Ads 468x60px

Friday, March 09, 2012

විභාගෙ, බ්ලොග් එක සහ මම

මමත් ඉඳල ඉඳලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුවෙ වැඩියෙන්ම වැඩ තියෙන කාලෙක. කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ අන්තිම කාලෙ කියන්නෙ මගෙ ජීවිතේ වැඩියෙන්ම වැඩ කරපු කාලේ.

 ඒ කාලේට සාමාන්‍යයෙන් අනිත් අය තියෙන වැඩ අඩු කරගන්නයි හදන්නෙ. මම ගිහින් නැති වැඩත් දාගත්තා ;) හැබැයි මේ වැඩේනම් මං ගොඩක් ආසාවෙන් කරන්න ගත්ත දෙයක්. කාලයක් තිස්සෙ බ්ලොග් එකක් පටන් ගන්න ලොකු කැමැත්තක්  තිබ්බා. ඒත් මට ඒ වැඩේ හොඳට කරගන්න පුලුවන්වෙයිද කියලා හිතේ පොඩි බයක් තිබ්බ නිසයි දවසින් දවස වැඩේ කල් ගියේ. කවි සින්දු වගේම මගෙ අත්දැකීම්, දන්න කියන දේවල් එහෙම ලියන්න හිතාගෙන තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එතකොටම අපේ ෆයිනල් එක්සෑම් ආවා :(  ඒ හින්දා කලින් ලියලා තිබ්බ කවි ටිකක් ඇරුනම වෙන පෝස්ට්  දාන්න බැරි උනා. තාම එක්සෑම් ඉවර නෑ. ඒත් දවස් කීපයක පොඩි පරතරයක් තියෙනවා ඊළඟ සබ්ජෙක්ට් එකට කලින්. විභාගෙ ඉවර වෙලා ලියන්න ගොඩක් දේවල් හිතාගෙන ඉන්නවා. දැනටමත් හිතෙන් ඒ පෝස්ට් ටික කීපසැරයක්ම ලියලයි තියෙන්නෙ ;)
මේ දවස් ටිකේම ජීවිතය ගෙවෙන්නෙ පාඩම් වැඩත් එක්ක. පොඩි වෙනසකටත් එක්ක බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න හිතුනා. යන්න කලින් දාපු පෝස්ට් කීපය හරි කියවල අගය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා කියන්නම ඕනි... :)

14 comments:

  1. දැනට විභාගය ගැන විතරක් හිතන්න...ඒක අකුරට කරන්න! wish you all the best! චාම්ස්ගේ ලස්සන කෙටි කවි කියවන්න මා ගොඩාක් ආසාවෙන් බලා සටිමි...:)

    ReplyDelete
  2. හනේ...ඒත් මෙච්ච‍ර වැඩ තියෙද්දිත් මගේ පුන්චන් බ්ලොගය පැත්තෙත් කිපාරක්නම් ඇවිත් යන්න ඇවිත් ඇද්ද...ගොඩාක්ම ගොඩාක් ස්තුතියි යාලු...පාඩම් වැඩ හොඳින් ඉවර කරගන්න හදවතින්ම සුභ පතනව ඔයාට...ඉන් පස්සේ හිමින් බ්ලොගය දිහාවට එන්න..අපි යාලුවෝ හැමෝම ඔයත් එක්ක හැමදාම ඉන්නවා...

    ඔන්න අපි ඔයා එනකම් බලන ඉන්නවා!!!

    ReplyDelete
  3. මටත් බ්ලොග් එකක් තියෙන බව දැනුයි මතක් උනේ!

    ReplyDelete
  4. මමත් බ්ලොග් ලියන්නෙ උ/පෙ පැත්තකට දාල. මට මැවි මැවි පේන්නෙ රිසල්ට් ආවම අපේ අම්ම මට නෙලන හැටි :)

    ReplyDelete
  5. කොහොම හරි විභාගෙ කර ගන්න

    ReplyDelete
  6. මේ ඔයා මොන යුනි එකේද?ඌව වෙල්ලස්සද?:)

    ReplyDelete
  7. @ ෆාතිමා: ඊයේයි අදයි පොඩි නිවාඩුවක් ගත්තා. හෙට ඉඳන් ආයෙත් විභාගෙ ගැන හිතන්න ඕනි. ගොඩාක් ස්තූතියි සුභ පැතුමට වගේම අගය කිරීමටත් යාලු :)
    (P.S no problem at all gal. take it easy :)))

    @සිහින මතකයන්: 'පුන්චන් බ්ලොගය' එහෙම කියන්නෙ ඇයි? ඒක ගොඩක් ලස්සන පෝස්ට් තියෙන මං ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග් එකක්. ඒකනෙ කොහොම හරි ඇවිත් යන්න එන්නෙ... :)
    මාව නිතරම දිරිගන්වනවට බොහෝම ස්තූතියි යාලු. මේ වචන මට ලොකු ශක්තියක්...

    @නදීර: බ්ලොග් එක අමතක කරන්න එපා. විභාගෙ ඉවර උනාම ආයෙත් ලියන්න පටන් ගන්න. වැඩ ගොඩක් තියෙද්දී මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට ගොඩාක් ස්තූතියි නදීර :)

    @බට්ටා: උ/පෙ පැත්තකටම දාන්න එපා ;) පාඩම් කරන ගමන් බ්ලොග් එකත් ලියන්න. බොහෝම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට

    @සොඳුරු මිනිසා: මේ දවස්වල ට්‍රයි කරන්නෙ කොහොම හරි විභාගෙ හොඳට කරන්න තමයි යාලු. ස්තූතියි කොමෙන්ටුවට :)

    @නදී: ඔව් අක්කෙ...ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට :)

    ReplyDelete
  8. ඉක්මනින් එන්න.විභාගේ වැඩ හොඳින් කරන්න.ටික දවසකට බ්ලොග් අත ඇරියට කමක් නැහැ පස්සේ බැරියැ..

    ReplyDelete
  9. ඔව් අසර්.මේ දවස් වල වැඩි අවධානය විභාගෙට.ඒත් පුලුවන් වෙලාවට යාලුවන්ගෙ බ්ලොග් පැත්තෙත් ඇවිත් යනවා.ස්තූතියි කමෙන්ට් එකට :)

    ReplyDelete
  10. මාත් නැවැත්තුවා බ්ලොග් එක-ඕ ලෙවල් නිසා.ඒත් ඉතින් ඔයාලාව බලන්න එන එක නවත්තන්න අමාරුයි.

    ReplyDelete
  11. මගේ පුංචි නගේ.. විභාගය හොදට කරන්න.වැඩි අවධානය ඒ වෙනුවෙන් යොදවන්න.ඒ අතරේ කම්මැලි හිතුනම බ්ලොග් එක පැත්තේ එන්න.එත් , මේ විභගය ඉවර වෙනකල් හුඟක් කාලය ඒ වෙනුවෙන් නාස්ති කර ගන්න එපා.අපිත්, ඔයාගේ ලස්සන බ්ලොග් එකත් ඔයාට හැමදාම ඉන්නවනේ.එත් විභාග හැමදාම එන් නැනේ සත්තලනේ... :) අපි හැමදාම එනවා ඔයාගේ ලස්සන බ්ලොග් එක බලන්න හොඳද නංගි පැටියෝ..

    ReplyDelete
  12. @වර්ෂා:ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට නංගෝ.විභාගෙ ඉවරවෙලා ඔයාගෙ බ්ලොග් එක ආයෙත් පටන් ගන්නකො. ආසාවෙන් ඉන්නවා ඔයාගෙ ලිපි කියවන්න :)

    @‍සොඳුරු සිතැති මිනිසා: අයියව ආදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට. අනේ ගොඩාක් ස්තූතියි අයියෙ ඔයාගෙ මේ වචන ටිකට. ඒ වචන මට ලොකූ ශක්තියක්. ඊයේ විභාගෙ ඉවර උනා. තව වැඩ ගොඩක් තිබ්බත් දැන් ආයෙත් බ්ලොග් එක පටන් ගන්න පුලුවන් :) ඔයාලගෙ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා අයියෙ. ආයෙත් සැරයක් ස්තූතියි මේ දිරිගැන්වීමට :)

    ReplyDelete
  13. හොදින් පාඩම් කරන්න....විභාගයෙන් අතිවිශිෂ්ට ජයක් ගැනිමට සුභ පැතුම්....

    ReplyDelete
  14. ගොඩාක් ස්තූතියි ඔයාට..... :)

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)