Ads 468x60px

Thursday, March 07, 2013

බ්ලොග් පෝස්ට් එකේ background එක වෙනස් කරමුද?


අද ටිකක් වෙනස් විදිහෙ පෝස්ට් එකක් දාන්න හිතුනා. මේ බ්ලොග් පෝස්ට් වලට කරන්න පුලුවන් පොඩි වෙනසක් ගැන තොරතුරක්. හැබැයි ගොඩක් අය මේ ගැන දන්නව ඇති. මම නම් දැන ගත්තෙ මේ මෑතකදි. ඉතින් මං වගේ මේ ගැන මේ වෙනතුරුත් දැනගෙන හිටියෙ නැති කෙනෙක් ඉන්නව නම් වැදගත් වෙයි කියල හිතුන නිසා මේ විස්තර දාන්න හිතුනා.මෙන්න මේකයි වැඩේ
අපි සාමාන්‍යයෙන් පොස්ට් එකක් දාද්දි ඒ පෝස්ට් එකේ background color  එක විදිහට එන්නෙ ටෙම්ප්ලේට් එකෙන් default ලැබුන කලර් එකනෙ. අපි කැමති නම් පෝස්ට් එකින් එකට වෙනස් background color එකක් යොදා ගන්න පුලුවන්. හරියට මේ පහල දාල තියෙන ස්ක්‍රීන් ශොට් එකේ තියෙනව වගේ.


මේ ඒකට අවශ්‍ය වෙන කෝඩ් එක

<div style="background:#FFE1FF; padding:5px 8px 5px 8px;">
Your text goes here.
</div>

මෙහෙමයි කරන්නෙ 

HTML එකට ගිහින් රතු පාටින් තියෙන කොටස අපේ පෝස්ට් එකේ මුලටම දාන්න ඕන. මේ වගේ.


මෙතනදි "#FFE1FF" කියන කොටසට අපි කැමති පාටක, HTML color code එක දාන්න පුලුවන්. මෙතනදි පැඩින් එකක් දාල තියෙන්නෙ අකුරු බෝඩර් එකට ලඟින්ම තියෙන්නෙ නැතිවෙන්නයි.

ඊට පස්සෙ කලු පාටින් තියෙන කොටස (Your text goes here) වෙනුවට ඔයාලගෙ ලිපිය දාල පෝස්ට් එකේ අන්තිමට,  නිල් පාටින් තියෙන </div>කොටස දාන්න.  
Compose mode ගිහින් බැලුවම අපි දාපු පාටින් පෝස්ට් එකේ background එක තියෙනව පෙනෙයි.
 

මේක කරන්න තියෙන හොඳම විදිහ, මුලින් සාමාන්‍ය විදිහට compose mode එකෙ අපි අපෙ ලිපිය ටයිප් කරල, ඊට පස්සෙ HTML එකට ගිහින් පෝස්ට් එක පටන් ගන්න තැනට රතු පාට කෝඩ් එක (<div style="background:#FFE1FF; padding:5px 8px 5px 8px;">) දාල පෝස්ට් එකේ අන්තිමට නිල් පාට කොටස (</div>) දාන එකයි.

background එකට අපි කැමති නම් පින්තූරයක් දාන්නත් පුලුවන්. හරියට මේ වගෙ.



කරන්න තියෙන්නෙ
<div style="background:url(URL ADDRESS OF THE PIC) no-repeat;"> 
කෝඩ් එක පෝස්ට් එකේ මුලට දාල, "URL ADDRESS OF THE PIC" තැනට පින්තූරය host කරල තියෙන තැන URL එක දාන එකයි.

ඊට පස්සෙ අපිට ඕන ලිපිය දාල කලින් වගේම </div> tag එක පෝස්ට් එකේ අන්තිමට දාන්න.
 

දැන් ආයෙත් compose mode එකට ඇවිත් බැලුවම මේ විදිහට පෙනෙයි.


" no-repeat " කොටස අයින් කලොත් පින්තූරය පොඩි පොඩි පින්තූර ගොඩක් විදිහට background එකේ පෙනෙයි.

  • ඕන නම් කලින් පබ්ලිශ් කරපු පෝස්ට් එකක් උනත් එඩිට් කරල මේ විදිහට වෙනස් කරන්න පුලුවන්. ඇත්තමයි කියන පෝස්ට් එක මං ඒ විදිහට පහු කාලෙක වෙනස් කරපු එකක්.
  • පෝස්ට් එක පබ්ලිශ් කරල පස්සෙ දවසක ආයෙත් code එකට ගිහින් බැලුවොත් blogger, code එක ටිකක් වෙනස් කර කියල පෙනෙයි. ඒ උනත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි

මං මේ විස්තරෙ හොයා ගත්තෙ මෙන්න මේ site එකෙන්. http://www.blogbulk.com/ මගෙ පෝස්ට් එක පැහැදිලි මදි වගේ නම් තව විස්තර දැන ගන්න මෙතනට ගිහින් බලන්නකො. Each Post in Different Color or with Different Background

22 comments:

  1. මං මේවගෙ වැඩවලට හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ... කම්මැලියි..)))))))

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒ මොකද? මං නම් මේ වගේ වැඩවලට කැමතියි :)

      Delete
  2. හ්ම්ම්.. නියමයි... මම කලින් දෑනගෙන හිටියේ නෑ.. ස්තූතියි මේ ගෑන කිව්වට....

    ReplyDelete
    Replies
    1. දෙයක් කියල දෙන්න පුලුවන් උනා නම් ඒ ගැන සතුටුයි :)

      Delete
  3. නියමයි නංගි. මේක හරිම පහසුයි නේ. බලමු ඊ ළඟ පෝස්ට් එකට දාන්න. ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ මේක හරිම ලේසියි. එහෙනම් ඊළඟ පෝස්ට් එකේදි කරල බලන්නකො :)

      Delete
  4. next time i will try to do this thanks for your information :)I'm new to blogs so this is so helpful ...

    ReplyDelete
    Replies
    1. This is very easy Avarjana. Try and see :)

      Delete
  5. චාම්ස් මේ වගේ වැඩ වලටත් කැමතිද! නිමයිනෙ. මාත් ඊලඟ පෝස්ට් එකේ ට්‍රයි කරල බලන්නම්

    ReplyDelete
    Replies
    1. :) ඔව් ගිමන් මං මේ වගේ දේවල් කරල බලන්න කැමතියි. ඔයත් වෙලාවක ට්‍රයි කරල බලන්නකො :)

      Delete
  6. අලේ මරු අක්කි... පෝස්ට් එකේ බැක්ග්‍රවුන්ඩ් පින්තූරෙට ගන්න ඕන සයිස් එක කීයද ?පොඩි උනත් කැතයි.. ලොකු උනත් කැතයි.. ගානට ෆිට් වෙන්න දාන්න ඕන කොහොමද ?

    ReplyDelete
    Replies
    1. බැක්ග්‍රවුන්ඩ් පින්තූරෙට ගන්න ඕන සයිස් එක තීරනය කරන්න වෙන්නෙ පෝස්ට් එකේ දිග අනුවනෙ. එතනදි එක්කො පින්තූරෙ ගානට font size, spacing එහෙම වෙනස් කරල පෝස්ට් එක හදාගන්න වෙනව නැත්තම් අපිට ඕන තරමට පින්තූරේ re-size කරගන්න වෙනව. තවත් විධි ඇති. මං නම් කළේ පළවෙනි ක්‍රමයට:)

      Delete
  7. මම අදනෙ මේක දැන ගත්තේ.... බලමු ඉස්සරහට. බුක් මාර්ක් එකක් දා ගත්තා.....

    ReplyDelete
    Replies
    1. කරල බලන්නකො ඔයත් වෙලාවක :) කාලෙකින්ද මන්ද සමනලීව දැක්කෙ o.O

      Delete
    2. ඔව්නේ. පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න බැරි උනානේ. දැන් ඉතිං මග ඇරුණු ඒවත් එක්ක ගොඩක් තියෙනවා කියවන්න.....

      Delete
    3. ඒක තමයි මං ඒත් බැලුව මොකද වැඩිය පේන්න හිටියෙ නැත්තෙ කියල හ්ම්.. එහෙනම් බ්ලොග් ටික නිවාඩු පාඩුවේ කියවන්නකො :)

      Delete
  8. කරලා බලන්න ඕනේ ..කොහොමත් මන්
    හොදට තියෙන ඒවා තව තව අලංකාර කරන්න
    යන්න කැමතියි..:P

    ( wihiluwata kiwwe hode?
    aththatama meka karala balanna one... )

    ReplyDelete
    Replies
    1. වෙලාවක පොඩි වෙනසකටත් එක්ක පෝස්ට් එකක් මේ විදිහටත් දාල බලන්නකො හොඳඳ කියල :)

      Delete
  9. Replies
    1. ඔයාටත් ස්තූතියි ළිහිණි මේ පැත්තෙ ආවට... :)

      Delete
  10. ඇත්ත නේන්නම් වෙනස් විදියේ පොස්ට් එකක්. අවශ්‍ය වුනොත් කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හරි අසර්. ඕන උනොත් කරලා බලන්නකො :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)