Ads 468x60px

Saturday, August 11, 2012

සීතල සුලං හමද්දී

සීතල සුලං හමද්දී
සඳු අප දෙස බලා සිටිද්දී
ඔබ කී කතා..අද තනි මෙමා
සිහිකරනවා හද හඬද්දී

සිනාසෙන්නට හිතක් නෑ
හඬන්නට දැන් කඳුලු නෑ
ඔබ ගියදා පටන් යළි එයි කියා
සිතූ මුත් ඔබ ආවෙ නෑ

වෙරළින් ඈතට රළ පෙළ ගොස් ඇත
තනිවූ වෙරළක් බලා සිටී..
මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
තවමත් ඇත මගෙ නෙතු යොමුවී…..


34 comments:

  1. මට මතක විදියට නම් ගොඩාක් කාලෙකට පස්සේ නේද මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියවුනේ..? ලස්සන කවි ටික...!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ගිය සතියෙ පෝස්ට් එකක් දැම්මා. පහුගිය ටිකේ වැඩත් එක්ක වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.
      ස්තූතියි තොටියට... :)

      Delete
  2. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දිනේශ්... :)

      Delete
  3. ලස්සනයි චාම්ස්!
    මොකද මේ විරහ කවි ලියන්නේ. අත්දැකීමක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ගිමන්...ඒත් මොන එකක්ද මන්දා ලියවෙන්නෙම විරහ කවිනෙ ;)))
      ස්තූතියි ඔයාටත්!!!

      Delete
  4. //මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
    තවමත් ඇත මගෙ නෙතු යොමුවී…..

    …ඒ මොකද ඒ, වෙන අතක් බලාගන්නෙ නැතුව? ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හි හී..... :DDD
      ස්තූතියි ඔයාටත් ලහිරු!!!

      Delete
  5. කවි නේද?මාත් ආසයි ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයත් ලියන්නකො.

      Delete
  6. වෙරළට කවදාවත් රළ නැතුව ඉන්න බෑ ඒ වගේම රළට කවදාවත් වෙරල නැතුව ඉන්න බෑ. කවිය ලස්සනයි. විරහව හරි පුදුම මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. // විරහව හරි පුදුම මාතෘකාවක් //
      හ්ම්......
      ස්තූතියි පැතුම් :)

      Delete
  7. විරහ කවි වලට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ. ඇත්තටම ඒකෙත් හැටි නේ?

    මම චාම්ස්ගෙ ඉංග්‍රීසි බ්ලොග් එක පැත්තෙත් ගිහින් රවුමක් ගහලා ආවෙ. ඇත්තෙන්ම භාෂා දෙකකින් බ්ලොග් දෙකක් ලියන එක ලේසි නෑ. අනික හරියට කරනවා නම්.

    ඔයාගෙ නිර්මාණ නම් කොයි භාෂාවෙනුත් නියමායි!!!

    මම ආවේ චාම්ස් මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක හරහා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි Dude.....

      Delete
  8. මං ගොඩක් ආසයි විරහ ගීත වලට.ඒ නිසා ගොඩක් මේකටත් කැමතියි.ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ධම්මික.....

      Delete
  9. මමත් ආසයි. හැබැයි කියවල රසවිදින්න විතරයි.. :D ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ..... :)

      Delete
  10. "ඔබ ගියදා පටන් යළි එයි කියා
    සිතූ මුත් ඔබ ආවෙ නෑ…"

    කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට ආවෙ..මුලින්ම කියෙවුවෙ මේක...ලස්සනයි...:)

    ReplyDelete
    Replies
    1. අයියා ගොඩක් දවසකට පස්සෙනෙ....අයියගෙ බ්ලොග් එකේ කවියක් දැක්කෙත් නෑ කාලෙකින්. ගොඩක්ම ස්තූතියි කමෙන්ට් එකට :)))

      Delete
  11. හපොයි හපොයි ගිය අය ගැන,නැති උණු දේවල් ගැන කවුද පසුතැවෙන්නේ මගේ සුදු නංගෝ.ගිය හැමෝටම ඇස උඩයන්න මේ ලංකාවටම පේන්න දැනෙන්න හොද වැදගත් දෙයක් කරලා ඉස්සරහට යමු අපි.මම නම් එහෙමයි .මම මගේ අත් 2, කකුල් 2 විතරක් නෙමේ කතා බහ කරන්න බැරි උනත් මොලේ හොද සිහියෙන් වැඩ කරනවා නම් මැරෙන්න මොහොතක් තියල හරි මගේ අරමුණට යනවාමයි .මොනා වුනත් ලස්සන කවියක් මගේ නංගියෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ :D
      //මම මගේ අත් 2, කකුල් 2 විතරක් නෙමේ කතා බහ කරන්න බැරි උනත් මොලේ හොද සිහියෙන් වැඩ කරනවා නම් මැරෙන්න මොහොතක් තියල හරි මගේ අරමුණට යනවාමයි//
      ප්‍රශ්නයකදි කඩාවැටෙන්නෙ නැතුව මෙහෙම හිතන්න පුලුවන්නම් කොයි තරම් හොඳයිද......

      Delete
  12. ane manda, mokakda mekata kiyanna puluwn?thanikamak,paluwak,virahawak ehemat nettham a okkomage ekathuwakda, mata nam hithenne ekathuwak, jeevitha gamana monawa kiuwat manussayekta yanna venne thaniyama, oya vetunot oyawa negittawanna katawat be,eka puluwn oyatama vitharai, tikak dhakunu petthe pahala inna kena diha balagena hithanna :)

    ReplyDelete
    Replies
    1. //jeevitha gamana monawa kiuwat manussayekta yanna venne thaniyama, oya vetunot oyawa negittawanna katawat be,eka puluwn oyatama vitharai//
      ඒකනම් සහතික ඇත්ත.මං හොඳටම දන්නව මං හිතින් වැටුනොත් කිසි කෙනෙක්ට මගේ හිත හදන්න බෑ කියලා.ඒ නිසා ගොඩක් උත්සහ කරනව නොවැටී ඉන්න.....
      ගොඩක් ස්තූතියි ඔයාට මගේ බ්ලොග් එක පැත්තෙ ආවට:)

      Delete
  13. Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා :)

      Delete
  14. කවි පෙළ අපුරුයි... සමුගෙන යන්නෝ ඉන්නට බැරි අය නොවේද? සමුගෙන ගිය අය ගැන බලා සිටින්නේ කිමද යන්නට නොදී?

    ReplyDelete
    Replies
    1. හී හී....ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි:D
      ස්තූතියි අළුත් මල්ලි......

      Delete
  15. 'මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
    තවමත් ඇත මගෙ නෙතු යොමුවී…'
    නියමයි චාම්ස්, විරහ වේදනාව ගැඹුරටම දැනෙන්න මෙ පේළිය සවිමත් වෙ!
    චාම්ගෙ කවි හැමදාම වගෙ ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හේ...ෆාතිමා ඉස් බැක්!!! ඔයා සෑහෙන්න කාලෙකින් මේ පැත්තෙ:)
      ගොඩක් ස්තූතියි ෆාතිමා......:D

      Delete
    2. ඔයාව අමතක කරන්න පුළුවන්ද මට? ඒ දවස්වල ඉඳන්ම මගෙ බ්ලොග් කියවලා මාව encourage කරපු හිතවතිය ඔයා. අනික ඔයාගෙ බ්ලොග් කියවන්න වගේම එකෙ තියෙන simple style එකට මං හුඟාක් ආසයි..:)

      Delete
    3. ඔයත් එහෙමනේ ෆාතිමා...ඒකයි මං බැලුවෙ පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ ඇයි කියල.
      Thank u very much for the compliment dear.. :)))

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)