පහුගිය ටිකේ බ්ලොග් පැත්තෙ එන්නවත් බැරි උනා. ඒකට හේතු වෙච්ච කරුණු කාරණා ටික ලියන්න හිතුවෙ කාටත් ඒක ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙයි කියල හිතුන නිසා.
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දේවල් තියනවනෙ. උදාහරණයක් හැටියට කෑමට කලින් අත් හෝදන්න වගේ ඒවා. ඒත් සමහර වෙලාවට ලේසිය පහසුව ගැන හිතනකොට ඔය වගේ වටිනා කියන උප්දෙස් ටිකක් අමතක වෙනව. මටත් උනේ ඒ වගේ වැඩක්.
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දේවල් තියනවනෙ. උදාහරණයක් හැටියට කෑමට කලින් අත් හෝදන්න වගේ ඒවා. ඒත් සමහර වෙලාවට ලේසිය පහසුව ගැන හිතනකොට ඔය වගේ වටිනා කියන උප්දෙස් ටිකක් අමතක වෙනව. මටත් උනේ ඒ වගේ වැඩක්.
ලැප්ටොප් එකක් පාවිච්චි කරද්දි ඒකත් කරන්න ඕන පිළිවෙළක් තියෙනවනේ. ආවට ගියාට පාවිච්චි කලොත් ටික කාලෙකින්ම ලැප්ටොප් එකට සමුදෙන්න වෙනවා. පුරුද්දක් විදිහට මම නම් සාමාන්‍යයෙන් මගේ කැමරාව, ෆෝන් එක එතනින් ගියාම පාවිච්චි කරන අනිත් බඩු භාණ්ඩ ගැන සෑහෙන සැලකිලිමත්. ඒ නිසාම ලේසියෙන් මගේ අතින් බඩු කැඩෙන්නෙ නෑ. එහෙව් මටනෙ මෙහෙම උනේ.
දුක වැඩි කමට ලියවෙන්නෙත් වෙන වෙන ඒවද මන්දා. කෙටියෙන්ම කිව්වොත් මට උනේ මෙන්න මේකයි. වැඩට යද්දි හැමදාම මට ලැප් එක අරගෙන යන්න වෙනවා. මගේ ලැප් බෑග් එකම බරයි ලැප් දෙකක් විතර. ඒකට ලැපත් දැම්මට පස්සෙ ආයෙ ඉතින් ඕන නෑ. පුද්ගලික වාහනේක යද්දි ඕක ඒ තරම් ප්‍රශ්නයක් නොවුනට බස් එකේ යද්දි නම් ලොකු ගැටලුවක්. පහුගිය ටිකේම එහෙම ප්‍රවාහන පහසුකම් ලැබුනත් හැමදාම ගෙදරට කරදර කරන්න බැරි නිසා මම තීරණය කළා බස් එකේ යන්න. හැබැයි එහෙම යද්දි එක අතකින් අර බරම බර ලැප් බෑග් එකයි, අනිත් අතින් හෑන්ඩ් බෑග් එකයි කුඩෙයි තව තව දේවලුයි ඔක්කොම අරගෙන යන එක කරදර නිසා ගත්තා ලොකූ හෑන්ඩ් බෑග් එකක්. ඒක නිකන් නැවක් වගේ.
![]() |
abellachic.blogspot.com |
එක දවසක් උදේ ගිහින් ලැප් එක එලියට අරගෙන යාලුවෙක් එක්ක කතාවක් දාගන ඔන් කලේ ඒ දිහා බලන්නෙවත් නැතුව. ඒ වෙද්දි මම පවර් කේබල් එකත් ගහල තිබ්බෙ.
ටිකකින් ලැප් එක දිහා බලද්දි තමයි මට ඇඩුනෙ.
![]() |
allisonmidorireilly.com |
හැබැයි ඊට කලින් ලැප් එකට ඇඬිලා තිබුනා. ඒ කියන්නෙ මෙන්න ලැප් එකේ
ස්ක්‍රීන් එකෙන් වතුර වැක්කෙරෙනව. කීබෝර්ඩ් එකෙත් වතුර. ලැප් එක ඔන් වෙලත්
නෑ. ඉක්මනට පවර් කේබල් එක ගලවල බැට්රියත් අයින් කරල ගලවල බැලුවම ඇතුලෙ
එහෙම ගොඩක් වතුර තිබ්බෙත් නෑ. වෙලාවෙ හැටියට ඩ්‍රයර් එකක් හොයාගන්නත් බැරි
උන නිසා කෑලි කෑලි කරල තිබ්බ ලැප් එක වේලෙන්න තිබ්බ. හාඩ් එකේ තිබ්බ ඩේටා
ටික ආපහු ගන්න පුලුවන් කියල දැක්කම සැනසුම් සුසුමකින් භාගයක් විතර හෙලන්න
පුලුවන් උනත් ලැප් එක ඔන් කරන කම් ඉතුරු භාගෙ හිර කරගෙන හිටියා. හැබැයි
අවාසනාව කියන්නෙ ඒ හිර කරගත්ත සුසුම් භාගෙ අදටත් හිතේ හිරවෙලාම තියෙනව...
![]() |
dincloud.com |
...ඒ කියන්නේ එදාට පස්සෙ ලැප් එක වැඩ කලේම නෑ. එක්ස්ටර්නල් මොනිටර් එකකට ගැහුවත් ඩිස්ප්ලේ එන්නෙ නෑ. ප්‍රොසෙසර් එක නම් වැඩ. ඒත් ඉතින් ඩිස්ප්ලේ නැතුව මොනව තිබ්බත් වැඩක් නෑනෙ. දන්න ප්‍රථමාධාර ඔක්කොම දීලත් හරි ගියේ නැති නිසා කම්පියුටර් හදන තැනකට දුන්නම එයාල බලල කිව්වෙ බෝඩ් එකට වතුර යන්න ඇති කියල. අපි බලද්දි නම් බෝඩ් එකේ වතුර තිබ්බෙ නෑ. හැබැයි ඉතින් අලුත් බෝඩ් එකක් දාන්න වෙන තත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඒවගේ ගණන් එක්ක බලද්දි අලුත් ලැප් එකක් ගන්න එක වැඩිය හොඳයි වගේ.
කොහොමින් කොහොම හරි අන්තිමේදි මට හිටිය හොඳම යාලුවෙක් නැති උනා. පහුගිය කාලෙ කියාගන්න කෙනෙකුත් නැතුව ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්දැද්දි ටික වෙලාවකට හරි ඒ ප්‍රශ්න අමතක කරගන්න අන්තර්ජාලෙ පැත්තෙ ඇවිත් යන්න මට උදවු කලේ එයා. කැම්පස් කාලෙ පාඩම් වැඩවලට, කම්මැලි වෙලාවට ෆිල්ම් එකක් බලන්න, හිතුන වෙලාවට කැමති සිංදුවක් අහන්න වගේ තව දහසකුත් එකක් වැඩ රාජකාරි වලට මට උදවු කරපු එයා නැතුව ගෙවෙන හැම දවසක්ම හරිම හිස් කියලයි මට දැනෙන්නෙ. පරිගණකයත් එක්ක අපි කොයි තරම් බද්ධවෙලාද කියල තේරෙන්නෙ ඔහොම දෙයක් උනාම තමයි. පළවෙනි දවසෙ මම හිටිය හැටි දැකල තව ටිකෙන් අම්ම ලැප් එකක් අරන් දෙන්න කලින් මාව මානසික වෛද්‍යවරයෙක් ගාවට අරගෙන යනව..ඒ තරම් අවුලෙන් මම හිටියෙ.

loverofsadness.net |
දැන් නම් ටිකා..ක් විතර හිත හදාගෙන ඉන්නෙ. අලුත් එකක් ගන්නත් වෙයි ලඟදිම. හැබැයි එතකන් හිතේ හැටියට ඔයාලගෙ බ්ලොග් පැත්තෙ එන්න අමාරුයි. මම කලින් ලියපු උපාධියට පසුවදනක් ලිපියට කමෙන්ට් කරපු අයට රිප්ලයි කරන්නත් පරක්කු උනේ මේ හේතුව නිසාම තමයි. හැබැයි ඉඩක් ලැබුන හැටියෙම මේ පෝස්ට් එක ලිව්වෙ සමහර වෙලාවට අපේ ලේසිය පහසුව ගැන හිතන්න ගියාම සමහරවිට අපේ අතින් ආයේ හරිගස්සන්න බැරි විදිහේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියල (මට වගෙ) අමතක වෙච්ච අය ඉන්නවනම් එයාලට මතක් කරන්නයි.
ඒ වගේම ඔය වගේ අවස්ථාවකට මුණදෙන්න කලින්, එහෙම උනොත් මොනවද කරන්න ඕන කියලත් කලින්ම හොයල බලල තියාගත්ත නම් වටිනවා . ආ තව දෙයක්..කවදාවත් වතුර බෝතලුයි ලැප්ටොප්සුයි එක බෑග් එකේ තියන්න එපා. අනිත් එක කම්පියුටරේ දිහා බලාගෙන මිසක් ඕන් කරන්නත් එපා.

මේ උපදෙස් ටික මට කලින් මතක් උනා නම් මගෙ ලැප්ටොප් එක අදටත් මගෙ ඉස්සරහින් ඉන්නවා.
![]() |
icomputerdenver.com |