පෙරදින ඔබගේ
මිහිරිවු කටහඬ
තවමත් නිවසේ
ඇත රැඳිලා...
නුඹ පෑ සිනහව
නුඹගේ රූපය
තවමත් නැත
මනසින් මැකිලා...
දඟවැඩ
නුඹ කල තවමත්
මසිතේ
නිතරම රැව්
පිළිරැව් දෙනවා...
සඳ නැති අහසේ
තරු කැට සොයමින්
නුඹේ සොහොන
වෙත මා යනවා...
මගෙ පොඩි
දෝණියෙ විගසින් ඇයිදෝ
ගියේ මා මෙසේ
තනි කරලා...
බැරිදෝ එන්නට
ඉස්සර වාගේ
හනි හනිකට
පියවර තබලා...
ප.ලි: මේ මං
ඉස්කෝලෙ යන කාලෙ ලිව්ව කවි වගයක්. කාලෙකට පස්සෙ
අද මතක් උන වෙලේ බ්ලොග් එකට දාන්න හිතුනා.
මට මතක් වුණා දයාසේන ගුණසිංහයන්ගේ රන් තැටියක කදුළු කවිය.ඒකෙත් මේ වගෙ අවස්ථාවක් ගැනනේ තියෙන්නෙ..
ReplyDelete//සඳ නැති අහසේ තරු කැට සොයමින්..//
ඒ යෙදුම හරි අපූරුයි.
කවියකට වඩා මේක ගැලපෙන්නෙ ගීතයකට කියලත් හිතුණා.
ඔව් නංගි ඇත්තටම මං මේක ලිව්වෙ ගීත රචනා තරඟයකට තමයි. බ්ලොග් එකේ තියෙන්නෙ කවිම හිංද මේකත් කවි ගොඩටම දැම්ම :)
Deleteස්තූතියි අදහස් දැක්වූවාට නංගියෝ....
Good poem with lots of expressions.
ReplyDeleteThank you දේශකයා :)
Deleteඅරුත දුකයි....කවි ටික නම් ලස්සනයි....
ReplyDeleteස්තූතියි සමනළී :)
Deleteහිතට දැනුන කවි පෙලක්.. ලස්සනයි..
ReplyDeleteස්තූතියි Dinesh :)
Deleteමේ වගේ සිද්ධි වුනු තැන් වලට ගියාම අපිට හිතට දැනෙන දුකත් එක්ක කල්පනා කලාම ඒ පියවරුන්ගේ හිත වටහා ගන්න පුළුවන්.. මේ ලඟදි මං ඒ වගේ අසල්වැසි පොඩි දරුවකුගේ අවමගුලකට සහභාගී උනා. ඒ දරුවා නිදාගෙන ඉන්නව දෝ කියල හිතුනා මට..
ReplyDeleteපද ගෙතුම ලස්සනයි..
ඔව් අයියෙ අපිට එච්චර දුක හිතෙනවනමේ අම්මල තාත්තලට කොහොම දුක හිතෙනව ඇත්ද...
Deleteස්තූතියි චන්දන අයියා :)
හ්ම්ම්ම්ම්.. මට ඉස්සෙල්ල හිතුනෙ දුව කසාද බැඳල ගියපු දුක නිසා කියලයි........
ReplyDeleteමාතෘකාව කියවන්නේ නැතුව කවිය කියෝගෙන යනකොට දෙවෙනි කවිය ගාවා හිර වුනා. ආයේ මුල ඉඳන්ම ගිහින් මාතෘකාවේ ඉඳන් පටන් ගත්තා.. තමන්ගේ ලෙයින් ඉපදුන ළමයි මරණ මිනිස්සු ඉන්න රටක මේ වගේ තාත්තලාගේ කඳුළු වලට කොහොම වටිනාකමක් දෙන්නද.....! ගොඩක් ලස්සන කවියක්....!!!
ReplyDeleteගොඩක් ස්තූතියි පැතුම් :)
Delete"පියෙකුගේ කඳුළු"
ReplyDeleteමම මේ ගැන මොනවානම් කියන්නද?
ඇයි එහෙම කියන්නෙ නුවන්?
Deleteලස්සන දුක හිතෙන කවි ටිකක් ..!!!
ReplyDeleteස්තූතියි කල්යාණන්ද ;-)
Deleteහි හි හී ..... :D
Deleteහපොයි හිතට තදින් දැනෙනවා..
ReplyDeleteමේ පෝස්ට් ඔක්කොම ටික මට මග ඇරිලා ..
ස්තූතියි සහන්...වෙලාව තියෙන විදිහකට ඒ පොස්ට්ස් ටිකත් කියවන්නකො :)
Deleteචම්ස් මේ පියාගේ කඳුළු ගැන හිතෙන්නේ මොකද කියන්න ...
Deleteමගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .
කියන්න දෙයක් ඇත්තටම මට හිතාගන්න අමාරුයි සහන්. මොකද ඒ කතාව කියෙව්වට පස්සෙ දැනුන හැඟීම් වචන වලට පෙරලන්න අමාරු නිසා. අනිත් අයත් ඒ දේ මං දැක්ක කමෙන්ට් වලදි කියල තියෙනව. පුවත් පතක පලවූ කතාවක් කියන්නෙ කාට හරි ඇත්තටම සිද්ධ උන සිද්ධියක් නෙ... ඒ තාත්තගෙ කඳුලු ගොඩක් බරයි කියල විතරක් කියන්නම්.
Deleteඅන්න ඒක තමයි චම්ස් තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ එක
Deleteසීමාවක් තියෙනවා , එතනින් එහාට මිනිහෙක්ගේ හිත හදන්න
සුන්දර වචන වලට බැහැ .ඒ මිනිහ ඉවරයි .ඒක හැමෝම
තේරුම් ගන්න ඕනේ .මොකද ගොඩක් පිරිස මුකුත් නොදැන
කට මැද දොඩවන්න විතරයි දන්නේ ...
ඒ උනාට ආයේ කතා කරන්න දෙයක් නැති නැති සිදුවීම් වෙනවා
මේ ලෝකේ ..
ඔන්න ඔය ඇත්තයි මට කියන්න ඕනේ...
දුක හිතෙන ගීතයක් !
ReplyDeleteහ්ම්...:(
Deleteහිතට දැනෙනවා ගොඩක්
ReplyDeleteස්තූතියි සමී :)
DeleteHmmm...
ReplyDeleteඅලුත් මල්ලි කාලෙකින් මේ පැත්තෙ :)
Deleteෂා කවි ටිකනම් නියමයි...
ReplyDelete//මගෙ පොඩි දෝණියෙ විගසින් ඇයිදෝ
ගියේ මා මෙසේ තනි කරලා...
බැරිදෝ එන්නට ඉස්සර වාගේ
හනි හනිකට පියවර තබලා...// ලොකු තේරුමක් තියෙනවා.....
ස්තූතියි Chinthaka :)
Deleteතාත්තලා ගැන අම්මලා වෙනුවෙන් වගේ මහමෙරක් තරම් කවි ග නොලියවුනාට මගේ හිතේ තියෙන්නෙත් ගෞරවනීය හැගීමක්. දැනෙන කවි පෙලක්..
ReplyDelete"පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියල කිව්වට එහෙම වෙන්නෙ තාත්තා ගැන හිතේ තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු නිසා කියල මාත් හිතන්නෙ නෑ රතී. ස්තූතියි ඔබට :)
Deleteඔන්න අපිත් ආවෝ අක්කියෝ...
ReplyDeleteඇත්තටම ගොඩාක් ලස්සන කවි පංතියක් ....
ඇත්ත දෙමවිපියෝ කියන්නෙ අපේ මුලු ලෝකෙම ..
එයාලටත් අපිව එහෙමමයි
ස්තූතියි මල්ලියෝ...සාදරයෙන් පිළිගන්නව ඔයාව මගෙ බ්ලොග් එකට :)
Deleteගොඩක් ලස්සන කවි නිර්මාණයක්... කියවද්දී ගොඩක් දුක හිතුනා.. ඇත්තටම තාත්තලාගේ ආදරය ගැන නිර්මාණ බිහි වෙලා තියෙනවා අඩුයි.. ඒත් තාත්තලා ආදරේ අම්මලා වගේ නොපෙන්නුවත් අම්මලා තරම්ම දරුවන්ට ආදරේ කරනවා...
ReplyDeleteස්තූතියි උදයංග... :)
Deleteඇත්ත. අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනසක් නෑ. එකමදේ අම්ම කෙනෙක් ඒ ආදරේ දරුවන්ට වැඩිපුර දැනෙන්න අරිනව. ඒත් තාත්තල ඒ ආදරේ හිතේ තද කරගෙන ඉන්නව...