Ads 468x60px

Tuesday, April 17, 2012

ආදරණීය අප්පච්චි......



අම්මට තරමට මං ළං නොවුනට
ආදරයේ නෑ කිසි අඩුවක්
පියාණෙනි මා ඔබේ පොඩි දුවයි
සිදුවී නෑ එහි කිසි වෙනසක්

ඔබේ ඇකයේ හිඳ සුරතල් බස් දෙඩු
බාල ළමාවිය දැන් ගෙවිලා
තුරුණුවියේ මා ඔබගෙන් ඈතයි
කියලා නොසිතනු මැන කිසිදා

අප්පච්චිට මං හරිම ආදරෙයි
කිව්වේ නැතුවට පෙරදි වගේ
ඔබව අගෙයි මට මා මියයන තුරු
ඔබ හින්දා හිරු මගේ ලොවේ........

30 comments:

  1. තාත්තා ගැනත් ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මේ කවිය ලියුවෙ ඉස්කෝලෙ යන කාලෙ.ඒත් පෝස්ට් එකක් විදිහට දාන්න හිතුනෙ අද

      Delete
  2. ආණ්ඩුවෙ රස්සාව කරල පැන්ශන් යනකල්ම අපිටම විතරක් කරල, තාත්තගේ තරුණ කාලෙම අපි වෙනුවෙන් මහන්සි වෙලා,අදත් අපි වෙනුවෙන්ම කරනව, අදටත් තාත්තා එයාට කරගත්ත දෙයක් නෑ අපිට කලා මිසක්..මට වෙලාවකට මගෙත් එක්ක පුදුම තරහයි මම අම්මට තරම් තාත්තට ළං නොවුන එකට..,

    ලස්සනයි නංගියා අදහස...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ තාත්තලා එහෙමයි.මගේ අප්පච්චිත් ඒ වගෙ.විවේකයෙන් ඉන්න ඕනි කාලෙ උනත් අපි වෙනුවෙන් පුදුම විදිහට මහන්සි වෙනවා.අම්මට කියනවා වගේ හැමදේම නොකීවට,අම්මට තරම් ළං නොවුනට,තාත්ත ගැන හිතේ පිරිලා තියෙන ආදරෙ පොඩ්ඩක්වත් අඩු නෑ...

      ගොඩක් ස්තූතියි අයියේ...

      Delete
  3. ඇත්ත පුංචි කාලේ වගේ හැමදාම ආදරෙයි කියලා අපි අද දෙමවුපියන්ට නොකිවුවට හිත් වල ඒ ආදරේ අඩු නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් සම්පූර්ණ ඇත්ත.මටත් මේ කවියෙන් කියන්න ඕන උනෙත් ඒකයි.වචනයෙන් නොකීවත් හැමදාමත් අපි එයාලට ගොඩක් ආදරෙයි.....

      දිනේශ්ව මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නව :)

      Delete
  4. Replies
    1. Thank u......n welcome to my blog WildRose/SnowDrop :)

      Delete
  5. ලස්සනයි අක්කේ........ අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි....සහතික ඇත්ත.අන්තිමට අපිට ඉන්නේ අම්මයි තාත්තයි විතරමයි

      Delete
  6. අම්මා, අම්මගේ ආදරේ අපිට පෙන්නුවත් තාත්තා කෙනෙක් ඒක ලේසියෙන් පෙන්නන්නේ නැහැ. ඒකයි අපට ඒක දැනෙනවා අඩුයි වගේ තේරෙන්නේ. කාලයත් එක්ක අපේ අදහස් සමහරවෙලාවට නොගැලපෙනවා වගේ වුණත් අප්පච්චි ළඟ ඉන්නව නම් අදටත් මට පුදුම හයියක් දැනෙනවා හිතට. ලස්සන කාලීන අදහසක්!

    ReplyDelete
    Replies
    1. //කාලයත් එක්ක අපේ අදහස් සමහරවෙලාවට නොගැලපෙනවා වගේ වුණත් අප්පච්චි ළඟ ඉන්නව නම් අදටත් මට පුදුම හයියක් දැනෙනවා හිතට//
      ඇත්ත ලහිරු...ස්තූතියි ප්‍රතිචාරයට.... :)

      Delete
  7. A soft expression of a deep affection! by a kind daughter....so so true chams! nice...:)

    ReplyDelete
  8. පුංචි කාලේ වගේ නෙවෙයි දැන් තාත්තත් එක්ක තියෙන සම්බන්දෙ ඈතයි කියල හිතෙන අවස්ථාවල් ගණන වැඩියි..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ඒ වගෙ හිතුනත් හැමදාමත් අපි අපේ දෙමවුපියන්ට ආදරෙයිනෙ....

      Delete
  9. මම සැහෙන්න පරක්කුයිනේ...:( හ්ම්ම්.......මගේ ජිවිතේ හොදම යාලුවා, මගේ මාර්ගෝපදේශකයා.කොච්චර උනත් දුරින් ඉදන් පෙන්නන ආදරේ ගැන කියන්න වචන නෑ යාලු..තාත්තලා දුවලට තමා හුගක්ම ආදරේ..මම දන්නා තරමින් එහෙමයි.මොකද මට එහෙමනේ..;) ලස්සන කවි ටික..

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු....තාත්තලා දුවලට තමයි වැඩිපුර ආදරේ.ඒ ආදරේ ගැන කියන්න වචන නෑ.
      ස්තූතියි යාලු... :)

      Delete
  10. එයාලගේ ආදරේ අපිට සමහර වෙලාවට ඈත වගේ දැනුනත්....අපිට අසනීපයක් හදුනා වෙලාවක ඒ ආදරේ.ඒ ලෙන්ගතුකම හොඳින්ම දැනෙනවා.තාත්ත කෙනෙක්ගේ ආදරේ හුඟාක් වෙලාවට වචන වලින් ඇහුනේ නැතත් අපිට කරදරයක් වුනාම අපිටත් වඩා දුක් වෙන්නේ එයාලයි.ඒ ආදරේ අඩු වෙන්නේ නැහැ.හැමදාමත් එකවගේ.තාත්තාගෙන් හුඟාක් දුර උන්නට තාත්ත ළඟ නැති අඩුව හුඟාක් දැනෙනවා. :(

    ලස්සන කවි පේලි යාලු.අහිංසක ආදරයක්.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු හැමදාමත් අපිට එකම විදිහට ආදරේ කරන්නෙ අපෙ දෙමවුපියෝ විතරයි.ඒ ආදරේ කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙ නෑ
      ස්තූතියි...:)

      Delete
  11. නංගී....මට මගෙ තාත්තව දැනෙන්නෙත් මෙහෙමම තමයි...හදවතට සමීප කවි ටිකක්...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම වචනයෙන් නොකීවත් අපේ දෙමවුපියන්ට ගොඩක් ආදරෙයිනෙ අක්කෙ...

      Delete
  12. ලස්සනයි.. ඇත්තමයි තාත්තලා එක්ක වැඩිය බැඳීමක් නෑ වගේ පෙනුනත් දුවෙක් තාත්තා කෙනෙක්ට කොච්චර නම් ආදරේද.. මගේ හිතේ තිබුන දේ ලියලදෝ කියලා හිතුනා මේ කවි ටික දැක්කම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාර්ථනා:)හැම දුවෙක්ම තමන්ගෙ තාත්තට ගොඩක් ආදරෙයි.....

      Delete
  13. ලස්සනම ලස්සනයි.. මාත් මගේ තාත්තට පණටත් වඩා ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Nethuki....ආදරයෙන් පිළිගන්නව ඔයාව හිත අද්දරට :D

      Delete
  14. අහම්බෙන් වගේ මේ පැත්තට ආවේ.. වර්ෂා නංගිගේ බ්ලොග් එකෙන් පාර හොයා ගත්තේ.. මාත් වරක් තාත්තා ගැන මේ විදියේ ම කවියක් ලිව්වා..
    http://www.arunalla.tk/2011/08/blog-post.html

    අපේ ජීවිතේට කොච්චර කවුරු කොහොම ආවත් හැමදාම අපේ වීරයා තාත්තා.. ඒක එහෙම්ම තමයි.. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවට....:)මම ඒ කවිය කියෙවුවා...අපි හැමෝටම අම්මගෙ, තාත්තගේ ආදරේ පුදුමාකාර විදිහට දැනෙනව....ඒකයි මේ විදිහෙ අදහස් හිතට දැනෙන්නෙ.

      Delete
  15. නංගෝ..අලුත් දෙයක් ලියන්නෙ නෑතිදෝ...

    ReplyDelete
    Replies
    1. අනේ මේ ටිකේ හෝ ගාලා වැඩ අක්කෙ.අලුතින් පෝස්ට් එකක් ලියනව තියා අනිත් අයගෙ බ්ලොග් පැත්තෙවත් එන්න වෙලාවක් නෑ.කොහොම හරි අලුත් පෝස්ට් එකක් ඉක්මනටම දාන්න ඕනි.කොයි තරම් ආස උනත් හිතේ නිදහසක් නැතිව මොනවත් ලියන්න අමාරුයි.මාව බලල යන්න ආවට ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට... :)))

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)