කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු
පැතුවේ
නොගියට ඔය නුපුරුදු
දීගේ
සුපුරුදු තනිය හොඳා………
![]() |
www.colourbox.com |
සතරවටින් කලු කරගෙන
වහින වෙලාවේ
මට මුවා වෙන්න ගසකුත්
නැති සැඳෑවෙලාවේ
අතරමගක සිටි මා
කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූදා
මතකයි අද වාගේ..
![]() |
tvtropes.org |
එදා ඉඳන් මග බැලුවා
රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා
අඩි සද්දෙට ඉබේ
දෙතොල නැගෙයි සිනහා....නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම්
කල්පනා………
![]() |
www.vectorstock.com |
ඔබ දන්නවාද දන්නෙ නෑ
මං ආදරේ කලා සිතින්
කියා….
ඔබ මා ළඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නේ
නෑ….
![]() |
www.123rf.com |
සිත සැනසුම වින්ඳෙමි
ඔබ හිංදා
මුව මත මල් හසරැලි
රන්දා
මිහිරියි…දයාබරයි ඔබේ
සෙනේ...හේ
නොයිඳුල් සෙනෙහේ ඔබ
නෙතු අතරේ.. මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුලු ලොව මගෙ යැයි
සිතුනා
කැදැල්ලේ ඇති වූ
කිරිල්ලී වගේ
දෙමාපියන් සෙවනේ
නිදැල්ලෙ උන්නේ මා
විනෝදයෙන් විඳ අමෝද සහනේ
මංගල
නැකතින්
පෙම්බරයෙකු හා
හෙට මා පිට වෙනවා…
ඒ ගැන සිතනා මොහොතක්
පාසා දෙනෙත පිරී යනවා….
![]() |
itsabrideslife.com |
ඔබගෙ සෙවනේ….රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන්…
ඔබගෙ සරණේ නොහිම්
සෙනෙහේ…
සසර
සරන තුරුම
වාසනා..
![]() |
www.pinterest.com |
දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවනක් සොයා......
රන්වන් හුයෙන් දෑත
පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා…..
![]() |
www.dailymail.co.uk |
පෙම් ලොවදී දුටු ඔහුමද
මේ
ඔහුටද මා අන්ධ උනේ……
යවෞනයේ දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ උනේ……
රාත්රිය වී… නිහඬව, නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි
සඳුනේ...
රාත්රිය වී… නිහඬව, නිසලව ඉන්නම්
![]() |
www.dailymail.co.uk |
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝන කලුවර
දෑස පුරා දුටු සිනා කවටකෙළි
කඳුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට
කියන්නද මේ දුක...ඔබ හැර
ආයුබෝවන් පෙම්බරාණෙනි
ඔබට සුභ දවසක්
දුකක් නොනැගෙන…හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්…
ඔබට සුභ දවසක්
හාදු තැවරූ රෝස
කම්මුල්
![]() |
www.coachingfordivorcedwomen.com |
රළු අතින් රිදවා
දෙතොල ඉකිලන සුසුම්
කැඳවන
රුදුරු බස් බනවා
නෙතු කඳුලු පුරවා...
ඔබෙන් රිදවුනු නෙතින්
ගිලිහුණු කඳුලු පැන් කළසක්
යහන පාමුල විහිදුවා
යමි..ඔබට සුභ දවසක්
ඔබට සුභ දව.....සක්!!!