Ads 468x60px

Sunday, August 05, 2012

ඉතින් කොහොමද?

කාලෙකට පස්සෙ....කාලෙකට කියන්නෙ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි අද මේ පෝස්ට් එක දාන්නෙ. පහුගිය කාලෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ධ උනා. කාර්‍යබහුල උනා,හිතේ තිබ්බ සැහැල්ලුව, නිදහස අඩු උනා.. මේ දේවල් එක්ක කලබලකාරි ජීවිතයට විවේකයක් ගේන සයිබර් අවකාශයෙ මගේ නවාතැන පැත්තෙ එන එකත් නැවතුනා. ඉඳල හිටලා ආව වෙලාවලදි කට්ටිය දාලා තිබ්බ පෝස්ට් පුලු පුලුවන් විදිහට කියෙවුවත්, කමෙන්ට් එකක් දාන්න බැරි උනා. භාගෙට ලියවුන ලිපි මතක් වෙද්දි ඒවයෙ ඉතුරු ටිකත් ලියල බ්ලොග් එකට දාන්න ඕනි කියලා හිතුනත් ඒකත් මගඇරුනා. ජීවිතේ පුදුම කම්මැලිකමකින් පිරුනා. වෙනදා ආසාවෙන් කරපු දේවල් වදයක් වෙන තරමටම ජීවිතේ වෙනස් උනා. ෆිල්ම් එකක් බලන එක, රේඩියෝව අහන එක, ටී වී එක බලන එක වගේ මං වෙනදා ආසාවෙන් කරපු දේවල් පවා මට එපා උනා. වෙනදට ක්‍රිකට් මැච් එකක් වරද්දන්නෙ නැතුව බලපු මං "අද මැච් එකට මොකද උනේ" කියල කවුරු හරි අහුවාම "ආ අද මැච් එකක් තිබ්බද" කියල අහන තත්වෙට ආව හැටි මටම පුදුමයි. 

මගෙ බ්ලොග් එකේ පෝස්ට් ගොඩක් නෑ. හැබැයි ඒ තියෙන ටික ලියුවෙ ගොඩක් ආසාවෙන්..ඕන කමකින්.එහෙම ආසාවෙන් කරගෙන ආපු බ්ලොග් එකෙනුත් ඈත් වෙන්න උනා. අද මේ පෝස්ට් එක ලියන්න ගත්තෙත් ආපහු කලින් විදිහට ජීවිතේ හැඩ ගස්සවා ගන්න ඕනි නිසයි. මොන තරම් කාර්‍යබහුල උනත්, කොයි තරම් වගකීම් වැඩි උනත්, කොයි තරම් ප්‍රශ්න ආවත් ජීවිතේ ගැන කළකිරීමක් ඇති කරගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව.ඉතින්  සයිබර් අවකාශයේ මගේ නවාතැනට මං ආයෙත් ගොඩ වැදුනෙ ජීවිතයේ දැන් තියෙන මේ ඒකාකාරි ගතිය ටිකක් හරි අඩු කර ගන්න තියෙන හොඳම තැන මෙතන කියල මට දැනුන නිසයි
.


ප.ලි 
මගේ යාලුවෙක් web development, software development වගේ දේවල් කරන කම්පනි එකක් පටන් ගත්තා. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්.

17 comments:

  1. මටත් ඔය සන්තෑසියම තමයි :ඩ්

    ReplyDelete
    Replies
    1. හ්ම්...එහෙනම් ඒකයි මල්ලිගෙ බ්ලොග් එකෙත් අලුත් පෝස්ට් එකක් දාල තිබ්බෙ නැත්තෙ

      Delete
  2. සෑහෙන කාලෙකින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්...සෑහෙන කාලෙකින් :)

      Delete
  3. අපිට ජීවිතේ අපි හිතන දේ ලැබෙන්නෙ නෑනේ යාළු....නොසිතූ නොපැතූ අභියෝග හමුවේ නොසැලී ඉන්න හරියට හීනි උසට වැඩුන ආඩම්බර නැති උණ පදුරක්වගේ....විශාල වැහිකොඩයක් දරාගන්න බැරි වුණත් මුලින් ඉදිරී බිම නොවැටී එහෙට මෙහෙට පැද්දි පැද්දී හො ජීවිතය බේරාගන්න....

    මහ සුළි සුලගක් වුවත්....

    අභියෝග හමුවේ නොසැලෙන්න...ආයෙමත් මේ පැත්තට අපු එක ගැන සතුටුයි...හැමදේම අමතක කරලා ආයෙමත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. //නොසිතූ නොපැතූ අභියෝග හමුවේ නොසැලී ඉන්න හරියට හීනි උසට වැඩුන ආඩම්බර නැති උණ පදුරක්වගේ....විශාල වැහිකොඩයක් දරාගන්න බැරි වුණත් මුලින් ඉදිරී බිම නොවැටී එහෙට මෙහෙට පැද්දි පැද්දී හො ජීවිතය බේරාගන්න...
      මහ සුළි සුලගක් වුවත්....//
      හරිම ලස්සන හිතට සෑහෙන්න දැනුන වචන ටිකක් යාලු. මාත් උත්සහ කරන්නෙ වැටෙන්නෙ නැතුව අමාරුවෙන් හරි හැම දෙයක්ම දරාගෙන ජීවිතයට මූණ දෙන්න. බලමුකො...
      මේ ලස්සන අදහසට ඔයාට ගොඩාක් ස්තූතියි සිත්තමී...

      Delete
  4. මම නම් මේ ළඟදි බ්ලොග් ලියන්න ආවේ. හුස්ම ගන්නවත් ඉඩක් නැති තරමේ අවිවේකී ජීවිතේක ඉඳල. ඊටත් වඩා අවිවේකි කාලයක් බලාපොරොත්තුවෙන ක්ෂේම භූමියක් වගේ පොඩි නිවාඩුවක ඉන්න ගමන් මොනවා හරි ලියන්න කියල හිතාගෙන තමා බ්ලොග් එක පටන් ගත්තෙ. කොයි තරම් අවිවේකී වුනත් ලියන එක නම් නවත්වන්න එපා! දිගටම ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවායි පතනවා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව ඔයාව :D මාත් හිතාගෙන ඉන්නෙ කොහොම හරි වෙලාව හොයාගෙන දිගටම බ්ලොග් එක ලියන්න තමයි...
      මාත් එන්නම්කො ඒ පැත්තෙ ඇවිත් යන්න. ස්තූතියි සුභ පැතුමට :)

      Delete
  5. ජීවිතේ ගලාගෙන යද්දී කඳු පල්ලම් බාධක ඕනේ තරම් හම්බෙනවා. එහෙම හම්බුනා කියල අපි උත්සාහේ අතැරලා හිටියොත් ලෝකයා අපිව දාල ඉස්සරහට යනවා. අන්න එදාට අපි පරාදයි. අලුතෙන් ලියල හිත නිදහස් කරගන්න හැදුව එකට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. // ජීවිතේ ගලාගෙන යද්දී කඳු පල්ලම් බාධක ඕනේ තරම් හම්බෙනවා. එහෙම හම්බුනා කියල අපි උත්සාහේ අතැරලා හිටියොත් ලෝකයා අපිව දාල ඉස්සරහට යනවා. අන්න එදාට අපි පරාදයි. //
      ඔව් පැතුම්...සම්පූර්ණ ඇත්ත.මාත් දැන් ඒක තේරුම් අරන් ඉන්නෙ.ගොඩක් ස්තූතියි සුභ පැතුමට :)

      Delete
  6. කොයිතරම් දෙයක්ද ආයිත් ආව එක. සතුටුයි ඒ ගැන. යාළුවාගෙ කොම්පැණියේ පාට් ටයිම් වැඩට ගන්නවද? මොනවද එයා කරන language එහෙම ?

    ReplyDelete
    Replies
    1. යාලුවා php,java,C වගේ ගොඩක් languages කරනව.තව audio,video editing, music video directing,advertising වගේ දේවලුත් කරනව.ස්තූතියි ලහිරු කමෙන්ට් එකට :)

      Delete
  7. කලකට පස්සේ වෙලකට බැස්සේ..

    ReplyDelete
  8. නියමයි ආයෙම ලියන්න දිගටම ලියන යන්න කෝ මමත් අද ඉඳන් මේ පැත්තේ ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට...එහෙනම් දිගටම එන්නකො :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)