Ads 468x60px

Monday, October 22, 2012

හිතට දැනුන ගීතයක්

අපි හැමෝම සින්දු අහන්න ආසයිනෙ. ගොඩක් වෙලාවට අපේ හිතට ගොඩක්ම ළං වෙන්නෙ අපි පුද්ගලිකව ලබපු අත්දැකීමකට සමාන අත්දැකීමක් ගැන ලියවිලා තියෙන ගීත. එහෙම නැතුව අපි ගීතයකට කැමති වෙනවනම් ඒ කැමති වෙන්නෙ ඒ ගීතයෙ තියෙන පදවල තේරුම එහෙමත් නැත්තම් තනුවෙ, සංගීතයෙ තියෙන ලස්සන නිසා. අද මේ කියන්න යන ගීතය, ඒ ගීතයෙ අර්ථය, සංගීතය හා තනුව ඒ වගේම  ගායනය කියන හැම දේකම තියෙන අපූර්වත්වය නිසාම මගේ හිතට ගොඩක්ම ළං වෙච්ච ගීතයක්.

දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදීලා
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට.....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා//
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරෙ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

දුකේදී හැඬුමට.....

ගායනය: ටී.එම් ජයරත්න
පද රචනය:ඒ.ජී ශීලා
සංගීතය:සරත් දසනායක

කෙනෙක් මේ ගීතය ආදරවන්තයෙක් තමන්ගෙ ආදරවන්තියට ගයන ගීයක් විදිහටත් තවත් කෙනෙක් තරුණ සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ගයන ගීතය විදිහටත් මේ ගීතය දකින්න පුලුවන්. ඒත් මං කැමති  තරුණවිය ඉක්මවලා මැදිවියේ ඉන්න සැමියෙක් තමන්ගෙ ආදරණීය බිරිඳ වෙනුවෙන් ගයන ගීතයක් විදිහට මේ ගීතය දකින්න. එතකොට මේ ගීතයෙ තියෙන ආදරණීයබව තවත් වැඩියෙන් දැනෙනවා කියලයි මට හිතෙන්නෙ.

අම්මා කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේ ඉන්න වැදගත්ම කෙනාට. ඇය අපිට ආදරේ කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපිට හොඳක් වෙනවනම් ඇය තරම් කැමතිවෙන කෙනෙක් නෑ.ඒ වගේම අපිට දුකක් කරදරයක් වෙන වෙලාවට ඇය තරම් ඒ ගැන තැවෙන කෙනෙකුත් නෑ. ඒ නිසාම අම්මා තරම් අපි ගැන හිතන තවත් කෙනෙක් නම් මේ ලෝකේ නෑ කියල හිතෙන වාර ගාන අනන්තයි. ඒ උනත් මේ ගීතයේ තමන්ගෙ බිරිඳට  සැමියා කියනවා "තවත් අම්මා කෙනෙක් ඇත්නම් ඔබයි ඒ අම්මා" කියලා. කොයි තරම් නම් ආදරණීය බවක් ඒ වචන ඇතුලෙ තියෙනවද..

තමන්ගෙ සැමියට ශක්තියක් වෙන්න ගොඩක් කාන්තාවන් සෑහෙන කැපකිරීම් කරනවා. ඒ උනත් බොහොමයක් පිරිමින්ට තමන්ට ජීවිතය ජයගන්න තමන්ගෙ බිරිඳගෙන් ලැබුන සහය අමතක වෙනවා. මේ හැමදේම තමන්ගෙ මහන්සියේ ප්‍රතිපල නිසා විතරක්ම ලැබුන දේවල් කියල හිතන අයත් මේ සමාජයේ ඉන්නවා (හැමෝම නෙවෙයි) තවත් සමහරු තමන්ගෙ බිරිඳ ඔහුට ලොකු ශක්තියක් වෙනව කියල දන්නවා උනත් ඒක ප්‍රසිද්ධියේ පිළිගන්න අකමැතියි. ඒ අය අතරින් මේ සැමියා වෙනස්. ඔහු තමන්ගෙ ජයග්‍රහනවලට ඇයගෙන් ලැබුන ආදරයත් හේතුවක් කියල බොහොම පැහැදිලිව කියනව. 
"සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා"

ඇයවන් බිරිඳක් ලබපු ඔහු වාසනාවන්තයෙක්. හැබැයි මට හිතෙන්නෙ ඇය කරන කැපකිරීම් අගය කරන, ඇයගේ ආදරය තේරුම් ගත්ත, ඇය ඔහුට ශක්තියක් වෙන විදිහ හොඳින් අඳුර ගත්ත ඔහු වගේ සැමියෙක් ලබපු ඇයත් හරිම වාසනාවන්තයි කියලයි.
මේ ගීතයේ මම කැමතිම
"තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරෙ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ"
කියන පද ටිකටයි. කොයි තරම් ලස්සනට ඒ පද ටික ලියවිලා තියෙනවද....
මේ ගීතයේ තියෙන අරුත්බර, සංවේදී, ලස්සන පදරචනයට අමතරව එහි සංගීතයත් ටී. එම් ජයරත්නයන්ගෙ ආදරණීය කටහඬත් මේ ගීතය මගේ හිතට මේ තරම් දැනෙන්න හේතු උනා.

කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති නැති මේ ගීතය  මුලින්ම අහද්දි මගේ හිතට දැනුන ආදරණීය බව  අදටත් පොඩ්ඩක්වත් අඩු නැතුව  මේ සිංදුව ඇහෙද්දි  මගේ හිතට දැනෙනව. 

 

25 comments:

  1. සමහර ගීත වරක් අහපු ගමන් අපේ හිතට වදිනවා... ආයෙම අමතක නොවෙන්නම... ඇත්තටම මේ ගීතය මම කලින් ඇහුවා කියලා මතකයක් නෑ... ගොඩක් වෙලාවට අද වෙන්න ඕන මුලින්ම ඇහුවේ... මේ ගීතයත් ඒ වගේ...

    මේ ලෝකේ කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතේ තනිවම ගොඩනගා ගන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ... ඒ සාර්ථකත්වට රඳා පවතින්නේ පවුලේ තියෙන බැඳීම තුළ... ඉතින් ඒ ‍දේ වර්ණනා නොකරනවනම් ඒකට කියන්න වෙන්නේ කුහකත්වය කියලා...

    මම දන්න මගේ පියාගේ හිතවතෙක් ඉන්නවා... එයාට දැන් විවාහ වුණ දියනියකුත් ඉන්නවා... එයා කොතන ගියත් තමන්ගේ බිරිඳට කතා කරන්නේ අම්මි කියලා... සමහරවිට එයාලාගේ දුව ඉපදුන දවස්වල එහෙම කියලා පුරුදු වෙන්න ඇති... තවමත් එහෙමයි... ඒත් එතන කියාගන්න බැරි බැඳීමක් තියෙනවා නේද? මට මේ ගීතය අහද්දි මතක් වුනේ ඒ මහත්මයාව...

    ලිපිය අපූරුයි... ඔබට ජයෙන් ජය... සුභ දිනක්...

    ReplyDelete
    Replies
    1. නෑනේ අලුත් මල්ලි.එතකොට අර ළමය ඉපදෙන්න කලින් ඒ අම්මට කතා කලේ මොනව කියලද?ඔය විදිහට කතා කරම මගේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුත් ඉන්නවා.එයා සැමියට කතා කරන්නෙ තාත්තා කියල.පිස්සු වැඩ කියන්නෙ ඕවට තමයි.ඔය කියන විදිහේ කියා ගන්න බැරි බැඳීම් හැමෝටම තියෙනවා ඒ හැමෝම අම්මි තාත්ති කියල කතා කරන්න ගොයොත් මරු..

      Delete
    2. @ අලුත් මල්ලී
      //සමහර ගීත වරක් අහපු ගමන් අපේ හිතට වදිනවා... ආයෙම අමතක නොවෙන්නම//
      සම්පූර්ණ ඇත්ත අලුත් මල්ලි.මේ සිංදුවත් ඇහුව පළවෙනි සැරේම මගේ හිතට පුදුම විදිහට දැනුනා.

      කෙනෙක්ගෙ සාර්ථකත්වය රඳා පවතින්නේ පවුලේ තියෙන බැඳීම තුළයි කියන අදහසට මාත් එකඟයි.මේ වගේ ගීත ඒ අදහස අපූරුවට අපේ හිත් වලට ඇතුල් කරනවා කියන එකයි මගෙ හැඟීම.

      ගොඩාක්ම ස්තූතියි අලුත් මල්ලි මගේ බ්ලොග් එක පැත්තෙ ආවටත්, ඔයාගෙ සුභ පැතුමටත්.... :)))

      ඔබටත් ජය!!!

      Delete
  2. කොයි තරම් ඇහුවත් එපා වෙන්නැති ගීතයක්. අර්ථයත් අර්ථයට ගැලපෙන තනුවත් එයටම ගැලපෙන කටහඬත් නිසා රසවත් බව පුදුමාකාරයි.
    ලිපිය නිසා ගීතයට ඇති ආසාව තවත් වැඩි වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන් මටත් මේ ගීතය කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ස්තූතියි ඔයාට!

      Delete
  3. මේ ගීතය මමත් අහලා දැන් අවුරුද්දක් විතර ඇති... හැංගිලා තිබුණු ආදරණීය ම සින්දුවක්. ආදරය උතුරලා යන සින්දුවක් කිව්වොත් වැරදි නෑ මං හිතන්නෙ! ටී එම් ම තමයි සුදුසු ම ගායකයා මේ සින්දුවට, වෙන කවුරුවත් ම මේ තරම් ලස්සනට ගයන එකක් නෑ කියලාත් මට හිතෙනවා. අපූරු ගීතයක් වගේ ම සටහනකුත්!!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ටී එම් ජයරත්න මහත්මයා තරම් මේ ගීතයට ගැලපෙන වෙන ගායකයෙක් නෑ කියලා.ඔහුගේ හඬත් මේ ගීතයට මං ආකර්ශනය වෙන්න එක හේතුවක්. ස්තූතියි ලහිරු

      Delete
  4. ලස්සන සින්දුව අක්කේ .අහන්න විතරක් නෙවෙයි හිතන්න දේකුත් ඉතිරි කරන නිසා මේ වගේ සින්දු හැමදාටම රැදිල තියෙයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..මේ වගේ සිංදු වල තියෙන වටිනාකම ඒකයි. අහල රස විඳින්න විතරක් නෙවෙයි ජීවිතයට ගන්නත් යමක් ඒ ගීතවල තියෙනවා.

      Delete
  5. බිරිදකගේ ගුණ වර්ණනා කරපු හොදම ගීයක් මේක.. මාත් ගොඩක් ආසයි..

    ReplyDelete
    Replies
    1. ඔව් Dinesh මේ ගීතය ගොඩක් ලස්සනයි..

      Delete
  6. අපුරුවට ගීතයේ අර්ථය හිතට තව තවත් දැනෙන,වැදෙන විදියට ලිපිය ලියල තියනවා...ස්තුතියි නංගා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ :D

      Delete
  7. ඇත්තටම ඇත්ත.නිරෝගිමත් ජිවිතයක් සියළුම අම්මාවරුන්ට.
    http://manasindiviyata.blogspot.com/2012/

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා ඔයාවත් මගෙ බ්ලොග් එකට :)

      Delete
  8. "සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා" හරිම ලස්සන ගීතයක් අර්ථවත් ඔබ එහි ඇති රසය බදාත් ඔප ගන්වල තියෙනවා ඔබේ සටහනෙන් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා!!!

      Delete
  9. පට්ට පොස්ට් එකක් chams නියමයි..දිගටම කරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා(දසුන්)...

      Delete
  10. හැමදාටම හිත ගාවම නතර වෙන සින්දු හරි අඩුයි.

    ReplyDelete
  11. මමත් ආසම ගිතයක්... කොච්චර ඇහුවත් එපා වෙන්නැ

    ReplyDelete
    Replies
    1. :)
      ආදරයෙන් පිළිගන්නව ඔයාව මගෙ බ්ලොග් එකට සමනලී....

      Delete
  12. මේක කියවගෙන යද්දි මට තව සින්දුවක් මතක් වුනා..

    අර පණ්ඩිත් අමරදේවයන් ගයන "තාත්තා වුනත් මා බත සරි කරන, අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින" කියන සින්දුව...

    ඒකෙ දෙවෙනි අන්තරා කොටසේ කියන්නෙ ;

    "අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස..,
    නොහැඟෙයි ලඟින් හිද මගෙ හිස සිඹින සඳ..."

    ඒ ගීයත් මේ වගේම බිරිඳගේ සෙනෙහස මව් සෙනෙහස ට සම කළ අවස්ථාවක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් ගවේශකයා මේ ගීත දෙකේ ඒ වගේ සමානකමකුත් තියෙනව. ඒ සිංදුවත් හරිම අර්ථවත් විදිහට ලියවුන ලස්සන ගීතයක්. ස්තූතියි ඔයාට මේ අදහස එකතු කලාට :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)