Ads 468x60px

Sunday, April 28, 2013

මම

සතුටු සිනා මැදින් කන්කලු සංගීතය ගලාගෙන යද්දි.....
රස දිව පිනා යන කෑම, නෙක රසැති බීම, මේස පුරවද්දි.....
සුභ පැතුම්, ආගිය තොරතුරු එකිනෙකා අතර හුවමාරුවෙද්දි.....

තනි වී එදෙස බලාසිටින,

මගේම සාදයේ....

ආරාධිතයෙකුද නොවන
අනාරාධිතයෙකුද නොවන

මම.



http://4.bp.blogspot.com

40 comments:

  1. ඇත්ත ම කතාවක්. ගොඩක් වෙලාවට ඔයාට දැනුන දේ මටත් දැනිලා තියෙනවා. අපි සතුටින් ඉන්න ඕනේ දවසේ අනිත් අය ව සතුටු කරන්න අපි තනි වෙලා ඉන්නවා. ලස්සණ සිතුවිල්ලක්, චාම්ස්. :)

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒ වෙලාවට තනිකම අපේ තනියට එනව නේද...ස්තූතියි ධාරා :)

      Delete
  2. ආරාධිත ව විත්
    හිස් බස් දොඩන වුන් මැද
    ජීවිතය සොයා ඉගිලෙමි
    බෝ ඈත දුරකට මම!

    -හිතුණා ලිව්වා වුණාට කවිය ලස්සනයි.පින්තූරයත් ගැළපෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක සාදයක් තුලින් ජීවිතය දකින්න දරපු පුංචි වෑයමක් කිව්වොත් හරි.

      හි හී මේක නම් හිතුනා ලිව්වා එකක්ම තමයි...අදහස හිතට ඇවිත් මිනිත්තු දහයක් ඇතුලත පබ්ලිශ් කරලත් ඉවරයි :)
      ස්තූතියි නංගියා....

      Delete
  3. සාදයක් හිතින් මවාගෙන බැලුව කතාව ඇත්තද කියල. එහෙම වෙනව නේ හැබෑටම.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ වෙලාවකට එහෙම වෙනව :)

      Delete
  4. හොද සංකල්පනාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියෙ :)

      Delete
  5. කපුගේ සින්දුව මතක් උනා. කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සින්දුවෙත් සාදයක විස්තර වගේම තනිවුන කෙනෙක් ගැනත් කියවෙනවනෙ..

      Delete
  6. චම්ස් ඩිංග ඩිංග ලොකු වෙනසකට ඇදිලා යමින්
    ඉන්න බව පේනවා ..ඇයි මේ ..?

    ReplyDelete
    Replies
    1. ලොකූම ලොකු වෙනසකට යන ගමන් තමයි මේ ඉන්නෙ නම්..ඒ උනත් මම ලියන ඒවා හරහා ඒ වෙනස කියවන අයට පේනව ඇතියි කියල හිතුවෙ නෑ :)
      වෙනස් විදිහකට ජීවිතේට මූණ දීල බලන්න හිතුනා සහන්...ඒකයි :) :)

      Delete
    2. වෙනසක් අවශ්‍යමද කියලත් කීප පාරක් හිතන්න චම්ස් ..මට හිතෙන්නේ ජීවිතේ මේ ඉන්න විදිහ හොඳයි වගේ ...[im]http://4.bp.blogspot.com/-k4ujC23cSgI/UTIq7eUkmuI/AAAAAAAABAQ/YUNL9_RhDB0/s1600/smile3.gif[/im]

      Delete
  7. මොකක්ද හැබෑටම මේ තියපු සාදෙ?

    ReplyDelete
    Replies
    1. ම්..සාදේ මං හිතන්නෙ උපන් දින සාදයක්. :-SS
      අපේ ගෙවල් ලඟ ගෙදරක ඊයෙ පාටියක් තිබ්බ. ඉතින් ඒ දිහා ටිකක් බලාගෙන ඉන්දැද්දි ඒ වෙලාවෙ හිතේ තිබ්බ දේවලුත් එක්ක මේ අදහස හිතට ආවා..ඉතින් ලිව්වා :D

      Delete
  8. හ්ම්ම්ම්ම්.. කවදාවත් හුදකලා නොවන, තනිකමද උරුම මම

    ReplyDelete
  9. ආරාධිතයෙක් නොවේනම්
    අනාරාධිතයෙකුත් නොවේනම්
    ආරාධනය කරන්නෙක් විය නොහැකිද ඈ...??

    මට පෙන්නේ කට්ටිය ඔයාගේ පහනෙන් එලිය බලනවද මංදා..එක්කෝ ඌරගෙ මාළු උගේ ඇඟේම තියලා කපන සීන් එකක්දෝ...?

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ සාදයේ ආරාධනා කරන්නා තමයි මම... හැබැයි ඒ ආරාධනා කරන්නම වෙලාවකට සාදය ඇතුලෙ ආරාධිතයෙකුත් නොවන අනාරාධිතයෙකුත් නොවන පිටස්තරයෙක් වෙනව කියල මට හිතෙනව...

      අන්න ගානෙන් ගානෙන් පැතුම් මට ඌරා කිව්වා නේද? :((

      Delete
  10. මම මම වගේ..... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. මටත් සමහර වෙලාවට ඔය වගේ දැනිල තියෙනවා....

    ReplyDelete
  12. අප්‍රේල් මාසේ උපන්දිනේ කියලා කිවුවා නේ??

    ReplyDelete
  13. ඒකත් ඇත්ත බැලුවම.

    ReplyDelete
  14. Replies
    1. Hey....you are visiting my Sinhala blog after a long time..ha? Nice to see you around..and thanks for the comment sis :)

      Delete
  15. අදයි මේ පැත්තට ආවේ ....

    ඇත්ත ජිවිතේ අනිත් අයව සතුටු කරන්න අපි කොච්චර නං දුකෙන් ඉන්නවද???? හිතට ආවා ලිව්වා වුනාට ලස්සන පද ගැලපීමක්....ජය වේවා සහෝ....

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලාම කඩුපුලීව ආදරයෙන් පිළිගන්නවා හිත අද්දරට... :)ඔව් ජීවිතකාලෙ පුරාවට ඒවගේ අවස්ථා කීයකට නම් අපි මූණදෙනවද?
      ගොඩක් ස්තූතියි ඔයාට :)
      ජය වේවා!!!

      Delete
  16. එක සැරේම හොයාගන්න බැරි වුනා මේ ඔයාමද කියල. අළුත් රෙද්ද්දක් අන්දලා තියෙන්නේ අළුත් අවුරුද්දට.

    ReplyDelete
    Replies
    1. හි හී ටිකක් වෙනස් උනාට මමම තමයි අසර් :)

      Delete
    2. ඔයා මොකක්ද ඒ කියපු කතාව අසර් ..? [im]http://lankawap.com/xhtml/smilies/slap.gif[/im]

      Delete
    3. බ්ලොග් එකේ පෙනුම වෙනස් වෙලා නිසා මම හිතුව අළුත් එකක් දෝ කියල.පරණ පොස්ට් දකිද්දී මතක් උනේ.

      Delete
    4. ඒක මිසක් ..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
  17. ම්ම්ම්...අඳුනන අය ලඟ තනිවෙලා කියලා දැනෙන වෙලාවල් කොච්චර තියෙනවද....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාවල් ඕන තරම් තියෙනව කිරිල්ලී.... :(

      Delete
  18. අක්කා මේ පද ගොඩක් සමීප බවක් දැනුන.. බොහෝ විට කලින් මේක කියවන්න ඇති. ඒත් ..... මම දාපු කොමන්ට් එකක් අක්ක Delete කලාද ? :/

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මල්ලි...ඔයා අර අහන සිංදු-3 පෝස්ට් එකට ඉස්සරවෙලාම දාල තිබ්බ කමෙන්ට් එක නම් හොයාගත්තෙ ස්පෑම් ගොඩේ තිබිල. හැබැයි ඔයාගෙ වෙන කිසිම කමෙන්ට් එකක් ස්පෑම් වලවත් තිබ්බෙ නෑ...notification mail එකක් ඇවිත් තිබ්බෙත් නෑ.
      මේ දවස්වල බ්ලොගර් කමෙන්ට්ස් අතුරුදහන් කරනව කියල කතාවකුත් තියෙනවනේ..එහෙම උනාද දන්නෙ නෑ :-?

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)