ ඒකත් එක්තරා පිණකි.

    ReplyDelete
  10. හොඳ ලිපියක් chams

    ReplyDelete
  11. මෙන්න මේ වීඩියෝව අරගෙන බලන්නකො...

    The Secret (2006) | ජය මාවත් සොයා ..

    ReplyDelete
    Replies
    1. ටිකක් විස්තර කියවල බැලුව මේ ගැන. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉක්මනටම...තොරතුරට බොහොම ස්තූතියි පරිකල්පන :)

      Delete
  12. හුඟක් වෙලාවට මම කරන්නෙ තනියම හිතනවා. එහෙම කරල දුක තුනී උනේ නැත්නම් හොඳම යාළුවෙක්ට කියනවා, එහෙම නැත්නම් මට විතරමද මේ දේ වෙන්නෙ කියල ධර්මයට අනුව හිතනවා, එතකොට වැටහෙනවා මම වාගේම මෙහෙම දුක් වෙන අය තවත් ඉන්නවා, මට විතරක්ම නෙවෙයි මේ දේවල් වෙන්නෙ කියල. බොහොම හිත සැහැලුකරගන්න වා එහෙම හිතල. ආයෙත් සසර දුකට නොවැටී ඉන්න හිතල හිත නිවාගන්නම උත්සාහ කරනවා. මුලදී හරිම අමාරුයි. හිත විසිරෙනවා, වෛර සිතුවිලි එනවා, තරහ එනවා, ක්‍රෝධය එනවා. දැන් කාලයත් එක්ක හුඟක් දුරට නොසැලී ඉන්න පුළුවන් කියල මට හිතෙනවා. ගිමන් ගේ සටහන බලන්න බලා ඉන්නවා මනෝවිද්යාවෙන් කොහොමද පාලනය වෙන්නෙ කියලා. ස්තූතියි! චම්ස් සටහනට.

    ReplyDelete
    Replies
    1. ඔව් චාන්දි නැන්දෙ.මුලදි නම් මට හිතුනෙ ඔක්කොම ප්‍රශ්න අපිටමයි කියල..ඒත් අනිත් අයටත් ප්‍රශ්න තියෙනව කියල තේරෙද්දි, හැමදෙයක්ම දිහා ධර්මයට අනුව බලද්දි ජීවිතේ සමහර දේවල් අපි හිතන තරම් සංකීර්ණ නෑ කියල හිතෙනව.
      හැමදෙයක්ම තියෙන්නෙ මනසෙනෙ. මනස පාලනය කරගන්න පුලුවන් නම් ගොඩක් ප්‍රශ්න දිහා අලුත් විදිහට දකින්න පුලුවන්.
      මාත් බලන් ඉන්නෙ ගිමන්ගෙ ඒ ලිපි කියවන්න තමයි. ගොඩක් ස්තූතියි නැන්දට මේ අදහස් බෙදාගත්තට..:)

      Delete
  13. මගේ ක්‍රමය තමයි බොහෝ දුරට තුන්වැනි එක.හිත වෙනත් දේකට යොමනවා.නමුත් ධර්මයට අනුව නම් අපි කළ යුත්තෙ ගැටලුවට හේතුව ගැඹුරින් හිතා බැලීමයි..

    අක්කගෙ මූණ වෙනස් වෙලා නොවැ...කල්පනා කරල වැඩි වෙලාද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා. මේ කිව්වෙ ප්‍රශ්නයක් හිතට තදින් දැනෙද්දි හිත ටිකක් සැහැල්ලු කරගන්න පුලුවන් වෙන විධි ටිකක් විතරයි. හැබැයි කරන්න තියෙන හොඳම දේ දුකට හේතුව හොයාගෙන ඒක නැති කරන එකයි.

      හි හී ඔව් අනේ මූණ ටිකක් වෙනස් උනා ;)

      Delete
  14. චාලි චැප්ලින්ගේ ෆිල්ම් ඔයවගේ වෙලාවට සුපිරි..මමත් අත්දැකීමෙන් කියන්නේ හොඳේ

    ReplyDelete
    Replies
    1. ඔයා අත්දැකීමෙන්ම කියපු එකේ ඊළඟ පාර චාලි චැප්ලින්ගෙ ෆිල්ම් එකක් බලන්නම්කො ;))

      Delete
  15. මෝඩ අදහසක් නෙවෙයි තමන්ගේ හිතේ තියෙන දෙයක් තව කෙනෙක් එක්ක කියද්දී කොහොමත් ලොකු සහනයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ මගේ අත්දැකීම් මිසක් මනෝවිද්‍යාත්මක කාරණා නෙවෙයිනෙ අසර් අයියෙ...ඉතින් කෙනෙක්ට ඒව බොලඳ දේවල් විදිහට පේන්න පුලුවන් නිසයි එහෙම කිව්වෙ :)

      Delete
  16. මම දුක හිතුනම වෙනදට වැඩිය මොනව හරි ආමාෂෙට දාගන්නවා...ඒකත් දුක අනුභව කරන්න සුපිරි ක්‍රමේ ....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඒකත් කරල බලන්න ඕන වෙලාවක :) :) :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)