Ads 468x60px

Sunday, February 23, 2014

ගීතයෙන් ගීතය



කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ                                                              
සුපුරුදු තනිය හොඳා………
www.colourbox.com

සතරවටින් කලු කරගෙන වහින වෙලාවේ
මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑවෙලාවේ
අතරමගක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූදා                                                                                   
මතකයි අද වාගේ..                                                                                            
tvtropes.org

එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ
දෙතොල නැගෙයි සිනහා....නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා………




www.vectorstock.com




ඔබ දන්නවාද දන්නෙ නෑ
මං ආදරේ කලා සිතින් කියා….
ඔබ මා ළඟින් තියා                                                                             
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නේ නෑ….




www.123rf.com
සිත සැනසුම වින්ඳෙමි ඔබ හිංදා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරියිදයාබරයි ඔබේ
සෙනේ...හේ
නොයිඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ.. මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුලු ලොව මගෙ යැයි සිතුනා



කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා
හෙට මා පිට වෙනවා…                                                                
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා….
itsabrideslife.com

ඔබගෙ සෙවනේ….රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන්…                         
ඔබගෙ සරණේ නොහිම් සෙනෙහේ
සසර සරන තුරුම වාසනා..
www.pinterest.com

දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවනක් සොයා......
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා…..






 
 www.dailymail.co.uk

 
පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ……
යවෞනයේ දුටු ඔහුමද මේ    
ඔහුටද මා අන්ධ උනේ…… 
 

රාත්‍රිය වී නිහඬව, නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ...
රාත්‍රිය වී නිහඬව, නිසලව ඉන්නම්

www.dailymail.co.uk
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝන කලුවර
දෑස පුරා දුටු සිනා කවටකෙළි කඳුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක...ඔබ හැර







ආයුබෝවන් පෙම්බරාණෙනි ඔබට සුභ දවසක්
දුකක් නොනැගෙනහෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්
                                                                                                            
හාදු තැවරූ රෝස කම්මුල්
www.coachingfordivorcedwomen.com
රළු අතින් රිදවා
දෙතොල ඉකිලන සුසුම් කැඳවන
රුදුරු බස් බනවා
නෙතු කඳුලු පුරවා...

ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුණු කඳුලු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි..ඔබට සුභ දවසක්



ඔබට සුභ දව.....සක්!!!

35 comments:

  1. ජීවිතේ කියන්නේ ගීතයක්..ජීවිතේම ගීතයක්
    බොහොම හොඳ සංකල්පයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට ජනරඟ :-h

      Delete
  2. වසා ගන් දොර
    මගේ හිමියනි
    නුබට රිසි නම් යන්ට යන්නෙමි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අන්තිම සිංදුව විදිහට ඔය සිංදුව දාන්නද ආයුබෝවන් පෙම්බරාණෙනි සිංදුව දාන්නද කියල කල්පනා කර කර හිටියේ..පස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක තෝරගත්තෙ :)

      Delete
  3. ආසම කරන සින්දු ටිකක් ... ඔබටත් සුබ දවසක් ...

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා තුශ් :)

      Delete
  4. අපූරු සිතිවිල්ලක් මේක නම්. සිංදු කතාවක්.. මුල් සිංදුවයි, අන්තිම එකයි විතරක් ගැන හිතද්දි... අපිට ඕන දේවල් සහ ඕන නෑ කියල හිතෙන දේවල් ලැබෙන්නෙ නොහිතන මොහොතක..
    කොහෙවත් දැක්කෙ නැති වෙනස්ම නිර්මාණයක්.. හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. නිකමට හිතට ආපු අදහසක් මේක. ටිකක් වෙනස් විදිහෙ නිර්මාණයක් වෙයි කියල හිතුන නිසා බ්ලොග් එකට දාන හිතුනා...
      ස්තූතියි අයියේ :-h :)

      Delete
  5. ආදරේම ගීතයක්.. මට නම් වෙලාවකට හිතෙන්නේ අන්න එහෙම..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කියන්නත් පුලුවන් තමයි... :-?

      Delete
  6. නියමයි අනේ.. මාත් කාලෙකින් සතුටු උනා මේ සින්දු කතාව බලලා. අළුත් සිතුවිල්ලක්.. තැන්කුයි චාම්ස්..

    ReplyDelete
    Replies
    1. අදහස් කියල යන්න ආවට ස්තූතියි දේශකයෝ.... [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]

      Delete
  7. ලස්සන සිතුවිල්ලක් චාම්ස්, නියමයි.

    දීපීකාගෙ 'රාත්‍රිය වී…' මම නම් කැමතිම ගීතයක්.

    සුභ දව………සක්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා... :-h
      ඊයෙ මං ඔය සිංදුව අහ අහ ඉන්දැද්දි තමයි මේ අදහස ඔලුවට ආවෙත්.. මාත් ආසම කරන ගීතයක් තමයි ඒ..

      ඔබටත් එසේම වේවා!!!

      Delete
  8. හරි මාත් එන්නම්කො ඒ පැත්තේ :)

    ReplyDelete
  9. ඔහොම තමයි ඔය කාලෙට. ජීවිතේ ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙට කිව්වෙ :-?
      මේ දවස් වල මට නම් හිතෙන්නෙ ජීවිතේ කියන්නෙ කිසිම තේරුමක් නැති වචන ටිකක් එකතු කරපු, කනට වධයක් වෙන විදිහෙ සංගීතයක් තියෙන, අහන් ඉන්න බැරි කඨෝර හඬකින් ගැයෙන මෙලෝ රහක් නැති ගීතයක් කියල [im] http://www.banglatorrents.com/images/smilies/btnew/yucky.gif [/im]

      Delete
    2. හයියෝ මම අදහස් කලේ මෙ චාම්ස්ලා ඉන්න වයසට කියන එක.

      මම හිතුවේ පහුගිය කාලේ එහෙම හිතුනට දැන් දේවල් යථා තත්වයට පත්වෙලා ඇති කියලා.

      Delete
    3. ආ ඔව් ඩූඩ් ඒ වයසට එහෙම හිතෙනවා කියල මාත් අහල තියෙනවනම් තමයි. ඒත් තාම මට නම් එහෙම හිතිල නෑ. මට හිතෙන විදිහ තමයි මම ඔය උඩ කමෙන්ට් එකේ දාලා තියෙන්නෙ..

      Delete
  10. මේවගේ දේවල් ලියැවෙන්නෙත් විශේෂ හේතුවකට වෙන්න ඇති නේද චාම්ස්

    ReplyDelete
    Replies
    1. විශේෂ හේතුවක් කියන්නෙ මේකයි නලින් අයියේ...මුලින් අහපු සිංදු එක්ක අන්තිමට රාත්‍රිය වී සිංදුව අහද්දි හිතුනා මේ සිංදු අතරෙ සම්බන්ධයක් තියෙනව නේද කියල.[im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_deep_thinking.gif [/im] ඊට පස්සෙ ඉබේටම කථාවක් විදිහට මේ සිංදු ටික ඇමිණුවා. එච්චරයි :)

      Delete
  11. ජීවිතය ගීතයක් කියනවනේ.හැබැයි හැම අවස්තාවකම ජීවිතය ගීතයක් වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට නම් තාම ජීවිතේ ලස්සන ගීතයක් කියල හිතිල නෑ [im] http://www.banglatorrents.com/images/smilies/btnew/hmm.gif [/im]

      මාධ්‍යවේදියාවත් හිත අද්දරට සාදරයෙන් පිළිගන්නවා :-h

      Delete
  12. සිංදු සෙට් එකම එකට සීඩී එක්කට දාන් ඇහුවොත් මේ ගතිය එයිද කියල මං කල්පනා කලේ..
    ලස්සන අදහසක්...
    අදයි මෙහෙ ආවෙ... එන්නං දිගටම.... ඔන්න දාගත්ත රෝලටත්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මහේෂ්.... [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]

      සාදරයෙන් පිළිගන්නවා ඔයාවත් මගෙ බ්ලොග් එකට... එහෙනම් දිගටම එන්නකෝ හිත අද්දර පැත්තේ :)

      Delete
  13. ඉස්සර කාලේ හිතවත් ගෑණ ළමයෙක් හිටියා , වයසට වඩා දැනුම් තේරුම් තියන ( එකනේ මට කොකා පෙන්නුවේ ) , එයාගේ ආසම වැඩක් තමයි එක ගීතයක් අරන් ඒක පිලිතුරු ගීතයක් හොයන එක

    එක දවසක කියනවා මේකට හරි යන සින්දුව තමා මේක කියලා , ඊලගට හම්බෙච්ච දවසට කියනවා අරක නෙමෙයි අනේ ඒකට ගැලපෙන්නේ මේක කියලෘ

    මට ඔය මලවාත කේස් එක දිරෙව්වෙම නැ ,

    ඊට හපන් හින්දි සින්දු තේරුම හොයන එක

    ඒකනං යාන්තං නවත්ත ගත්තා

    චෙෘලිකේ පිචේ කාහේ චෝිලිකේ පීචේ කියන්නේ මොකක්ද අහලා ,

    ඊට පස්සේ උන්දැ ආවේ නැ මා එක්ක හින්දි පිච්චර් කතා කරන්ඩ

    අවුරුදු පහලවකට විතර පස්සේ ලගදි දවසක මට හම්බුනා , මගේ කෙල්ලෝ දෙන්නට වඩා වැඩිමාල් කොල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා

    ටිකක් වෙලා කතා කරකර ඉදලා , පුළුවං උනොත් ඒ කොල්ලෙක්ට මයේ කෙල‍්ලෙක් දෙන්නං කියලා ආවා

    ReplyDelete
    Replies
    1. //ඒකනං යාන්තං නවත්ත ගත්තා
      චෙෘලිකේ පිචේ කාහේ චෝිලිකේ පීචේ කියන්නේ මොකක්ද අහලා,
      ඊට පස්සේ උන්දැ ආවේ නැ මා එක්ක හින්දි පිච්චර් කතා කරන්ඩ//
      =)) =)) =))

      පුතාලා දෙන්නටත් ඒ පුරුදු තියෙනවද දන්නේ නෑ නේද? එහෙම උනොත් අටම් අයියට ආයෙත් සැරයක් පිළිතුරු ගීත සහ හිංදි ගීත ගැන අර්ථවත් සංවාදයක් ගොඩ නගා ගන්න පුලුවන් වෙයි [im] http://www.banglatorrents.com/images/smilies/btnew/chitchat.gif [/im]

      Delete
  14. මං හරිම ආස සින්දුවක්.. ආයුබෝවන් පෙම්බරාණෙනි.. ඔබට සුබ දවසක්!!!!

    ReplyDelete
    Replies
    1. මගෙත් :)
      නංගිව කාලෙකට පස්සෙ දැක්කෙ.....

      Delete
  15. නියමෙට පද ටික ගලපලා තියෙන්නේ ..! ඇත්තටම මුළු ජීවිත කතාවක්ම හොඳට ගලපලා... අපූරු පරිකල්පනය චීයර්ස් චාම්ස්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගෙ උත්සහය සෑහෙන දුරකට සාර්ථකයි වගේනේ? ස්තූතියි ඉවාන්......
      චියර්ස් d-)

      Delete
  16. නියම සින්දු ටික අෆ්ෆා..

    ReplyDelete
  17. ලස්සන සිංදු සෙට් එකක්... :) එත් කතාව දුකයි නේ? අන්තිමට......

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ලස්සන කතා සමහර වෙලාවට ඉවර වෙන්නෙ දුක හිතෙන විදිහට :(

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)