Ads 468x60px

Sunday, March 25, 2012

ආයෙමත් නුඹ එනවානම්.....

දෑසේ නැගෙනා කඳුළු පිසදා
ජීවිතයේ දුක නිවාලන්නට
කලින් දවසක පැමිණි විලසට
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ දකින්නට පෙරුම් පුරනා
දෑසේ පැතුමන් සපුරාලන්නට
සිහිනයෙන්වත් මා දකින්නට
ආයෙමත් නුඹ එනවානම්.....

දිවියෙ පෙරදා මතුවු හසරැල්
ආයෙ මුවගට කැඳවාලන්නට
එදා මෙන් යලි හිනැහී මාවෙත
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ නිසාවෙන් තැලී පොඩි උන
මගේ හදවත හදාගන්නට
අනේ තව එකම සැරයක්
ආයෙමත් නුඹ එනවානම්.....

15 comments:

  1. ඔන්න අද මං එකටම ඇවිත් නෙ.. : D ලස්සනම ලස්සනයි අක්කියෝ..

    …\…\…සිහිනයෙන්වත් මා දකින්නට
    ආයෙමත් නුඹ එනවානම්..... \\

    ReplyDelete
  2. ඔහු නිසාවෙන් තැලී පොඩි උන
    ඔබේ හදවත බැහැ නොවෙද යලි හදාගන්නට
    ඉතිං යළි ඔහු නුඹ වෙතට ආවත්
    වැඩක් වේයැයි සිතනු කිමදෝ....

    ReplyDelete
  3. හද පතුලේ රෑදි සිතුම් පැතුම් මෙලෙසින් සියුම් කවියක් ලෙසින් කිය වු විට, අකීකරු සිතක් පවා කීකරුව මහත් ආලයෙන් පිරුව හැරිලා බලයි නේද චාම්ස්...:)... ඉතාමත්ම ලස්සන සුරතල් කවියක්!!

    ReplyDelete
  4. ලස්සනයි... හිතට සමීප අදහස් ගොඩක්.... :)

    ReplyDelete
  5. ගොඩාක්.ජීවිතය ජිවත් කරවන බලාපොරොතු, තවත් වෙලාවක ජිවිතයට අඳුරක් ලං කරනවා..හ්ම්ම්...

    කවි පේලි හුඟාක් ලස්සනයි යාලු.ඒත් කවියේ අදහස දුකයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මගේ පුංචි හුරතල් නංගෝ.. ,ගිය අය ගැන නම් පසු තැවෙන්න එපා මැණික. ඒ ඇතිවුණු දුකෙන් ඔයා පසු බහින්න එපා.හිතට ධෛර්ය ගන්න.ඒ ගිය අයට පෙන්න ලොකුම ලොකු වැඩක් කරන්න හිතට ගන්න.ජිවිතේ යන්න පුළුවන් ඉහලටම යන්න.ඔයාට පුළුවන් මේ මුළු රටම දන්නා වැදගත් ,වටිනා කෙනෙක් වෙන්න.එදාට ඔයාව දාලා ගිය එකට ඒ අය පසු තැවේවි . ඔයාගේ ඇත්තම අයිතිකරයා ඉක්මනටම ඒවි හොඳේ.. :)

    කවිය හුඟාරියක් ලස්සනයි නංගි පැටියෝ :)

    ReplyDelete
  8. @ නිදහසේ නවාතැන: ඔවුනෙ නංගි අද එක :) ගොඩක් ස්තූතියි කමෙන්ටුවට නංගෝ

    @බට්ටි: මේ මගෙ අත්දැකීමක් නම් නෙවෙයි බට්ටි...කොහොම උනත් හිතක් තලලා ගිය කෙනෙක් ආයෙ එන එකෙන් වෙන්නෙ පෑරුන හිත තවත් පෑරෙන එකද නැත්තම් හැදෙන එකද කියල මටත් හරියටම හිතාගන්න අමාරුයි...

    ස්තූතියි කමෙන්ට් කළාට :)

    @Fathima : මේ නම් හිතට ආපු අදහසක් විතරමයි ෆාතිමා...අත්දැකීමක් නම් නෙවෙයි :)

    ස්තූතියි යාලු....

    @See Jay: ගොඩාක් ස්තූතියි... :)

    @සිහින මතකයන්: ඇත්තම ඇත්ත යාලු...බලාපොරොත්තු වෙලාවකට ජීවිතයක් ජීවත් කරවනවා වගේම තවත් වෙලාවක ජීවිතයට ලොකු දුකක් ගේනවා...

    ගොඩක් ස්තූතියි සිහින...

    @නදීර: :DDD මේ මම පාඩම් කර කර හිටපු වෙලාවක හිතට ආපු අදහසක්. එවෙලේ පොතේම පැත්තක ලියුවා. අද ආයේ ඒක දැක්කම හිතුන බ්ලොග් එකට දාන්න ඕනි කියලා.

    ස්තූතියි...කමෙන්ට් කළාට :)

    @‍සොඳුරු සිතැති මිනිසා:මේ මගේම අත්දැකීමක් නෙවෙයි අයියේ... හැබැයි අයියා කියපු දෙවල් නම් ගොඩාක් වටිනවා.ඒ වචන හිතට හොඳටම දැනුනා.කවදා හරි මේ විදිහෙ අත්දැකීමකට මූණ දෙන්න උනොත් මේ උපදෙස් හිත හදාගන්න ලොකු උදවුවක් වෙයි.

    ගොඩාක් ගොඩාක් ස්තූතියි අයියෙ මේ විදිහට මාව දිරිගන්වනවට :)

    ReplyDelete
  9. මම මේක කොපි කරගත්තට කමක් නැද්ද..?මමත් මේ වගේ එකක් ලියන්න ආසයි..ඒත් කවදාවත් මේ තරම් ලස්සනට මට ලියන්න බෑ...

    ReplyDelete
  10. ලස්සන දුක හිතෙන කවි ටිකක් ...

    ReplyDelete
  11. @See Jay: අයියෝ කමක් නෑ. හැබැයි ඔයාට ලස්සනට කවි ලියන්න බෑ කියුව එක නම් බොරු. ඔයාගෙ බ්ලොග් එකේ තියෙන කවි හරිම ලස්සනයි.

    @Kasun :ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  12. //ඔබ නිසාවෙන් තැලී පොඩි උන
    මගේ හදවත හදාගන්නට
    අනේ තව එකම සැරයක්
    ආයෙමත් නුඹ එනවානම්.....//

    දාලා ගිය අය අඅයෙමත් එන්නෙ අපේ ජීවිත සනසවන්න නෙවෙයි යාලු.. එයාලගෙ ගිනිගන්න හෘද සාක්ෂිය නිවාගන්න... ඒත්..සදාකාලික බැදීමක වගකීම ගන්න බෑ එහෙම ආයෙත් ආවාම..

    ලස්සන දුක හිතෙන කවි පෙලක්..

    ReplyDelete
  13. දුකයි..ඒත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  14. @හිතූ : // දාලා ගිය අය අයෙමත් එන්නෙ අපේ ජීවිත සනසවන්න නෙවෙයි යාලු.. එයාලගෙ ගිනිගන්න හෘද සාක්ෂිය නිවාගන්න//
    ඒක නම් සහතික ඇත්ත යාලු....

    ගොඩක් ස්තූතියි ඔයාට :)

    @වර්ෂා : බොහොම ස්තූතියි නංගෝ :)

    @වර්ණා : ගොඩක් ආදරයෙන් පිළිගන්නව ඔයාව.... :)

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)