Ads 468x60px

Wednesday, February 20, 2013

මිහිර දැනුනා ජීවිතේ……


මල් ලෝකෙ දැවටෙන්න
මද සුලඟේ නැලවෙන්න
ලස්සන දැකගන්න ලෝකයේ…….

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….
මල්පොකුරු මත වැටුන
වැහි බිංදු ඇහිඳින්න
සියොතුන්ගෙ ගී හඬට
රහසේම කන් දෙන්න
සන්තෝසෙන් දිව යන්න මාවතේ……

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….

හදවතට ළං වෙච්ච
ආදරය විඳ ගන්න
ලෝකයට පෑයූව
දේදුන්න දැකගන්න
හැමදාම හිනැහෙන්න මේ ලෙසේ……

මිහිර දැනුනා ජීවිතේ……
සුවය දැනුනා ආදරේ…….

http://chloe-mia.blogspot.com/

ප.ලි: මේ මං නිකමට වගේ මීට සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්. හැමදාමත් විරහ කවිම බ්ලොග් එකට දාපු නිසා වෙනසකටත් එක්ක මේක දැම්මෙ. මෙය අතිශයින්ම සිතුවිල්ලක් පමණක්ම බව කරුණාවෙන් සලකන්න :)


30 comments:

  1. එලම එල කිරි..මෙයත් ගොඩ ගිහින් වගේ..ජය වේවා ජය වේවා

    ReplyDelete
    Replies
    1. හාපෝ එහෙම දෙයක් නෑ පැතුම්. මේක මේ අවුරුදු බර ගානකට කලින් නිකමට වගේ ලියපු එකක්. දිගටම දාල තියෙන්නෙ විරහ කවි නිසා වෙනසකටත් එක්ක මේක දාන්න හිතුනා. එච්චරයි :D

      Delete
  2. හ්ම් ඇත්තද... ? කවුද ඒ වාසනාවන්තයා..?

    ReplyDelete
    Replies
    1. වාසනාවන්තයා??? මොන වාසනාවන්තයද නංගි :O

      Delete
  3. යන්තම් ඇති.... :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද යන්තම් ඇති කිවුවෙ මල්ලි :O

      Delete
  4. මිහිර දැනුනා ජීවිතේ……
    සුවය දැනුනා ආදරේ…

    හාකෝ... හාකෝ.... :)
    සුභ පැතුම් ඈ....

    ReplyDelete
    Replies
    1. සුභ පතන්න තරම් දෙයක් මෙතන නැතෝ!!!! මේක සිතුවිල්ලක් පමණි :)))

      Delete
  5. පද ටික ලස්සනයි... තේරුම වඩාත් ලස්සනයි, සුන්දරයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ :)

      Delete
  6. පුදුම නිදහස් බවක් දන්වන පද ගෙතුමක්.
    ලොකු සැහැල්ලුවක් දැනුනා කියෙව්වහම! ඇත්තටම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගිමන් හිතට සැහල්ලුවක් දැනෙන පද ටිකක් හින්දමයි වෙනසකටත් එක්ක මේක දාන්න හිතුනෙ...ගොඩක් ස්තූතියි ඔයාට :)

      Delete
  7. Replies
    1. ගොඩක් ස්තූතියි ආවර්ජනා.. :)

      Delete
  8. නිර්මාණයක් විතරක්මද? හා හා... ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්..නිර්මාණයක් පමණයි :) ස්තූතියි!

      Delete
  9. මල් ලෝකේ දැවටෙමින්
    මඳ සුළගේ නැලවෙමින්
    වැහි බිංදු ඇහිඳීමින්
    විහඟුනට කන් දෙමින්

    දිවයන්න මාවතේ
    මිහිර විඳිමින් ජිවිතේ...

    ලොවට පායා නැගෙන
    දේදුන්න දුටු කලට
    එපා එහි හිත ලන්න
    වහා නොපෙනී යන්න
    හැකිය මේ දේදුන්න

    මේ වගත් දැනගෙනම
    දිවයන්න මාවතේ
    මිහිර විඳිමින් ජිවිතේ....

    මල් ලෝකේ පරවෙවී
    මඳ පවන නැතිවේවි
    පිනි බිංදු වියැකෙවි
    විහඟ නද ගොලුවෙවී

    පසක් කල විටදී ඔබ
    ලොවේ ඇති තතු මෙලෙස
    කිසි දිනක දුක් නොවී
    විඳිය හැක ජිවිතේ
    මිහිර රිසි සේ නගේ

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      ගොඩාක් ස්තූතියි අයියේ මේ අපූරු නිර්මාණයට. ඒ වගේම

      මල් ලෝකේ පරවෙවී
      මඳ පවන නැතිවේවි
      පිනි බිංදු වියැකෙවි
      විහඟ නද ගොලුවෙවී

      පසක් කල විටදී ඔබ
      ලොවේ ඇති තතු මෙලෙස
      කිසි දිනක දුක් නොවී
      විඳිය හැක ජිවිතේ
      මිහිර රිසි සේ නගේ


      මේ වටින උපදේශයටත් බොහෝම ස්තූතියි... :)

      (කමෙන්ට්ස් බෝල්ඩ් කරන විදිහ ඉගෙන ගත්තෙ චන්දන අයියගෙ පෝස්ට් එකෙන්. තැන්ක්යූ චන්දන අයියා :) )

      Delete
  10. විරහවට ඒ කාලේ නං තිත් තමා නේද තිබිල තියෙන්නේ.. මම අද ආවේ ඔයාගේ බ්ලොගේ මෙච්ච ර දවසක් හොයාගන්න බැරුව ඉදල ඊයේ තමා හොයාගත්තේ කියන්න.. බ්ලොගර් කේස් එකක් හින්ද වෙන්ටැති ෆලෝ කරලත් පෝස්ට්කටු පේන්නේ නැත්තේ... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් මටත් එහෙම සෑහෙන්න ප්‍රශ්න ඇති කරනව දේශකයා. වෙලාවකට දාන කමෙන්ට්ස් නැති කරනව, වෙලාවකට සමහර පෝස්ට් පෙන්නන්නෙ නෑ. තව වෙලාවකට පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න ගියාම පුදුම දුකක් දෙනව..:(

      කොහොම උනත් මගේ බ්ලොග් එක හොයාගෙන ආයෙත් ආවට දේශකයට ගොඩක් ස්තූතියි. අර
      //විරහවට ඒ කාලේ නං තිත් තමා නේද තිබිල තියෙන්නේ..//කියන කතාව නම් මට ටිකක් පැහැදිළි මදි වගේ...

      Delete
    2. //තව වෙලාවකට පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න ගියාම පුදුම දුකක් දෙනව.// මටත් ඔහොම උනා කලින්. මගේ බ්ලොග් එකේ මුලම ඇති පලමුවන පෝස්ට් එක බ්ලාස්ට් වීම.. ! කියල පෝස්ට් එකක්. ඒ වගේ දෙයක් ද වෙන්නේ කියල බලන්න නංගි...

      Delete
    3. මටත් ආවේ ඒ ප්‍රශ්නෙම තමයි අයියා. සමහර වෙලාවට නම් විසි සැරයක් විතර ට්‍රයි කරල තමයි පෝස්ට් එක පබ්ලිශ් කරගන්නෙ..එපාම වෙනව ඒ වෙලාවට නම්. සිග්නල් නැතිකම එක හේතුවක් කියල මටත් හිතුනා. ඒත් වෙලාවකට හොඳට සිග්නල් තියෙද්දිත් අර මෙසේජ් එකම එනකොට ඒ ඇයි කියල හිතාගන්න බැරුව හිටියෙ. අයිය කියල තියෙන විදිහට HTML codes වල ගැටලුවක් වෙන්න ඇති. ඊළඟ පාර ආයෙත් ඔය ප්‍රශ්නෙ ආවොත් codes ටික චෙක් කරල බලන්නම්.

      ගොඩාක් ස්තූතියි අයියේ... :)))

      Delete
  11. හදවතට ළං වෙච්ච
    ආදරය විඳ ගන්න...හ්ම්ම් විඳ ගන්න විඳ ගන්න! :)

    ReplyDelete
  12. නියමයි.. ලස්සන පද ටික..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී... :)

      Delete
  13. හහහා... එල එල!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජතුමනි...සාදරයෙන් පිළිගන්නව ඔබතුමාව මගේ බ්ලොග් එකට :)

      එසේම වේවා!!!!!

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)