රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්
මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්
සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්
වෙන් උනේ කවුද?
ReplyDelete:) මේ හිතට ආපු අදහසක් විතරයි...
ReplyDeleteසබද, පද වැල අපුරුයි...
ReplyDeleteස්තූතියි වින්ද්‍යා...
ReplyDeleteලස්සනයි
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කේ....
ReplyDeleteමම මේක කලින් දවසක කියවල ගියා..අදනම් comment එකකුත් දාන්න හිතුනා.. හරිම ලස්සනයි :D
ReplyDeleteගොඩාක් ස්තූතියි අයියේ..... :D
ReplyDelete