 |
http://sports-pictures.feedio.net/ |
පොඩි කාලෙ
ඉඳන්ම මගෙ කැමතිම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. පුංචිම කාලේ
ප්ලාස්ටික් බැට් එකකුයි බෝලෙකුයි තියාගෙන ක්‍රිකට් ගහපු මට ටිකක් ලොකු කාලෙදි මාමා
ටිකක් බර ලී
බැට් එකක් අරන් දුන්නා.රබර් බෝලෙ බිත්තියට ගහල ඒක ආපහු බම්ප් වෙලා එනකොට බැට්
එකෙන් ගහල තමයි මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ උනේ
පස්සෙ කාලෙක ඉස්කෝලෙදි
පොඩි ඉඩක් හරි ලබුන ගමන් යාලුවොත් එක්ක ග්‍රවුන්ඩ් එකට දුවන්නෙ ක්‍රිකට් ගහන්න. ඒ
කාලේ අපේ ඉස්කෝලෙ කාන්තා ක්‍රිකට් ටීම් එකක් තිබ්බෙ නැති උනත් කොහෙන් හරි ලී
කෑල්ලක්
හොයාගෙන කඩදාසි ගුලි කරල හදාගත්ත බෝල වලින් අපි දිගටම පුහුණුවීම් කලා. O/
L වගේම A/L විභාග දවස් වලත් හෙට
විභාගෙ තියෙද්දි අද රෑ වෙනකනුත් මැච් බැලුව විතරක් නෙවෙයි එක දවසක් ක්‍රිකට් මැච්
එකක් බලන්න යන්න ඕන කියල ටියුෂන් ක්ලාස් එකෙන් කලින් එන්න ගිහින් ටීච ගෙන්
බැනුමුත් ඇහුවා
හැබැයි ක්‍රිකට් වලට කොයි තරම් ආසාවක් තිබ්බත් කවදාවත්ම හරි හමන්
ක්‍රිකට් මැච් එකක් ගහන්න හම්බ උනේ නෑ. කැම්පස් ආවට පස්සෙ උනත් වැඩිය ක්‍රීඩා
පැත්තට යොමු උනේ නැති නිසා ක්‍රිකට් ගහන්න චාන්ස් එකක් ලැබුනෙම නෑ. කවදාවත්ම මට ක්‍රිකට්
ගහන්න ලැබෙන එකක් නෑ කියල හිතුනත් දෛවය මට එච්චරම
කුරිරු වෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ හරි මට පොඩි අවස්ථාවක් දෙන්න තීරණය කරල
තිබ්බා.
කැම්පස් එකෙන් අයින්
වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ ජූනියර්ස්ල අපිත් එක්ක සුහද ක්‍රිකට් තරඟයක්
පැවැත්තුව. ටීම් එකකට ගෑණු පිරිමි දෙගොල්ලම ඇතුලත්. හැබැයි අපේ සමහර
ගෑණු ළමයි ටිකක් අදිමදි කරනව වැඩේට. හිත යටින් කොච්චර ආසාවක් තිබ්බත්
මට තනියම
යන්නත් මොකක්ද වගේ. කොහොම හරි මගේ යාලුවත් වැඩේට කැමති උන නිසා ඔන්න අපිත් දැන්
ටීම් එකට ඇතුලත් උනා.
අපේ ටීම් එකේ කැප්ටන්
කාසියේ වාසිය දින්න. අපි තමයි මුලින් පන්දුවට පහරදෙන්නෙ. හැබැයි නීති රීති ටිකක්
වෙනස්. ගෑණු ළමයින්ට රනර් (runner) කෙනෙක් දෙනව..එතකොට අපිට තියෙන්නෙ බැට් කරන්න විතරයි.
අපිට බෝල් කරන්නෙත් මහ අමුතු විදිහකට. බෝලෙ බිම දිගේ තමයි එවන්නෙ.
කොහොම හරි ඉතින් මැච් එකත් පටන් ගත්තා. මුලින්ම අපේ බැච් එකේ කෙනෙකුයි ජූනියර්
මල්ලිකෙනෙකුයි තමයි ඕපනින් ගියේ. ටිකකින් මල්ලි අවුට් උනා.
ඊළඟට මගේ
යාලුව ගියා. එයා අවුට් උනාම යන්න ඉන්නෙ මම. දැන් මගේ පපුව ගැහෙන වේගේ වැඩි. ඇයි
අනේ ජීවිතේ කොයි තරම් කාලයක් තිස්සෙ ආසාවෙන් බලාගෙන හිටිය මොහොතක්ද මේ… මෙච්චර කාලයක් ටීවී එකෙන් මැච් බලද්දි අපේ
ක්‍රිකටර්ස්ලට
මං හිතින් දුන්න උපදෙස් ඔක්කොම මතක් කරගත්ත.
එතකොට තමයි මට මතක් උනේ මම කොන්ඩෙ
කඩාගෙන ඉන්නෙ කියල. හැමෝගෙන්ම අඩුම ගානෙ රබර් බෑන්ඩ් එකක්වත් තියෙන්වද කියල ඇහුවත්
හොයාගන්න බැරි උනා. මාර වැඩේ..මූණට කොන්ඩෙ වැටෙද්දි
කොහොමද ක්‍රිකට් ගහන්නෙ? වැඩිය ඒ ගැන
හිතන්න උනේ නැත්තෙ මගෙ යාලුව අවුට් උන නිසා. දැන් ඔන්න එයාගෙන් බැට් එකත් ඉල්ලගෙන
මං පිටිය මැදට ගියා. කට්ටිය බලාගෙන ඉන්නව දකින කොට කලින් හිතට ආපු කික් එක කොහෙන්
ගියාද නෑ. කොහොම හරි බයෙන් බයෙන් කොන්ඩෙත් පුලුවන් විදිහට හදාගෙන ඔන්න මම සූදානම්
ප්‍රථම පන්දුවට මූණදෙන්න.
ඔන්න පන්දුයවන්නා දිව
එනවා ...
එක පාරටම එයා බෝලෙ බිම
දිගේ එවුවා. මේ ක්‍රමේ හදල තියෙන්නේ ගෑණු ළමයින්ගෙ යහපතට කියල කිව්වට මට නම් ඒ
විදිහ තරම් අමාරු නැතුව ඇති කියල හිතුනා
යෝකර් එකක් එවන එක. බිම දිගේ එන බෝලෙකට කොහොම ගහන්නද. පළවෙනි බෝලට ළකුණු නෑ.
නිකන් පොළවට
බැට් එකෙන් ගහල දූවිලි ඇවිස්සුනා විතරයි. පීඩනයත් ටිකක් වැඩි උනා ඒකෙන්. කමක් නෑ..ඊළඟ එකට ගහන්නම් කියල හිටිය. කලින් වගේම බිම
දිගේ ආවත් මේසැරේ නම් යන්තම් බෝලෙ ටිකක් දුරට යවාගන්න පුලුවන් උනා. මට මාර
සතුටුයි. කොහොම හරි මේකට රන් එකක් ගන්නව කියල හිතාගෙන ඔන්න මම දුවනව. එතකොටම
කට්ටිය කෑ ගහන සද්දෙත් ඇහෙනව. මට චියර් කරනව වෙන්න ඇති කියල හිතාගෙන මම තවත්
හයියෙන් දිව්වා. ඔන්න කොහොම හරි ළකුණක් ගත්ත. ළකුණක් ගත්ත නිසා බය ටිකක් අඩු වෙලා, පොඩ්ඩක් වටපිට බලද්දි
කට්ටියගෙ මූණෙ තිබ්බ හිනාව මට වැඩිය ඇල්ලුවෙ නෑ. එතකොටම ඔන්න අනිත් අන්තයේ හිටිය
කෙනා ඇවිත් මට කියනව
"ඔයා දුවන්න ඕන නෑ. අර
මල්ලිනෙ ඔයා වෙනුවෙන් දුවන්නෙ"
හැබෑටම එතකොටයි රනර්
කෙනෙක් ඉන්නව කියල මතක් උනේ. ලැජ්ජාවෙ බෑ.
කට්ටිය මං දුවද්දි කෑගහල තියෙන්නෙ දුවන්න එපා කියන්න.
කවුද ඒක
දන්නෙ.. මං හිතුවෙ මට
චියර් කරනව කියලනෙ.
ඒ පාර ඉතින් මං ඇවිත් අනිත් අන්තෙට වෙලා හිටියා.
අනිත් පැත්තෙ
බැට් කරපු කෙනා ඔන්න ළකුනකට දුවනව. මගේ පැත්තෙ ඉන්න මගෙ රනර් මල්ලිත් දුවනව..මං
බලන් ඉන්නව.... :(
කොහොමත් ටී වී එකේ යන
මැච් එකක උනත් මේ රනර් කෙනෙක් දාන වැඩේ මට ටිකක් පැටලෙනව. එහෙවු එකේ මංගල තරඟෙදිම
ඒ අභියෝගයට මූනදෙන්නත් උනාම ටිකක් අවුල්. කමක් නෑ… ආයෙ ඉතින් ජීවිතේටම ක්‍රිකට්
ගහන්න වෙන එකක් නැනෙ....ඉතින් ඒ
අත්දැකීමත් තියෙන එක හොඳයි නෙ කියල හිත හදාගත්ත.
කොහොම හරි ඔය විදිහට
මගේ ලකුනු සංඛ්‍යාව හතර දක්වා ඉහල ගියා. දැන් ටිකක් වැඩේ පුරුදුයි. දැන් ආයෙත්
පන්දුවට පහර දෙන්න ඉන්නෙ මම. ඒ බෝලෙට නම් වැඩිය දුරට යන්න ගහන්න බැරි උනා.
කෙලින්ම
ෆීල්ඩර් කෙනෙක් ගාවටමයි ගියේ. ළකුනක් ගන්න බෑනෙ කියල හිතනකොටම මෙන්න මගේ
රනර් දුවනව
ඒඋනත් අනිත් පැත්තෙ හිටිය කෙනා දිව්වෙ නෑ.
එතනින් එහාට
උන දේ කියන්න ඕන නැනෙ. මම අවුට්. ඇත්තටම ඒ වෙලාවෙ හිතට ආපු දුක කියන්න බැරි තරම්.
මතක ඇති කාලෙක
ඉඳන් පෙරුම් පුරල ලබාගත්ත අවස්ථාවක්,
ආයෙමත් ජීවිතේට නොලැබෙන්න ඉඩ තියෙන අවස්ථාවක් නොහිතූ
විදිහට කෙලවර උනාම දුක නැත්තෙ කාටද?
"අනේ අක්කෙ සොරි මම එතන
ෆීල්ඩර් කෙනෙක් ඉන්නව දැක්කෙ නෑනෙ" කියල අර මගෙ රනර් මල්ලි ඇවිත් කිව්වම
"ආ ඒකට කමක් නෑ
මල්ලි" කියල කිව්වත්, මගේ ක්‍රීඩා
ජීවිතේ ප්‍රථම සහ අවසාන ඉනිම ළකුණු හතරකට සීමා කරන්න උන දුක නම් සෑහෙන දවසක් යනකන්
හිතේ තිබ්බා